Chitika Smowtion 468x60


Wednesday, December 14, 2011

අධිවේගී මාර්ගයේ බස් රථ



මෑතකදී විවෘත වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහි බස්රථ ධාවනයට අවසර දීම කල් දමනු ලැබිය.එයට හේතු ලෙස පහත කරුණු ඉදිරිපත් වුනි. 
  • පැයට කි.මී. 60ත් 120ත් අතර වේග සීමාවක ධාවනය කිරීමට හොද මට්ටමේ බස් රථ නොතිබීම
  • අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය සඳහා සුදුසු පරිදි මං තීරුවල ඉඩ නොතිබීම (ඒ අනුව බස් රථයක් කාර්මික දෝශයකට ලක්වුවහොත් අධිවේගී මාර්ගයේ ඒ සඳහා නිෂ්චිත ඉඩක් නොමැති වීම)
  • අත්දැකීම් සහිත රියදුරන් නොමැතිවීම
    වැනි කරුණුයි.

    අද රාත්‍රි 10 න් පසු ජෙමිනිඩ්ස්‌ උල්කාපාත වර්ෂා


    වාර්ෂිකව හට ගන්නා උල්කාපාත වර්ෂා අතර වසරේ අවසන් උල්කාපාත වර්ෂාව වන "ජෙමිනිඩ්ස්‌" උල්කාපාත වර්ෂාව අද (14 වැනිදා) රාත්‍රි හට ගැනීමට නියමිතය. ශ්‍රී ලංකාවට දිස්‌වන මෙම උල්කාපාත වර්ෂාව අද රාත්‍රි 10 න් පසු පාන්දර 5.00 ට පමණ වන තෙක්‌ අහස නිරීක්‍ෂණය කළොත් මිථුන රාශිය පසුබිම්කර හට ගන්නා අන්දම පියවි ඇසින් දැකගත හැකිය.
    දිගු වේලාවක්‌ අහස නිරීක්‍ෂණය කළහොත් පැයක පමණ කාලයක්‌ තුළ දීප්තිමත් ආලෝක ධාරා විහිදුවමින් අහසේ දකුණු දෙසින් උල්කාපාත 45 ක්‌ පමණ ඈත අවකාශයේ සිට පෘථිවිය දෙසට ඇදී එන අන්දම දැකගත හැකිය. එහෙත් මෙම දිනවල පවතින වැසිබර කාලගුණයත් අහසේ වලාකුළු අධික වීමත් මෙම උල්කාපාත වර්ෂාව පැහැදිලිව බලා ගැනීමට බාධාවක්‌ වීමට ඉඩ ඇත.

    අදත් එළවළු නැහැ. - විරෝධතාවලදී 66ක් අත්අඩංගුවට.


    එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීමට විරෝධය පළ කරමින් ගොවීන් ආරම්භ කළ උද්ඝෝෂණ හේතුවෙන් අද (14)  දිනයේත් කොළඹ මැනිං වෙළෙදපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන වලට එළවළු ලොරි පැමිණ නැහැ. මැනිං වෙළෙදපොළේ වෙළෙද සංග මයේ සභාපති ලාල් හෙට්ටිගේ සඳහන් කළේ අද (14)  අලූයම කිසිදු එළවළු ලොරියක් වෙළෙදපොළට පැමිණ නොමැති බවයි. 
    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (13) රාත‍්‍රියේ අල ලොරි 2ක් පමණක් පැමිණ ඇති අතර එහි ආරක්ෂාවට පොලිසිය සහ යුද හමුදාව ද යොදවා තිබෙනවා. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ ඇත්තේ එක් එළවළු ලොරියක් පමණයි.

    උදයන්ති සමඟ අනග රැඟුමක් තිබුනේ නැහැ - ධනංජය


    ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘මිලා’ මෙගා ටෙලි නාට්‍යහි අත්තනගල්ල ප‍්‍රදේශයේ වලව්වක පසුගියදා සිදුකළ රූගත කිරීමක් එහි ප‍්‍රධාන චරිත සඳහා පණ පොවන උදයන්ති කුලතුංග හා ධනංජය සිරිවර්ධනගේ අනග රැඟුමක් හේතුවෙන් අත් නොහැරිය බවත්, එවැනි කිසිදු සිදුවීමක් නොවූ බවත්, ධනංජය සිරිවර්ධන කියයි. ඔහු මේ බව කියා සිටියේ ‘උදයන්තිගේ අනග රැගුමෙන් ෂූටින් නවතියි’ යන උධෘතය යටතේ 2011 අපේ‍්‍රල් 01 වැනි සිකුරාදා අප වෙබ් අඩවියේ කලා තීරයේ පලවූ පුවතක් නිවරදි කර දෙන ලෙස ඉල්ලමිනි.

    Tuesday, December 13, 2011

    ඊලියන්ත වයිට් ගේ රෙදි ගැලවේ



    තමන්ගේ ශුක්‍රානු සිරින්ජරයකට දමා දරුඵල ලබා දුන් ඊලියන්ත

    ඊලියන්ත ලින්ඩ්සේ වයිට් හෙවත් රාජකීය අනුග්‍රහය ලැබූ අරුම පුදුම ජීවකයා ගැන පසුගිය කාලයේ බොහෝ සෙයින් කතා බහට ලක්වුයේ ඔහු විසින් ප්‍රතිකාර කරනලද රෝගීන් බොහෝමයක් තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාවට ලක්විම හේතුවෙනි.


    ඊයේ සහ අද දිනයන්හි නෙත් එෆ්.එම් හි බැලුම්ගල වැඩසටහන මගින් ඊලියන්ත වයිට් පිලිබඳ බොහෝ කරුණු අනාවරණය කරනු ලැබුවා.

    15 වනදා විවෘත වන නෙළුම් පොකුණ ජාතික කලා රඟහල



    කොළඹ හත නොමෑන්ඞ්ස් පිටියේ ඉදිවන දකුණු ආසියාවේ විශාලතම රඟහල ලෙසින් සැළකෙන ජාතික ප‍්‍රසාංගික කලා රඟහල මේ මස පහළොස්වනදා විවෘත කිරීමට සැළසුම් කර ඇත. 

    පොළොන්නරුවේ නෙළුම් පොකුණේ ආකෘතියට අනුව ඉදිකර ඇති මෙය නෙලුම් පොකුණ ජාතික ප‍්‍රසාංගික කලා රඟහල යනුවෙන් නම්කිරීමට කලින් යෝජනාවී තිබුනත් පසුව එය "නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ ජාතික කලා රඟහල" යනුවෙන් වෙනස්කොට ඇත.
     මහල් පහකින් සමන්විත රංග ශාලාව නිර්මාණය කර ඇත්තේ සැලසුම් ශිල්පී මහාචාර්ය නිමල් සිල්වා මහතා අතිනි.

    ස්වාධින රූපවාහිනියට නාමල්ගෙන් කනේ පාරක්




    පවුලේ නාලිකාව ලෙසින් හදුන්වන නාලිකාවක් ජනාධිපතිතුමාගේ පවුලේ නාලිකාව බවට පත්ව ඇති බව ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ එය සත්‍යයක් බවත් එමගින් සිය පවුලේ සාමාජිකයන් අපහසුතාවයට පත්වන බවයි. 

    එහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා 


    "ගයන්ත මන්ත්‍රීතුමා කිව්වා රජයේ පවුලේ නාලිකාව කියලා..ඇත්තටම මම ඔබතුමාත් සමග එකඟ වෙනවා..අපි බලාපොරොත්තු වෙනවා..
    විශේෂයෙන්ම රජයේ මාධ්‍යය.. 

    අධිවේගයේ වාහන වලට ගල් ප්‍රහාරයක්



    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගන්න වාහන වලට රාත්‍රී කාලයේ ගල් ප්‍රහාර එල්ල වී ඇතැයි වාර්තා වේ. 

    කුරුදුගහහැතැක්ම 63 වැනි කිලෝ මීටර කණුව අසළ ඇති කන්ද උඩ සිට මෙම ගල් ප්‍රහාර එල්ල වී ඇති බව එම ප්‍රහාරයන්ට ලක්වූ වාහන පැමිණිලි කර තිබෙනවා.

    එවැනි ප්‍රහාරයන්ට ලක්වූ වාහන ගණන 12 ඉක්මනවා.එම කඳුගැටය මුදුනේ අධිවේගී මාර්ගය වෙන් කරන කම්බි දැලට එපිටින් සිට මෙම ප්‍රහාරය සිදු කර ඇත්තේ කවර අරමුණකින්ද යන්න තවම හෙළිවී නැහැ.

    Share this article with your friends