Tuesday, December 6, 2011
ශ‍්‍රීපාදස්ථානය භාරකාර හිමියන් රක්‍ෂිත බන්ධනාගාරයට
ශ්‍රීපාදස්ථානයේ භාරකාර දම්පහල ශීලානන්ද නාහිමියන් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඩ් කර ඇතැයි වාර්තා වේ.
ලංකාවේ සිදුවූ අවයව ජාවාරම පිලිබඳ කතාව බොරුවක්
ලංකාවේ සිදුවූ අවයව ජාවාරම
පිලිබඳ කතාව බොරුවක්
පසුගියදා රටම කැළඹු පුවතක් වුයේ මහනුවර කාන්තාවක් පැහැරගෙන ගොස් ශරීර අවයව ගැනීමට උත්සාහ කල පුවතයි.
ලංකාවේ ශරීර අවයව ජාවාරම දුලභ සිදුවීමක් වන අතර මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකිරීමට මධ්‍යම දිසා ත්‍රස්ත විරෝධී මෙහෙයුම් ඒකකයට පවරනු ලැබිය.
Monday, December 5, 2011
සුනඛයෙක් පැනීම නිසා අධිවේගයේ කාරයක් පෙරලෙයි
අධිවේගියේ ගමන් කල සුනඛයෙක් නිසා ඊයේ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් පෙරලි ගොස් තිබුනා.
කාන්තාවක් විසින් ධාවනය කල එම මෝටර් රථය පාලනය කිරීමට නොහැකිව පෙරලි ගොස් තිබුනේ එම සුනඛයා මගහැරීමට ගොසිනුයි.
ඇමතිලා මන්ත්‍රීලා ක්‍රිකට් ගැසීමට සැරසෙති
පාර්ලිමේන්තු මැති ඇමතිවරු පක්ෂ බේදයකින් තොරව ර්ක්දින ක්‍රිකට් තරඟයක් පැවැත්වීමට තීරණය කර ඇත.මේ නම්කොට ඇත්තේ "කතානායක ක්‍රිකට් කුසලාන" තරඟය යනුවෙනි.
මෙම ක්‍රිකට් තරඟයේ පිල් දෙක ලෙසින් ක්‍රීඩා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පාර්ලිමේන්තු අමාත්‍යවරු කණ්ඩායමයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ප්‍රබලයන් වූ මන්ත්‍රී සනත් ජයසුරිය සහ අර්ජුන රණතුංග ක්‍රීඩා කිරීමට නියමිතයි.
දුමින්ද සිල්වාගේ වෙඩි වැදුන මොළය
පසුගියදා මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ හිසට වෙඩි උණ්ඩ තුනක් ඇතුලත් වූ අතර බරපතල තත්වයෙන් රෝහල් ගත කරනලදී.
මේ වනවිට දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට වෙඩි තැබුවේ කව්රුන් විසින්දැයි යන්න උසාවියේ විභාග වන අතර පහතින් දැක්වෙන්නේ දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා විසින් වෙඩි වැදුණු දුමින්ද සිල්වාගේ හිසෙහි ජායාරුප හා වෛද්‍ය වාර්තා ඉදිරිපත්කර තිබුණු අයුරුයි.
මමත් චන්දෙට ඉල්ලනවා - උපාලි ධර්ම්දාස මහතා පවසයි
ජනවාරි මස 03 වන දින පවත්වන්නට නියමිත ක්‍රිකට් පාලක මණ්ඩල නිලවරණයේ සභාපතිධූරය සඳහා තමන් තරග කරන බව ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපති උපාලි ධර්මදාස මහතා පවසයි.
සුළු වේලාවකින් රී- චාර්ජ් කළ හැකි බැටරියක්
ජංගම දුරකථන සහ ලැප්ටොප් සඳහා භාවිත කරනු ලබන බැටරි කෙටි කාලයකින් රී- චාර්ජ් කළ හැකි තාක්ෂණයක් අමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් විසින් හඳුනා ගනු ලැබ තිබේ.
ඔවුන් පවසන්නේ, නව බැටරිය වසර 5ක පමණ කාලයකින් වෙළඳපොළට හඳුන්වා දිය හැකි බවයි.
Subscribe to:
Posts (Atom)





