Saturday, December 17, 2011
සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් හැදු තරුණයෙක්
සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් නිපදවීමට 25 හැවරිදි නිලංග සෙනෙවිරත්න ඈපා තරුණයා සමත්වී තිබෙනවා.
තර්ස්ටන් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ඔහු පසු කාලයේ උසස් අධ්‍යාපනය හදාරා ඇත්තේ මැලේසියාවේ "ස්වින්බර්න්" විශ්වවිද්‍යාලයෙනි.
2007 වසරේ ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ හොඳම රොබෝ නිර්මාණය සිදු කර ඇත්තේද ඔහු විසිනි.
කුඩා කල පටන් වාහන සැලසුම් කිරීමට සිහිනි දුටු ඔහු විශ්ව විද්‍යාලයෙන් පිටවූ පසු වසර හතරක කාලයකින් පසුව එය යතාර්ථයක් බවට පත් කරගන්නේ සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් නිපදවීම මගිනි.
ගූගල් වෙතින් නව සොයා ගැනීමක්
ස්වයං ධාවන මෝටර් රථ තාක්ෂණය සඳහා ගූගල් සමාගම අමෙරිකානු පේටන්ට් හිමිකම ලබා ගෙන තිබේ.මිනිසුන්ගේ පාලනයකින් තොරව මෝටර් රථ ධාවනය කළ හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. සංචාරක යින් සංචාරක ආකර්ෂණ ස්ථානවලට රැගෙන යාමට හා දෝෂවලට ලක්වන මෝටර් රථ
අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානවලට යැවීම සඳහා මෙම තාක්ෂණය උපකාරී වනු ඇතැයි, ගූගල් සමාගම පවසයි.ස්වයං ධාවන මෝටර් රථ සඳහා ජී.පී.එස්. තාක්ෂණය යොදා ගැණෙනු ඇති.මේ වන විට අවස්ථා කිහිපයකදී ගූග්ල් සමාගම විසින් ඒ පිළිබඳ අත්හදා බැලීම් කරනු ලැබ තිබේ.
නෙලුම් පොකුණේ මිල ගණන් මෙන්න

හෙළ කලාකරුවන්ගේ කළා කෙත යනුවෙන් හඳුන්වන මෙමරඟහලේ මිල ගණන් පිලිබඳ ඉඟියක් අප ඔබට පෙර ලිපියකින් හෙළි කළා.
පහතින් දැක්වෙන්නේ එහි සවිස්තරාත්මක මිල දර්ශනයයි
ශ්‍රී ලංකන් ගුවන් යානයේ සිදුවූ සිව් වන දරු උපත

පසුව යානයේ පාලන අංශය කලබලයකින් තොරව ඉතාමත් නිශ්ශ්බ්දව මෙම තත්ත්වය පාලනය කර ඇත. බිළිඳා මඳක් දුර්වල තත්ත්වයේ පැවතුණු අතර යානය ගොඩබැස්සවීමෙන් පසු ඉතාමත් ඉක්මණින් බිළිඳා වෛද්‍ය ප‍්‍රතිකාර වලට යොමු කරන ලදි. මෙය ශ‍්‍රී ලංකා ගුවන් යානයක සාර්ථකව දරු උපතක් සිදුවූ සිව් වන අවස්ථාව වේ.
මීට පෙර පසුගිය මාර්තු 31වෙනිදා සවුදි අරාබියේ රියාද් නගරයේ සිට කොළඹ බලා ගමන්ගත් UL266 යානයේ මෙලෙසම දරු උපතක් සිදුවූ අතර 2009 ජනවාරි 14වනදා කොළඹ හරහා ඉන්දුනීසියාව බලා ගමන් ගත් UL264 යානයේදී ඉන්දුනීසියානු කාන්තවකට දරු ප්‍රසූතියක් මෙලෙස සිදු වී ඇත.
එම අවස්ථාවේ ජායාරුප පහතින් බලන්න
අර්ජුන හා අරවින්ද තරඟ පාවා දුන්නා - ගාමිණි ලොකුගේ

ඔහු පැවසුවේ මෙම ක්‍රීඩකයන් දෙදෙනා මුළු ක්‍රීඩා ඉතිහාසයම අඳුරු කර ඇති බවත් ඒ අවස්ථාවේදී ඔවුන් බේරා ගත්තේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාව සිටි තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා බවත්ය.
නමුත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර සිටින්නේ තරඟ පාවාදීමේ චෝදනාවලින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තමා නිදොස් කොට නිදහස් කර ඇති බවයි.
ලොකුගේ අමාත්‍යවරයාගේ කතාව හා අර්ජුනගේ පිළිතුර පහතින් බලන්න
දරුවෙකු ලැබීම ජනප්‍රියත්වයට බාධාවක් නෙවෙයි - උදාරි

දැන් මම දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්. මම දන්නවා මට ඉදිරියේදී රූගතකිරීම් වලට කාලය වෙන් කරන්න බැරි බව. ඒ නිසා මම භාරගත් ටෙලිනාට්‍ය දෙක වන වන්දනා හා සිහින පියාපත් නිසා මම කාර්යබහුලයි. රූගතකිරීම් දිගටම කරගන යනවා. ඒ වගේම චිත්‍රපටියකටත් දායක වුණා. ඉදිරියෙදීත් චිත්‍රපටයක් කරන්න ආරාධනා ලැබුණා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට වැඩ කටයුතු නිම කරන්න සූදානම් වෙනවා
බොහෝ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ජනප්‍රිය කාලයේදී දරුවන් ලැබීමට කැමැත්තක් දක්වන්නේ නෑ. උදාරි දරුවන් ලැබීම දකින්නේ මොන විදිහටද?
ඕනේම කෙනෙක් නිසි වයසේදී විවාහ වෙන්න ඕනේ වගේම දරුවන් හදන්නත් ඕනේ. මම විවාහ වෙද්දී බොහෝ දෙනක් කිව්වා විවාහ වුනොත් ජනප්‍රියතාව අඩුවෙයි කියලා. නමුත් මම විවාහ වුනාට පස්සේ තවත් ජනප්‍රිය වුණා. විවාහ වීම, දරුවන් ලැබීම නිසා අද රංගන ශිල්පිනියන්ගේ ජනප්‍රියත්වය අඩුවෙන්නේ නැහැ.
මනුෂ හොයාගත් අලුත් වෙබ් අඩවි ලැයිස්තුව

ජනමාධ්‍යය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිලිබඳ විවාදයකට එක්වෙමින් මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමා වෙබ් අඩවි ලියාපදිංචිය පිලිබඳ ප්‍රකාශයක් සිදු කළා.
එහිදී එතුමා විසින් අපුරු වෙබ් අඩවි කිහිපයක්ද සොයාගෙන තිබුනා.මනුෂ පාර්ලිමේන්තුවේදී සිදුකල කතාව පහත වේ.
"ගම් වල දැක්කා කැලැ පත්තරයක් ගහනවා මොකක්හරි උනාම බොරු කතාවක් හදල ලිං ගැට්ටේ අලවල තියෙනවා. දැන් මේක ටිකක් මොඩන් වෙලා අලුත් කැලැ පත්තර කලාවක් බිහිවෙලා තියෙනවා එලෙක්ට්‍රොනික් කැලැ පත්තර කලාවක්.
Subscribe to:
Posts (Atom)

