Chitika Smowtion 468x60


Showing posts with label පරිසර. Show all posts
Showing posts with label පරිසර. Show all posts

Thursday, January 17, 2013

බෙරගල ගොල්ෆ් රිසෝර්ට් (Beragala Golf Resort) එකට අක්කර 628ක් බිලි


බදුල්ල, හල්දුම්මුල්ල සොරගුණේ වනාන්තරය මැද කාමර 2,000කින් යුත් හෝටලයක් හා ගොල්ෆ් පිටියක ඉදිල්කිරීම් මේ වනවිට ආරම්භවී තිබෙනවා.

මෙම හෝටලයේ හා ගොල්ෆ් පිටියේ ඉදිකිරීම් 2011 වසරේ අවසන් බාගයේ ආරම්භ කිරීමට සූදානම් කර තිබූ නමුත් වේලි ඔය ව්‍යාපාරයේ ගොවීන් හා පරිසරවේදීන්ගේ දැඩි විරෝධය හේතුවෙන් නවතා දමා තිබුණා.

වසරකට වැඩි කාලයක් නවතා දමා තිබූ එම "බෙරගල ගොල්ෆ් රිසෝර්ට්" 
(Beragala Golf Resort) ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වනාන්තරය මැදින් යෝජිත හෝටලයේ වැඩබිම තෙක් මාර්ගයක් ඉදිකරමින් සිටින බව පරිසර හා සොබාදම් අධ්‍යන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසනවා.

Sunday, December 23, 2012

මාතලේ ගිලා බසී

මාතලේ දිස්ත්‍රික්කයට අයත් ගම්මාන කිහිපයක් මේ වනවිට ගිලාබැසීමේ අවදානමකට ලක්වී තිබෙනවා.

මේ වනවිට මාතලේ දුන්කොල වත්ත දොරකුඹුර ප්‍රදේශයේ අඩි 60ක් උස කොස් ගසක් හා කිතුල් ගසක් පොළොව යටට ගිලා බැස නොපෙනී ගොස් තිබෙන අතර එම නිසා අඩි 20ක හා 30ක විශ්කම්භයක් සහිත වලවල් දෙකක් සෑදී තිබේ.

එම වීඩියෝවක් හා ජායාරූප කිහිපයක් පහතින්.

Friday, December 7, 2012

ගැබ්බර කෙණරක් යකඩ යකාට බිලි


අලි බැලීමත් බලි බැලීමත් එපා නොවෙන දෙයක් ලෙස සිංහල ගැමියන් ප්‍රකාශ කලද මෙවන් සද්ධන්තයෙක් මෙලස අකාලයේ සුසානයේ වැතිර සිටිනු දැකීම පරිසරයට ලැදී ඕනෑම කෙනෙකුන්ගේ හදවත කම්පා කරවන කරුණකි

Sunday, November 18, 2012

ගුරුත්වාකර්ශනයෙන් මිදුනු ග්‍රහලෝකයක් සොයාගනී.

සූර්යයෙක් නොමැතිව ගුරුත්වාකර්ශනයෙන් මිදුනු ග්‍රහලෝකයක් පලමුවරට සොයාගන තිබෙනවා.

කිසිදු කක්ෂයක් නොමැතිව නිදහසේ ගමන් ගන්නා මෙම නිදහස් ග්‍රහලෝකය CFBDSIR J214947 ලෙසයි නම් කර ඇත.

දශකයක පමණ කාලයක් පරීක්ෂා කර සොයාගන තිබෙන මෙය හරියට පිදුරු ගොඩක තිබෙනා ඉඳිකටුවක් සොයාගැනීමටයි විද්‍යාඥයින් සමාන කර තිබෙන්නේ.



ලංකාවට එරෙහි පිටසක්‌වල ජීවී කුමන්ත්‍රණය

වෛද්‍ය පර්යේෂණ ආයතනය යනු වෛද්‍ය පර්යේෂණ වෙනුවට මාධ්‍ය සංදර්ශන පවත්වා ලාමක ආතල් දෙන ආයතනයකි.

පසුගිය කාලයේ සෙලියුලර් දුරකථන මයිටාවන් ලෝකයේ ප්‍රථම වරට සොයාගත් බව කියමින් රට වටේ ගියේද මේ ආයතනයයි.

පසුගියදා සෙවනගල සහ මනම්පිටිය ප්‍රදේශවලට ඇදහැළුණු රතු වැස්‌ස පිටසක්‌වල ජීවී ප්‍රහාරයක්‌ද නැත්නම් දූවිලි හෝ අම්ල මිශ්‍ර වැස්‌සක්‌ දැයි සොයා බැලීමට පරීක්‍ෂණ ආරම්භ කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසයි. 



Friday, November 16, 2012

“රතු වැස්සක්” වැටිලා


පොළොන්නරුවේ ස්ථාන කිහිපයකට 15 පෙරවරුවේ රතු වැස්සක් වැටී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මනම්පිටිය, සීලපුර ප්‍රදේශයටත් දිඹුලාගල ඇල්ලේවැව සහ හිඟුරක්ගොඩ ප්‍රදේශවලටත් මෙසේ රතු වැසි වැටී ඇතැයි එම ප්‍රදේශවාසීහු සවසති. මනම්පිටිය සීලපුර ප්‍රදේශයේ පදිංචි ‍ජී.කේ.ඩී. ජයවීර මහතාගේ නිවසේ මහලයෙන් 15 පෙ.ව 7.30 ට පමණ වැසසත් සමඟ රතුපාට වතුර වැටෙනු දැක ඇති අතර පසුව එම වතුර ප්ලාස්ටික් භාජන කිහිපයකට එකතු කිරීමට කටයුතු කර ඇත. මෙසේ එකතු කරගත් රතු පැහැති ජලය භාජනයේ අඩියේ කිසියම් දුඹුරු පැහැ මණ්ඩි විශේෂයක් තැන්පත් වී තිබෙන අන්දම ද නිරීක්‍ෂණය කළ හැකිවිය.

කෝබෝල්ට් විකිරණ භාවිතයෙන් මදුරුවන් වඳ කිරීමට යයි

මදුරු ගහනය සීඝ්‍රයෙන් වර්ධනය වීමේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස කොබෝල්ට් විකිරණ භාවිතා කිරීමට ජාතික මැලේරියා මර්ධන ව්‍යාපාරය සූදානම් වෙනවා

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අත්හදා බැලෙන මෙම කොබෝල්ට් විකිරණ භාවිතා කර පිරිමි මදුරුවන් ස්වභාවික වන්ද්‍යාකරණයට ලක් කර පරිසරයට මුදාහැරීම මෙම නව ක්‍රමවේදයයෙන් බලාපොරොත්තුවේ.



දඩයක්කරුවන්ට ගොදුරු වූ අන්ධ ඇතා

"මහකනදරාවේ අන්ධයා" නමින් ප්‍රකටව සිටි දළ ඇතා මීට දින කිහිපයකට පෙර වෙඩි තබා ඝාතනය කර දළ දෙක කපාගෙන ගොස්‌ ඇති බව වනජීවි නිලධාරීන් ප්‍රකාශ කරනවා.

මියගිය දළ ඇතාගේ සිරුර මැදවච්චිය, කොන්වැව ප්‍රදේශය ආසන්නයේ තිබී සොයාගන තිබූ අතර ඇස්‌ අන්ධවීම නිසාම මේ දැවැන්තයා ලඟටම දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට යාමට හැකිවූ නිසා ඇතා මේ සියළු දෙනාගේම ආදරයට පාත්‍රව සිටියා.

මෙම ඝාතනයට සම්බන්ධ දඩයක්කරුවන් පිළිබඳව ලබාදෙන තොරතුරකට රු. ලක්ෂ දෙකහමාරක් ලබාදෙන බවට මේ වනවිට ප්‍රසිද්ධ කර ඇත

Wednesday, November 14, 2012

පැල්මඩුල්ල සහ පාතකඩ පො‍ළව යට නිල් මැණික් නිධියක්



රත්නපුර, පැල්මඩුල්ල සහ පාතකඩ අවට ප්‍රදේශයේ පොළොව යටින් තත්වයෙන් ඉතා උසස් නිල් මැණික් සහති මැණික් නිධියක් ඇති බවට කරුණු අනාවරණය වෙමින් ඇතැයි ප්‍රවීන මැණික් විද්‍යාඥයෙකු වන රත්නපුරයේ දුනිල් පාලිත ගුණසේකර මහතා පවසයි. පසුගිය කාලයේ එම ප්‍රදේශයෙන් හමුවූ නිල් මැණික් ගණනාවක් නිරීක්ෂණය කිරීමෙන් ඒ බව පැහැදිලි වූ බව ද හෙතෙම සඳහන් කළේය.

Monday, November 12, 2012

හඳපානාගල ජලාශයෙන් හමුවුනේ Alligator Gar

වැල්ලවාය හඳපානාගල ජලාශයෙන් මීට දින කිහිපයකට පෙර හමුවූ කිඹුල් කටක් සහිත මත්ස්‍යයා Alligator gar ලෙස හඳුන්වන මත්ස්‍ය විශේෂයක් ලෙස හඳුනාගන තිබේ.

උතුරු ඇමරිකාව නිජබිම ලෙස කරගත් මෙම මත්ස්‍යයා ඉතා බිහිසුනු ආක්‍රමණකාරී විලෝපිත මත්ස්‍ය විශෂයක් බවත්, මෙම මත්ස්‍යයා මෙරට ගංගා ඇල දොල වලට බෝවුවහොත් ලංකාවට ආවේනික අනිත් මත්ස්‍ය විශේෂ වලට විශාල තර්ජනයක් බවත් පරිසරවේදීන් අනතුරු හඟවනවා.



Saturday, November 3, 2012

ඛනිජ සම්පත් සොයා සැහැල්ලු ගුවන් යානයකින් ලංකාවේම භූමිය ගවේශනය කිරීමට යයි.

මීටර් 100ක් පමණ ඉහළින් පියාසර කල හැකි චුම්භක මාන සවිකළ සැහැල්ලු ගුවන් යානයක් යොදාගන ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් සෙවීම පිළිබඳව පුළුල් ගවේශනයක් (Airborne Geophysical Survey) සිදුකිරීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය බලාපොරොත්තු වෙනවා.

අප්‍රිකාවේ පිහිටි භූ භෞතික අන්තර්ජාතික ගවේශන ආයතනකින් මෙම උපකරණ සවිකළ සැහැල්ලු ගුවන් යානය සමඟ එරට විශේෂඥ කණ්ඩායමක් ද ඉදිරියේදී මෙහි පැමිණීමට නියමිතයි.


වසර 1 1/2ක කාලයක් ගතවන මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 17ක පමණ මුදලක් වැයවන අතර ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

Tuesday, October 30, 2012

කන්තලෙන් මැණික් සහ කන්තලේට මාළු වැස්සක් !


බෙංගාල බොක්‌කේ හටගත් පීඩන අවපාතය ඊයේ (29 වැනිදා) රාත්‍රී සුළි කුණාටු තත්ත්වයක්‌ බවට පත්වී දිවයිනට ඇතුළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසූ පරිදි එය පැමිණියේ නැත.

සුළිකුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු නොවන බවත් දැන් එය ඉන්දියාව දෙසට හැරී ඇති බැවින් සුළි කුණාටු මගෙහි පදිංචි පුද්ගලයන් ඉවත් කිරීම සදහා පෙර දින කළ අනතුරු ඇඟවීම මීට සුළු වේලාවකට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉවත් කළේය.

අධික වර්ෂාව සමඟ අවාසනාව මෙන්ම අරුම පුදුම සිදුවීම් මෙන්ම වාසනාවද රැගෙන ආ පුවතක් කන්තලේ හා හන්දපාන්ගල ප්‍රදේශවලින් වාර්තාවේ.

Wednesday, October 24, 2012

වී කුරුල්ලන්ගේ, මාල ගිරවුන්ගේ නිදහස අහිමි කිරීමට යයි




1937 වසරේ පළමුව නීතිගත වූ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අවස්ථා අටක දී සංශෝධනය වීමෙන් පසු මේ වන විට බොහෝ වනජීවීන් ගේ රැකවරණය සැලසී ඇත.

අවසන් වරට සංශෝධිත 2009 අංක 22 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මඟින් සත්ත්ව වර්ග රාශියක් ආරක්ෂිත සතුන් ලෙස නම් කර ඇත.

ආඥා පනතේ 49 වන වගන්තිය යටතේ වී කුරුල්ලන්, රෑන ගිරවුන් හා මාල ගිරවුන් ආරක්ෂිත සතුන් වන නිසා එම පක්‍ෂියකු මරණයට පත් කිරීම, එම පක්‍ෂියාට තුවාල සිදු කිරීම, හානි සිදු කිරීම, යම් පක්‍ෂියකු ගේ බිත්තර හෝ කූඩුව ගැනීම හෝ විනාශ කිරීම, ස්වාභාවික පරිසරයෙන් අල්ලා විකිණීම, විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම හා ප‍්‍රවාහනය කිරීම වරදක්‌ බවට පත් කර තිබේ.

Saturday, October 20, 2012

ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව

බ්‍රහස්පතීගේ ගැටුණු උල්කාවක් වීඩියෝ ගත කළ පුවතක් හා මාතලේට වැටුණු උල්කාවක කොටස් පිළිබඳව පුවතක් මීට පෙර අප විසින් ගෙන එනු ලැබුවා

පෙරේදා කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සින්කෝ නගරයේ වු ආරක්ෂිත කැමරා දෙකක විශාල ප්‍රමාණයේ උල්කාවක් සටහන්වී තිබුණා.

රාත්‍රී 7.44ට පමණ විශාල ශබ්දයක් සමඟ තැඹිලි පැහැයෙන් යුත් ගිණි බෝලයක් ලෙස මෙය කඩා වැටී ඇති බවයි එය දුටුවන් පවසන්නේ.

මෙම උල්කාව වැටී තිබෙන්නේ මුහුදටද, ගොඩබිමටද යන්න පිළිබඳව සොයාබැලීමට පරීක්ෂණ අරඹා ඇත.



Wednesday, October 17, 2012

ලංකාවේ ඉදිරි නියං කාල වලට චීනයෙන් කෘත්‍රිම වැසි

රට තුල ඇතිවන ඉදිරි නියං කාලගුණ තත්ත්වයන්ට විසදුමක් ලෙස කෘත්‍රිම වැසි යොදා ගැනිමට රජයේ අවදානය යොමුව තිබෙනවා.

ඒ සඳහා චීන රජය සමඟ සාකච්ඡා කළ බවත් මේ වන විට ලැබෙන වර්ෂාවත් සමඟ නියං තත්ත්වය අවසන්ව ඇති බැවින් ඉදිරියේදි එවැනි තත්ත්වයක් නිර්මාණය වුවහොත් ඊට අවශ්‍ය විසදුම් රජය සතු බවයි අපදා කළමනාකරණ අමාත්‍යවරයා පවසා තිබුනේ

චීන රජය කෘතිම වැසි නිර්මාණයට අවශ්‍ය සහාය ලබාදිමට කැමැත්ත පළකර තිබේ. මෙලෙස කෘතීම වැසි ලබාගන්නා ක්‍රම කිහිපයක් තිබේ.


2010 වසරේ එක්සත් අරාබ් එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ අල්-අයින් නම් කාන්තාර ප්‍රදේශයේ කෘතීම ඇතිකිරීම පිළිබඳව නව ක්‍රමයක් ඉතා රහසිගත ලෙස අත්හදා බැලූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කෘතිම වැසි 50ක් පමණ වස්සවා තිබුණා.

මෙම කෘතිම වැසි ව්‍යාපෘතිය සඳහා ඔවුන් ඩොලර් මිලියන 11ක් පමන වැය කර තිබු අතර ඒ සඳහා කුඩයක හැඩයෙන් යුතු විශාල අයනීසර් ඔවුන් යොදාගනු ලැබුවා.

Monday, October 8, 2012

ඉදිරි මාස වලදී අකුණු වලින් ආරක්ෂා වන්නේ කෙසේද?

මාස ගනනක පැවති ඉඩෝරය නිමා කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට පෙරේදා වර්ෂාව ඇද හැලීමත් සමඟ බහුලව අකුණු ගැසීම් දක්නට ලැබුණි.

හපුතලේ-ලිප්ටන්ස් සීට් ප‍්‍රදේශයේ දී පෙරේදා අකුණුසැර වැදීමෙන් කොරියානු ජාතික තරුණයෙකු හා තරුණියක මියගිය අතර වසරකට ලංකාවේ 40 දෙනෙකු පමණ අකුණු නිසා මියයයි.

එබැවින් අකුණක් යනු කුමක්ද යන්නත්, අකුණකින් බේරීසිටින්නේ කෙසේද යන්නත් ගෙන ඒම මෙම ලිපියේ අරමුණයි.


අකුණු ගසන මාස
ශ්‍රී ලංකාවට අවුරුද්දේ වකවානු දෙකක දී අකුණුවල ගැසීම් දක්නට ලැබෙන අතර ඉන් පළමුවැන්න මාර්තු සිට අප්‍රේල් දක්‌වා කාලයයි. එය බක්මහ අකුණු ලෙස හඳුන්වන අතර දෙවැන්න ඔක්‌තෝබර් සිට නොවැම්බර් දක්වා වූ දැනට ගෙවී යන වකවානුවයි

Sunday, October 7, 2012

පසුගිය මාස 4ට ලංකාවේ භූ කම්පන 7ක්

ලංකාව යනු භූ කම්පන, සුනාමි, ටොනේඩෝ වැනි ස්වාභාවික විපත් වලින් තොර මනරම් සුන්දර දේශයක් බව කුඩා කාලයේ අපේ පාසැල් පොත් වල සඳහන් විය.

එබැවින් එවැනි විපත් පිළිබඳව අධ්‍යාපනයක් ලාංකිකයන්ට නොවූ අතර සුනාමිය නිසා වැඩි විපතක් වූයේ එලෙස පෙර සූදානමක් තබා 
සුනාමියක් ගැන අසා හෝ නොතිබූ නිසාය.

2004 වසරේ සුනාමිය පැමිණීමට පෙර වෙරළබඩ පිහිටි අලියෙක් දිවගිය අයුරු දුටු කුඩා දැරියකට පාසලේදී ඉගැන්වූ දෙය සිහියට නැඟී සිය මවද සමඟ සුනාමිය පැමිණීමට පෙර මුහුදු වෙරළෙන් ඉවත්වූ බව එම කාලයේ විදෙස් පුවත් මඟින් වාර්තා වුණා.



Saturday, October 6, 2012

අරුම පුදුම වැසි වැටුණ හැටි

බටහිර ජාතීන් නොකඩවා වැටෙන වර්ෂාව හඳුන්වන්නේ ‘බලු බළල් වැස්ස’(RAINING CATS AND DOGS) යනුවෙනි. මෙයින් අදහස් වන්නේ තද වැස්ස සමග බලු බළල් ආදී සතුන්ද ඇද වැටීමේ ප්‍රවණතාවක් ඇති බවයි. එවැනි අවස්ථාවක් පිළිබඳ ආරංචි නැති නිසා බලු බළල් වැස්සද නා කපන වැස්ස වගේ නිකම්ම නිකම් මිථ්‍යා අදහසක් බව පැවැසිය හැකියි.


එසේ වුවද වැස්ස සමග අයිස් කැට බිමට පතිත වීමද සාමාන්‍ය සංසිද්ධියක්. අයිස් කැට පමණක් නොව තද වර්ෂාව සමග මසුන්, කෘමීන්, කුරුල්ලන්, මැඩියන්, ඉස්ගෙඩියන් ආදී සතුන් ඇද වැටීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.

Monday, October 1, 2012

නව ගෙඹි විශේෂයක් ලංකාවෙන් සොයාගනී


රත්නපුර දිස්ත්‍රික්කයේ ගිලීමලේ රක්ෂිතයෙන් නව ගස් ගෙම්බන් විශේෂයක් සොයාගැනීමත් සමඟ ලෝකයේ සත්ත්ව විශේෂ අතරට නව සත්ත්වයෙකු එක්වී හිබෙනවා.

"Polypedates Tschudi" යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ගෙඹි විශේෂය පිළිබඳව ලෝ ප්‍රකට සඟරාවක් මඟින් අනාවරණය කර තිබෙන්නේ පසුගිය 26වනදාය.

මේ පිළිබඳව පර්යේෂණ කර ලෝකයට අනාවරණය කළේ ප්‍රකට උරග හා උභයජීවී විද්‍යාඥයෙකු වන එල්.ජේ. මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා හා දිවංගත පරිසරවේදී ආචාර්ය අමිත් මුනින්දාස හා පෘතුවිරාජ් ප්‍රනාන්දු යන පර්යේෂකයින් විසිනි.

Thursday, September 27, 2012

රාවනා ඇල්ල රක්ෂිතයෙන් ඉපැරණි උමගක් හමුවෙයි


බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කරදගොල්ල උඩකිරින්ද ග්‍රාමයේ ගල්පර්වතයක් යට මෙතෙක් හමුනොවූ අපුරු උමගක් හමුවී තිබේ. දර කඩා ගැනීමට ගිය ප්‍රදේශවාසීන් විසින් මෙය සොයාගෙන ඇත. 

මෙම උමගට කුඩා කටක් සහිත බාධකයකින් හෙබි උමං දොරෙන් ඇතුළුවීමට සිදුවෙයි. ටික දුරක් ගියපසු අඩි 15 ක් උස උමං මගක් හමුවෙයි. තවත් දුර ගියපසු බඩගාගෙන යායුතු ස්ථානයක් හමුවන අතර, දැඩි අඳුරක් පවතින මෙම උමං මගේ ගමන් කරන විට වවුලන්ගෙන් දැඩි බාධා එල්ලවෙයි. 

සමහර තැන් අඩි 15ක් පමණ උස කාමර ලෙසින් නිර්මාණය වී ඇති එම උමං මාර්ගයේ ටික දුරක් ගියපසු උමග තුලට නොපෙනෙන කවුළුවකින් සීතල දැනෙයි. 

Share this article with your friends