Chitika Smowtion 468x60


Thursday, December 22, 2011

සුජීවාගේ සුදුවෙන පෙති තුනක් රුපියල් 105,000 ක් ලු


ජනපි‍්‍රය ගායිකාවක්  වන කේසුජීවා විසින් සුදුවීමට හාසුන්දරත්වය වර්ධනය කර ගැනීමට විශේෂ පෙත්තක්ගෙන්වා බෙදාහරින බව වාර්තා වේසුදුවීමට මෙමපෙති 3ක් පාවිච්චි කළ යුතු බවත් එම එක පෙත්තකමිල රුපියල් 36,000 ක් බවත් පැවසේ.මෙම පෙතිතුනක් එකවර ගන්නේ නම් රුපියල් 105,000 කමුදලකට ගත හැකි බවත් පැවසේ.සුජීවාගේ පෙත්ත මිලඅධික වුවත් එය ලබා ගැනීමට නිළියන් හා ධනවත්ව්‍යාපාරික යන්ගේ බිරින්දෑවරු පොරකන බවත් මේඅතර වාර්තා වේ.

රූපශී‍්‍රය වර්ධනයකර ගැනීමට සුජීව නොයෙක් අකාරයේආලේපනතෙල්වර්ග හා සාත්තු සඳහා බෙහෙත් ලබාදෙන බවත්අදාල ආලේපන හා තෙල්වර්ගවල අඩංගු බෝතල්වල ලේබල් නොමැති බවත් මේ  අතර පැවසේ.සුජීවාටරූපලාවන්‍යාගාරයක් තිබෙන අතර, එහි කාන්තාවන්ට පවතින ප‍්‍රධාන ගැටලූ දෙකක්සම්බන්ධයෙන් ප‍්‍රතිකාර කරනු ලබයි.සම පැහැපත් කිරීම හා ඇග කෙට්ටු කිරීම එමරූපලාවන්‍යාගාරයෙන් සිදු කරනු ලබන ප‍්‍රධානම ප‍්‍රතිකාර වේ.

ශී‍්‍ර ල.නි.ප. ජාතික සංවිධායක පත් කිරීම කල් යයි


පසුගිය 20 වනදා රාති‍්‍රයේ පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විධායක සභාවේදී පුරප්පාඩු වී ඇති එම පක්‍ෂයේ ජාතික සංවිධායක ධූරය සඳහා කෙනෙකු පත් කර ගැනීමට නියමිතව තිබුණද එම තනතුර සඳහා මේ වනවිට කිහිපදෙනෙකුම තරග වැද සිටින හෙයින් ඒ පිළිබඳ අදහස කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කළ බව එම පක්‍ෂ මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
ජනාධිපති සොයුරු බැසිල් රාජපක්‍ෂ මහතා සහ එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු මෙන්ම, පාරම්පරික ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයෙකු වන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම තනතුර තමන්ට ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබිණ.
එහෙත්, එක්සත් ජාතික පක්‍ෂයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට එක්වූ කි‍්‍රයාකාරී අයෙකු ශ‍්‍රී ල.නි.ප. ජාතික සංවිධායකවරයා ලෙස පත් කිරීම ආණ්ඩුව ශක්තිමත් කිරීමට එක් වූ පිරිස් ධෛර්යමත් කිරීමට හේතු වන බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.

දුමින්දගේ හිසට එල්ල වූ මාරාන්තික වෙඩි ප‍්‍රහාරයේ එක්ස්-රේ ඡායාරූප


මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේදී හිසට වෙඩි වැදී මාරාන්තික තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර  දුමින්ද සිල්වා මහතාට ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී සිදුකළ බරපතල ශල්‍යකර්මය දැක්වෙන ඡායාරූප කිහිපයක් මේවනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

මන්ති‍්‍ර  දුමින්ද සිල්වා මහතාගේ සොයුරු රෙනෝ ද සිල්වා මහතාට අයත් abc මාධ්‍ය ආයතනය විසින්මෙම ජායාරුප  ප්‍රකාශයට පත්කරඇත.මන්ති‍්‍රවරයාගේ හිසෙහි බරපතල ශල්‍යකර්මය සිදු කරද්දී ගත් ඡායාරූප සහ හිසට එල්ලවූ මාරාන්තික වෙඩි ප‍්‍රහාරයේදී උණ්ඩ හිසට ඇතුලූ වූ සහ පිට වූ ආකාරය දැක්වෙන එක්ස්-රේ ඡායාරූප ද ඊට ඇතුළත්වේ.මේ අතර, මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේදී අගතියටපත්වූයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා බව අවධාරණය කරමින්  ජනාධිපති නීතිඥහේමන්ත වර්ණකුලසුරිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් ද එම මාධ්‍ය ජාලය විසින්ප්‍රකාශයට පත්කර ඇත.

පියයුරු පෙන්නා උද්ඝෝෂණය කල කතුන් බලහත්කරයෙන් නිරුවත් කරලා


උඩුකය නිරුවතින් උද්ඝෝෂණ වල නිරත වන  කාන්තාසංවිධානයක කතුන් තිදෙනෙකු බෙලාරුසියාවේදී පැහැරගෙනගොස් හිංසා කර ඇතැයි වාර්තා වේමෙලෙස හිංසාවට ලක්වඇත්තේ උඩුකය නිරුවතින් උද්ඝෝෂණය කිරීම සිය අවිය කරගත් ෆෙමෙන් නම් යුක්රේන කාන්තා සංවිධානයේසාමාජිකයෙන් තිදෙනෙකි.බෙලාරුසියාවේ මින්ස්ක් අගනුවරපැවති උද්ඝෝෂණයකට සහභාගී වීමෙන් පසුව පැහැරගෙනගොස් ඇති මෙම සාමාජිකාවන් තිදෙනා දෑස් බැඳ කැලෑවකටගෙන ගොස් ඇතැයි ෆෙමෙන් පවසයි.

මොවුන්ව බලහත්කරයෙන් නිරුවත් කොට, පිහි වලින්හිසකෙස් කපා, ඔවුන්ගේ සිරුරු වලට තෙල් වත් කර ඇතිබවත්ඔවුන්ට ගිනි තබන බවට තර්ජනය කර ඇති බවත් ෆෙමෙන් වැඩිදුරටත් පවසයි.මෙමසිද්ධිය වීඩියෝගත කර ඇති බවත්පසුව නිරුවත්ව සිටි මෙම කතුන් ව අත්හැරදමා ගොස්ඇතැයි එම සංවිධානය වැඩිදුරටත් පවසයි.ෆෙමෙන් විසින් ඉදිරිපත් කළ ඇති චෝදනාබෙලාරුසියාවේ ආරක්‍ෂක අංශ විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.

උපේක්ශායි ඔබයි මමයි


පසුගියදා උපේක්ෂා ස්වර්ණමාලි විසිනි දෙරණ රුපවාහිනියේ මෙහෙයවන "උපේක්ශායි ඔබයි මමයි" වැඩසටහනේදී ගොසිප් පිලිබඳ සිය අදහස් පල කලා.එහිදී ඇය කියා සිටියේ තමාට මුලින්ම ගොසිප් එකක් හැදුනු දවසේ සිය ජංගම දුරකතනයද ක්‍රියා විරහිතකොට ගෙදරට වී දින තුනක් සිටි බවයි.

පසුගිය කාලය තුලදී උපේක්ෂා හා මහේෂ්ගේ විවාහය දෙදරා ගිය පසු එයට හේතුව වුයේ දෙරණ රුපවාහිනියේ විකාශය වූ වැඩසටහනකට උපේක්ෂා සාරංග දිසාසේකර සමගින් වැලන්ටයින් දිනයේ නර්තනයක යෙදීම බවටද කතාවක් පැතිර තිබුණි.

ප්‍රකට කලාකාරියකට මාරක අපලයක්


දෙසැම්බර් මස 16 වනදා සිකුරු ග්‍රහයා මකර රාශියට පිවිසීම හේතුවෙන් මෙරට සිටින ප්‍රකට කලාකාරියකට මාරක අපලයක් උදා වන බව ප්‍රවීන ජෝතිෂ්‍ය රෙක්ස් ගුණවර්ධන මහතා සති අන්ත පුවත්පතකට ලිපියක් පළකරමින් ප්‍රකාශ කොට ඇත.

ජෝතිර්වේදී රෙක්ස් ගුණවර්ධන මහතා ඒ බැව් ප්‍රකාශකර තිබුනේ මෙසේය.


දෙසැම්බර් 16 වනදා පෙව: 3:44 ට සිකුරු ග්‍රහයා ධනු රාශියට පිවිසිය.කාන්තාවන්ට ප්‍රබල අපල කාලයක් උදා කරවමින් මෙසේ සිකුරු ලංකා කේන්දරයේ දොළොස්වන්නේ ස්ථාපිත වීම එතරම් යහපත් නොවේ.

පේරාදෙනියේ සියලූම පීඨවල ශිෂ්‍ය සංගම් තහනම්


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුලූ සියලූම පීඨවල ශිෂ්‍ය සංගම් තහනම් කල බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ශිෂ්‍ය සංගම් කාර්යාල සහ ඒවායේ භාණ්ඩ යළි විශ්වවිද්‍යාල පරිපාලනය වෙත භාරගන්නා බවත් අනතුරුව අදාළ කාර්යාලවලට මුද්‍රා තබන බවත් එම නිවේදනයේ සඳහන්.


උපකුලපතිවරයා විසින් අදාළ ශිෂ්‍ය සංගම් වෙත යැවූ ලිපියේ මෙලෙස හහනම් කිරීමට හේතු ලෙස දක්වා තිබෙන්නේ ඒ ශිෂ්‍ය සංගම් විසින් විශ්වවිද්‍යාලයේ කිර්ති නාමයට හානිකර අයුරින් කි‍්‍රයා කිරිම සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව අනාරක්ෂිත තත්ත්වයට පත් කිරිම යන කරුණුයි.

වත්මන් රජය යටතේ එස්.බී දිසානායක ඇමතිවරයා විසින් පෞද්ගලික විශ්වවිද්‍යාල පනත සම්මත කිරීමට උත්සාහා ගන්නා අතර ඊට එරෙහි වන අනෙකුත් ශිෂ්‍ය සංගම් දැඩි මර්ධනයකට ලක්කිරීම මේ දිනවල සිදුකෙරෙමින් පවතිනවා.

කැම්පස් එකේ පිහියක් පෙන්වා පාට් දැමූ අලුත් සිසුවා කවුද


පසුගිය දින කීපය පුරාම රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් බරපතල අපහසුතාවයකට පත් වී සිටියේය. ඒ සරසවිය තුළදී හා ඉන් පිටත දී ඔවුන්ට මුහුණ දීමට සිදු වූ මැර ප‍්‍රහාර නිසාය. මේවා පසුපස සිටියේ අන් කිසිවකු නොව ආණ්ඩුවේ හෙංචයියන් ලෙස පසුගිය කාලයේ රටේ සාමාන්‍ය ජනතාවගේ මුදල් වියදම් කරමින් සරසවි තුළ ගැටුම් ඇති කිරීම සඳහා  පුහුණු කරන ලද (පසුගිය මාසයේ ඌව විශ්වවිද්‍යාලයේ තිබූ නායකත්ව පුහුණුව යැයි කියාගන්නා පුහුණුව) ඊනියා නිදහස්
ශිෂ්‍ය සංගමය යැයි කියාගන්නා සිසුන්ය.

මොවුන්ගේ එකම අරමුණ කෙසේ හෝ සරසවිය තුළ සිසු ගැටමක් ඇති කිරීමය. මේ සඳහා පසුගිය දිනක සරසවියට පැමිණි නවක සිසුවෙකු සරසවි ආපනශාලාව තුළදී සියලූ සිසුන්ට තර්ජනය කළේ ආචාර්යවරුන් පවා බලා සිටියදීය. නමුත් ගැටුමක් ඇති කර ගැනීමට ඔවුන්ට නොහැකි වූයේ සිසුන්ගේත්, ආචාර්යවරුන්ගේත් මැදිහත්වීමෙනි.

මෙහි මීළඟ අදියර වන්නේ එලියකන්ද මංසන්ධියේදී, එලියකන්ද නේවාසිකාගරය බලා යන විද්‍යාපීඨ සිසුන් ඉලක්ක කර ඔවුන් ගමන්කළ බසය තුළදී එල්ල කළ ප‍්‍රහාරයයි. මෙයට හේතුවූයේ ඔවුන් සිය ඊනියා, ආණ්ඩු ගැති, කුමන්ත‍්‍රණකාරී ශිෂ්‍ය සංගමයට එකතු වන ලෙස කරන ලද ඉල්ලීම විද්‍යාපීඨ සිසුන් පිළිනොගැනීමය.

Share this article with your friends