අලුත් අවුරුද්දක් උදාවන මේ මොහොතේ සියලු ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් මම ස්ථිර පොරොන්දුවක් ලබා දෙමි. එනම් මේ එලැඹුණු වසරේදී අපි අපිම අපගේ ජනතාවගේ සුබසාධනය හා සෞභාග්‍යය ඇති කිරීම වෙනුවෙන් කටයුතු කරන බවටත්, ජනතාවගේ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් කටයුතු කරන බවත්ය. ඒ සඳහා අපි ඒකාවන්ව අවංකව ශක්තිමත්ව හා ධෛරවන්තව කැපවෙමු.
Saturday, April 14, 2012
අලුත් අවුරුද්දට ජෙනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
සුපිරි වෙළෙඳ සල්වල රාක්ක හිස්වීමේ අනතුරක්
මේවන විට ආනයනික ආහාර ද්‍රව්‍ය සඳහා රජය පනවා ඇති අධික බදු ප්‍රමාණයන් හේතුවෙන් එම භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සුපිරි වෙළෙඳසල් කළමනාකාරීත්වය තීන්දු කොට තිබීම මේ සඳහා හේතුවී තිබේ.
ඔවුහු පෙන්වා දෙන්නේ දැනට සුපිරි වෙළෙඳසල්වල රාක්කවල පවතින ආහාර ද්‍රව්‍ය තොග අවසන් වීමෙන් අනතුරුව නැවත ඒවා ඉහළ බදු ප්‍රතිශතයන් යටතේ ආනයනය කළ නොහැකි බවත්, ඒ අනුව මින් ඉදිරියට එම රාක්ක හිස්ව පවතිනු ඇති බවත්ය.
ජනපතිට පුලුවන් නම් ප්‍රේම්කුමාර්ට බැරි මොකෝ? - BBC

එසේම මෙහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ ප්‍රේම්කුමාර ගුණරත්නම් ලංකාවට පැමිණීමට වෙනත් නමක්ද භාවිතා කල ඇති බවයි.
එහිදී බිබීසි මාධ්‍යවේදී චන්දන කිර්තිබණ්ඩාර "නමුත් දැන් රටේ ජනාධිපතිවරයාගේ නමත් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ. නමුත් ඔහු පාවිච්චි කරන්නේ මහින්ද රාජපක්ෂ කියලා. එහි වරදක් තියෙනවද ? " කියා විමසා සිටියා.
ඉන්දීය න්‍යෂ්ටික බලාගාරවලින් ලංකාවට බලපෑම් සිදුවේද?
අසල්වැසි ඉන්දියාව මේ වන විට න්‍යෂ්ටික බලය කෙරෙහි වැඩි වැඩියෙන් නැඹුරු වෙමින් පවතිනවා. ඉන්දීය නාවික හමුදාව පසුගියදා න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීනයක්ද සිය බල ඇණියට එකතුකරා.
මේ අතර ඉන්දියාවේ විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ පිහිටා ඇති න්‍යෂ්ටික විදුලි බලාගාර සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ අවධානයද ක්‍රමයෙන් යොමුවෙමින් පවතිනවා. තමිල්නාඩුවේ "කුඩන්කුලම්" නමැති න්‍යෂ්ඨික බලාගාරය ලංකාවට කිලෝමීටර 250ක් පමණ දුරින් පිහිටා තිබෙන අතර මෙමගින් ලංකාවද යමිකිසි අයහපත් ප්‍රතිපල වලට මුහුණ දීමට සිදුවනු ඇතයි කියා සමහරුන් බිය පළකරනවා.
මෙම "කුඩන්කුලම්" නමැති න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරියේ සභාපතිවරයා කියා සිටින්නේ "මේ බලාගාරය සම්බන්ධයෙන් ඉන්දීය රජය හා ලංකා රජය අතර කිසිදු නිශ්චිත ගිවිසුමක් අත්සන් කර නොමැති බවයි." ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ "මිට අවුරුදු දෙකකට කලින් මේ ගිවිසුම ඩ්‍රාෆ් කරලා, විදේශ අමාත්‍යාංශය හරා ඉන්දියානු රජයට යැව්වත් මේ ගැන ඉන්දියානු රජයෙන් කිසිදු දැනුම්දීමක් දී නොමැති බවයි."
මේ පිලිබදව අදහස් දැක්වූ පරමාණුක ශක්ති අධිකාරියේ සභාපතිවරයා(බිබිසි හඬපටය)
අහාර ද්‍රව්‍ය වල මිල ඉහල යන ලකුණු
අලුත් අවුරුදු සමය නිමා වීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලුම පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් විශාල වශයෙන් ඉහල යාමට නියමිත බව වෙළඳපොල ආරංචි මාර්ග අනාවරණය කරයි.
අවුරුදු සමය ඇතුලත පාරිභෝගික ජනතාව මහත් අසීරුතාවයකට පත්වන බැවින් මිල ගණන් වැඩි නොවුන නමුත් අවුරුදු සමය නිමා වීමෙන් අනතුරුව කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සීනි, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉදිරි දින කිහිපය ඇතුලත ඉහල යාමට නියමිත බව වාර්තා වේ. ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය විශාල වශයෙන් පහල බැසීමත්, ආනයනික භාණ්ඩ මත බදු පනවා තිබීම මෙයට හේතු වේ.
Subscribe to:
Comments (Atom)

