Chitika Smowtion 468x60


Showing posts with label සෞඛ්‍යය. Show all posts
Showing posts with label සෞඛ්‍යය. Show all posts

Saturday, December 29, 2012

අක්මාවේ කොටසක් දන් දෙන්න ඉන්දියාවට ගිය ඉනෝකාගේ මුළු අක්මාවම ගලවාගෙන !


මීගමුවේ රෝගියෙකුට අක්මාවේ කොටසක් පරිත්‍යාග කිරීමට ඉන්දියාවට ගෙන ගොස් එහිදී කරන ලද ශල්‍යකර්මයකින් මියගිය කෑගල්ල මොළගොඩ මංගල ගම පදිංචිව සිටි ඉනෝකා දමයන්ති විජේරත්න (සංගීතා) 36 කාන්තාව මරණයට පත්ව තිබෙනවා. ඇය එක්දරු මවකි.

මෙම මරණය ගැන නීත්‍යනුකූලව කටයුතු කරන්න එපා. අපි ඕන තරම් මුදල් දෙන්නම්. දරුවාටත් සලකන්නම් කියා කිව් නිසා මේ මරණය ගැන අපිට සැක සිතුණා යැයි ඉන්දියාවේදී අක්මාවේ කොටසක්දී ඉන්දියාවේදීම මියගොස් ලංකාවට ගෙන ආ ඉනෝකා දමයන්ති විජේරත්න (36) ගේ මරණය සම්බන්ධව ප්‍රකාශයක් කරමින් මියගිය තැනැත්තියගේ පියා වන කේ.ජී. විජේරත්න (57) මහතා පැවැසීය.

Monday, November 26, 2012

පිරිමින්ගේ මදසරු බව වැඩිවෙලා




මදසරු බවට ගොදුරු වන පිරිමින්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව මද සරු බව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මිල්හාන් පාශා සඳහන් කර සිටි.
මද සරුබවට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන පිරිමින්ගෙන් සියයට 50 ක ගේම එම තත්ත්වයට හේතුව වී ඇත්තේ පරිසර දූෂණය, බව හෙළිව ඇත.

Saturday, November 24, 2012

දරු පල නසන ඩෙංගු වෛරසයක් සොයාගනී

පිරිමින්ගේ ශරීරයට ඇතුළු වුවහොත් ලිංගික බෙලහීනතාවයක් ඇති කරන, කාන්තාවන් සඳහා දරු පල නැති කරන ඩෙංගු වෛරසයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම වෛරසය දරුවෙකුගේ ශරීරයට ඇතුළු වුවහොත් පසුකාලීන බලපෑම් ඇති බවයි ඔවුන් පවසන්නේ.



Sunday, November 18, 2012

AIDS රෝග නිවාරණය සඳහා ඖෂධයක් අත්හදා බලමින් සිටින වෙදහාමිනේ

මාරාන්තික ඩෙංගු රෝගය දින දෙකකින් නිට්ටාවටම සුවපත් කළ හැකි ඖෂධයක් ආයූර්වේද වෛද්‍යවරියක විසින් සොයා ගත් බව පසුගියදා වාර්තා වුණා.

රුසියන් වෛද්‍යවරයකු රුපියල් මිලියන පහකට මෙම ඖෂධයේ අයිතිය ලබා ගැනීමට ඇය සමඟ කතා කළද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කල බවයි ඇය පවසන්නේ.

එම ඖෂධය සොයාගත් අම්බලන්ගොඩ සර්වාංග රෝග ආයූර්වේද වෛද්‍යවරියක වන තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසන්නේ ඒඩ්ස් රෝග නිවාරණය සඳහා ඖෂධයක් තමා අත්හදා බලමින් සිටින බවයි.



Friday, November 16, 2012

කෝබෝල්ට් විකිරණ භාවිතයෙන් මදුරුවන් වඳ කිරීමට යයි

මදුරු ගහනය සීඝ්‍රයෙන් වර්ධනය වීමේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස කොබෝල්ට් විකිරණ භාවිතා කිරීමට ජාතික මැලේරියා මර්ධන ව්‍යාපාරය සූදානම් වෙනවා

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අත්හදා බැලෙන මෙම කොබෝල්ට් විකිරණ භාවිතා කර පිරිමි මදුරුවන් ස්වභාවික වන්ද්‍යාකරණයට ලක් කර පරිසරයට මුදාහැරීම මෙම නව ක්‍රමවේදයයෙන් බලාපොරොත්තුවේ.



Wednesday, November 14, 2012

කුස තුල වැඩුණු අසාමාන්‍ය ජීවියෙක් !



ඉන්දියාවේ නාග්පූර් ප්‍රදේශයේ විසූ 36 හැවිරිදි සංජු භගත් වෘත්තියෙන් ගොවියෙකි. ඒ පළාතේ මිනිසුන් අතර භගත් කැපී පෙනුනේ ඔහුගේ අසාමාන්‍ය ලෙස විශාලව තිබූ උදරය නිසාය. ඔහු කුඩා කල පටන්ම උදරය විශාලව තිබූ අතර ඔහුගේ වයසින් වැඩීමත් සමග උදරයද ප්‍රමාණයෙන් විශාල වී අවසානයේ නවමස් පිරුණු ගැබිනියකගේ කුස මෙන් දිස්වන්නට විය. උදරය විශාල වීම හේතු කොටගෙන සිරුරේ ඉහළ කොටසට ඇතිවූ තෙරපුම හේතුවෙන් ඔහු හුස්ම ගත්තේද අපහසුවෙනි.
1999 ජුනි මස ඔහුගේ තත්ත්වය හදිසියේම බැරෑරුම් වූයෙන් ඔහුට රෝහල් ගත වීමට සිදුවිය. සංජුව පරීක්ෂා කළ වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඔහුගේ කුස තුළ විශාල ගෙඩියක් (ඊභථධභප) ඇති බවත් එය වහා සැත්කමක් මගින් ඉවත් කළ යුතු බවත්ය.

Tuesday, November 13, 2012

හෙයාර් ඩයි විෂ වීමෙන් තවත් මරණයක්

කොණ්ඩය වර්ණ ගැන්වීමට ගන්නා ඩයි වර්ග විශවීමෙන් සිදුවූ තවත් මරණයක් වාර්තා වෙන්නේ අලව්ව ප්‍රදේශයෙන්.

මහව කයිකාවල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි ඇය අලව්වේ කැප්පටිවලානේ පිහිටි තම දියණියගේ නිවසට පැමිණ ඩයි ආලේප කර පැය 6 කට පසුව ස්නානය කිරීමෙන් පසුව සිහිසුන්ව ඇද වැටී මියගොස් තිබෙනවා.

මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබෙන්නේ කොණ්ඩය ඩයි කිරීමට යොදාගන ඇති ඩයි වල අසාත්මිකතාවය හේතුවෙන් හටගන්නා කම්පනය නිසා සිදුවූ මරණයක් බවයි.



Monday, November 12, 2012

දවස් දෙකෙන් ඩෙංගු ‍හොඳ කරන බේතක් සොයා ගනී




මාරාන්තික ඩෙංගු රෝගය දින දෙකකින් නිට්ටාවටම සුවපත් කළ හැකි ආයූර්වේද ඖෂධයක් තමන් සොයා ගත් බවත්, මේ වනවිට ඉන් ඩෙංගු රෝගීන් සියයක පමණ පිරිසක් සුවපත් කර ඇති බවත් සර්වාංග රෝග ආයූර්වේද වෛද්‍යවරියක වන අම්බලන්ගොඩ තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසයි. ඩෙංගු රෝගය සඳහා ඖෂධයක් සොයමින් ඇය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ වෛද්‍ය සිසුවියක් හැටියට සිටි කාලයේ දීය. ගෙවත්තේ වැවෙන ඖෂධ ශාඛ වියලා කුඩුකර මෙම ඖෂධය සාදා ඇත. ඩෙංගු රෝගීන් බවට හඳුනා ගන්නා ඕනෑම ඩෙංගු රෝගියෙකුට තමන් නොමිල‍යේ ප්‍රතිකාර ලබා දෙන බව ඇය සඳහන් කරයි. 

ඒඩ්ස් වසංගතයක් වීමේ අවදානමක්





ඉදිරි වසර 10 ඇතුළත දී ඒඩ්ස් රෝගය වසංගතයක් ලෙස ශ්‍රී ලංකාව පුරා පැතිරයාමේ අවදානමක් මතුව ඇතැයි ඒඩ්ස් රෝග මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය නිමල් එදිරිසිංහ සඳහන් කර සිටි. මේ වසර තුළ දී එච්. අයි. වී. වයිරසය ශරීරගත වූ පුද්ගලයන් 200කට ආසන්න පිරිසක් හමු වී ඇති බවත් ඉන් පස්දෙනෙකුම මවගෙන් එච්. අයි. වී. වයිරසය ශරීරගත වූ ළදරුවන් බවත් අධ්‍යක්ෂවරයා කීය. 

Thursday, October 25, 2012

තුර්කියේ කාන්තාවක් ඇවිදින අතර දරුවෙකු ප්‍රසුත කරයි


තුර්කියේ විදියක පටිගත වූ දර්ශනයක් හේතුවෙන් තුර්කියේ ඉස්තාන්බුල් මේ දිනවල බොහෝ කතාබහට ලක්වන රටක් බවට පත්වී හමාරය. මේ දර්ශනයෙන් පෙන්වන්නේ දෙමාපියන් යුවලක් තම තරුණ දියණිය සමග තුර්කියේ විදියක රාත්‍රියේ ගමන් කරමින් සිටියදී එම දියණිය විසින් බිලින්දෙකු ප්‍රසුත කිරීමයි. 

මෙහිදී පටිගත වූ දර්ශනයෙන් එම තරුණිය ඇවිද යන අතරවාරයේ යමක් ඇගෙන් අද වැටෙන අයුරු පෙන්වන අතර පසුව තරුණිය හා අගේ මව්පියන් දෙදෙනා ඒ දෙසට එබී බලා යන්න යන අයුරු පෙන්වනවා.


Sunday, October 21, 2012

ටෝනි ග්‍රෙග්ට පිළිකාවක්


ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විචාරක  ටෝනි ග්‍රෙග් මහතා හට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බවට විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ටෝනි ග්‍රෙග්ට පිළිකාවක් වැළඳී ඇති බව දැනගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවෙදිය.

පසුගියදා නිමවුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අවසානයේදී රෝගී තත්වයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රෝහලකට ඇතුලත් කිරීමෙන් පසුව සිදුකරන ලද පරීක්ෂණ වලින් ඔහුට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බව සොයාගෙන තිබේ.

1946 වසරේ ජනවාරි මාසයේ 6 වැනිදා දකුණු අප්‍රිකාවේ උපන් ඇන්තෝනි ටෝනි විලියම් ග්‍රේග් හෙවත් ටෝනි ග්‍රේග් 70 දසකයේ එංගලන්තයේ සිටි උසම ක්‍රීඩකයා ද විය. ඔහුගේ උස අඩි 6කුත් අඟල් 6කි.


Saturday, October 20, 2012

ගවමස් රස වැටුණ බලු රෑනක් මිනිසුන් පන්න පන්නා කති




ගවමස් කොටස් නැතිදාට පළාතේ එළු , වසු පැටවුන් මරා කෑමට පුරුදු වූ සුනඛයන් පනහකට අධික සංඛ්‍යාවක් මිනිසුන් ද පන්නා, පන්නා සපා කෑමට පටන් ගෙන තිබීම නිසා කැකිරාව, පුබ්බෝගම, බණ්ඩාරපොතාන ගම්මානයේ ජනතාව භීතියට පත් වී සිටිති. අද (19) දවසේ එගම බල්ලන් විසින් සපා කෑ පාසල් සිසුවකු ඇතුළු තිදෙනෙක් දඹුල්ල රෝහලට රැගෙන ආ අතර පාසල් සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇත. බණ්ඩාරපොතාන ප්‍රදේශයේ ගව ඝාතනාගාරයක් පවත්වා ගෙන යනු ලැබේ. එහි විසි කරනු ලබන ගවයින්ගේ මංශ කොටස් අනුභව කරන්නට පුරුදු වූ සුනඛයන් පනහකට අධික සංඛ්‍යාවක් ගව ඝාතනාගාරය වටා රොක් වී සිටිති.

Sunday, October 14, 2012

ලෝක බැංකු ආධාර ලැබුණත් බොන්න බැරි වතුර බෙදයි





ලෝක බැංකු ආධාර යටතේ ඉදි කළ ප‍්‍රඡුා ජල ව්‍යාපෘති මගින් මිනිස් පරිාභෝජනයට නුසුදුසු ජලය බෙදා හරින බවට චෝදනා ලැබෙමින් පවතී . මාතලේ දිසිති‍්‍රක්කය තුළ ඉදි කළ ප‍්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති රැසක ජලය පානය කිරීමට සුදුසු තත්වයක නොමැති බව රසායනාගාර පරීක්‍ෂණ වාර්තා පෙන්වාදී තිබේ. ඇතැම් ජල යෝජනා ක‍්‍රම මගින් බොර පැහැ ජලය බෙදා හරින බවත් ඇතැම් ඒවායේ ජලය කිවුල් රසය නිසා බීමට නොහැකි තත්වයක ඇති බවත් ජල පාරිභෝගිකයෝ කියති .

ප්‍රතිජීවකයෙන් දැරිය මියගිය හැටි සොයා යයි




සෙප්රි ඇන්සෝන් ප්‍රතිජීවක ඖෂධය එන්නත් කිරීමෙන් පසු අසාත්මික වීමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගිය ගාල්ල, හීන්පැන්දල, නවීෂා ජයෝදා නැමැති නව හැවිරිදි දැරියගේ හදිසි මරණය පිළිබඳ පරික්ෂණ පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් විසින් පාර්ශව තුනකින් සමන්විත විශේෂ පරීක්ෂක කණ්ඩායමක් හෙට ( 15) කොළඹ සිට ගාල්ල කරාපිටිය රෝහල බලා පිටත් කර හැරීමට නියමිතය.

Saturday, October 13, 2012

කරාපිටිය රෝහලට ඇතුළත් කළ දැරිය එන්නත විෂවී මියයයි




ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද නව හැවිරිදි (9) දැරියකට ඊයේ (12) උදෑසන එන්නත් කරන ලද ප්‍රතිජීවක ඖෂධය අසාත්මික (විෂ) වීමෙන් එම දැරිය ඊයේ දහවල් මරුමුවට පත්ව තිබේ. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ පළමුවන වාට්ටුවට මෙම දැරිය ගාල්ල වැකුණගොඩ ප්‍රදේශයේ සිට ඇතුළත් කර ඇත්තේ උණ සහ වමනයට ප්‍රතිකාර කිරීම සඳහාය. ඊයේ උදෑසන මෙම දැරියට ප්‍රතිජීවක ඖෂධය හෙදියක විසින් එන්නත් කළ අවස්ථාවේ දැරිය අසාත්මිකභාවයට පත්වූයෙන් වහාම වෛද්‍යවරු දැරිය ළමා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට උත්සාහ ගත්තද පැය කිහිපයකින් ඊයේ දහවල් 12.40ට දැරිය මරුමුවට පත්ව තිබේ.
ගාල්ල වකුණගොඩ ප්‍රදේශයේ පදිංචි කවීෂා ජයෝදා ජයවර්ධන නව හැවිරිදි දැරිය එසේ මරුමුවට පත්ව තිබේ.

Sunday, September 30, 2012

මාධ්‍යයට වසන් වූ එඩ්නාගේ කෙරුවාව

මීට පෙර අප විසින් ලිපියක් මගින් හෙළි කලේ පාරිභෝගික අධිකාරයේ පරිගණක අංශයේ ප්‍රධානියා විසින් මිලදී ගනු ලබු එඩ්නා චොක්ලට් එකක තිබී බ්ලේඩ් තල කැබැල්ලක් ගිලීමෙන් සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳවයි.

එම ලිපිය පළකිරීමත් සමග බොහෝ පාඨකයන් දන්වා සිටියේ එඩ්නා සමාගමේ නිෂ්පාදන තුලින් ඔවුන්ට මෙයට පෙරද මෙවන් අත්දැකීම් ලැබී තිබු බවයි. 

Thursday, September 20, 2012

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් අගය කලයුතු වැඩක්


සරසවි වසා තිබියදී රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හබරාදුව ප්‍රදේශ‍යේ දුෂ්කර රෝහලක් ප්‍රතිසංස්කරණය කර ඇති බව අප වෙත වාර්තා වේ.

පහතින් දැක්වෙන්නේ ඔවුන් අප වෙත එවා තිබූ සටහනයි.

වර්තමානයේ සිට අනාගතය දක්වා දිවෙන්නා වූ පාලමක් වේ නම් එම පාලමේ අත්තිවාරම සැකසෙන්නේ විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය හදාරන සුවහසක් විද්‍යාර්ථීන්ගේ දෑතෙනි.

මෙය අතිශෝක්තියක් නොවන්නේ එයට සාක්ෂි ඕනෑ තරම් මෙරට විශ්වවිද්‍යාල ආරම්භ වූ දා සිට අද දක්වා ඇත. නමුත් වර්තමානයේ විශ්වවිද්‍යාල සිසුන්ට සමාජය විසින් ලබා දෙන අර්ථකථනය කුමක් ද ? මෙය සලකා බැලීම වටී.

Sunday, September 16, 2012

අංකුර සහිත අර්තාපල් කෑවොත් ස්නායු ආබාධ

කොළ පැහැති-තැලී පොඩි වූ- පැළවුණු අර්තාපල් කෑවොත් ස්නායු රෝග අවදානමක්කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී. 

අර්තාපල් ආහාරයට ගැනීමේදී විශේෂ අවධානයක් යොමු කලයුතු බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසනවා.

අංකුර සහිත අර්තාපල්, කොළ වර්ණයෙන් යුත් අර්තාපල් හා තැලී පොඩි වූ අර්තාපල් ආහාරයට ගැනීම මගින් එහි අඩංගු ලයිකෝ ඇලෝකෝ ලයිම් නම් අහිතකර රසායනික ද්‍රව්‍ය ශරීරගතවීමේ අවදානමක් ඇතිවන බවයි ඔහු පවසන්නේ.



Saturday, September 8, 2012

කුඩා ළමුන්ට නුසුදුසු ඇස්ට්‍රා මාගරින් තවමත් වෙළඳපොලේ

මෙරට ප්‍රසිද්ධ බහුජාතික සමාගමක් විසින් ආනයනය කරනු ලබන ඇස්ට්‍රා මාගරින් තුල වයස අවරුදු තුනට අඩු කුඩා ළමුන්ට නුසුදුසු විස රාසයනික ද්‍රව්‍යයක් ඇතුලත් වී ඇති බව සනාත වී තිබියදීත් "ළදරුවන් හා වයස අවුරුදු 3 ට අඩු දරුවන් සඳහා සුදුසු නොවේ" ලෙස සඳහන් නොකර තවමත් වෙළඳපොලේ අලෙවි කිරීම සඳහා ඇස්ට්‍රා මාගරින් තබා තිබේ.

ඇස්ට්‍රා මාගරින් තුල විස රසායනිකයක් ඇතුලත් බව අනුරාධපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් සනාථ කර තිබියදීත් සෞඛ්‍ය සේවා හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා එම මාගරින් මාස තුනක් යන තෙක් අලෙවි කිරීමට ලබාදුන් අවසරය හේතුවෙන් මෙසේ සිදුවී ඇත.



Saturday, September 1, 2012

මරාශ්චර්යය ඇස්පනාපිට - ජන්දේ නිසා පිස්සු කෙලින බර්ටි


අනුරාධපුර රෝහලේ වෛද්‍ය චමිල හේරත් මහතාට ඊයේ රාත්‍රී දහයියාගම හන්දියේ දී ප්‍රහාරයක් එල්ල කොට ඇත. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ හේරත් මහතා මේ වන විට ස්නායු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇත.

වෛද්‍ය චමිල හේරත් මහතා රාත්‍රි 12ට පමණ ආපසු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත සිය මෝටර් රථයෙන් පැමිණෙන්නට සූදානම් වී ඇත. දහයියාගම හන්දියේ පිහිටි සන්ධාන කාර්‍යාලයක් අසල රැඳී සිටි පිරිස හේතුවෙන් වෛද්‍යවරයාට සිය මෝටර් රථය ඉදිරියට ගෙන යන්නට බාධා සිදු වී ඇති අතර එම අවස්තාවේ දී තමන්ට යාමට අවශ්‍ය බව වෛද්‍යවරයා විසින් පවසද්දි රැඳී සිටි පිරිසක් පැමිණ වාහනයේ දොර හැර වෛද්‍යවරයා පිටතට ගන්නට උත්සහ දරා ඇතැයි පැවසේ.

Share this article with your friends