Chitika Smowtion 468x60


Friday, September 13, 2013

නෑනා කැමති නෑ මට ...



ජයමංගල ගී තාලෙට - පිඹ පිඹ බට දඬු නළා...
ජය පැන් බොන සෙබළ ‍රැලක් - විලසට හඬ තල තලා....
රසකර මම පවසන්නෙමි - මිනි කිංකිනි සොලවලා...
අසනුමැනවි අසනුමැනවි - අසනුමැනවි තුටුවෙලා...

පරයන ඉදුනිල් කැට - දෙනෙතෙහි ඇති කැල්මට
වසඟ නොවන්නේ කවුරුද - නෑනගෙ එක බැල්මට
මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...

පොත්ටික තුරුලට අරන් - මුව මදහස රැලිකරන්
පාසැල්යන දෙවට දිගේ - නෑනා මගෙ රත්තරන්
මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...

Friday, February 8, 2013

ඇමතිවරු අඩු කරන්න නම් උපත් පාලනය කරන්න වෙයි ?


කැබිනට් ඇමතිවරු වැඩිකළේ රටේ ජනගහනය වැඩි නිසා බව ප්‍රවාහන ඇමති වෙල්ගම පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

ඉස්සර අපි කුඩා කාලේ මුළු කැබිනට් මණ්ඩලේම හිටියේ 18යි නැත්නම් 20යි අපේ හාමුදුරුවනේ. ඒ කාලේ ජනගහනය එච්චර නෑ. ඒත් අද එහෙම කරන්න බෑ. අද ඇමතිවරු වැඩි වුනාට කිසි ප්‍රශ්නයක් නෑ.

එම කතාවට පාර්ලිමේන්තු මංත්‍රී අනුර කුමාර දිසානායක පිළිතුරුදී තිබුනේ එසේනම් ඇමති මණ්ඩලය පාලනය කිරීමට ඇති එකම විකල්පය උපත්පාලනය බවයි.

මුස්ලිම් විරෝධය අඬු කඩලා හරි නවත්තනවා - SB දිසානායක


උසස් අධ්‍යාන ඇමති S.B දිසානායක පසුගියදා ප්‍රකාශ කළේ මේ දින වල ඇතිවී තිබෙන මුස්ලිම් ව්‍යාපාර වර්ජන රැල්ල නැවැත්විය යුතු බවත් එසේ නොකරන අයට ගහලා අඬු කඩලා හරි නවත්වන බවත්ය.

එසේම අරාබියෙන් ලංකාවට පැමිණි මුස්ලිම් ජාතිකයන් සියළු දෙනටම ගැහැණු දුන්නේ සිංහලයන් බවත් ඔහු කියා සිටියේ මෙලෙසින්.

"මුස්ලිම් ජනතාව අරාබියෙන් ඉන්දියාව හරහා ලංකාවට ඇවිල්ලා මේ ව්‍යාපාර පටන්ගත්තේ පිරිමි විතරයි. ඒ සේරටම ගෑණු දුන්නේ අපි. ඒ නිසා මුස්ලිම් ජනගහනයෙන් බාගයක් සිංහල.

Thursday, February 7, 2013

‘හලාල්’ මිලදී ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා අත්පත්‍රිකා


හලාල් සලකුණ සහිත භාණ්‌ඩයක්‌ රු. 20 බැගින් වැඩි මිලකට අලෙවි කරන බැවින් එම භාණ්‌ඩ මිලදී ගැනීමෙන් වළකින ලෙස සඳහන් වූ අත් පත්‍රිකාවක් මාවනැල්ල ප්‍රදේශය පුරා බෙදා හැර ඇත.

අපේ වෙළෙඳ පළේ හලාල් සලකුණ සහිත භාණ්‌ඩ වර්ග 4500 ක්‌ ඇති බවත් ජනතාව මුළාකර එක්‌තරා අන්තවාදී ආගමික සංවිධානයක්‌ ජනතාවගේ මුදල් ගසා කෑම සිදුකරන බවත් එම අත්පත්‍රිකාවේ සඳහන් වෙයි.

Wednesday, February 6, 2013

හිරු මාධ්‍ය ජාලය සම්මාන කොල්ලකයි ? Hiru FM/Hiru TV awards scandal


යෞවනයේ ජනප්‍රියතම ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා සඳහා සම්මාන ලබාදීමක් පසුගියදා සිදුවුනා.

ඒ කොළඹ ආනන්ද විද්‍යාලය, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය හා කොළඹ විශ්ව විද්‍යාලයේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ සියළුම පළාත් ආවරණය කරමින් දීපව්‍යාප්තව සිදු කළ පාසල් ජනමාධ්‍ය සමීක්ෂණයට අනුවයි.

ජනවාරි 31වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති එම උළෙලේදී රූපවාහිනී හා ගුවන්විදුලි නාලකා සඳහා සම්මාන ලබාදී තිබුනේ මෙලෙසින්.


යෞවනයේ ජනප්‍රියතම රූපවාහිනී නාලිකා:

Tuesday, February 5, 2013

සාරුවා සුනිල් දූෂණය කළ දැරිය සියදිවි නසාගනී - The girl raped by SLFP Saruwa Sunil suicides

සාරුවා සුනිල්ට ලොතරැයියක් ඇදේ

එක්සත් ජනතා නිදහස් සංධානයේ අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුව ලියනගේ සුනිල් විසින් දූෂණය කළ 14 හැවිරිදි දැරිය වස පානය කොට පසුගිය දෙසැම්බර් 27 වන දා මිය ගොස් තිබේ. 

දැරියගේ මව 2004 සුනාමියෙන් මිය ගොස් ඇති අතර මෙම සිද්ධියෙන් පසුව දියණියගේ රණවිරු පියා තම ජීවිත ආරක්ෂාව හා දියණියගේ අනාගතය ගැන කල්පනා කර දකුණු පළාත අතහැර බස්නාහිර පලාතට ගොස් ජීවත් වී තිබේ.


Monday, February 4, 2013

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ගුගල් doodles වෙත එකතු වෙයි - Google doodles on Sri Lanka Independence day



ලොව අංක එකේ සෙවුම් යන්ත්‍රය වන ගුගල් සෙවුම් යන්ත්‍ර සේවාව විසින් පවත්වාගෙන යන doodles සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ 65 වන නිදහස සංකේතවත් කොට තිබේ. 

ලොව වටා සැමට (ශ්‍රී ලංකාවද ඇතුළුව) www.google.lk මගින් පිවිසෙන විටත්, ශ්‍රී ලංකාවෙන් www.google.com වෙත පිවිසෙන විටත් මෙය දර්ශනය වන ලෙස සකසා ඇත.
ගුගල් doodle යනු ගුගල් සෙවුම් යන්ත්‍රයේ සලකුණ වෙනුවට වැදගත් දිනයන් හා උත්සව අවස්තාවන් වලදී ගුගල් සලකුණ එයට ගැලපෙන ආකාරයෙන් සකස් කරන්නාවූ සේවාවකි. එහිදී අපට ගුගල් වෙත වැදගත් අවස්තාවන් දිනයන් පිලිබඳ යෝජනා කල හැකි අතර ඔවුන් ඒවා සලකා බලා එයට ගැලපෙන නිර්මාණයක් සිදුකොට doodles ලෙසින් අන්තර්ජාලයට මුදාහරිනු ලබයි.


Sunday, February 3, 2013

යළි ඉපැදී සිටින ඩඩ්ලි සේනානායක මීළඟ රාජ්‍ය නායකයාද?


පසුගිය දිනක ජාතික පුවත්පතකවෙනස් ආකාරයේ පුවතක් පලවිය. රජයට සහය දක්වන පුවත්පතක් වන දිවයින පුවත්පතේ ජෝතිර්වේදියකු විසින් එවන ලද ලිපියක් මගින් පැහැදිලිකොට තිබුනේ ඩඩ්ලි සේනානායක මහතා යලි ඉපදී ඇති බවත් ඒ මහතා 2016 ශ්‍රී ලංකාවේ රාජ්‍යය නායකයා වනු ඇති බවය.

1974 දී රජරට ප්‍රදේශයේදී ඩඩ්ලි සේනානායක නැවත උපතලද ඇති බවත් දැන් වයස අවරුදු 39 ක් බවත් ඔහුගේ ඇති පුණ්‍ය මහිමයෙන් සියලු බාධා මැඩපවත්වා 2016 වසරේදී රාජ්‍ය නායකයා බවට පත්වී වසර 20 ක් දැහැමිව රට පාලනය කරන බව එම ලිපියෙන් දක්වා තිබුනේ ඉන්දියාවේ සෘෂි වරුන්ගේ නාඩි වාක්‍ය ඇසුරින් දැනගත් බව පවසමින්. 


එමෙන්ම එම සෘෂිවරුන් විසින් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ පිළිබඳවද මෙසේ දැක්වෙයි

Saturday, February 2, 2013

අයිපෑඩ් හොරකම් කළ නිරූපිකාවගේ අතුරු කතාව - iPad Model's True Story

zwhs mEâ fydrlï l;djZ
.kqfokqjla u.yeßh
jHdmdßlhd 
ug uv .ykak lrmq jevla

-  il=rd meyeÈ,s lrhs

whsmEâ fidrlfï .sh ksrEmsldj ms<sn| mqj;g wod< we;a; l;dj úia;rjQ l;djg fjkia tlla nj tu isoaêhg uqyqK mE 21 yeúßÈ ;reKsh jk il=rd fi!uHd l=udß  meyeÈ,s lrkq ,enqjd'


fï .ek uq,ska jd¾;djQfha miq.sh Èkl fuu ielldßh fld,a¨msáfha fl%ialeÜ idmamq ixlS¾Kfha idmamqjlg oekaùula ,nd.ekSug wjYH nj mjid f.dia tys whs;slre we;=<g .sh fõ,dfõ Tyqf.a whsmEâ tl fidrlï lr  we;s njh'
kuq;a il=rd fi!uHd l=udß mjikafka weh tu whs mEâ tl whs;slre bÈßmsg Tyq ±kqj;aj t;ekska /f.k wd nj;a Tyq ;udg isÿ l< uqo,a fkdf.ùula iïnkaOj wemhg th ,nd.;af;a tu uqo,a kej; ÿka miq whsmEâ tl ndrfok woyiska nj;ah'

zuu we;a;gu ksrEmsldjla fkfuhs' W;aij j,g ksrEmsldjka imhk flfkla'

රු. කෝටියක වන්දි ඉල්ලා ඉරාජ්ට නඩු

"මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ" පැරණි ගීතයේ පද මාලාව වෙනස් කර තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි ඉරාජ් වීරරත්නට එරෙහිව රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා තිබේ.

එම ගීතය ලියා තිබෙන්නේ 1950 වසරේදී හර්බට් එම් සෙනවිරත්න මහතා විසිනි. නඩුව පවරා ඇත්තේ දැන් ගීතයේ දැන් හිමිකරුවන් වන ඔහුගේ බිරිඳ වන ස්වර්ණා ලක්ෂ්මී සෙනවිරත්න සහ පුත් චින්තන සෙනවිරත්න විසිනි.



පවිත්‍රා බැසිල් ඉදිරියේ දෙකට නැමෙයි ?

මර්වින් සිල්වා චන්ද්‍රිකා කුමාරතුංග සමයේ ඇගේ විශ්වාසවන්ත මංත්‍රීවරයෙක් විය. වරක් මර්වින් චන්ද්‍රිකාට වැන්දේය.

මර්වින් සිය කැබිනට් අමාත්‍යධූරය ලබාගත්තේ ජනාධිපතිවරයාගේ දෙපා මුල සුනඛයකු සේ වැටීමෙනි.

මර්වින් සිල්වාට විරුද්ධව කෙතරම් චෝදනා එල්ලවුවද තවමත් මර්වින් වරදකරුවෙකු වී නැත.

සරණ ගුණවර්ධන ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමති ලෙස වැඩ බාරගත්තේ බැසිල් රාජපක්ෂට වැඳවැටීමෙනි. කෙතරම් කප්පම් චෝදනා එල්ල වුවද ඔහු තවමත් යහතින් සිටී.

Thursday, January 31, 2013

අපි තවම බැන්දේ නෑ - නෙහාරා (We are not married, yet - Nehara)

මේනක හා නෙහාරා විවාහ ගිවිසගෙන තිබෙන පුවතක් පසුගියදා අප ඔබට ගෙන ආවා.

නමුත් ඔවුන් දෙදෙනා පවසන්නේ තවමත් ඔවුන් විවාහ ගිවිසගෙන නොමැති බවයි.

ඒ පිලිබඳවත්, එම පුවත පිළිබඳ වෙබ් අඩවි වල පලවන ප්‍රතිචාර සම්බන්ධවත් නෙහාරා පුවත්පතකට අදහස් දක්වා තිබෙන්නේ මෙලෙසින්.


ඔබ නෙහාරා සමග විවාහ ගිවිසගත් බවට ආරංචියක් මේ දිනවල පැතිරෙනවා. එය ඇත්තක්ද ?

නැහැ. ඒක බොරු කතාවක් අපි තවමත් විවාහ ගිවිස ගෙන නැහැ.

නමුත් ඔබත් නෙහාරත් පසුගිය දිනෙක විවාහ ගිවිස ගත්බව ඇතැම් මාධ්‍යයන්හි පළකොට තිබුණා?

ගණිත හා විද්‍යා ප්‍රථම ස්ථාන දෙකම රාජපක්ෂ විදුහලට


කලා, වාණිජ, තොරතුරු තාක්ෂණික විෂයන් තුනේ දිවයිනේ ප්‍රථම තිදෙනා එකම පාසලකින් 
මෙයට පෙර අප වාර්තා කලේ ගණිත හා විද්‍යාව අංශයෙන් දිවයින ප්‍රථමයා වී ඇත්තේ හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ පාසලේම සිසුන් දෙදෙනෙකු බවයි. මේ වනවිට අප වෙත වාර්තා වන්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් තිදෙනෙකු කළා වාණිජ හා තොරතුරු තාක්ෂණික අංශයන්ගෙන් දිවයින් ප්‍රථම ස්ථානයන් ලබාගෙන තිබෙනවා. 

ඒ අනුව දෙවි බාලිකා විද්‍යාලයේ උපෙෂා සෙව්වන්දි කලා අංශයෙන්ද ශේශානි ගුණතිලක වාණිජ අංශයෙන්ද සමාලි ලියනගේ තොරතුරු තාක්ෂණික අංශයෙන් ප්‍රථම ස්ථාන ලබා තිබෙනවා
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ දින රාත්‍රීයේ අන්තර්ජාලයට නිකුත් කරන ලදී.

ඒ අනුව මෙවර ගණිත හා විද්‍යා අංශ දෙකෙහිම ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ මාධ්‍ය මහා විද්‍යාලයටය.

ඒ අනුව රුසිරු ගාම්භීරආරච්චි ගණිත අංශයෙන්ද කසුන් ලක්මාල් විද්‍යාව අංශයෙන්ද දිවයිනේ ප්‍රථමයන් වී තිබෙනවා.

ඔවුන්ගේ ප්‍රතිඵල සටහන බලන්න පහතින්.

අරුණි රාජපක්ෂගේ අළුත්ම පෙම්වතා (Aruni Rajapaksa's New Boy Friend)

2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ, සරත් අමුණුගමගේ ඥාති පුත් දිලුම් අමුණුගමගේ එක් බිරියක්ව විවාහවී තිබූ බව පසුගිය කාලයේ වාර්තා වුනා.

2012 වසරේ ජූනි මාසයේ පුවත්පතකට ඇය පවසා තිබුනේ තමන්ට පෙම්වතෙක් නැති බවත්, තෝරාගන්නා කෙනා අඩි 6 ට වඩා උස විය යුතු බවත්ය.

නමුත් ඊට මාස දෙකකට පසුව ඇය පුවත්පතකට පවසා 
තිබුනේ  තමන්ට පෙම්වතෙක් සිටිනා බවත්, කලින් විවාහ වීම පිළිබඳ කිසිවක් නොදන්නා බවත්, එම ජායාරූප තමන් නොදුටු බවත්ය.

Wednesday, January 30, 2013

සුමනා ගෝමස්ගේ ඇමරිකාවේ ජායාරූප (Sumana Gomas New Photos - USA)





ජනාධිපතිවරයා පවිත්‍රාටම විදුලිබල ඇමතිකම දුන්නේ ඇයි?


පසුගියදා වූ කැබිනට් අමාත්‍යධූර වෙනස්වීමේදී චම්පික රණවකගේ විදුලි බල ඇමති ධූරය ජනාධිපතිවරයා විසින් පවිත්‍රා වන්නිආරච්චි වෙත ලබාදුන්නා.

එයට හේතුව ඊයේ ජනාධිපතිවරයා විසින් පැහැදිලි කර තිබුණා.

Monday, January 28, 2013

සුදු අයට මම කැමති නෑ - ශලනි තාරකා (I don't like white guys - Shalani Tharaka)

සිරස කුමරිය ලෙස තේරී පත්වීමෙන් පසු නිළියක් ලෙස කලා ලෝකයට පැමිණි ශලනි තාරකා ඩාන්සින් ස්ටාර් තරඟයේදී කැපී පෙනෙන නර්තනයක යෙදුනා.

පසුව නළු නිළි යුවළගේ බාල පුතු වන සංකේත් අභිලාෂ් වික්‍රමගේ හා ශලිනි තාරකා පිළිබඳව පසුගිය කාලයේ කටකතා පැතිර තිබුණා.

කෙසේ වුවද ශලනි තාරකාගේ අනාගත සහකරුවා කෙබඳු අයෙකු විය යුතුද යන්න ඇය පවසා තිබෙනවා.

ඒ අනුව සුදු අයට අකමැති බවයි ඇය පවසන්නේ.
 

"මම එච්චර උස නැති හින්දා උස අය ගැන පුංචි විශේෂත්වයක් මගේ හිතේ තිබුණා. ඒ වගේම සුදු අයට මම කැමති නැහැ. ඒ හින්ඳා මගේ හිතේ ඇඳුනු රූපයක් තිබුණා.

ඇමති ධූර වෙනසක් - පරණ බූරු කුට්ටමම යලිත් අනයි (Sri Lanka President changes 10 ministerial portfolios in cabinet reshuffle)

ජයේ අමාත්‍යධූර සංශෝධනයක් අද සිදුවුණා. 

නව සංශෝධනය අනුව ඇමති ධූර කිහිපයක් වෙනස්වීමකට ලක්කර තිබෙන අතර අමාත්‍යවරුන් 10 දෙනෙක්, ව්‍යාපෘති අමාත්‍යවරුන් දෙදෙනෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරු 6 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දී තිබේ

අගවිනිසුරුවරියට ගෙන ආ දෝෂාභියෝගයේදී සැලකිය යුතු කාර්යභාරයක් සිදුකළ පවිත්‍රා වන්නිආරච්චි හට විදුලිබල අමාත්‍යධූරය ලැබී ඇති අතර චම්පික රණවකට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ධූරය ලැබී තිබේ

නව සංශෝධනය අනුව සීනි කර්මාන්තය සඳහා වෙනම අමාත්‍ය තනතුරක් ඇතිකර තිබේ. එමෙන්ම උද්භිද උද්‍යාන සඳහාද ඇමතිවරයෙක් සිටී. අධ්‍යාපනය වෙනුවෙන් සිටින ඇමතිවරයා පන්නා දැමීම වෙනුවට ඔහු සිටියදී තවත් නව ඇමති ධූරයක් ඇතිකර තිබේ

නව සංශෝධන අනුව අමාත්‍ය ධූර වෙනස්වී ඇත්තේ මේ ආකාරයටය.



බුදුන් වහන්සේ මහියංගනයට වැඩමකළේ චූලෝදර මහෝදර ආරවුල විසඳීමටයි- නිමල් සිරිපාල

දුරුතු පෝය දින බුදුරජානන් වහන්සේ මහියංගනයට වැඩම කළේ චූලෝදර මහෝදර මැණික් පුටුවේ ආරවුල විසඳීමට බව නිමල් සිරිපාල අමාත්‍යවරයා පෙරේදා පවසා තිබුණා.

ඒ මහියංගන විහාරස්ථාන පුදබිමේ පිහිටි විල්ලුවපිටිය වැවේ මංගල දියවර නිකුත්කිරීමේ උත්සවයේදී ජනතාව අමතමිනි.

පෝයදා කළ එම එම ප්‍රකාශයත් සමඟ එතැන සිටි කුඩා ළමයින් පවා ඇමතිවරයාගේ දැනුම ගැන විශ්මයට පත්වී තිබෙනවා.



එකක් බදු රහිතව රු. කෝටි 3.8 පමණ වන රෝල්ස් රොයිස් කාර් 50 ක් ලංකාවට? (50 Rolls Royce to Sri Lanka?)


ශ්‍රී ලංකාවට ගෙන්වන ලද නවතම රෝල්ස් රෝයි රථයයි මේ. අප වෙත තොරතුරු ලබාදෙන පාර්ශවයක් මෙම ජායාරූප එවන ලදී.

ඔහු පවසන පරිදි මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා පැමිණෙන ප්‍රභූන්ගේ භාවිතය සඳහා ගෙන්වා තිබෙන අතර තවත් මෙවැනිම රෝල්ස් රෝයි රථ 50 ඉදිරියේදී ගෙන්වීමට නියමිතය.

එහෙත් අප කල සොයාබැලීමකදී තවත් පාර්ශවයක් හෙළිකර සිටියේ මෙය "ප්රෙස්ටිජි" නම් ආයතනය සිදුකල පෞද්ගලික අනයනයක් බවයි.

එහි කිසියම් සත්‍යතාවයක් පැවතිය හැකිය . මෙවැනි රථ එංගලන්ත රැජින
වත් භාවිතා නොකරන අතර 2011 වසරේ ඔස්ට්‍රලියාවේ පැවතී පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවවේදීද රැජින සඳහා භාවිතා කරන ලද්දේ රේන්ජ් රෝවර් රථයකි.


Share this article with your friends