අප නිවාස අලංකරණය සදහා බවිත කරන තීන්තවල අන්තර්ගතය ගැන ඔබ කවදා හෝ සිතුවද ? තීන්ත ගා විගස දැනෙන සුවද එන්නේ කුමක් නිසාද? තීන්ත මෙතරම් ඉක්මනින් ජලයේ දිය වන්නේ කුමක් නිසාද ? තීන්ත බාල්දියකට ඇත දැමු විට අතට සීතලක් දැනෙන්නේ මක් නිසාද? මේ ආදී විවිදාකාර දේවල් තීන්ත සමග සගවා ඇති බව ඔබ මදෙකට සිතුවාද ?
අද ලෝකයේ බොහෝ තීන්ත වර්ග EPA enviranmental protection agency නම් සංවීදානයට අනුකුලව තීන්ත සදහා රසායනික සංයුතිය තීරණය කරනු ලබන නමුත් ලංකාවේ එය කෙසේ වෙතත් සාමාන්‍ය සංයුතීන් ඉක්මවා වෙළදපොල ගැන පමණක් සිත තීන්ත නිෂ්පාදනය කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම විසින් සිදු කල පර්යේෂණයට අනුව තහවුරු වී ඇත. ප්‍රදාන වශයෙන් තීන්ත දිය කිරීම සදහා පහසු කිරීමට යොදා ගන්න සමහර තීන්ත වර්ග වල රසදිය ප්‍රතිශතය 12% අන්තර්ගත වී ඇති බවද අනිත් තීන්ත වර්ග වල එය 4% ලෙසද තහවුරු වී ඇත .