Chitika Smowtion 468x60


Showing posts with label පුරාවෘත. Show all posts
Showing posts with label පුරාවෘත. Show all posts

Monday, December 3, 2012

කවුද රාම රාවණා යුද්ධ ගැන දන්නේ? - පුරාවිද්‍යා කොමසාරිස් අසයි

වැල්ලවාය ප්‍රදේශයෙන් පසුගියදා උමං මාර්ගයක් හමුවූ අතර එය රාවණා සමයට අයත් බවයි බොහෝ මාධ්‍යය වාර්තා කළේ.

නමුත් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් පැවසුවේ එය කිසිම පුරාවිද්‍යා වටිනාකමක් නැති උමඟක් ලෙසයි.

රාම රාවණා පිළිබඳව පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් කල විමසුමකදී ඔහු පවසා ඇත්තේ "කවුද රාම-රාවණා යුද්ධ ගැන දන්නේ? රාම රාවණා යුද්ධ තිබුනා කියන්න මොනවද තියන සාක්ෂි?" යනුවෙනි. ඒ සාකච්ජාව පහතින්.


මුලිම අපි කතා බහ ගෙනයමු සාදින්නාගල කන්දෙන් මතුවූ උමඟ වෙතට. එය රාම රාවණා යුගයට අයත් වෙන බව පැවසෙනවා නේද?

Saturday, September 1, 2012

රට කැළඹූ කලාවැව ඡායාරූපයේ හිමිකරු කියන කතාව




ලොව පුරා විවිධ අභ්‍යවකාශ වස්‌තූන් හා යානාවන් පිළිබඳ නව සොයාගැනීම් ඉදිරිපත් කරන මොහොතක, එවැනි යානා පැමිණ ගිය හැටි තොරතුරු කියවන මොහොතක "දිවයින" පුවත්පත ද එවැනි අද්භූත වස්‌තුවක ඡායාරූපයක්‌ පසුගිය දිනක පුවත්පතේ පළ කළේය. ඒ වස්‌තුව පිළිබඳ ඊට පෙර කිසිදු අයුරකින් මාධ්‍යයෙන් හෙළිදරව් කර නොතිබිණි. ලොවක්‌ විශ්මයට පත් කළ කලා වැව් පිටියේදී කැමරා කාචයකට හසු වුණු ඒ අද්භූත වස්‌තුව කුමක්‌ද? රාවණාගේ දඬුමොණරයද? පිටසක්‌වලින් පැමිණි යානාවක්‌ද? නැති නම් මේ කිසිවක්‌ම නොවේද? තවමත් ප්‍රශ්නාර්ථයකි. මේ වන විටත් මෙරට පමණක්‌ නොව දේශ දේශාන්තරවල විවිධ තරාතිරම්වල අය ද මේ වස්‌තුව පිළිබඳ විවිධ මත ඉදිරිපත් කරමින් සිටියි. එහි සත්‍ය අසත්‍යතාව කවරක්‌ වුවද යම් අදිසි බලවේගයක්‌ විශ්වය පුරා විහිදී ඇති බවට විශ්වාස කළ හැකි තත්ත්වයේ තොරතුරු ද නිරන්තරයෙන්ම ලැබෙමින් තිබේ. එහෙයින්ම කලා වැව ඉස්‌මත්තේ සටහන් වූ ඒ අද්භූත වස්‌තුවේ අලුත්ම තතු විමසීමට පසුගිය දිනක අපි ඒ ඡායාරූපයේ හිමිකරු සොයා ගියෙමු.


Wednesday, July 11, 2012

කලා වැවට ආ දඬුමොණරය


පසුගිය 06 වනදා පස්‌වරු 3.34 ට පමණ කලා වැව ආසන්නයේ සැරිසරන වන අලින්ගේ ජායාරූප ගැනීමට ගිය ප්‍රවීන ජායාරූප ශිල්පී කිර්ති අමරසේකර මහතාගේ ගේ කැමරාවේ සටහන් වූ අපැහැදිලි වස්තුවක් පිලිබඳ ආන්දෝලනාත්මක කථිකාවක් ගොඩ නැගී ඇත.

එම ජායාරූපයේ ප්‍රශ්නකොට තිබුනේ එය රාවණාගේ "දඬුමොණර" යන්ත්‍රය විය නොහැකිද යන්නයි.

මෙම ජායාරූපය ගෙන තිබෙන්නේ අප මෙයට පෙර ඉදිරිපත් කරන ලද ගල් විහාරයේ සැතපෙන පිළිමයේ රාත්‍රී කාලයේ ජායාරූප ලබාගත් කිර්ති අමරසේකර මහතා විසිනි.ඔහු කැලණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබනවා.

මේ පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා අප ජයාරුප ශිල්පී කිර්ති අමරසේකරමහතා ඇමතුවා.



Saturday, July 7, 2012

දඬුමොණර තාක්‍ෂණයෙන් 2016 දී ශ‍්‍රී ලාංකිකයෙක් උඩුගුවන ජයගනියි


පළමු කොටස
රාවණා යනු ලංකාවේ පමණක් නොව ලෝකයේම කතාබහට ලක්වූ රජ කෙනෙකි. නමුත් අප අවාසනාවට මෙන් ඉන්දියාව විසින් විකෘති කරන ලද රාමායණය ඇසුරින් රාවණා රජු යටපත්කොට යුධ වීරයා ලෙස විශ්වාස කරන්නේ රාමාය.

රාවණා රජුගේ පුරාවෘත ගැන බොහෝ සෙයින් කතා කරනා කාලයක රාවණා පුරාවෘතය ගැන සතිපතා ලිපි පෙළක් පල කිරීමට අප අදහස් කළෙමු. මේ පලවන්නේ එහි පලවෙනි කොටසයි.

රාවණ රජු පිළිබඳ විමසූ සැණීන් කාගේ වුව මතකයට නැගෙනුයේ දඬුමොණරයයි. රාවණ යුගය කොතරම් දියුණු තත්ත්වයක පවතින්නට ඇතිද යන්න සිතා බැලීමට ඇති හොඳම සාධකය වන්නේද දඬුමොණරයයි.

කාලයේ වැලි තලාවෙන් වැසීයමින් පැවතුණු රාවණ යුගය පිළිබඳ යළි උනන්දුවක් ලොවපුරා ඇතිවන්නටද හේතු වුයේ මේ රාවණ ගුවන් තාක්‍ෂණයයි. දෙවැනි ලෝක යුද්ධයට පෙර කාලයේදී හිට්ලර් විසින් ටිබෙටයට යවන ලද ඔත්තුකරුවන් පිරිසක් ටිබෙට් ආරාමවල පැවිදි වී හොර රහසේ යමක් සෙවූහ.

Share this article with your friends