
ඇෆ්ගනිස්තානයේ Mes Aynak හි පිහිටි වසර 1,600ක් පැරණි බෞද්ධ විහාර සංකීර්ණයක් මෙම වසර අවසානයේදී තඔ පතලක් සඳහා චීන සමාගමකට පැවරීමට නියමිත පුවතක් මීට හරියටම මාස 2කට පෙර හෙළිකල බව ඔබට මතක ඇති.
2001 වසරේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ තලෙයිබානුවන්ට බැන බැන නොසිට ඇස් පනාපිට මෙම වසරේ දෙසැම්බර් මාසයේ අගදී විනාශ වී යාමට නියමිත මෙම ලෝක උරුම බෞද්ධ විහාර සංකීර්ණය රැකගැනීම අප කාගේත් යුතුකම බවයි එම ලිපියෙන් අප එහිදී මතක් කළේ.
මේ පිළිබඳව ලංකාවේ කිසිදු මාධ්‍යයක අවධානයක් යොමු නොවූ නමුත් එය වැලැක්වීම සඳහා වූ අන්තර්ජාල පෙත්සමට මේ වනවිට අත්සන් 65,426ක් ලැබී ඇති නමුත් තවත් 34,574 ක අවශ්‍යතාවයක් තිබෙනවා.
