Chitika Smowtion 468x60


Showing posts with label සමාජ සත්කාර. Show all posts
Showing posts with label සමාජ සත්කාර. Show all posts

Monday, October 29, 2012

දරුවකු කරපින්නාගෙන සරසවියට යන දිරිය මවක්

මවක් තම දරුවා වඩාගෙන පෙරපාසලකට රැගෙන යාම සාමාන්‍ය දෙයක් වුවත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන වැඩිවියට පත් දරුවෙකු වඩාගෙන විශ්ව විද්‍යාලයට රැගෙන යන මවක් දැකීමට ලැබීම අසාමාන්‍ය සිදුවීමකි.

එහෙත් එවැනි පුවතක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් වාර්තා වෙයි. කසුන් චාමර නමැති මෙම විශ්ව විද්‍යාල සිසුවා මාංශ පේශී දුර්වලතා හේතුවෙන් උපතින්ම ආබාධිතය. නමුත් මාතර රාහුල විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස්පෙළ හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය හා කළමනාකරණ පීඨය සඳහා තේරී පත්වුයේ අනෙකුත් සාමාන්‍ය දරුවන් අභිබවා යමින්ය.

කසුන් චාමර අද සිටින තත්ත්වයට පැමිණීමට ඔහුට ශක්තිය හා ධෛර්ය දෙමින් ඔහු ළඟ සිටින යෝධ සෙවනැල්ල ඔහුගේ මවත් පියාත්ය. කසුන් ගා හැම කෙනෙකුටත් වඩා දන්නේ ඔවුන්ය. කසුන්ගේ මව කසුන් පිළිබඳව පවසන්නේ මෙසේය.



Friday, October 19, 2012

අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයා


ඊයේ සවස නාවින්න ආර්පිකෝ වෙලඳසැල අසල මාර්ගයේ ගමන්ගත් වාහනයක ගැටීම හේතුවෙන් ගවයෙකුගේ කකුල් දෙකක් දැඩි ලෙස තුවාල වුණා.

ඇවිදගැනීමට අපහසු එම ගවයා තවමත් ආර්පිකෝ වාහන නැවතුම ඇතුලත සිටින අතර අනතුර නිසා ගවයාගේ කකුලේ අස්ථියක් එලියට පැමිණ ඇති බවයි දුටුවන් පවසන්නේ.

මෙම ගවයාට උදව් කිරීමට හැකි කාරුණික අයෙකුගේ අවධානය පිණිස ගවයාගේ ජායාරූප දෙකක් පහත ඇත.

Monday, October 8, 2012

ඉදිරි මාස වලදී අකුණු වලින් ආරක්ෂා වන්නේ කෙසේද?

මාස ගනනක පැවති ඉඩෝරය නිමා කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට පෙරේදා වර්ෂාව ඇද හැලීමත් සමඟ බහුලව අකුණු ගැසීම් දක්නට ලැබුණි.

හපුතලේ-ලිප්ටන්ස් සීට් ප‍්‍රදේශයේ දී පෙරේදා අකුණුසැර වැදීමෙන් කොරියානු ජාතික තරුණයෙකු හා තරුණියක මියගිය අතර වසරකට ලංකාවේ 40 දෙනෙකු පමණ අකුණු නිසා මියයයි.

එබැවින් අකුණක් යනු කුමක්ද යන්නත්, අකුණකින් බේරීසිටින්නේ කෙසේද යන්නත් ගෙන ඒම මෙම ලිපියේ අරමුණයි.


අකුණු ගසන මාස
ශ්‍රී ලංකාවට අවුරුද්දේ වකවානු දෙකක දී අකුණුවල ගැසීම් දක්නට ලැබෙන අතර ඉන් පළමුවැන්න මාර්තු සිට අප්‍රේල් දක්‌වා කාලයයි. එය බක්මහ අකුණු ලෙස හඳුන්වන අතර දෙවැන්න ඔක්‌තෝබර් සිට නොවැම්බර් දක්වා වූ දැනට ගෙවී යන වකවානුවයි

Sunday, September 23, 2012

ලෝකයම අන්ධකාරයේ ගිලෙන දින තුනක්?


මේ දිනවල ෆේස් බුක් වබේ අඩවිය ඔස්සේ ද, ඊමේල් මාර්ගයෙන් ද පැතිර යන එක්තරා අපූරු ආරංචියක් විශාල ආන්දෝලනයකට තුඩු දී තිබේ. මෙම ආරංචියෙන් කියවෙන්නේ මෙම වසරේ (2012) දෙසැම්බර් මස 22,23 සහ 24 යන දින තුන තුළ මුළු මහත් පෘථිවියම අන්ධකාරයෙන් වැසී යනු ඇති බවයි. දින තුනක් පුරා සූර්යාලෝකය පෘථිවිය මත පතිත නොවනු ඇති බව ඒ මගින් කියවේ. විශ්වයේ ඇතිවන කිසියම් විපර්යාසයක් නිසා මෙබඳු සිද්ධියක් සිදුවනු ඇති බවට අනාවැකි පවසා ඇත්තේ ඇමෙරිකාවේ සුප්‍රකට අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයක් වන නාසා (NASA) ආයතනය බවද මෙම විද්‍යුත් ආරංචිය විසින් පවසනු ලබයි.

Tuesday, August 28, 2012

ඔටාරාගේ සත්ව කරුණාවට පුජාගේ අතහිත

පිහිටක්‌ නැති වීදි සරණ සුනඛයන්ගේ සුබසාධනය, භාරකරුවන් යටතට පත්කිරීම සහ සුනඛ ගහනය මානුෂීය ලෙස පාලනය කිරීම යන අරමුණු ඉලක්කකරගනිමින් "ඔඩෙල් එම්බාර්ක්" සන්නම් නාමය වැඩසටහන 2007 වසරේදී ආරම්බ වූ අතර එය ක්‍රියාත්මක වුයේ ඔඩෙල් ව්‍යාපාර ජාලයේ හිමිකාරිනිය වන ඔටාරා ගුණවර්ධන මහත්මියගේ සංකල්පයකට අනුවය.

පසුගියදා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි ඉන්දීය නිළි පූජා උමාශංකර් ඔඩෙල් හි සාප්පු සවාරියකට එක්වූ අතරවාරයේදී සුනඛයන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් පිහිටුවා "එම්බාර්ක්‌" විලාසිතා ව්‍යාපෘති වැඩසටහනට සහය දක්වා ඇති අතර පුජාගේ එම සාප්පු සවාරියේ ජයාරූප එකතුවක් බලන්න පහතින් 

Saturday, August 4, 2012

අපිට ඇපත් නැහැ

මම මේ නිවසට පිටින් උළුහස්‌ස ළඟ සිට දොරෙහි ඉහළ ඇති විවරයෙන් ගෙතුළට හිස හොවා උඩ බැලුවෙමි. හිසට අඩියක්‌ දෙකක්‌ උඩින් පිහිටි ටකරන් වියන, මා දෙනෙතින් අහස හැංගීමට අතිශයින් දුර්වල උත්සාහයක යෙදේ. සෑම ටකරන් දෙකක්‌ අතරින්ම මට අහස පෙනෙයි. ඉතින් මෙය වහළක්‌ වන්නේ කෙසේද? එක පෙළට ටකරන් තහඩු පහකින් වැසිය යුතු වූ වහළක්‌ තහඩු හතරකින් වසාගැනීමට මේ නිවැසියා කළ 'දුප්පත්' උත්සාහයට ඔච්චම් කරමින් මේ සෑම ටකරන් තහඩු දෙකක්‌ අතරින්ම හිරු රැස්‌ කදම්බයෝ ගෙට රිංගති. වැසි නැති සමයක්‌ නිසා කමක්‌ නැත. දෙවියනේ...! වැසි කලට ටකරන් තහඩු අතරින් රූරා හැලෙන වතුරින් මේ පවුල සැඟවෙනු කෙසේද?

ඒ වහළ යටට හොවාගත් හිස එළියට නොගෙන මම අවට බලමි. කලකින් කිසිදු 'මැටි සාත්තුවක්‌' නොලද මේ වරිච්චි බිත්ති අතරින් ඒවා ඉහළට නැගීමට උරදුන් ලී දඬු මතු වී පෙනෙන්නේ මන්දපෝෂණයට ලක්‌ව අස්‌ථී පංජරය හමෙන් එළියට පැනීමට තැත් කරන සෝමාලියානුවෙකු මෙනි. බැලු බැලූ අත මට පෙනෙනුයේ දුප්පත්කමේ ලකුණුමය. 


Share this article with your friends