Chitika Smowtion 468x60


Showing posts with label මිත්‍යා. Show all posts
Showing posts with label මිත්‍යා. Show all posts

Thursday, January 10, 2013

Rizana Nafeek ගේ බවට හුවමාරු වන වීඩියෝව ඉන්දුනීසියානු කාන්තාවකගේ


ඊයේ රිසානාට (Rizana Nafeek) මරණ දඩුවම දුන් වීඩියෝ පටය බව දක්වමින් වීඩියෝවක් මේ වනවිට ෆේස්බුක් හා වෙනත් වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් පවතිවා.

නමුත් අප වෙත දැනගන්නට ලැබෙන්නේ එය රිෂානාගේ නොව 2011 වසරේදී ඉන්දුනීසියානු ගෘහසේවිකාවක මරා දමන වීඩියෝවක් බවයි.

ඒ බව පැහැදිලි වන්නේ ඉරානයේ ප්‍රේස් ටී.වී නාලිකාව විසින් එම වීඩියෝව ඉන්දුනීසියානු ගෘහසේවිකාවකගේ බවට විකාශය කර තිබීම නිසාය.

රිෂානාගේ බවට හුවමාරු වන වීඩියෝව පහතින්.

Thursday, November 1, 2012

ලෝක විනාශය වන බව කියන දෙසැම්බර් 21 වෙනිදා වෙන්නේ මොකක්ද?

දෙසැම්බර් 21 වෙනිදා ලෝක විනාශයක් වෙයිද?

බොහෝ දෙනෙක් ඒ පිළිබඳව විමසා සිටින්නේ මායාවරුන්ගේ දීර්ඝතම කැලන්ඩරයේ දින වසර 5125.26 කට පසුව 2012 දෙසැම්බර් 21 වනදායින් අවසන් වීම නිසාය.

මායාවරුන්ගේ කැලන්ඩරය මෙන්ම ලෝක විනාශ හා බැඳුණු සංසිද්ධි ගනනාවක් පිළිබඳව පුවත්, වාර්තාමය වැඩසටහන්, චිත්‍රපට අන්තර්ජාලය පුරා පවතී.

ඒවායින් කියවෙන්නේ පහත කරුණු නිසා ලෝක විනාශයක් වන බවයි.

Tuesday, October 30, 2012

වෙන්ඩෝල් සමාගමේ සභාපති සෝවාන් වෙලාලු !


සුප්‍රකට සබන් හා දේශීය ආයුර්වේද නිෂ්පාදන නිපදවන වෙන්ඩෝල් ලංකා සමාගමේ සභාපති වෛද්‍ය ලේල්වල, ජී ගොඩකන්ද මහතා තමා සෝවාන් වී ඇති බව ප්‍රසිද්ධියේ පතුරවමින් සිටින බව අප වෙත වාර්තා වේ. 

කලින් කලට ලංකාවේ සෝවාන් වූ හා බුදු වූ පුද්ගලයන් දැකගැනීමට හැකි වූ අතර ඔවුන්ට තිබුනේ ඉතා කෙටි පැවැත්මකි. වඳුරඹ සිරිවර්ධන නොහොත් මහත්තයා එසේ බුදු බව ලැබූ බව කියූ පුද්ගලයෙකි. 

Monday, October 22, 2012

කෝටි 5ක වන්දි ඉල්ලා ගාල්තැන්න දේවාලයෙන් ලංකා පුවත්පතට නඩු

ලංකා පුවත්පතේ පසුගියදා පලවූ ලිපි දෙකක් මගින් ඔහුගේ කිර්ති නාමයට හානි සිදුවූ බව පවසමින් රුපියල් ලක්ෂ 510 ක් වන්දි ඉල්ලා ගාල්තැන්න දේවාලයේ දේවගැති ගාමිණි ආනන්ද විසින් ලංකා පුවත්පතට නඩු පවරා ඇත.

එම පුවත් පත පලකරන සිමා සහිත ලංකා ෆාස්ට් පබ්ලිකේෂන් වෙත පැවරූ එම නඩුවට හේතුවී ඇත්තේ "එකසිය අටක් මැරූ දේව පුත්‍රයාගේ වැඩකිඩ" හා "කාලි අම්මට නොපෙනන ගාල්තැන්නේ දුෂණ" යන ලිපි දෙකක් මගින් ගාල්තැන්න දේවාලයේ දූෂණ රටට හෙළි කිරීමයි.


මෙයට පෙර ගාල්තැන්න දේවාලයේ කපු මහතා විසින් ඔහුගේ නිරුවත හෙළි කල නෙත් එෆ්.එම් ගුවන් විදුලිය භංග වීම සඳහා විශේෂ පුජාවක් සිදු කල අතර එයින් කිසිදු ප්‍රතිඵලයක් නොලද තැන නෙත් එෆ්.එම් වෙත මිලියන 50 ක වන්දි නඩුවක් පවරා ඇත.

Saturday, October 20, 2012

රට බේරගන්න පහලවූ දියසෙන් කුමරු ජනපති බව සුමනදාස අබේගුණවර්ධන සොයා ගනී!


"රටේ ඉදිරි දවස් 2,500 ගැන මටනම් හිතාගන්නවත් බෑ.සමෘද්ධිමත් වෙනවා"

වර්තමානයේ ජනාධිපතිතුමාගේ ඡ්‍යොතිෂ කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ද, ස්වාධීන රූපවාහිනී සේවයෙහි උපදේශකවරයකු ලෙස ද, ගාල්ල දිසා සමූපකාර රෝහලෙහි අධ්‍යක්ෂවරයකු ලෙස ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරන්නේ ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන මහතායි.

මෙම සති අන්තයේ පුවත්පතකට අදහස් දැක්වූ සුමනදාස අබේගුණවර්ධන මහතා ඔහුගේ නවතම සොයාගැනීමක් පිලිබඳ හෙලිදරව්කොට ඇත. එනම් පොත්පත් වල තිබු කරුණු අනුව යමින් දියසේන කුමරු ගැන සොයාබැලු විට ඔහුට දැනගැනීමට හැකිවී තිබෙන්නේ වත්මන් ජනපතිවරයා පහලවූ දියසෙන් කුමරු බවයි.

Wednesday, October 17, 2012

බුදු පිළිම කඩා බිඳ ගිනි තබා අන්‍යාගම්කරණය කරන කල්ලියක් අල්ලයි.

බුදු පිළිම කඩා බිඳ දමමින් හා ගිනි තබමින් බෞද්ධයන් අයථාකරයෙන් අන්‍යාගම්කරණය කරනු ලබන හත් දෙනෙකුගෙන් යුත් ඉවැන්ජලික කල්ලියක් වටලා සියලු තතු හෙළිදරව් කර ගැනීමෙන් අනතුරැව පොලීසියට බාර දීමට බොදු බල සේනා ජාලය කටයුතු කොට තිබෙනවා.

ඉකුත් 12 වැනි සිකුරාදා රාත්‍රියේදී බොදු බල සේනා සංවිධානය මඟින් පිළියන්දල මඩපාත, බටගැත්තර ප්‍රකදේශයේ නිවසක රුඳී සිටි මෙම කල්ලිය වටලා ඇති අතර එසේ අත් අඩංගුවට ගත් පිරිස අතර දේවගැතිවරැන් දෙදෙනෙකු හා සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක නිලධාරීන් සිව් දෙනෙකුද වන බවයි පැවසෙන්නේ.


මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා පසුගියදා බොදු බල සේනා ජාතික මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී එහි මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ ප්‍රකාශ කර සිටියේ මෙලෙසින්.

"එක පවුලක් හිටියා. මේ පවුලේ පුතාට වයස අවුරැදු 26ක් පමණ ඇති. නම දමිත්. මුලින් තරැණියක් සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ මෙම තරැණයා කිසියම් පිරිසකගේ පෙළැඹවිම මත හිටිවනම එක්තරා බැංකුවක සේවය කරනු ලබන තරැණියක් සමඟ විවාහ වෙනවා.

Wednesday, October 10, 2012

රාවණාගේ නැගනිය බව කියනා විශ්ව ශක්තියෙන් අනාවැකි කියනා කාන්තාව

කලින් කලට විවිධ අනාවැකි කරුවන් පහල වෙන අතර විශ්ව ශක්තිය උපයෝගී කරගෙන ලෙඩ සුවකරන්නන්ද පහල වේ.

අනතුරුව ඔවුන් කල මුදල් වංචාවන් හෙළිවීමෙන් පොලිස් අත් අඩංගුවට පත්වන අවස්ථා අප ඕනෑ තරම් අත්දැක ඇත්තෙමු.

තුන් කල් පෙනෙනා ඉන්දියාවේ සිට පැමිණි ශාස්තෘවරයෙකු විවිධ ලෙඩ සුවපත් කරන මුවාවෙන් කාන්තාවන් අතවරයට පත්කර පොලිස් අත් අඩංගුවට පත්වූයේ ඔවුනට තුන්කාල් තබා අරික්කාල් වත් නෙපෙනෙන නිසාය.

විශ්ව ශක්තිය මගින් පිලිකා රෝගය සුව කරන බව ප‍්‍රකාශ කරමින් විශාල මූල්‍ය වංචාවක් සිදු කළ වැලිගම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකුවන ඞී.එන්. දළුවත්තද මීට පෙර අත් අඩංගුවට පත්විය.

Friday, October 5, 2012

ෆේස්බුක් ජායාරූපයක් නිසා බංගලාදේශයේ පංසල් 10ක් ගිනි තබයි


ෆේස්බුක් වෙබ් අඩවිය හරහා කුරාණය ගිනි ගන්නා ජායාරූපයක් දැකීම නිසා කුපිත වූ බංගලාදේශයේ දහස් ගනනක් මුස්ලිම් ජනයා වීදි බැස බෞද්ධ පංසල් කිහිපයකට හා නිවාස කිහිපයකට ගිනි තබා විනාශ කර තිබෙනවා.

අල්ජසීරා පුවත් සේවය පවසන්නේ ගිනි තබා විනාශ කරන ලද විහාරස්ථාන ගනන 10ක් හා නිවාස ගනන 40ක් බවයි.

ඩකා නුවර සිට කිලෝමීටර් 216ක් දකුණු දෙසට වූ බෞද්ධයන් ජීවත් වන ගමක් වූ කොක්ස් බසාර් ප්‍රදේශයේ නිවාස 100ක පමණ ජනතාව නිවාස අතහැර ගැටුම වනවිට එම ප්‍රදේශ වලින් පලාගොස් තිබෙනවා.

ගිනි තබා විනාශ කර ඇති විහාරස්ථාන වලින් දෙකක් දැවයෙන් නිර්මාණය කර තිබූ ඒවා වන අතර ඒවා අවුරුදු 300ක්ට වඩා පැරණිය. පහරදීම නිසා ඒවායේ තිබූ බුදු පිළිමද විනාශ වී ඇත.

Thursday, September 27, 2012

අඟහරුලොවේ විකිරණ වලට බයේ ෆෝන් එක ඕෆ් කරන්න එපා


මේ දිනවල ලංකාවේ බොහෝ දෙනා අතර කෙටි පණිවුඩ ඔස්සේ භයානක අනතුරක් ගැන ඉඟි කරමින් පවතී.

එහි කියවෙන්නේ අඟහරු ලොවේ අහිතකර විකිරණ අද දිනයේ මධ්‍යම රාත්‍රියේ පෘතුවියේ වායුගෝලයට ඇතුළුවන හෙයින් ඔබේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කර තබන ලෙසයි.

මෙහි මුලාශ්‍රය ලෙස දක්වා ඇත්තේ නාසා හා බි.බි.සි පුවත් සේවයයි. මෙය 2008 සිට ලෝකය පුරා කරක් ගැසූ අංක එකේ බොරුවකි.

Sunday, September 23, 2012

ලෝකයම අන්ධකාරයේ ගිලෙන දින තුනක්?


මේ දිනවල ෆේස් බුක් වබේ අඩවිය ඔස්සේ ද, ඊමේල් මාර්ගයෙන් ද පැතිර යන එක්තරා අපූරු ආරංචියක් විශාල ආන්දෝලනයකට තුඩු දී තිබේ. මෙම ආරංචියෙන් කියවෙන්නේ මෙම වසරේ (2012) දෙසැම්බර් මස 22,23 සහ 24 යන දින තුන තුළ මුළු මහත් පෘථිවියම අන්ධකාරයෙන් වැසී යනු ඇති බවයි. දින තුනක් පුරා සූර්යාලෝකය පෘථිවිය මත පතිත නොවනු ඇති බව ඒ මගින් කියවේ. විශ්වයේ ඇතිවන කිසියම් විපර්යාසයක් නිසා මෙබඳු සිද්ධියක් සිදුවනු ඇති බවට අනාවැකි පවසා ඇත්තේ ඇමෙරිකාවේ සුප්‍රකට අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයක් වන නාසා (NASA) ආයතනය බවද මෙම විද්‍යුත් ආරංචිය විසින් පවසනු ලබයි.

Share this article with your friends