මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතළිස් තුන්වන අග්‍රවිනිශ්චයකාරවරිය වෙමි.
අග්‍රවිනිශ්චයකාරවරිය වශයෙන් මේ රටේ විනිශ්චයකාරවරුන්, නීතිඥයන් සහ පුරවැසියන් උදෙසා වූ නොසැලෙන වගකීමක් මා වෙත තිබේ.
මා අද ඔබ ඉදිරියේ නැගී සිටින්නේ අසාධාරණ ලෙස පීඩනයට, අපවාදයට හා හෙළාදැකීමට පත්කරනු ලබමිනි. පසුගිය සති කිහිපය තුළ මා වෙත දක්වන ලද සැලකීම්, ජනරජයෙහි අග්‍රවිනිශ්චයකාරවරිය තබා සාමාන්‍ය පුරවැසියකුවත් නොලැබිය යුතු තරම් වේදනාකාරී ඒවාය. අවුරුදු පනස් හතරක මගේ ජීවිත කාලයෙන් අවුරුදු තිස් දෙකක් අඛණ්ඩව කොළඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මම මගේ මව්බිම වෙනුවෙන් සේවය කර ඇත්තෙමි. අවාසනාවකට ඒ වෙනුවෙන් මට ලැබුණු තෑග්ග නම් මේ අයුක්තිසහගත සැලකිල්ලයි.
Showing posts with label ආරක්ෂක. Show all posts
Showing posts with label ආරක්ෂක. Show all posts
Wednesday, January 16, 2013
පොලීසය "ඕක ගන්නවා අයිසේ"යි අගවිනිසුරුවරියට කෑගසයි
ඒ අනුව නව අගවිනිසුරු ලෙස කැමිනට් මණ්ඩල උපදේශක (විශ්‍රාමික නීතිපති) මොහොන් පීරීස් ඊයේ (15) දහවල් 12.35 ට අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දීම සිදුකරනු ලැබුවා.
නව අගවිනිසුරු ධුරයේ දිවුරුම් දීමත් සමග ඊයේ සවස්වරුවේ හිටපු සිය පවුලේ උදවිය සමගින් අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු නිල නිවෙසින් නික්ම ගියාය.
පොලීසිය විසින් ඇයට මාධ්‍ය වෙත අදහස් දැක්වීමට අවස්ථාව ලබානොදුන් අතර අගවිනිසුරුවරිය සිය වාහනයේ යමින් සිටියදී හැඟුම්බරව කල කතාව පහතින් වේ.
Friday, January 11, 2013
වැඩි ජන්ද 106කින් දෝෂාභියෝගය සම්මත වෙයි ( Chief Justice Dr. Shirani Bandaranayke )
දෝෂාභියෝගයට එරෙහි උද්ඝෝෂණයට ආ රජයේ පොලු හමුදාව

ශ්රී ලංකා නීතීඥ එකමුතුව විසින් කොළඹ අලූත්කඩේ උසාවි සංකීර්ණයේ සිට පාර්ලිමේන්තුව දක්වා ඊයේ දිනයේදී සාමකාමී පා ගමනක නිරතවීමට සැළසුම් කර තිබුනේ නියෝජිතයන් හා සාමාන්‍ය ජනතාව සමගිනි.
මෙහිදී ආණ්ඩුව විසින් රැගෙන ආ උද්ඝෝෂණයට පක්ෂ පිරිස් අතර පොලු හමුදාවක් ද විය. එම පොලු හමුදාව සඳහා ආරක්ෂාව පොලිසිය විසින් ලබාදුන් අතර පොලු හමුදාව සිටියේ පොලිසියට මුවා වෙමිනි.
ඒ අනුව ඊයේ දිනයේ පැහැදිලි ලෙසම දෝෂාභියෝගයට විරුද්ධ පාර්ශවය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් එවන ලද පොලු හමුදාවට නිර්ලජ්ජිත ලෙස පොලිසිය විසින් ආරක්ෂාව ලබාදුනි.
Saturday, December 8, 2012
අගවිනිසුරුවරිය චෝදනා 3කට වරදකරු කරයි
අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව රජය විසින් ගොණුකොට තිබූ චෝදනා 14න් 3කට ඇය වැරදිකාරිය වී ඇති බව එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා අද පැවසුවා.ගොණු කොට තිබූ චෝදනා 14න් 1, 4, 5 යන චෝදනාවන්ට පූර්ණ වශයෙන් වැරදිකාරිය බවත් 2 සහ 3 චෝදනාවන් අර්ධ ලෙස ඔප්පු වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. (චෝදනා 14 මෙතනින්)
විමර්ශනයට ලක් කර ඇත්තේ චෝදනා 5 ක් පමණක් බවත් 5 න් 3කට වැරදි කාරිය බැවින් අගවිනිසුරුධූරයෙන් ඉවත් කිරීමට එක් චෝදනාවක් හෝ ඔප්පු වීම ප‍්‍රමාණවත් බැවින් අනෙක්වා විභාගයට නොගත් බවයි නිමල් සිරිපාල ද සිල්වා පවසා තිබෙන්නේ.
Tuesday, December 4, 2012
ශ්‍රී ලංකා යුද හමුදාව පවාදීම
ශ්‍රී ලංකා යුද හමුදාවට සිදුකල විශාලතම පාවාදීම ලෙස වාර්තා වන්නේ කුලසිරි උඩුගම්පොල නමැති පොලිස් නිලධාරියා විසින් සිදු කල මිලේනියම් සිටි පාවාදීමයි.මේ පාවාදීම නිසා අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගතව සිටි දිගුදුර විහිදුම් බළකායේ සාමාජිකයන් කොටි පිස්තෝල කල්ලියට බිලි වුහ.
නමුත් මිලේනියම් සිටි පාවාදීමටත් වඩා බරපතල පාවාදීමක් පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය ඒකකයේ නිලධාරීහු හෙළි කරති. ඔවුන් පෙන්වාදෙන අන්දමට කුලසිරි උඩුගම්පොල සිදුකල පවාදිමටත් වඩා ශ්‍රී ලංකා යුද හමුදාවට විශාලතම පාවාදීම සහ හානිය කරන ලද්දේ යුද හමුදා රෝහලේ බ්‍රිගේඩියර් කමල් සුමනපාල විසිනි.
Thursday, November 29, 2012
පගාවක් නොදී බේරීයාමට බැරි පොලිස් රකුසෝ
යම් රටක පොලීසිය මඟින් සිදු කරන්නේ එරට පවතින සිවිල් නීතිය උල්ලංඝනයක් නොවී රකිමින් රටේ පුරවැසියන් හට සාමයෙන් සමඟියෙන් සහනශීලී පරිසරයක් තුල එදිනෙදා කටයුතු සිදු කරගනිමින් වාසය කිරීමට අවශ්‍ය පරිසරය සකසා දීමයි.නමුත් ලංකාවේ පොලිසිය යනු දේශපාලකයන්ගේ පදයට නටනා පිරිසකි. සුදර්මන් වැනි හොරුන් අල්ලාගැනීමට බැරුව පොලිතින් කෑ සුනඛයන් මෙන් තටමමින් සිටිනා ඔවුන් පොඩි මිනිහෙක් අල්ලාගන දෙකක් ඇන කූඩුවේ දමන්නේ වීරයන් මෙනි.
ශ්‍රී ලංකා පොලීසිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය දිනෙන් දිනම දියවී යන අතරතුරේ රථවාහන පොලිසිය පිළිබඳව මහජනතාව තුළ ඇති විශ්වාසය දියදියවී ගොස් තිබෙන්නේ දැල්වූ කපුරු වල අලු වත් නැතිවී යන්නාක් මෙනි.
Saturday, November 24, 2012
කොස්ගොඩ නදුන් අත්අඩංගුවට
ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසක් සිදුකොට රටින් පලා ගොස් සිටි "කොස්ගොඩ නදුන්" නැමැති පාතාල සාමාජිකයා සිංගප්පූරුවේ දී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කර තිබේ.මොහු මෙරටට පැමිණීමේදී, ගුවන් තොටුපොලපොලිස් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කරමින් සිටියි.
දකුණේ ක‍්‍රියාත්මක වූ ප්‍රබල පාතාල කල්ලියක නායකයෙකු වූ මොහු, අම්බලන්ගොඩ, ඌරගස්මන්හංදිය, කොස්ගොඩ සහ ඇල්පිටිය ඇතුළු ප‍්‍රදේශ කිහිපයක සිදුවූ මිනිස් ඝාතන පහළොවක පමණ සෘජු සම්බන්දතාවයක් ඇතැයි තතුදත් ආරංචි මාර්ග පවසයි.
Sunday, November 18, 2012
පොලිස් ස්ථානාධිපතිවරයෙක් වෙඩි තබා මරා දමයි
රත්නපුර පොලිස් සේවාස්ත පුහුණු ඒකකයේ ස්ථානාධිපතිව කටයුතු කළ එච්.ඒ රත්නායක මහතාට එතුමාගේ නිවසේදී කිසියම් පිරිසක් විසින් අද (18) වෙඩි තබා මරාදමා තිබේ. පොලිස් පරික්ෂක වරයා අද රාජකාරියට නොපැමිණ නිවාඩු ලබා නිවසේ සිටින අතර පෙරවරුවේ මේ වෙඩි තැබීම වී ඇති බව වාර්ථා වෙන අතර එය පෞද්ගලික ඉඩම් ආරවුලක් හේතුවෙන් සිදුවූවක් බවට මේ වන විට තොරතුරු අනාවරණය වන බව රත්නපුර පොලිසිය පවසයි.
Friday, November 16, 2012
පොලිසියට ‘පාට්’ දැමූ තුන් දෙනෙකුට ඇප නෑ
නීතිය අතට ගෙන සාමාන්ය ජනතාව කටයුතු කරන්නේ නම් රටේ පොලිසියෙන් පලක් නැතැයි විවෘත අධිකරණයේ දී පවසමින් අනුරාධපුර මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කළාය. පොලිසියට එරෙහිව සැකකරුවන්ගේ නීතිඥයින් කළ ප්‍රකාශ මහේස්ත්‍රාත්තුමිය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළාය.
Wednesday, November 14, 2012
කහවත්තේ පොලිස් ස්ථානධිපතිගේ ස්ථාන මාරුව වහා අත්හිටුවයි
කහවත්ත පොලිස් ස්ථානධිපිති පොලිස් පරීක්ෂක නෙරංජන අබේවර්ධන මහතාගේ ස්ථාන මාරුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ රාත්‍රියේ පොලිස් දෙපාර්තමෙන්තුව විසින් අත්හිටවනු ලැබීය. නෙරංජල අබේවර්ධන මහතා අද සිට කොළඹ කේෂ්ත්‍ර බලකා මුලස්ථානයට මාරු කර යවා තිබිණ.
යුද පිටියක් වූ වැලිකඩ සිරගේ පිළිසකර ඇරඹේ
දැවැන්ත අලාභ හානියක් සිදු වූ වැලිකඩ බන්ධනාගාරයේ පිළිසකර වැඩ දැන් ඇරඹී තිබේ. ඉකුත්දා හටගත් වැලිකඩ බන්ධනාගාර ප්‍රහාරයේදී රුපියල් කෝටි 6 ක පමණ අලාභ හානියක් බන්ධනාගාරයට සිදු වී තිබේ. එම හානියට අදාළ පිළිසකර වැඩ දැන් ලහිලහියේ ආරම්භ වී තිබේ. බන්ධනාගාර ගොඩනැගිලි කිහිපයක වහල මත නැගුණු සිරකරුවන් වහළ සෙවිළි කර තිබූ උළු කැට කඩා පහරදීම නිසා වහළ අළුතින් ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු යොදා සෙවිළිකරන්නට පටන් ගෙන ඇත. සිද්ධිය වූ දින රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාව නිසා උළු කැට ඉවත් කළ ගොඩනැගිලි වලට විදුලිය ලබා දුන් විදුලි උපකරණ සියල්ලම වතුර කාන්දු වීම නිසා විදුලිය ඇණහිටියේය.
Tuesday, November 13, 2012
කහවත්ත පොලිස් ස්ථානාධිපති මාරු කළාට ජනතා අප්‍රසාදය
කහවත්ත පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නෙරංජන් ඒකනායක මහතාට හදිසියේම අද (13) දින ලබා දුන් මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් කහවත්ත, කොටකෙතන අවට ජනතාව විරෝධතාවක යෙදීමට සූදානමක් පවතී. මේ අතර කහවත්ත නගරයේ සියලුම වෙළෙඳසල් වසා දමා පොලිස් ස්ථානාධිපතිවරයාගේ ස්ථාන මාරුවට එරෙහිව විරෝධය පළ කිරීටම ද කහවත්ත වෙළෙඳ සංගමය සැරසෙන බව වාර්තාවේ.
කොටකෙතන මෙල්ල කරන්න වාස් ගුණවර්ධනට බාර දෙයි
දිනෙන් දින ඉහළ යන රත්නපුර, කහවත්ත ඝාතන රැල්ල සහ අපරාධ පිළිඹඳ සැලකිල්ල යොමු කොට පොලිස්පතිවරයා විසින් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (13) සිට රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස මාරු කර යවා ඇත.
Monday, November 12, 2012
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවූයේ කුමක්ද…?
ජේලර් ගාඩ්වරු නිර්නාමිකව ඉහළට ලියති: අර්ශස් ලෙඩේටත් එස්ටීඑෆ්!
එස්ටීඑෆ් නිලධාරීන් පැමිණ රැඳවියන් සිව් දෙනෙකුගේ නම් කියා රැගෙන ඔවුන් ගෙනා මාංචු දමා රැඳවියන් පිටතට ගෙන ඒ අතරේ ප්රශ්ණයක් ඇතිකරගෙන එම රැඳවියන්ට වෙඩි තබා මරා දැමුවේ යයි ද මෙය සැලසුම් සහගතව කළ ඝාතනයක් බවද බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර කොමසාරිස්වරයාටත් පොලිස්පතිවරයාටත් නිර්ණාමික ලිපියක් යවමින් පවසා ඇත.ඒ අනුව මුල සිටම ඩීඅයිජී රණවන සහ ඒඑස්පී සිල්වෙස්ටර් එස්ටීඑෆ් නිලධාරීන් පැමිණ ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් සමග ගැටුම් ඇතිකරගෙනය. ඒ පරීකෂාවට අදාල අධිකරණ නියෝග ඉල්ලු නිසා සහ බන්ධනාගාර නිලධාරීන්වත් පරීකෂා කිරීමට යාම හේතුවෙනි.
දකුණේ පාතාලයට අසුභ කාලයක්
මින් පෙර අප විසින් පෝද්දල සිව්පුද්ගල ඝාතනය පිලිබඳ හෙළි කරනු ලිපියක අවසන් කලේ එහි ඇති අභිරහස් භාවය පිලිබඳ යම් ඉඟියක් ලබා දෙමිනි. අප කියූ කරුණු සනාත කරමින් එම මිනීමැරුමට සම්බන්ධව අත් අඩංගුවට ගත් පුද්ගලයන් ඉන් ටිකදිනකට පසුව මුදා හැරුනේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව කියමින්.
මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමද ඉහල පුද්ගලයෙකු ගේ බලපෑම මත මන්දගාමිකොට ඇත.මේ සිදුවීම් මෙසේ සිදු වෙද්දී කොස්ගොඩ ආයු ටිරාන් ද සොයිසා ද, නඳුන්ගේ කණ්ඩායමේ සුජිත් ද, ඇන්ටන් හා රන්දොඹේ හින්නා ද අතුරුදන් වී ඇතැයි ඔවුන්ගේ හිතවතුන් කියති. ආයු සුදු වෑන් රියකින් රැගෙන ගිය බව ඔහුගේ බිරිය පොලිසියට කියා ඇත.
Sunday, November 11, 2012
බන්ධනාගාරයෙන් තවත් මළ සිරුරු11ක්
මියගිය ගණන 27යි!
අනූශා සොනාලිගේ සැමියා ඇතුළු 3ක් ප්‍රහාරය මෙහෙයවලා!
අනූශා සොනාලිගේ සැමියා ඇතුළු 3ක් ප්‍රහාරය මෙහෙයවලා!
වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම මේ වනවිට විශේෂ කාර්ය බලකාය පොලිසිය හා යුධ හමුදාව එක්ව සිදු කරන අතරවෙඩි වැදී තැන තැන වැටී මරුමුවට පත් රැදවියන්11කගේ මළ සිරුරුද හමුවී තිබේ. ඒ අනුව මේ වනවිට සොයාගත් මළ සිරුරු ප්‍රමාණය 27කි. ඉන් 16ක් අද අලුයම කොළඹ ජාතික රෝහලට ගෙනවිත් තිබිණි.
බන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය යයි
ඊයේ සවස අරක්ෂක හමුදාව විසින් වැලිකඩ බන්ධනාගාරයේ හදිසි සෝදිසියක් කර තිබෙනවා.
එයට සිරකරුවන් විරෝධය පල කර තිබෙන අතර එහිදී ගැටුමක් ඇතිවී තිබෙන්නේ චැපල් වාට්ටුව පරීක්ෂා කිරීමට සැරසෙන අවස්ථාවේදීය.
කඳුළු ගෑස් ගැසීමෙන් අනතුරුව ආරක්ෂක හමුදා විසින් සිරකරුවන්ට වෙඩි තබා තිබෙන අතර සිරකරුවන් බන්ධනාගාර අවි ගබඩාව කඩා අවි රැගෙන වහලට නැග විශේෂ කාර්ය බලකාය සෙබළුන් වෙත වෙඩි තබා තිබෙන බවයි පොලීසිය පවසන්නේ.
නමුත් සිරකරුවන් අතට පත්වූ ගිණි අවි අතර විශේෂ කාර්ය බලකා සෙබලුන්ට පහරදී ලබාගත් ගිණි අවි ද ඇති බව පැවසේ. රැඳවියන් විසින් ගිනි අවි 82ක් පැහැරගෙන ඇති අතර ඉන් 76ක්ම මේවන විට ගැනිමෙන් පසුව තවමත් ගිණි අවි 6ක් අතුරුදහන්ව ඇත.
Saturday, November 10, 2012
සිරගෙදර ගැටුමෙන් සිරකරුවන් 16ක් මරුට
තුවාලකරුවන් 43ක් ජාතික රෝහලේ!
ගිනි අවි 50ක් අතුරුදහන්!
වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ (09) සිදුවූ ගැටුමෙන් පුද්ගලයන් 16 දෙනෙක් මියගොස් විශාල දේපොල හානියක් සිදු වී තිබේ' ඊයේ රාත‍්‍රි 11 පමණ වනවිටත් යුද හමුදාව සහ සිරකරුවන් අතරේ වෙඩි හුවමාරුව සිදුවෙමින් තිබිණ' මෙම වෙඩි හුවමාරුව රූපවාහිණී නාලිකා මගින් සජීවී ලෙස විකාශය කළ අතර පැය හයකටත් අධික කාලයක් තිස්සේ එක දිගට සිදු වූ පිපිරුම් හ`ඩ සහ වෙඩි හ`ඩ ජනතාවට යළි සිහිපත් කර දුන්නේ උතුරේ බිහිසුණු යුද අවස්ථාවන්ය' මෙම ගැටුමෙන් තුවාල ලැබූ සිරකරුවන් 23ක්" විශේෂ කාර්්‍ය බලකා සෙබලූන් 13ක්" යුද හමුදා සෙබලූන් 04 ක්" පොලිස් නිලධාරියෙක්" ජේලර්වරයෙක්" සිවිල් පුද්ගලයෙක් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවෙති'.
බන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු මිය යයි
අද සවස අරක්ෂක හමුදාව විසින් වැලිකඩ බන්ධනාගාරයේ හදිසි සෝදිසියක් කර තිබෙනවා.
එයට සිරකරුවන් විරෝධය පල කර තිබෙන අතර එහිදී ගැටුමක් ඇතිවී තිබෙන්නේ චැපල් වාට්ටුව පරීක්ෂා කිරීමට සැරසෙන අවස්ථාවේදීය.
කඳුළු ගෑස් ගැසීමෙන් අනතුරුව ආරක්ෂක හමුදා විසින් රබර් උන්ඩ යොදාගන සිරකරුවන්ට වෙඩි තබා තිබෙන අතර සිරකරුවන් බන්ධනාගාර අවි ගබඩාව කඩා අවි රැගෙන වහලට නැග විශේෂ කාර්ය බලකාය සෙබළුන් වෙත වෙඩි තබා තිබෙනවා.
එම අවස්ථාවේ බන්ධනාගාර නිළධාරීන් පිරිසක් කොටුවී තිබෙන අතර දෙපැත්තෙන් එල්ලවන වෙඩි හඬවල් මැද පුද්ගලයන් 40 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් 6 දෙනෙකු තත්ත්වය බරපතල වන අතර හමුදාව විසින් වෙඩි තැබීම නිසා රැඳවියන් 11 දෙනෙකු මේ වනවිට මිය ගොස් තිබේ.
Subscribe to:
Posts (Atom)
