අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම සම්මේලනයේ සම ලේකම් ආචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා ප්‍රකාශ කළේ තටිල් මහතා වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කිසි විටෙකත් පසුබට නොවන බවයි.
Wednesday, January 18, 2012
ඉසෙඩ් වැරදි පෙන්වූ මහාචාර්ය තටිල්ට ජීවිත තර්ජන
බෝගොල්ලාගම පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක්
ශ්රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් එල්ලවන බලපෑම් දිනෙන් දින වැඩි බවත්, ඒ පිළිබඳ බලපෑමක් කිරීමට විදේශ කටයුතු ඇමති මහචාර්ය ජී.එල්. පීරිස් මහතා අසමත් වී ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා මෙහිදී ජනාධිපතිවරයා වෙත කරුණු කාරණා සහිතව පෙන්වා දී තිබේ.
කැබිනට් සංශෝධනය 'බකල්කළ' මාධ්‍යට ඇමතිවරු තුතිපුදයි
ජනාධිපතිවරයා පසුගිය බදාදා අග්‍රාමාත්‍ය දී.මූ ජයරත්න කැදවා අගමැති ධුරටය වෙනස් කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳ දැනුම් දී තිබිණ. අග්‍රාමාත්‍ය ධුරය චමල් රාජපක්ෂ මහතා වෙත පැවරීමට මුලදී තීරණය කර තිබූ ජනාධිපතිවරයා තම බිරිඳගෙන් එල්ල වූ බලපෑම් හමුවේ එම තීරණයද වෙනස් කොට රත්නසිරි වික්රමනායක මහතා යළි අගමැති කිරීමටත් තීරණය කර තිබිණ.
ජනාධිපතිවරයා, චන්ද්‍රිකාගෙන් 'ටියුෂන්' ගත යුතුයි - එස්.බී.
පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගැනීම සිදුවීම පිළිබඳව ඇමතිවරුන් කිපදෙනෙකු පාර්ලිමේන්තු භෝජනාගාරයේදී ඊයේ දහවල් කළ විමසීමේදී ඇමතිවරයා මේ බව පවසා ඇත.
ආණ්ඩුව තුළ ජනාධිපතිවරයාට තුනෙන් දෙකකට වැඩි බලයක් තිඛෙන නමුත්, ජනාධිපතිවරයා කටයුතු කරන්නේ අනියත බියකින් බවත්, 'ජනඅරගලකාරයින්' පොඩි සද්ධයක් දැම්මත් ජනාධිපතිවරයාට දැන් හීන් දාඩිය දාන බව ඇමතිවරයා උපහාසයෙන් යුතුව සඳහන් කර තිබේ.
මර්වින් කැලණියෙන් කොළඹට
ඒ අනුව කැලණිය ආසනය තුළ මතුවී තිඛෙන අභ්‍යන්තර අර්බුදය සම්බන්ධයෙන් සිදුකෙරෙන පක්ෂයේ විනය පරීක්ෂණයෙන් පසු මර්වින් සිල්වා ඇමතිවරයාට මැදකොළඹ ආසන සංවිධායක ධුරය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දී ඇතැයි ශ්‍රීලනිප මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
පැහැර ගැනීම්වලට එරෙහි විරෝධතාවයට යාපනයට ඇතුළුවීමට ඉඩ නොදෙයි
එම පිරිස මීට ස්වල්ප මොහොතකට පෙර පුලියන්කුලම් හිදී ආරක්ෂක අංශ විසින් නවතා ඇත. ඔවුන්ට යාපනයට යාමට අවසර දිය නොහැකි බවත් අවශ්‍ය නම් මුලතිව්වලට යාමට අවසර දිය හැකි බව එම නිලධාරීන් එහිදී පවසා තිබේ.
කාංචන පත්කිරීමට චමල්ගේ විරෝධය
ජී.එල්. පීරිස් අමාත්‍යවරයාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකුවන කාංචන රත්වත්තේ මහතා පාර්ලිමේන්තු මහලේකම් ලෙස පත්කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවට පසුගිය සති අන්තයේ පුවත්පත් කිහිපයක පළවී තිබූ වාර්තා පිළිබදව එම ඇමතිවරුන් කතානායකවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු එසේ ප‍්‍රකාශ කර තිබේ.
ලේක්හවුස් උත්සවයට ජනමාධ්‍ය ඇමති නෑ
වවුනියාවේ හදිසි සොදිසි කිරීමක්
ආණ්ඩුවේ අවලාදවලට නොරැවටී ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසෙමු ! - ජන අරගල ව්‍යාපාරය
එයට ගොවියන්ගේ කම්කරුවන්ගේ මෙන්ම අනෙකුත් සෑම ක්ෂේත‍්‍රයකම විරෝධය ඒකාබද්ධ වෙමින් පවතී. මීට අමතරව රජයේම අමාත්‍යවරුන්ගේ විශාල වංචා දූෂණ අද ඔවුන්ගේ පාර්ශ්වයෙන්ම හෙළිදරව් කරමින් තිබේ. එසේම කලක් තිස්සේ පැවති ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදත් විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ අභ්‍යන්තරයේම පවතින අර්බුදත් කරලියට පැමිණ ජනමාධ්‍ය තුළත් ජනතාව අතරත් සාකච්ඡාවට ලක් වෙමින් ඇතැයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ‘ජන අරගල ව්‍යාපරය’ විසින් අවධාරනය කර සිටී. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ කර ඇත.
එස්.බී ට හා බන්දුලට රූපවාහිනී නිෂ්පාදක තනතුරු
මෙම රූපවාහිනී වැඩසටහන සඳහා සහභාගී වූ විද්වත් මණ්ඩලය වූයේ විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධාරා එස් විජේතිලක, කොළඹ සරසවියේ උපකුලපතිනී ආචාර්ය ශානිකා හිරිඹුරේගම මොරටුව සරසවියේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන සඹරගමුව සරසවියේ උපකුලපති මහාචාර්ය රංජිත් පේ‍්‍රමලාල් සහ රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගූණසේකර යන මහත්ම මහත්මීන්ය. මෙම වැඩසටහන මෙහෙයවා ඇත්තේ ජනප‍්‍රිය රූපවාහිනී නිවේදකයෙකු වන චමින්ද ගුණරත්න විසින්ය.
ජනපති වෛද්‍යවරයාගේ හෝටලය අවට හෝටල් කඩාදැමේ
ශවේන්ද්‍රගෙන් කොහොනට චෝදනා
ශිරන්ති ජයගනී - චමල් කැපේ - අගමැති ධූරය රත්නසිරිට
මාධ්‍යයෙන් වාරණය කළ චම්පා කියන කතාව
එම සිදුවීමෙන් පසුව මව්බිම පුවත්පතේ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා ඇය සමග සම්මුඛ සාකච්ඡාවක් සිදු කළේය. එම සම්මුඛ සාකච්ඡාව සඳහා මව්බිම පුවත්පතේ සම්පූර්ණ පිටු දෙකක් වෙන් කිරීමට එහි කර්තෘ මණ්ඩලය කටයුතු කරනු ලැබ තිබූ අතර සම්මුඛ සාකච්ඡාව පළ කිරීම සඳහා සියලූ කටයුතු සූදානම් කර තිබූ බවද වාර්තා වේ. එහෙත් එහි හිමිකරුවන් වෙත එල්ල වූ දේශපාලන බලපෑම් හා ඔවුන් ඊට යටවීම හේතුවෙන් අවසන් මොහොතේ එම සම්මුඛ සාකච්ඡාව වාරණයට ලක් කෙරිණි. අදාළ සම්මුඛ සාකච්ඡාව අප වෙත ලැබී ඇති අතර කාලීන හා දේශපාලන වැදගත්කම සලකා එය සම්පූර්ණයෙන්ම පළ කිරීමට ‘ලංකා විව්ස්’ තීරණය කර ඇත. පහත පළ වන්නේ එම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවයි.
ජනාධිපතිගෙන් අසාද්සාලිට කැපිල්ලක්
රැස්වීම ආරම්භයේදී අදහස් දක්වා ඇති කොළඹ මහනගර සභාවේ විපක්‍ෂ සංවිධායක මන්සින් මහතා, මිලින්ද මොරගොඩ මහතා බොහෝ දිනවල විදේශගතව සිටින බැවින් නගරසභාවේ කටයුතු සම්බන්ධයෙන් හදිසි තීරණ ගැනීමට සිදුවන අවස්ථාවලදී බලවත් අපහසුතාවයකට පත්වන බවත්, එහෙයින් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම මෙහෙයවීම සඳහා ජනාධිපතිවරයාගේ විශ්වාසය දිනාගත් නියෝජ්‍ය විපක්‍ෂ නායකයෙකු පත්කළ යුතු බවට යෝජනා කර තිබේ. එහිදී ඔහු එම තනතුර සඳහා එක්සත් ජාතික පක්‍ෂ පාලනයේ හිටපු ඇමතිවරයෙකුවන මොහොමඞ් මහරුෆ් මහතාගේ නම යෝජනා කර ඇත.
කැළණි ගැටුම් අතරේ කබ්රාල් සංවිධායක ධූරය ඉල්ලයි
මර්වින් සිල්වා ඇමතිවරයා සහ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලූ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු පසුගිය වකවානුවේ කළ වංචා දූෂන ගණනාවක් පිළිබදව තොරතුරු හෙළිකර ඇති කබ්රාල් මන්ත‍්‍රීවරයා, ඒ පිළිබද සවිස්තර ලිපිගොනුවක් ඇමතිවරයා වෙත භාරදී තිබේ.
කරුගේ කාර්යාලයට ගිනි තැබීමට පැමිණි පිරිස නිදැල්ලේ
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ගම්පහ පොලිස් නිලධාරියකු පැවසූයේ, මීට අදාළ පරීක්‍ෂණ වැඩිදුර ඉදිරියට නොගෙනියන ලෙස ඉහළින් නියෝගයක් ලැබී ඇති බවයි.
පසුගිය 10 වනදා උදැසන එකට පමණ කිසියම් නාදුනන පිරිසක් කරු ජයසූරිය මහතාගේ ගම්පහ දිස්ත‍්‍රික් කාර්යාලයට ගිනි තබා විනාශ කිරීමට උත්සාහ දරා තිබිණ.
නාමල්ට ජ’පුරෙන් නිල නොවන පශ්චාත් උපාධියක් !
පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා 1805552011001 DS/MA/Cri/3221/09 යන අංකය යටතේ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් සඳහා ලියාපදිංචි වී සිටී.
A Qualitative Reseach Study on the Sociocultural Factors Inpiuenting Sexual & Mental Abuse Of Children in Sri Lanka යන්න ඔහුගේ විෂය පථය ලෙස දක්වා තිබේ.
ශි‍්‍ර ල.නි.ප. ලේක්හවුස් සභාපතිට අරලියගහ මැදුරේ දොර වැසේ
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයෙන් ලේක්හවුස් ශාඛාවේ සභාපතිවරයාට හා ලේකම්වරයාට අදාළ සාකච්ඡාව සඳහා සහභාගි වන ලෙස දැනුම් දී ඇති අතර, ඒ අනුව අරලියගහ මන්දිරයට ගිය ලේක්හවුස් සභාපතිවරයා හා ලේකම්වරයාට ආරක්‍ෂක නිලධාරීන් දන්වා ඇත්තේ ඔවුන්ගේ නම් ආරාධිත ලැයිස්තුවෙන් කපා දමා ඇති බවයි.
ජනාධිපතිගේ ඥාති පුත‍්‍රයා රාතී‍්‍ර සමාජ ශාලාවකට පොලූ තියලා
ජනාධිපතිවරයාගේ සහෝදරයෙකු වන චන්ද්‍රා රාජපක්‍ෂ මහතාගේ පුත් චමින්ද රාජපක්‍ෂ නමැති මෙම තරුණයා, ඔහුගේ හිතමිතුරන් කිහිපදෙනෙකු සමග පසුගිය දෙසැම්බර් 31 වනදා අලූයම 2.30 ට පමණ තිඹිරිගස්යාය ප‍්‍රදේශයේ පිහිටි එම රාතී‍්‍ර සමාජ ශාලාවට පැමිණ ඇත්තේ ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් කිහිපදෙනෙකුද සමගය.
පිටසක්වල යානා බ්‍රිතාන්‍යය අහසේ !
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට කිට්ටු කෙන්ට් ප්‍රාන්තයේ අහසේ පසුගිය සතියේ පිටසක්වල යානා දර්ශනය වී තිබෙනවා.
ජනවාරි 6 වෙනිදා සවස 1.00 ට පමණ යානා දෙකක් දර්ශණය වී තිබෙන අතර නැවත ජනවාරි 13 වෙනිදාද උදේ 7.00 ට පමණ යානා දෙකක් දර්ශනය වී තිබෙනවා.
මේවා දර්ශනය වී තිබෙන්නේ වැඩි වශයෙන් මෙම යානා දර්ශනය වීමට ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකට සැතපුම් 30ක් පමන දුරකින්. දින දෙකේදී මේවා දර්ශනය වී ඇත් ස්ථානයන් අතර දුර සැතපුම් 75ක පමන වන බවයි වාර්තා වෙන්නේ.
කිංග්ෆිෂර් කෙල්ලන් ලංකාවේ!

මේ සදහා සුරූපී ජාත්‍යන්තර නිරුපිකාවන් හයදෙනෙක් පෙනී සිටියා.මෙවර දින දර්ශනය සදහා අවශ්‍ය ජයාරූප ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ මීගමුවප්‍රමුඛ ස්ථාන වලදි වීම විශේෂත්වයක්.
විකිපීඩියා බ්ලැකවුට් වෙයි - Wikipedia blacked out
ඇමරිකානු රජය විසින් Stop Online Piracy Act (SOPA) සහ PROTECT IP Act (PIPA) යනුවෙන් නීති කෙටුම්පත් දෙකක් හඳුන්වාදීමට සූදානම් වෙනවා.
ප්‍රකාශන හිමිකම් සම්බන්ඳව අන්තයට ගිය ඇමරිකානු කෙටුම්පත් වන මේවා සම්මත වූවොත් ඉදිරියේදී නොමිලේ සේවා සපයන ආයතන හා වෙබ් අඩවි වලට එමඟින් බාධා ඇතිවන අතර නොමිලේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කිරීම, නොමිලේ සින්දු ඇසීම ආදී නොමිලේ අන්තර්ජාල සේවාවන් සපයන ආයතන වලට හානියක් වන බවයි වාර්තා වෙන්නේ.
රන්ජන් මැරයන්ට එරහිව සටනට බසී

ජනප්රිය නළු රන්ජන් රාමනායක මහතා මැරවරයන්ට එරහිව සටන් වැදීමට තීරණය කල ඇති බවට gossip9 වෙත වාර්ථා වේ.ඒ ඔහුගේ නවතම චිත්‍රපටියෙදී පොලිස් නිලධාරියෙක්ගේ චරිතයට පණ පොවමින්.
තවම නමක් තබා නොමැති මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ තවමත් තිරගත නොවූ සුපර් සික්ස් හි අධ්‍යක්ෂකවරයා වන සතිස් කුමාර් මහතායි.
මෙය ඉන්දියානු සිනමා පටයක් වන "සිනග්හම්" හි ප්‍රතිනිර්මාණයක් වන අතර රූපගත කිරීම් ලබන අප්‍රේල් මසදී ආරම්භ වීමට නියමිතයි.
ද්‍රවිඩ සින්ග්හම් චිත්‍රපටියේ නිෂ්පාදක කණ්ඩායම මෙම නව නිර්මාණයේද කටයුතු කිරීමට නියමිත අතර,රන්ජන්ගේ සහකාරියගේ චරිතය රගපෑමට ජැක්ලින් ෆනැන්ඩියස් හා පුජා උමාශංකර් ඇතුළු නිළියන් පස් දෙනෙකුගේ නම් යෝජනා වී බවද සදහන් අතර ඔවුන්ගේ කාර්යබහුලත්වය අනුව සුදුසු නිළියක් තෝරා ගනු ඇති.
ජනපතිට අපහාස වන නාට්‍යයක් කලාට සිරිධම්ම විදුහල්පති එලියට

කුරහන් සාටකයක් හා උඩු රැවුලක් සහිතව ජනාධිපති අනුකුඅරණය කල චරිතය ඇතුලත් එම නාට්‍යය විවිධ ප්‍රසංගයේ රඟ දැක්වෙන අතරතුර එම විවිධ ප්‍රසංගය නැරඹීමට පැමිණි කිසියම් පුද්ගලයෙකු විසින් පටිගතකොට රජයේ ඉහලම තරුණ මන්ත්‍රීවරයෙකු වෙත යොමුකොට තිබේ.
සිංහල සින්දු කියන ලාඕසයේ බෑන්ඩ් එක
අප වෙත දැන ගන්නට ලැබෙන ආකාරයට මෙම ලාඕස ජාතික සංගීත කණ්ඩායමට නම තබා ඇත්තේ "ලාඕ සිලෝන්" ලෙසයි.
මොවුන් මිල්ටන් මල්ලවආරච්චි,ක්ලැරන්ස් විජේවර්ධන,ඉන්ද්‍රානි පෙරේරා ආදී ශ්‍රී ලාංකීය ගායක ගායිකාවන්ගේ ගීත ඉතාම කදිමට ගයනා කරනවා.
මෙම ලාඕ සිලෝන් සංගීත කණ්ඩායමේ ජනප්‍රිය සිංහල ගීත කිහිපයක් පහතින් දැක්වෙනවා.
විදුලිබල, ඛණිජතෙල්, ජලසම්පාදන වැටුප 25% කින් ඉහලට
ලංකා විදුලිබල මණ්ඩලය,ලංකා ඛණිජතෙල් සංස්ථාව,ජලසම්පාදන මණ්ඩලය යන ආයතනවල සේවකයන්ගේ වැටුප 25% කින් ඉහල දැමීමට රජය තීරණය කර තිබෙනවා.ඒ අනුව මේ ජනවාරි මාසයේ සිට එම පඩි වැඩිවීම සිදුවනු ඇති.
මාසික වැටුප වැඩි කරන ලෙස බලකරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හෙටදින වැඩ වර්ජනයක් සුදානම් කර තිබුනා.එසේම ජලසම්පාදන මණ්ඩලයේ සේවකයින්ද වැඩ වර්ජනයක් ගැන ඉගි කර තිබුනා.
මාසික වැටුප වැඩි කරන ලෙස බලකරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හෙටදින වැඩ වර්ජනයක් සුදානම් කර තිබුනා.එසේම ජලසම්පාදන මණ්ඩලයේ සේවකයින්ද වැඩ වර්ජනයක් ගැන ඉගි කර තිබුනා.
Subscribe to:
Comments (Atom)
