Showing posts with label කාලගුණ. Show all posts
Showing posts with label කාලගුණ. Show all posts
Friday, December 21, 2012
හලාවත ගංවතුරේ ජායාරුප හා වීඩියෝ
දැදුරුඔය පිටාර ගැලීම සහ මුන්නේෂ්වරම වැවේ වැව් බැම්ම කපා ජලය මුදා හැරීම නිසා පෙරේදා (19) හලාවත නගරය ජලයෙන් යටවුණා. හලාවත නගරය ජලයෙන් යටවූ ජායාරූප හා වීඩියෝ පහතින්.
Tuesday, October 30, 2012
කන්තලෙන් මැණික් සහ කන්තලේට මාළු වැස්සක් !

සුළිකුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු නොවන බවත් දැන් එය ඉන්දියාව දෙසට හැරී ඇති බැවින් සුළි කුණාටු මගෙහි පදිංචි පුද්ගලයන් ඉවත් කිරීම සදහා පෙර දින කළ අනතුරු ඇඟවීම මීට සුළු වේලාවකට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉවත් කළේය.
අධික වර්ෂාව සමඟ අවාසනාව මෙන්ම අරුම පුදුම සිදුවීම් මෙන්ම වාසනාවද රැගෙන ආ පුවතක් කන්තලේ හා හන්දපාන්ගල ප්‍රදේශවලින් වාර්තාවේ.
ග්‍රහ පිහිටීම අනුව ඕනෑම රටක කාලගුණ අනාවැකි කිව හැකි නව ක්‍රමයක් පාසැල් සිසුවෙකු සොයාගනී
විස්සයි විස්ස තරඟාවලිය පැවැත්වෙන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට අද පස්වරු හතෙන් පසුව මිලිමීටර් 10 කට අඩු වර්ෂාපතනයක්.තාරකා වල හා ග්‍රහලෝක වල පිහිටීම ඇසුරින් කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමයක් පාසැල් සිසුවෙකු විසින් සොයාගන තිබෙනවා.
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ 11 වසරේ සිසුවෙකු වන ඔහු මාලින් ජයනාත් විජේරත්නයි.
තාරකා වල පිහිටීම නිරීක්ෂණය කල ඔහු ඒ ඇසුරින් වර්ෂාපතනය හා කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමවේදයක් නිර්මාණය කල අතර ඒ සඳහා ජාතික විද්‍යා පදනම විසින් මෙම වසරේ පවත්වන ලද තරඟාවලියේදී ඔහු පලමු ස්ථානය දිනාගන තිබෙනවා.
Wednesday, October 17, 2012
ලංකාවේ ඉදිරි නියං කාල වලට චීනයෙන් කෘත්‍රිම වැසි
රට තුල ඇතිවන ඉදිරි නියං කාලගුණ තත්ත්වයන්ට විසදුමක් ලෙස කෘත්‍රිම වැසි යොදා ගැනිමට රජයේ අවදානය යොමුව තිබෙනවා.ඒ සඳහා චීන රජය සමඟ සාකච්ඡා කළ බවත් මේ වන විට ලැබෙන වර්ෂාවත් සමඟ නියං තත්ත්වය අවසන්ව ඇති බැවින් ඉදිරියේදි එවැනි තත්ත්වයක් නිර්මාණය වුවහොත් ඊට අවශ්‍ය විසදුම් රජය සතු බවයි අපදා කළමනාකරණ අමාත්‍යවරයා පවසා තිබුනේ
චීන රජය කෘතිම වැසි නිර්මාණයට අවශ්‍ය සහාය ලබාදිමට කැමැත්ත පළකර තිබේ. මෙලෙස කෘතීම වැසි ලබාගන්නා ක්‍රම කිහිපයක් තිබේ.
2010 වසරේ එක්සත් අරාබ් එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ අල්-අයින් නම් කාන්තාර ප්‍රදේශයේ කෘතීම ඇතිකිරීම පිළිබඳව නව ක්‍රමයක් ඉතා රහසිගත ලෙස අත්හදා බැලූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කෘතිම වැසි 50ක් පමණ වස්සවා තිබුණා.
මෙම කෘතිම වැසි ව්‍යාපෘතිය සඳහා ඔවුන් ඩොලර් මිලියන 11ක් පමන වැය කර තිබු අතර ඒ සඳහා කුඩයක හැඩයෙන් යුතු විශාල අයනීසර් ඔවුන් යොදාගනු ලැබුවා.
Monday, October 8, 2012
ඉදිරි මාස වලදී අකුණු වලින් ආරක්ෂා වන්නේ කෙසේද?
මාස ගනනක පැවති ඉඩෝරය නිමා කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට පෙරේදා වර්ෂාව ඇද හැලීමත් සමඟ බහුලව අකුණු ගැසීම් දක්නට ලැබුණි.හපුතලේ-ලිප්ටන්ස් සීට් ප‍්‍රදේශයේ දී පෙරේදා අකුණුසැර වැදීමෙන් කොරියානු ජාතික තරුණයෙකු හා තරුණියක මියගිය අතර වසරකට ලංකාවේ 40 දෙනෙකු පමණ අකුණු නිසා මියයයි.
එබැවින් අකුණක් යනු කුමක්ද යන්නත්, අකුණකින් බේරීසිටින්නේ කෙසේද යන්නත් ගෙන ඒම මෙම ලිපියේ අරමුණයි.
අකුණු ගසන මාස
ශ්‍රී ලංකාවට අවුරුද්දේ වකවානු දෙකක දී අකුණුවල ගැසීම් දක්නට ලැබෙන අතර ඉන් පළමුවැන්න මාර්තු සිට අප්‍රේල් දක්‌වා කාලයයි. එය බක්මහ අකුණු ලෙස හඳුන්වන අතර දෙවැන්න ඔක්‌තෝබර් සිට නොවැම්බර් දක්වා වූ දැනට ගෙවී යන වකවානුවයි
Sunday, October 7, 2012
මැච් එකට වහින බවට කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අනාවැකි !

ඒ අනුව අද දින ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඉතා උණූසුම් හා තියුණු තරගයක් පැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනා විමසිල්ලෙන් බලා සිටිනවා.
සුපිරි අට වටයේ සිට අපරාජිත ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක තරගාවලියේ අවසන් මහා තරගයට පැමිණි දෙවැනි අවස්ථාව මෙය වේ. වසර 2009දී ශ්‍රී ලංකාවට අනු ශූරතාව හිමිවිය. කොදෙව් පිල අවසන් මහා තරගයට පිවිසි මුල්ම අවස්ථාව මෙය වූ අතර මෙවරතරගාවලියේ සුපිරි අට වටයේදී තරගයකින් පරාජයට පත්වී තරග දෙකක් ජය ගත්තේය.
Subscribe to:
Posts (Atom)
