Monday, December 5, 2011
ඇමතිලා මන්ත්‍රීලා ක්‍රිකට් ගැසීමට සැරසෙති
පාර්ලිමේන්තු මැති ඇමතිවරු පක්ෂ බේදයකින් තොරව ර්ක්දින ක්‍රිකට් තරඟයක් පැවැත්වීමට තීරණය කර ඇත.මේ නම්කොට ඇත්තේ "කතානායක ක්‍රිකට් කුසලාන" තරඟය යනුවෙනි.
මෙම ක්‍රිකට් තරඟයේ පිල් දෙක ලෙසින් ක්‍රීඩා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පාර්ලිමේන්තු අමාත්‍යවරු කණ්ඩායමයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ප්‍රබලයන් වූ මන්ත්‍රී සනත් ජයසුරිය සහ අර්ජුන රණතුංග ක්‍රීඩා කිරීමට නියමිතයි.
දුමින්ද සිල්වාගේ වෙඩි වැදුන මොළය
පසුගියදා මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ හිසට වෙඩි උණ්ඩ තුනක් ඇතුලත් වූ අතර බරපතල තත්වයෙන් රෝහල් ගත කරනලදී.
මේ වනවිට දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට වෙඩි තැබුවේ කව්රුන් විසින්දැයි යන්න උසාවියේ විභාග වන අතර පහතින් දැක්වෙන්නේ දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා විසින් වෙඩි වැදුණු දුමින්ද සිල්වාගේ හිසෙහි ජායාරුප හා වෛද්‍ය වාර්තා ඉදිරිපත්කර තිබුණු අයුරුයි.
මමත් චන්දෙට ඉල්ලනවා - උපාලි ධර්ම්දාස මහතා පවසයි
ජනවාරි මස 03 වන දින පවත්වන්නට නියමිත ක්‍රිකට් පාලක මණ්ඩල නිලවරණයේ සභාපතිධූරය සඳහා තමන් තරග කරන බව ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපති උපාලි ධර්මදාස මහතා පවසයි.
සුළු වේලාවකින් රී- චාර්ජ් කළ හැකි බැටරියක්
ජංගම දුරකථන සහ ලැප්ටොප් සඳහා භාවිත කරනු ලබන බැටරි කෙටි කාලයකින් රී- චාර්ජ් කළ හැකි තාක්ෂණයක් අමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් විසින් හඳුනා ගනු ලැබ තිබේ.
ඔවුන් පවසන්නේ, නව බැටරිය වසර 5ක පමණ කාලයකින් වෙළඳපොළට හඳුන්වා දිය හැකි බවයි.
Sunday, December 4, 2011
සරත් ෆොන්සේකාට සමාව දීමට ජනාධිපති සුදානම්
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු හමුදාපති සරත්ෆොන්සේකා මහතාගේ පවුලේ සාමාජිකයන් මුණගැසී ෆොන්සේකා මහතා නිදහස් කිරීමට ඇති ඉඩකඩ පිලිබඳ සොයාබැලීමට සුදානම් බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල ජයසේකර මහතා කියා සිටිනවා.
Saturday, December 3, 2011
ඒඩ්ස් මර්දන වැඩසටහන් සමලිංගික සංවිධානයකට
පසුගිය දෙසැම්බර් 1 වෙනිදාට ලෝක ඒඩ්ස් දිනය යෙදී තිබුනා. ඒඩ්ස් මර්දනය කිරීමේ පිළිවෙළ දැනුවත් කිරීමේ වැඩසටහන් 2015 වසරේ සිට ක්‍රියාත්මක කිරීම "ගමන් මගේ සහකරුවෝ" නැමැති සමලිංගික සංවිධානයක් වෙත භාරදීම සඳහා ඒඩ්ස් සහ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය මේ දිනවල රහස් සාකච්ඡාවක් පවත්වමින් සිටින බව වාර්තා වෙනවා.
ඒ අනුව ඒඩ්ස් පිළිබඳ සම්පූර්ණ ප්‍රචාරන කටයුතු මෙම සංවිධානයට පැවැරෙන අතර එය අනියම් ආකාරයෙන් මෙරට තුළ සමලිංගික සබඳතා නිත්‍යනුකූල කිරීමකට එය දිරි දීමක්ද වනවා.
ඒ අනුව ඒඩ්ස් පිළිබඳ සම්පූර්ණ ප්‍රචාරන කටයුතු මෙම සංවිධානයට පැවැරෙන අතර එය අනියම් ආකාරයෙන් මෙරට තුළ සමලිංගික සබඳතා නිත්‍යනුකූල කිරීමකට එය දිරි දීමක්ද වනවා.
Subscribe to:
Posts (Atom)



