ඉදිරියේදී පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරණයත් සමඟ මේ දිනවල දේශපාලන වේදිකාව උණුසුම් වී තිබෙනවා.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන උපේක්ෂා ස්වර්ණමාලි දේශපාලනයට පිවිසියේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ජන්ද වලිනි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාටත් වඩා මනාප ඇය විසින් ලබාගන්නා ලදි.
එජාපයේ කරපිටින් දේශපාලනයට පැමිණි ඇය දැන් පවසන්නේ "මගේ නම් එකම ප්‍රාර්ථනාව විපක්ෂයක් නැතිම වේවා" කියලයි.
එම වීඩියෝ පහලින්.
මේනකා පීරිස් යනු ඩාන්ස් ස්ටාර් ඩාන්ස් තුලින් වඩාත් ජනප්‍රියත්වයට පත් තරඟකාරියකි. එම තරඟයේදී මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ විශේෂ අවධානය දිනාගැනීමට මේනකා සමත්වුනා.
එතෙක් කල් රඟපෑමට මේනකාගේ තාත්තා සමඟ ත්‍රිවිල් එකකින් එහෙ මෙහෙ ගියත් දැන් මේනකා තමන්ටම කියල මෝටර් රථයක් අරගෙන තිබෙන බව මීට පෙර ලිපියකින් අප ඔබට හෙළි කළා.
ඒ සමඟම දෙහිවල-ගල්කිස්ස නගරාධිපතිවරයා හා මර්වින් සිල්වා අමාත්‍යවරයා සමඟත් මේනකාගේ සමීප ඇසුරක් තිබෙන බව කටකතා පැතිරුණා.
මෙම සබඳතා පිළිබඳව පසුගියදා ඇය පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්.
කලා ජීවිතයේ ඉදිරියට යන්න දේශපාලන සබඳතා කොයි තරම් වටිනවද?
කලාවෙන් ඉදිරියට යන්න දේශපාලන සබඳතා අවශ්‍ය නැහැනේ.
ඔබට දේශපාලන සබඳතා තියනවද?
හලාවත මුන්නේශ්වරම් කාලි කෝවිලේ බිලි පූජාව පසුගිය කාලය පුරාවට උණුසුම් මාතෘකාවක්ව පැවතුනා.බෞද්ධ ආගමික බහුතරය මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කල අතර මේ වනවිට එය නැවත කරලියට පැමිණ තිබේ.
මෙහිදී කෝවිලේ ප‍්‍රධාන පූජක කාලිමුත්තු ශිවපාක්‍ය සුන්දරම් පූජකවරයා විසින් කියා සිටියේ සතුන් විශාල සංඛ්‍යාවක් නොමරන බවත් සංකේතාත්මක ලෙසින් සතුන් දෙතුන් දෙනෙක් පමනක් බිලි පුජාවට ලක් කරන බවයි.
නමුත් අන්තර්ජාලයට මෙයට පෙර නිකුත් වූ වීඩියෝවක් මගින් පැහැදිලි වුයේ සතුන් විශාල සංඛ්‍යාවක් ලේ විලක් මැද කුරිරි ලෙසින් ඝාතනය කරන ලද අන්දමයි. (එම වීඩියෝව ලිපියේ අවසානයේ ඇත)