Chitika Smowtion 468x60


Showing posts with label විවිධ. Show all posts
Showing posts with label විවිධ. Show all posts

Monday, February 4, 2013

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ගුගල් doodles වෙත එකතු වෙයි - Google doodles on Sri Lanka Independence day



ලොව අංක එකේ සෙවුම් යන්ත්‍රය වන ගුගල් සෙවුම් යන්ත්‍ර සේවාව විසින් පවත්වාගෙන යන doodles සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ 65 වන නිදහස සංකේතවත් කොට තිබේ. 

ලොව වටා සැමට (ශ්‍රී ලංකාවද ඇතුළුව) www.google.lk මගින් පිවිසෙන විටත්, ශ්‍රී ලංකාවෙන් www.google.com වෙත පිවිසෙන විටත් මෙය දර්ශනය වන ලෙස සකසා ඇත.
ගුගල් doodle යනු ගුගල් සෙවුම් යන්ත්‍රයේ සලකුණ වෙනුවට වැදගත් දිනයන් හා උත්සව අවස්තාවන් වලදී ගුගල් සලකුණ එයට ගැලපෙන ආකාරයෙන් සකස් කරන්නාවූ සේවාවකි. එහිදී අපට ගුගල් වෙත වැදගත් අවස්තාවන් දිනයන් පිලිබඳ යෝජනා කල හැකි අතර ඔවුන් ඒවා සලකා බලා එයට ගැලපෙන නිර්මාණයක් සිදුකොට doodles ලෙසින් අන්තර්ජාලයට මුදාහරිනු ලබයි.


Saturday, November 24, 2012

සාදින්නාගල කන්දෙන් රාවණා රජුගේ බවට සැක කෙරෙන උමං මඟක් හමුවේ

උමා ඔය ව්‍යාපෘතිය සඳහා සාදින්නාගල කන්දේ ඇති කුඩා පර්වතයක බෝර දමා පුපුරවා හැරීමේදී මීට වසර 7,500කට පමණ පෙර රාවණා රජු සමයේ භාවිතා කරන්නට ඇති බවට සැක කෙරෙන උමඟක් මතුවී තිබෙනවා.

මෙම උමඟ ග අඩි 11ක් පමණ උසකින්ද අඩි 5ක් පමණ පලලින්ද යුක්තය. පහලට ගමන් කල හැකි පඩිවෙලක්ද තිබෙන මෙහි බිත්ති සියුම් ලෙස උප දමා ඇති බවට වාර්තාවේ.

Sunday, November 18, 2012

අද්භූත වස්තුව බොරුවක් යැයි කීමට ගොස් එය සනාථ කළ රූපවාහිනී කණ්ඩායම

ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයට අයත් ඩෙන්වර් නගරයේ පසුගිය සතියකදී දෙතුන් වතාවක්ම දවල් 12 ත් 1.00 ත් අතර කාලයේ දර්ශනය වූ අද්භූත වස්තුවක් එම නගරයේ පුද්ගලයෙකු විසින් වීඩියෝ ගතකර තිබුණා.

කුඩා කඳු ගැටයක් මත ආධාරකයක සවිකරන ලද කැමරාවක් මඟින් ඔහු එය වීඩියෝ කර තිබු අතර එහි අධික වේගය නිසා එය පියවි ඇසින් එය පැහැදිලිව බලාගත නොහැකි බවයි ඔහු පවසා තිබුනේ.

රූගත කළ එම අද්භූත වස්තුව පසුගියදා එරට රූපවාහිනී නාලිකාවක මඟින් විකාශය කර තිබුණා.


පසුව එම රූපවාහිනී නාලිකාවේ කැමරා කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයට පිටත් කර හැර තිබුනේ එය බොරුවක් බව ඔප්පු කිරීමටයි.

Tuesday, November 13, 2012

හෙයාර් ඩයි විෂ වීමෙන් තවත් මරණයක්

කොණ්ඩය වර්ණ ගැන්වීමට ගන්නා ඩයි වර්ග විශවීමෙන් සිදුවූ තවත් මරණයක් වාර්තා වෙන්නේ අලව්ව ප්‍රදේශයෙන්.

මහව කයිකාවල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි ඇය අලව්වේ කැප්පටිවලානේ පිහිටි තම දියණියගේ නිවසට පැමිණ ඩයි ආලේප කර පැය 6 කට පසුව ස්නානය කිරීමෙන් පසුව සිහිසුන්ව ඇද වැටී මියගොස් තිබෙනවා.

මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබෙන්නේ කොණ්ඩය ඩයි කිරීමට යොදාගන ඇති ඩයි වල අසාත්මිකතාවය හේතුවෙන් හටගන්නා කම්පනය නිසා සිදුවූ මරණයක් බවයි.



Thursday, November 8, 2012

"අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්" වෙනුවෙන් එක්වන්නැයි අගවිනිසුරුවරියගේ පුතා ඉල්ලයි



අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ශවීන් බණ්ඩාරණායක කාරියවසම් සහ ඔහුගේ පෙම්වතිය වන හේශානි මඩුගල්ලේ විසින් ඔවුන්ගේ ෆේස්බුක් වෙබ් පිටු යොදාගෙන "stand for justice" නමින් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

එමෙන්ම "ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු තුමියෙනි අපි ඔබ සමගයි" ලෙස ෆේස්බුක් පිටුවක්ද පවතී.

ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් ඉඟි කරන්නේ ලංකාව තුලද ඊජිප්තුවේ මෙන් විප්ලවයක් අනාගතයේ හට ගනු ඇති බවයි. තවදුරටත් ෆේස්බුක් අඩවිය තුලින් ඔහු මෙලෙස දක්වා ඇත.

පසුගිය දිනවල ලෝ පුරා වාර්තා වූ හඳුනා නොගත් පියාසර වස්තූන්

හඳුනා නොගත් පියාසර යානා හා රාත්‍රී කාලයේ අද්භූත එළි දර්ශනය වීම් දිනපතා වොෂින්ටනයේ පිහිටි හඳුනා නොගත් පියාසර වස්තූන් ගවේශන මධ්‍යස්ථානය වෙත (National UFO Reporting Centre) වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේද වාර්තා වූ එවන් සිදුවීම් කිහිපයක් ඔවුන්ගේ වෙබ් අඩවියේ සටහන්වී ඇති අතර එවන් සිද්ධීන් 10ක් පහතින්. ( Colombo | Hingurakgoda | Mount Lavinia | Kaduruwela 1 | Kaduwela 2 | Athrugiriya | Trincomalee | Polonnaruwa 1 |Polonnaruwa 2 | Polonnaruwa 3)

එක් එක් වසරේ ඒ ඒ මාසයේ වාර්තා වූ සිදුවීම් එහි බලාගත හැකි නමුත් එවැනි අවස්ථාවන් ජායාරූපයට හෝ වීඩියෝවට නැඟෙන්නේ කලාතුරකින්.

Saturday, November 3, 2012

මොළය මියගිය රමණිගේ සිරුර යන්ත්‍රයෙන් ඉවත් කිරීමට පෙර පියා ඇයට වැඳ වැටෙයි


රමණි බර්තොලමියුස්ගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයේ නොලියවුණ කතාව !

අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව පුහුණුව ලැබූ අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර, අධිකරණ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ නිරත වී දැනට දශක තුනකි. දීර්ඝ කාලීන සේවා අත්දැකීම් ඇති ඔහු විසින් සිදුකරනු ලැබූ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණ ගණන 12,000කට අධිකය. ඒ අතර රටේ නම ගිය සුපතල අයගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණද ඇත. මීට පෙර අප විසින් ඉදිරිපත් කළ ගංගොඩවිල සෝම හිමි, ජනප්‍රිය නළු විජය කුමාරතුංග, හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස, හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක, ප්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකා, හිටපු අමාත්‍යවරයකු වන ගාමිණී දිසානායක යන අයගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණ සිදුකළේ අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකරය.

සතියේ දේශපාලන සිදුවීම් සමාලෝචනය

අගවිනිසුරුවරියට එරෙහි චෝදනා රැස් කරයි



ඉකුත් සතියේ දී ආණ්ඩුවේ වැඩි අවධානය යොමුව තිබුණේ අග්‍රවිනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම පිළිබඳවය. කෙසේ නමුත් මෙය එක්වරම මතුවූ තත්ත්වයක් නොව මාස කිහිපයක් පුරා පැවැති ගැටලුවක් අවසානයේ දී පුපුරා යාමයි. අග්‍රවිනිශ්චය කාරවරියට එරෙහිව දෝෂාභියෝගයක් එල්ල කරන බවට ආරංචි ඉකුත් මාස දෙකක පමණ කාලයක් පුරා නිල නොවන මට්ටමින් පැතිර තිබුණි. මීට මාස දෙකකට පෙර පළාත් සභා ඡන්දය අවසන්වීමෙන් පසු පැවැති ආණ්ඩු පක්ෂයේ ප්‍රථම මාධ්‍ය සාකච්ඡාවේ දී එක් මාධ්‍යවේදියෙක් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවැසුවේ මේ මොහොතේ එහෙම දෙයක් කරන්නේ නෑ. යනුවෙනි. කෙසේ නමුත් ප්‍රශ්නය පුපුරා ගියේ අධිකරණ සේවා කොමිසමේ ‍ලේකම් මංජුල තිලකරත්න අධිකරණ ක්ෂේත්‍රයට බලපෑම් ඇති බවට නිකුත් කළ නිවේදනයත් සමගය. 

ඛනිජ සම්පත් සොයා සැහැල්ලු ගුවන් යානයකින් ලංකාවේම භූමිය ගවේශනය කිරීමට යයි.

මීටර් 100ක් පමණ ඉහළින් පියාසර කල හැකි චුම්භක මාන සවිකළ සැහැල්ලු ගුවන් යානයක් යොදාගන ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් සෙවීම පිළිබඳව පුළුල් ගවේශනයක් (Airborne Geophysical Survey) සිදුකිරීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය බලාපොරොත්තු වෙනවා.

අප්‍රිකාවේ පිහිටි භූ භෞතික අන්තර්ජාතික ගවේශන ආයතනකින් මෙම උපකරණ සවිකළ සැහැල්ලු ගුවන් යානය සමඟ එරට විශේෂඥ කණ්ඩායමක් ද ඉදිරියේදී මෙහි පැමිණීමට නියමිතයි.


වසර 1 1/2ක කාලයක් ගතවන මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 17ක පමණ මුදලක් වැයවන අතර ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

දක්ෂිණ අධිවේගී මාර්ගය නාය ගිය හැටි


දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හා වැලිපැන්න අතර කිලෝමිටර් (42.5L) කණුව ස්ථානය ආශ්‍රිතව ඊයේ දිනයේ නාය යාමකට ලක්වුවා. අඩි 25 ක් පමණ උස පස් කණ්ඩියක් ගාල්ල සිට කොට්ටාව බලා දිවෙන මංතිරුවට කඩාවැටී ඇති අතර කන්ද නායයාමට මද වෙලාවකට පෙර එම කන්ද පහත් වී විදුලි කණු පාරට පෙරළි ඇත. 

"සෙක්ස් ටෝයිස්" වැටලීම


අර්ධ වනචාරී පසුගාමී ගෝත්‍රික රජයක් වන ශ්‍රී ලංකාව දරුණු ලෙස ලිංගික අසහනයෙන් පීඩා විඳින සමාජයකින් යුක්තය. 

මේ අසහනකාරී ගෝත්‍රික දේශය කාලෙන් කාලෙට ලිංගික තහංචි පනවමින් අමුතු සුවයක් විඳිති. ගණිකා මඩම් වැටලීම , අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීම , අන්තර්ජාල වරණය සඳහා කතිකා , ෆේස් බුක් තහනමට කතිකා , ජංගම දුරකථන වල අසභ්‍ය දසුන් තිබේද පරික්ෂා කිරීම වැනි දේ කරමින් සංස්කෘතිය රැකීමට ඉදිරිපත් වෙති. මේ රැක්මේ අලුත්ම වර්ධනය නම් "සෙක්ස් ටෝයිස්" භිතිකාවයි. 

මේ ගැන ලක්බිම පුවත්පත මෙසේ කියයි. 

"ශ්‍රී ලංකාවට "සෙක්ස් ටෝයිස්" යන්න අලුත් යෙදුමකි. නමුත් විදේශයන්හි ඒවා විකිණීම සඳහා වෙනමම සුපිරි වෙළඳසල් ඇත්තේය. ලංකාවට අලුත් අත්දැකීමක් වූ මෙම සෙක්ස් ටෝයිස් නීතියට මුවාවෙමින් හොර රහසේ කොළොඹ තුන හා හතර ප්‍රදේශයන්හි පිහිටා ඇති සම්භාහන ආයතනවල විකිණීමට තබා ඇති බව පසුගියදා ලක්බිම නිව්ස් මාධ්‍යයවේදින් කණ්ඩායමක් සිදුකල ගවේෂණයකින් අනතුරුව සොයාගෙන තිබේ. 


Friday, November 2, 2012

අරුම පුදුම බළල් සෙනෙහස


සුනඛයන් මෙන් නොව බළලුන් සිය ස්වාමියන්ට ආදරය දක්වන්නේ ආඩම්බරගතියෙන් මෙන්ම ස්වාධීනත්වයකින් යුතුවයි. නමුත් තම ස්වාමියා මිය ගිය විට ස්වාමියාගේ දේහය අසලින් නොසෙල්වුණු බල්ලෙකු ගේ සංවේදී පුවතක් පිලිබඳ අලවතුගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අලවතුගොඩ අස්වැද්දුම ප්‍රදේශයේ පදිංචි පී. බී. අමරකෝන් සුරතලයට බළල් පැටවෙකු ඇති කළේය. ඉතා සුරතෙල් ඇතිදැඩි කල මෙම බළලා වසර 5 ක් පමණ අමරකෝන් මහතා බලාකියා ගෙන ඇත්තේ ආද‍රයෙනි. 


පසුගිය කාලයේ හදිසි‍යේම අසනීප වූ අමරකෝන් මහතා රෝහල් ගත කෙරුණු අතර එම අසනීපයෙන්ම මිය ගියේය.

"සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටය ලඟදීම


මහාමායා දේවියගේ කුස පිළිසිඳීමේ සිට ගිහිගෙය හැරයාම දක්වා සිදුහත් කුමාරයාගේ කතා පුවත රැගත් "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටය 2013 ජනවාරි මාසයේ සිට තිරගතවීමට නියමිතයි.

රුපියල් කෝටි 15ක් පමණ වියදම් කර නිපදවා ඇති බව පැවසෙන මෙම සිංහල චිත්‍රපටය දැනටමත් ඉල්ලා ඇති රටවල් 48කට ඉංග්‍රීසි උපසිරැසි සහිතව විකිණීමට බලාපොරොත්තු වන අතර එමඟින් ඉපයීමට බලාපොරොත්තු වන මුදල රු. කෝටි 25කි.

භාෂා 5ක උපසිරැසි සහිතව ප්‍රදර්ශනය කිරීමට ඉන්දියාවද බලාපොරොත්තු වේ

Thursday, November 1, 2012

ලෝක විනාශය වන බව කියන දෙසැම්බර් 21 වෙනිදා වෙන්නේ මොකක්ද?

දෙසැම්බර් 21 වෙනිදා ලෝක විනාශයක් වෙයිද?

බොහෝ දෙනෙක් ඒ පිළිබඳව විමසා සිටින්නේ මායාවරුන්ගේ දීර්ඝතම කැලන්ඩරයේ දින වසර 5125.26 කට පසුව 2012 දෙසැම්බර් 21 වනදායින් අවසන් වීම නිසාය.

මායාවරුන්ගේ කැලන්ඩරය මෙන්ම ලෝක විනාශ හා බැඳුණු සංසිද්ධි ගනනාවක් පිළිබඳව පුවත්, වාර්තාමය වැඩසටහන්, චිත්‍රපට අන්තර්ජාලය පුරා පවතී.

ඒවායින් කියවෙන්නේ පහත කරුණු නිසා ලෝක විනාශයක් වන බවයි.

අද සිට ගුවන් විදුලි සංඛ්‍යාතයන් වෙනස් වෙන්නේ මෙහෙමයි

ලංකාවේ රේඩියෝ නාලිකා වල සංඛ්‍යාතයන් වෙනස් වීමට නියමිත ආකාරය මීට පෙර අප ඔබට ගෙන ආවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 
පෙරේදා එම සංඛ්‍යාත නිල වශයෙන් නිකුත් කරනු ලැබුවා

87.5 සිට 108 MHz දක්වා පරාසයන් තුල එම නාලිකා හෙට සිට වෙනස් වන්නේ පහත පරිදිය

Tuesday, October 30, 2012

කන්තලෙන් මැණික් සහ කන්තලේට මාළු වැස්සක් !


බෙංගාල බොක්‌කේ හටගත් පීඩන අවපාතය ඊයේ (29 වැනිදා) රාත්‍රී සුළි කුණාටු තත්ත්වයක්‌ බවට පත්වී දිවයිනට ඇතුළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසූ පරිදි එය පැමිණියේ නැත.

සුළිකුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු නොවන බවත් දැන් එය ඉන්දියාව දෙසට හැරී ඇති බැවින් සුළි කුණාටු මගෙහි පදිංචි පුද්ගලයන් ඉවත් කිරීම සදහා පෙර දින කළ අනතුරු ඇඟවීම මීට සුළු වේලාවකට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉවත් කළේය.

අධික වර්ෂාව සමඟ අවාසනාව මෙන්ම අරුම පුදුම සිදුවීම් මෙන්ම වාසනාවද රැගෙන ආ පුවතක් කන්තලේ හා හන්දපාන්ගල ප්‍රදේශවලින් වාර්තාවේ.

ගල් විහාරයේ පිළිම විනාශවීමේ අවදානමක


ජාතියේ ප්‍රෞඩත්වය ලොවට කියාපාන පොළොන්නරුවේ ගල් විහාරයේ පිළිම මේ වනවිට විනාශ වෙමින් පවතී.

ගල් විහාරයේ මෙම ප්‍රතිමා ආරක්‌ෂා කිරීම සඳහා මෑතකදී තැනූ දුගී පියස්‌සේ වූ පාදම් කණු ඛාදනය වී අවපැහැ ගෙන තිබෙන අතර වහලයේද තැනින් තැන මලකඩ කා තිබෙනු දක්නට හැකිය.

දුර්වර්ණව මල කෑ සෙවිලි තහඩු අතරින් රූරා වැටෙන මලකඩ සහිත වැසි දිය පිළිම මතද වැටී එකතුවී ඇති අතර වසර දහස් ගනනක් අව්වට වේලෙමින් , වැස්සට තෙමෙමින් තිබූ පිළිම මෑත කාලයේ අව පැහැගැන්වී ඇත්තේ මලකඩ ඒ මතට වැටීම නිසාය

කැටයමින් යුතු විද්‍යාධර ගුහාවෙහි මුව දොර වසා ඉදිකළ යකඩ කූරු දැල මුළුමනින්ම මල කා දිරාපත්ව ගොස්‌ ඇත. ගෙදරක බලු කූඩුවකට මීට වඩා සැලකිල්ලක්‌ තිබේ. දිරාපත් යකඩ දැලෙහි කම්බි දරා සිටිනා ආධාරයක සවි වූ පුරාණ ගල් පුවරුවත් යකඩ මලින් දුර්වර්ණ වී ඇත

ග්‍රහ පිහිටීම අනුව ඕනෑම රටක කාලගුණ අනාවැකි කිව හැකි නව ක්‍රමයක් පාසැල් සිසුවෙකු සොයාගනී

විස්සයි විස්ස තරඟාවලිය පැවැත්වෙන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට අද පස්වරු හතෙන් පසුව මිලිමීටර් 10 කට අඩු වර්ෂාපතනයක්.

තාරකා වල හා ග්‍රහලෝක වල පිහිටීම ඇසුරින් කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමයක් පාසැල් සිසුවෙකු විසින් සොයාගන තිබෙනවා.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ 11 වසරේ සිසුවෙකු වන ඔහු මාලින් ජයනාත් විජේරත්නයි.

තාරකා වල පිහිටීම නිරීක්ෂණය කල ඔහු ඒ ඇසුරින් වර්ෂාපතනය හා කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමවේදයක් නිර්මාණය කල අතර ඒ සඳහා ජාතික විද්‍යා පදනම විසින් මෙම වසරේ පවත්වන ලද තරඟාවලියේදී ඔහු පලමු ස්ථානය දිනාගන තිබෙනවා.



ගුවන් විදුලි නාලිකාවල සංඛ්‍යාත වෙනස් වන්නේ මෙහෙමයි



ගුවන් විදුලි නාලිකා රට වටා විකාශය කිරීමේදී භාවිතා කරන විවිධ සංඛ්‍යාත වෙනුවට එක නාලිකාවක් සඳහා දිවයිනටම එකම සංඛ්‍යාතයක් ලබාදීමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇති බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත ගෙන ආවා.

සංඛ්‍යාත 87 සිට 107 දක්වා පරාසය තුල දැනට ගුවන්විදුලි නාලිකා 43 ක් ක්‍රියාත්මක වන අතර එම හේතුවෙන් ඇතැම් පළාත්වලට කිසිදු නාලිකාවක් හරියාකාරව ශ්‍රවනයනොවීම මෙයට හේතුව ලෙස සඳහන් කොට තිබෙනවා.

වෙන්ඩෝල් සමාගමේ සභාපති සෝවාන් වෙලාලු !


සුප්‍රකට සබන් හා දේශීය ආයුර්වේද නිෂ්පාදන නිපදවන වෙන්ඩෝල් ලංකා සමාගමේ සභාපති වෛද්‍ය ලේල්වල, ජී ගොඩකන්ද මහතා තමා සෝවාන් වී ඇති බව ප්‍රසිද්ධියේ පතුරවමින් සිටින බව අප වෙත වාර්තා වේ. 

කලින් කලට ලංකාවේ සෝවාන් වූ හා බුදු වූ පුද්ගලයන් දැකගැනීමට හැකි වූ අතර ඔවුන්ට තිබුනේ ඉතා කෙටි පැවැත්මකි. වඳුරඹ සිරිවර්ධන නොහොත් මහත්තයා එසේ බුදු බව ලැබූ බව කියූ පුද්ගලයෙකි. 

Share this article with your friends