Thursday, December 8, 2011
අසැබි වෙබ් අඩවි වෙනුවෙන්ම නව ඩොමේනයක්
මෙතැන් පටන් XXX ඩොමේනයන් භාවිතයට මුදා හරින බවට අලුත්ම වාර්ථා පවසයි. අසැබි අඩවි 100,000 පමන මෙම නව ඩොමේනයත් සමග එක්වනු ඇති බවට බලාපොරොත්තු පලවී ඇත. ඩොලර් 80 සිට මෙම ඩොමේනයන් මිල කිරීමට නියමිත අතර එම වෙබ් අඩවි දෛනිකව මැකාෆි ආරක්ශක මෘදුකාංගය අසුරෙන් හානිකර මෘදුකාංගවලින් තොර බවට සොයා බැලෙන බවටත් පැවසේ.
අරාෂ් ලංකාවට පැමිණෙයි
සන් එෆ්.එම් විසින් සංවිධානය කරනු දෙසැම්බර් 9 වනදා පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගයට සහභාගී වීම සඳහා අරාෂ් අපසුගියදා ලංකාවට පැමිණියා.එහිදී ලබාගත් ජායාරුප කිහිපයක් පහතින් බලන්න
උසස් පෙළ ප්‍රතිපල තවත් ප්‍රමාදයි.
පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වූ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිපල තවත් සතියකින් පමණ ප්‍රමාද වන බව වාර්තා වෙනවා.
නිරෝෂා විරාජිනීගේ තෙවැනි විවාහයත් අසාර්ථකද?
‘සිත හඬයි’ ගීතයෙන් මීට වසර විස්සකට පමණ පෙර සංගීත දිවිය ඇරඹූ නිරෝෂා විරාජිනී ඉතා ඉක්මනින් ජනප්‍රිය වූයේ විරහ ගීයෙන් සිත් ඇදගන්නා මධුර ස්වරයක් ඈ සතුව වූ නිසයි.
ඇය තෙවන වරට විවාහ වුනේ දෙරණ රූපවාහිනී නාලිකාවේ අලෙවි අංශයේ යසන්ත නිමලතේජ සමඟයි. ඒ 2009 ජූලි 29වනදා කොළඹ ගලදාරී හෝටලයේ දී. නමුත් එම විවාහයත් මේ වනවිට අසාර්ථක වී තිබෙනවා.
Wednesday, December 7, 2011
ෆොන්සේකාට විතරක් පහසුකම් බෑ - මර්වින්
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් මහජන කටයුතු සම්බන්ධතා අමාත්‍යවරයා වන මර්වින් සිල්වා අපුරු කතාවක් කළේය.
පහත දැක්වෙන්නේ එම කතාවයි.
"රට පාවා දුන්න ජාතිය පාවා දුන්න හමුදාව පාවා දුන්න අධිකරණයෙන් දඬුවම් දුන්න සරත් ෆොන්සේකා නිදහස් කරගන්න කියල යන්න හදනවා ධවල මන්දිරයට ඇමරිකාවට. ඉතින් ඔබාමට පුලුවන්ද ලංකාවේ හිරකාරයෝ නිදහස් කරන්න.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද සිට වේග සිමා කඩකිරීම තහනම්
මෑතකදී විවෘත වූ ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කල ටික කලකින්ම අනතුරු විශාල සංඛ්‍යාවක් වාර්තා විය.
එයට හේතුව වුයේ පැනවූ වේග සීමාව වන පැයට කිලෝමීටර් 100 ක වේගය ඉක්මවා යාමයි.
අධිවේගියේ මෙතෙක් කල් වාහන ගමන් ගත් ආකාරය දෙආකාරයට බෙදා වෙන්කළ හැක.
Tuesday, December 6, 2011
ශ‍්‍රීපාදස්ථානය භාරකාර හිමියන් රක්‍ෂිත බන්ධනාගාරයට
ශ්‍රීපාදස්ථානයේ භාරකාර දම්පහල ශීලානන්ද නාහිමියන් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඩ් කර ඇතැයි වාර්තා වේ.
ලංකාවේ සිදුවූ අවයව ජාවාරම පිලිබඳ කතාව බොරුවක්
ලංකාවේ සිදුවූ අවයව ජාවාරම
පිලිබඳ කතාව බොරුවක්
පසුගියදා රටම කැළඹු පුවතක් වුයේ මහනුවර කාන්තාවක් පැහැරගෙන ගොස් ශරීර අවයව ගැනීමට උත්සාහ කල පුවතයි.
ලංකාවේ ශරීර අවයව ජාවාරම දුලභ සිදුවීමක් වන අතර මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකිරීමට මධ්‍යම දිසා ත්‍රස්ත විරෝධී මෙහෙයුම් ඒකකයට පවරනු ලැබිය.
Subscribe to:
Posts (Atom)






