ඉකුත් සතියේ දී ආණ්ඩුවේ වැඩි අවධානය යොමුව තිබුණේ අග්‍රවිනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම පිළිබඳවය. කෙසේ නමුත් මෙය එක්වරම මතුවූ තත්ත්වයක් නොව මාස කිහිපයක් පුරා පැවැති ගැටලුවක් අවසානයේ දී පුපුරා යාමයි. අග්‍රවිනිශ්චය කාරවරියට එරෙහිව දෝෂාභියෝගයක් එල්ල කරන බවට ආරංචි ඉකුත් මාස දෙකක පමණ කාලයක් පුරා නිල නොවන මට්ටමින් පැතිර තිබුණි. මීට මාස දෙකකට පෙර පළාත් සභා ඡන්දය අවසන්වීමෙන් පසු පැවැති ආණ්ඩු පක්ෂයේ ප්‍රථම මාධ්‍ය සාකච්ඡාවේ දී එක් මාධ්‍යවේදියෙක් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවැසුවේ මේ මොහොතේ එහෙම දෙයක් කරන්නේ නෑ. යනුවෙනි. කෙසේ නමුත් ප්‍රශ්නය පුපුරා ගියේ අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න අධිකරණ ක්ෂේත්‍රයට බලපෑම් ඇති බවට නිකුත් කළ නිවේදනයත් සමගය.
Showing posts with label දූෂණ. Show all posts
Showing posts with label දූෂණ. Show all posts
Saturday, November 3, 2012
Tuesday, October 30, 2012
ගල් විහාරයේ පිළිම විනාශවීමේ අවදානමක
ජාතියේ ප්‍රෞඩත්වය ලොවට කියාපාන පොළොන්නරුවේ ගල් විහාරයේ පිළිම මේ වනවිට විනාශ වෙමින් පවතී.ගල් විහාරයේ මෙම ප්‍රතිමා ආරක්‌ෂා කිරීම සඳහා මෑතකදී තැනූ දුගී පියස්‌සේ වූ පාදම් කණු ඛාදනය වී අවපැහැ ගෙන තිබෙන අතර වහලයේද තැනින් තැන මලකඩ කා තිබෙනු දක්නට හැකිය.
දුර්වර්ණව මල කෑ සෙවිලි තහඩු අතරින් රූරා වැටෙන මලකඩ සහිත වැසි දිය පිළිම මතද වැටී එකතුවී ඇති අතර වසර දහස් ගනනක් අව්වට වේලෙමින් , වැස්සට තෙමෙමින් තිබූ පිළිම මෑත කාලයේ අව පැහැගැන්වී ඇත්තේ මලකඩ ඒ මතට වැටීම නිසාය
කැටයමින් යුතු විද්‍යාධර ගුහාවෙහි මුව දොර වසා ඉදිකළ යකඩ කූරු දැල මුළුමනින්ම මල කා දිරාපත්ව ගොස් ඇත. ගෙදරක බලු කූඩුවකට මීට වඩා සැලකිල්ලක් තිබේ. දිරාපත් යකඩ දැලෙහි කම්බි දරා සිටිනා ආධාරයක සවි වූ පුරාණ ගල් පුවරුවත් යකඩ මලින් දුර්වර්ණ වී ඇත
ජාතික පොහොර සතියට ගෙනා පොහොර වල කලු ගල්
Monday, October 22, 2012
රජයේ මුදල් නාස්ති කරන මර්වින්ගේ ෆැමිලි සවාරි

ස්විට්සර්ලන්තයේ සුරිච් ගුවන්තොටුපලට ගිය ඇමතිවරයා ඇතුළු පවුලේ උදවිය ගුවන්තොටුපලේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි නවාතැන් ගන්නා හෝටලය වෙත යාමට කුලී රථයක් ගෙන තිබුනේ නැත.
Tuesday, October 9, 2012
20-20 ක‍්‍රිකට් තරගාවලියේදී විනිසුරුන් මුදලට තරග විකුණලා ‘ද හින්දු’ පවසයි
පෙරේදා (07) අවසන් වූ පන්දු 20-20 ලෝක ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලාංකීය විනිසුරුවරුන් ඇතුඵවිදේශීය විනිසුරුවරුන් හය දෙනෙකු මුදලට තරග පාවා දී තිබෙන බව අනාවරණය වෙතැයි ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත පවසයි. මෙම පිරිසට ශ‍්‍රී ලංකීය විනිසුරුවරුන් තිදෙනෙක් ඇතුළත් බව එම පුවත්පත පෙන්වා දෙයි. පාකිස්ථානයේ නදීම් ගෞරිස්,ඇනී සිද්ධික් යන විනිසුරුවරුන් මෙලෙස තරග පාවා දී තිබෙන බව ‘ ද හින්දු‘ පුවත්පත පවසයි.
Monday, September 10, 2012
ලංකා ෆ්ලෝ ටයිල්ස් සමාගමේ චයිනීස් වැඩක් !
ජීවිත කාලයක් දුක් මහන්සිවී උපයාගත් මුදලින් සාදන සොඳුරු කැදැල්ලට ගුණාත්මක බවින් යුතු අනර්ඝ ගොඩනැගිලි ද්‍රව්‍යය යෙදීමට උත්සුක වීම කාගේත් සිහිනයකි.ඒ නිෂ්පාදන කෙරෙහි විශ්වාසය ඇති අහිංසක පාරිභෝගිකයින් දඩමීමා කරගෙන යමෙක් ඔවුන් මුලාවට පත් කිරීම ජාතික අපරාධයකි.
ෆ්ලෝ ටයිල්ස් සහ වෝල් ටයිල්ස් නිෂ්පාදන ආයතනයක් වන ලංකා ෆ්ලෝ ටයිල්ස් PLC පසුගිය මාසයේ තත්ත්වයෙන් බාල පෝසිලේ ෆ්ලෝ ටයිල්ස් තොගයක් (අඩි දෙකයි දෙක) චීනයෙන් ආනයනය කර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව සහතිකය පවා නොමැතිව රට පුරා තම පාරිභෝගිකයින් හට නින්දිත ලෙස විකුණා ඇත්තේ සාඩම්බර ලාංකීය තම ආයතනයේ නිෂ්පාදනයක් ලෙසිනි.
Thursday, September 6, 2012
සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ

ලංකාවේ ජනගහනය දළ වශයෙන් මිලියන විස්සකි. නමුත් පොත් ප්‍රකාශකයන් පවසන පරිදි පොතකින් සාමාන්‍යයෙන් මුද්‍රණය වන්නේ පිටපත් දහසකි.
මිලියන විස්සක ජනතාවක් ඇති රටක පොතකින් මුද්‍රණය කරන්නේ පිටපත් දහසක් යනු ඒ රටේ නුගත්කම පෙන්වන ප්‍රධාන සාධකයකි. මේ නුගත්කම කාලාන්තරයක් පුරා වර්ධනයව ඇත්තේ මේ රටේ පොත් ප්‍රකාශකයන්ට නිසාය.
ඔවුන්ගේ මුලික පරමාර්ථය කියවීමේ රුචිය වර්ධනය සාහිත්‍ය සංවර්ධනය නොව හැකි තරම් ලේඛකයා හුරාගෙන කා මුදල් ඉපයීමයි. මේ නිසා නිදහසින් පසුව වසර හැට ගානක් ගත වූවද ලංකාවේ සාහිත්‍ය වර්ධනයක් , කියවීමේ වර්ධනයක් , පොත් ප්‍රකාශනයේ වර්ධනයක්, ලේඛකයාට ගරුත්වයක් ලැබී නැත.
Sunday, September 2, 2012
රිදී සිත්තමට රජයේ දේපළ දකුණු පලාත් මංත්‍රීවරයෙකුගෙන්
Thursday, August 30, 2012
කොටස් වෙළඳපලේ "තැරැව් මාෆියාව" මෙහෙයවන්නේ කවුද?
එදා
කොළඹ සරසවියේ නීති පීඨයේ සිසුවෙකු සිටි අවදියේ කෑම වේලක් සඳහා රුපියල්
පහක් වියදම් කිරීමට නොහැකිව සිටි පුද්ගලයකුවන හා සාමන්‍යය ගුරුවරු දෙපලකගේ
පුතුවන දිලිත් ජයවීර මෙතරම් කෙටි කලක් තුල මේසා විශාල ධනස්කන්දයක් සොයාගත්
ආකාරය ඔහු විසින් හෙලිකල යුතුයි යන්න සඳහන්කරමින් ශාන් වික්‍රමසිංහ විසින්
කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පැමිණිල්ලක් ගොනුකල බව මීට පෙර ලිපියකින් අප
හෙළි කළා.දෙරණ මාධ්‍යය ආයතනයේ හා ට්‍රයි ඇඩ් ආයතනයේ කලමනාකර අධ්‍යක්ෂවරු යුවල වන්නේ දිලිත් ජයවීර සහ වරුණි අමුණුගමයි. වරුණි අමුණුගම යනු සරත් අමුණුගම අමාත්‍යවරයාගේ දියණිය යි.
ඔවුන් පිළිබඳව ටි.එන්.එල් ඉසිර ගුවන් විදුලිය ඔස්සේ උදෑසන පුවත් සමාලෝචන වැඩසටහනේ ශාන් වික්‍රමසිංහ මහතා හෙලිකල එසේ හෙළිකිරීමෙන් පසුව ඔහුට මරණ තර්ජන ලැබුණු අතර පසුව දිලිත් ජයවීර විසින් තමන්ගේ ප්‍රතිරූපයට සිදුකරන ලද හානිය වෙනුවෙන් 'ටී.එන්.එල්.' සහ 'ඉසිර' ගුවන් විදුලියට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නීතිඥවරු මාර්ගයෙන් එන්තරවාසියක්ද යවා තිබුණා.
Thursday, August 23, 2012
ප්‍රශ්නපත්‍ර වල වචනෙක දෙකක පුංචි වෙනස්වීමක් වෙලා තියෙන්නේ - කෙහෙළිය
පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිසා දිස්ත්‍රික් කුසලතා වලට අදාල දෝෂ සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ විද්වත් කමිටු වාර්තාව අනුව විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විශ්වාසය ගොඩ නැඟීමට ඉවහල් වන වැදගත් යෝජනා රැසක් ගෙන එන ලදි.එම යෝජනා සහිත සංදේශයක් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර ඒ සඳහා අනුමැතිය ලැබූ තිබුණි. එම යෝජනා කල කරුණු ක්‍රියාත්මක කල යුතුව තිබුනේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසිනුයි.
එම යෝජනා කිසිවක් ක්‍රියාත්මක නොවූ පසුබිමක පසුගිය 6 වනාදා ආරම්භවූ මෙවර උසස් පෙළ විභාගයේ ඉකුත් දින 11 තුළ අවස්ථා 6කදී කලින් වසරේ මෙන් ප්‍රශ්නපත්‍ර වල දෝෂ හමුවී ඇත.
කොළඹ ඉඩම චීනයට වික්‌කාට ඉන්දියාවෙන් නෝක්කාඩු
කොළඹ නගරයේ පිහිටි කෝටි 200ක් පමණ වටිනා ඉඩමක් වෙනුවෙන් ඉන්දියාව සහ චීනය රාජතාන්ත්‍රික වශයෙන් ගැටුමක් ඇතිකරගන්නා තත්ත්වයට පත්වී තිබෙනවා. පෞද්ගලික ආයතනයකට අයත් මෙම ඉඩම පිහිටා තිබෙන්නේ කොළඹ ඩුප්ලිකේශන් පාරේ ය.
පර්චස් 287 කින් යුත් මෙම ඉඩමේ පර්ච් එකක් මිලියන 7 බැගින් මුළු ඉඩමම මිලියන 2,009 කට ඉන්දියාවට විකිණීමට රජය මුලින් පොරොන්දු වී තිබෙනවා.
පර්චස් 287 කින් යුත් මෙම ඉඩමේ පර්ච් එකක් මිලියන 7 බැගින් මුළු ඉඩමම මිලියන 2,009 කට ඉන්දියාවට විකිණීමට රජය මුලින් පොරොන්දු වී තිබෙනවා.
සරණ ගුණවර්ධන ලක්ෂ 90ක තවත් කප්පමක් අරන්
ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට විරිද්ධව කප්පම් චෝදනා ඇත්තේ එකක් දෙකක් නොවේ.ඔහුට විරුද්ධව ඊයේ පොලීස් මූලස්ථානය වෙත ලැබුණු අලුත්ම පැමිණිල්ල වූයේ හලාවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අබලි ද්‍රව්‍ය ඉවත් කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 96ක මුදලක් ලබාගැනීමයි.
එම මුදල් ඇමතිවරයා ලබාගන ඔහුට එම කොන්ත්‍රාත්තුව නොදී මඟ හැර තිබෙනවා.
මීට පෙර නිට්ටඹුව හොරගොල්ල වත්තේ "ග්‍රීන් පාර්ක්" නිවාස සංකීර්ණයේ වැඩ යළි ඇරැඹීමට රුපියල් කෝටි 2 ක කප්පම් මුදලක් සරණ ගුණවර්ධන ගැනීමෙන් පසුව සරණ සහ ඔහුගේ ගෝලයෝ බැසිල්ගේ නම භාවිත කරමින් කළ තවත් කප්පම් ක්‍රියා පිළිබඳව ලිපියක් දිවයින පුවත්පතේ පලවී තිබුණා.
එම ලිපියේ කොටසක් පහතින්
"සරණගේ වසුරු වත පිළිබඳ කතා ප්‍රමාණය, කතා සරිත් සාගරය සේය. සංවර්ධන ලොතරැයි මණ්‌ඩලයේ සභාපති පුටුවේ සිට, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේගේ මරණයෙන් හිස්‌වූ මන්ත්‍රී අසුනට පත්වී නියෝජ්‍ය ඇමැතිවරයකු වී සිටින මේ දක්‌වා සරණ කළ දූෂණ, මැරකම් එතරම්ය.
පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා කතා කරමින් සිටියදී, විරුද්ධ පක්‍ෂය පැත්තට සරණ වතුර බෝතලයකින් දමා ගැසුවේය. එය විසිවී වැටුණේ ජනාධිපතිවරයා අසලටය. සරණට සති ගණනක පාර්ලිමේන්තු තහනමක් පැනවිණි. ඒ සියලු දේ තිබුණත් සරණ තවමත් යහතින්ය.
සරණගේ දූෂිතභාවය හෙළිවන එක් කතාවක් අද ඉදිරිපත් කරන්නේ තවදුරටත් ඔහු මහජන නියෝජිතයකු, නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස සිටින්නේ නම් දිගින් දිගටම ඔහුගේ දූෂිත වත හෙළිකිරීමේ ආරම්භයක් ලෙසය.
Friday, August 10, 2012
ලුතිනන්වරිය ගැබ් ගැනීමෙන් හෙළිවූ හමුදා නිලධාරියාගේ කාම සෙල්ලම
කළුතර කුකුලේ ගඟේ හමුදා සෙබළියන්ගේ බිකිනි ප්‍රදර්ශනයක් තැබූ 48 හැවිරිදි හමුදා නිලධාරියා.
"ආදර්ශයෙන් පෙරමුණ ගනිමු" යන්න යුධ හමුදා විනයාරක්ෂක බලකාය හෙවත් යුධ හමුදා රෙජිමේන්තු පොලිසියේ ආදර්ශ පාඨයයි. ඒ අනුව අභිමානයෙන් යුතුව යුද හමුදා පොලිසියේ නිල ඇඳුමේ ගෞරවය රකින්නට නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවේ සියලු දෙනාට ආදර්ශයක් වෙමිනි. ඒ තමන්ගේ ආදර්ශ පාඨයට ගරු කරමිනි.
එහෙත් කාමයට පෙරේත වූ දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව යුධ හමුදා පොලිසියේ නිලධාරිනියන්ගේ හා සෙබළියන්ගේ ගෞරවය නැති භංග කර ඔවුන්ගේ ජිවිත විනාශ කර දමන්නට කල නින්දිත ක්‍රියාවක් නිසා යුධ හමුදාවම කැළඹී ගියේය.
Thursday, August 9, 2012
වැව් වල වතුර ඇරියේ ඇමතිවරුන්ට හෝටල් හදන්නද?
රජරට වැව් හිඳියාමෙන් මේ දිනවල අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශ වල ජනතාව දැඩි පීඩාවකට ලක්වී සිටිනවා.මේ සඳහා චෝදනා නැඟෙන්නේ රජයේ ඇමතිවරුන්ටයි. ඔවුන් රජරට වැව් ඉස්මත්තේ හෝටල් හදන නිසා එම ඉදිකිරීමේ කර්මාන්ත කරගන යෑමට වැව් වල ජලය අඩු කිරීමෙන් මෙම විපත සිදුවූ බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
වැව් ඉස්මත්තේ හෝටල්, සංචාරක නිකේතන ඉදිකරන බවට චෝදනා නැඟෙන ඇමතිවරුන් අතර මෛත්‍රීපාල සිරිසේන, එස්.එම් චන්ද්‍රසේකර, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර අර්ල් ගුණසේකර මෙන්ම උතුරුමැද පළාත් මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් ද වෙනවා.
අතුරුදන් වූ ඔලිම්පික් ටිකට් ගැන අපෙන් ඔත්තුවක්

මෙම ප්‍රවේශ පත්‍ර මිලදීගෙන නැවත් ඒවා විකුණු බවත් ඒවා විකිණුවේ කාටද යන්න තමන් නොදන්නා බව ජාතික ඔලිපික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශකොට ඇත.
මෙම ප්‍රවේශ පත් අතුරින් ප්‍රවේශ පත් 30 ක් ප්‍රසාද ටිකට්පත් ලෙස ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමේදී ඔවුන් දිරිමත් කිරීමට ජය ඝෝෂා නැගීමට වුවත් ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් එසේ දිරිමත් කිරීමට ශ්‍රී ලංකානු ප්‍රේක්ෂකයන් නොමැති බවත් වාර්තා වෙයි.
Monday, July 30, 2012
හෙජින් ගනුදෙනුවේ නඩුවෙන් ලංකාව පරාදයි. කෝටි 2,200ක් ගෙවන්නැයි නියෝග !
කොමිස් ගැසීමේ චේතනාවෙන් අත්සන් කළ ඉතිහාසයේ දූෂිතම ගනුදෙනුව වන හෙජින් ගනුදෙනුවේ තීන්දුව අභියෝගයට ලක් කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගොනු කරන ලද අභියාචනය ලන්ඩන් අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවාමේ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ස්ටෑන්ඩර්ඞ් චාර්ටඩ් බැංකුවකට ගෙවිය යුතු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 162ක් හෙවත් රුපියල් කෝටි 2,200ක් වන අතර ඊට අමතරව එය නොගෙවා සිටි කාලයට අදාළ පොළියද ගෙවියයුතු වේ.
මීට පෙර මෙම මුදල ගෙවන ලෙස දෙන ලද නඩු තීන්දුව අභියෝග කිරීම සඳහා නඩු ගාස්තු ලෙස රජය විසින් වියදම් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2කට හෙවත් රුපියල් කෝටි 25කට අධික ය. ඒ නඩු කියන්නට රට සවාරිවලට ගිය වියදම් වලට අමතරවය.
මෙම හෙජින් ගනුදෙනුවට අනුව අප මුලින් කතා කළ "ස්‌ටෑන්ඩර්ඩ් චාර්ටඩ්" බැංකුවට අමතරව "සිටි" බැංකුව සහ "ඩොයිෂ් බැංකුව" ද තවත් නඩු දෙකක් පවරා ඇත. සිටි බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් ඉල්ලා සිංගප්පූරු බේරුම්කරණ මණ්‌ඩලයක් ඉදිරියේ සහ ඩොයිෂ් බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක් ඉල්ලා වොෂින්ටන් බේරුම්කරණ මණ්‌ඩලයක් ඉදිරියේ පවරා ඇති නඩු දැනටමත් විභාග වෙමින් තිබේ.
Tuesday, July 24, 2012
මෙවර "හික්කා 2012" අනාතයි. රැවටෙන්න එපා !

මෙම වැඩසටහන පුරාවට මෙය 2008,2009 වසර වල මෙන් පුර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවන්නක් බව පෙන්වීමට උත්සහ කරද සැබවින්ම මෙය සිදුකරනු ලබන්නේ රංජිත් කුමාර නමැති ගාල්ල පිරිමි විදුහලකින් අපචාර ක්‍රියාවක් හේතුකොටගෙන ඉවත් කරන ලද ගුරුවරයෙකු බව වාර්තාවේ.
Wednesday, July 18, 2012
රු.2000ක් අල්ලස් ගත්තාට වසර 24 ක සිර දඬුවමක්.
කසිප්පු ජාවාරම් කරුවකුට නඩු නොපවරා සිටීම සඳහා රුපියල් 2000 ක අල්ලසක් ගත් පොලිස් සාජන්ට් වරයකු හට රුපියල් තිස් දහසක දඩ මුදලක් සමඟ වසර 24 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවමක් ලබා දී ඇති බව වාර්තා වෙනවා.අපරාධකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කිරීමට කටුපොත පොලීසියට අනුයුක්ත කර තිබූ මෙම සාජන්ට් වරයා මෙලෙස අල්ලස් ගැනීමට වරදකරු වූ බැවින් මෙම දඬුවම නියම කර ඇත්තේ කොළඹ මහාධිකරණය විසිනුයි.
ඊ.පී.එෆ් සල්ලිත් ආණ්ඩුවට !
විගණකාධිපති වරයා විසින් මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව සේවක අර්ථසාධක අරමුදල සතු මහජනතාවගේ මුදල් රජය විසින් භුක්ති විදින බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.එම වාර්තාවට අනුව සාමාජිකයන්ගේ ගිණුම් වලට රජය විසින් රුපියල් මිලියන ගණනක් තැන්පත් කළ යුතු වුවද එසේ කිරීමට රජය අපොහොසත් වී තිබීම සහ තවත් සේවක අර්ථසාධක අරමුදලේ ඌනතා සහ කළමනාකරණ ගැටලු කිහිපයක් පෙන්වා දී තිබේ.
2005 - 2008 කාලය තුළ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ දායක මුදල් සහ අධි අය ලෙස උසාවි වලින් ලබාගෙන ඇති රුපියල් මිලියන 62 කට අධික මුදලක් 2010 වර්ෂයේ දී සාමාජිකයන්ගේ පුද්ගලික ගිණුම් වලට බැර නොකොට රජයේ ආදායමට බැර කොට ඇති බව එහිදී අනාවරණය වේ.
Tuesday, July 17, 2012
වාර්ෂික ගිවිසුමේ ගැටලුව නිමවන තෙක් SLPL ක්‍රීඩා කරන්නේ නැහැ - මහේල

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ කි‍්‍රකට් කී‍්‍රඩකයන් අතර ඇතිකරගනු ලබන ‘වාර්ෂික’ ගිවිසුම සාමාන්‍යයෙන් අත්සන් කරනු ලබන්නේ අපේ‍්‍රල් මාසයේදීය.එහෙත් මෙවර ලසිත් මාලිංග තමාට ලැබිය යුතු වැටුප වැඩි විය යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටි අතර අනෙක් ක්‍රීඩකයන්ද ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථම සිය වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ඇත.
ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර එකගතාවක් නොමැති වීමෙන් වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීම දිනෙන් දින කල් දමා ඇත.වාර්තාවන ආකාරයට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සම්පූර්ණ ආදායමෙන් 25% ක ප‍්‍රමාණයක් කී‍්‍රඩකයන් විසින් ඉල්ලුම්කොට ඇත.
Subscribe to:
Posts (Atom)


.jpg)
