රත්නපුර දිස්ත්‍රික්කයේ ගිලීමලේ රක්ෂිතයෙන් නව ගස් ගෙම්බන් විශේෂයක් සොයාගැනීමත් සමඟ ලෝකයේ සත්ත්ව විශේෂ අතරට නව සත්ත්වයෙකු එක්වී හිබෙනවා."Polypedates Tschudi" යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ගෙඹි විශේෂය පිළිබඳව ලෝ ප්‍රකට සඟරාවක් මඟින් අනාවරණය කර තිබෙන්නේ පසුගිය 26වනදාය.
මේ පිළිබඳව පර්යේෂණ කර ලෝකයට අනාවරණය කළේ ප්‍රකට උරග හා උභයජීවී විද්‍යාඥයෙකු වන එල්.ජේ. මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා හා දිවංගත පරිසරවේදී ආචාර්ය අමිත් මුනින්දාස හා පෘතුවිරාජ් ප්‍රනාන්දු යන පර්යේෂකයින් විසිනි.