Chitika Smowtion 468x60


Wednesday, January 4, 2012

සෑම පුද්ගලයෙකුටම රහස් පරිගණක දත්ත ගිණුමක්


ශ්‍රී ලංකාවේ සිටින සෑම පුද්ගලයෙකුම ආවරණය වන පරිදි එකිනෙකාට වෙන්වූ රහස් ගිණුම් පද්ධතියක් සැකසීමට රජය ක්‍රියාමාර්ග ගනිමින් සිටි.රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය මෙම වසරේ ආරම්භ කරීමට නියමිතයි.

මෙයට අවශ්‍යය ප්‍රතිපාදන රුපියල් මිලියන 13750 ක් ලෙස ගණන් බලා ඇති අතර එය මෙවර අයවැයෙන් මිලියන 1250 ක් වෙනකොට ඇත.

එතෙර සාදයේ තොන්ඩමන් යකා නටයි


යුරෝපිය සංචාරයක නිරතව සිටින කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා පසුගිය 31 වනදා රාත්‍රියේ නව අවරුදු උදාව වෙනුවෙන් සමාජ ශාලාවකදී පැවති සාදයකට සහභාගිවී එහිදී අධික ලෙස මත්පැන් පානයකොට සමාජශාලාව තුල ඇද වැටි තුවාල ලබා ඇත.

රත්තරනේ මම කවදාවත් කසාද බඳින්නේ නැහැ - අනර්කලී


පසුගියදා දෙරණ රුපවාහිනිය ඔස්සේ විකාශය වන උපේක්ෂා ස්වර්ණමාලි විසින් මෙහෙයවන "උපේක්ශායි - ඔබයි මමයි" වැඩසටහනට සහභාගී වුයේ රංගන ශිල්පිනියක් හා දකුණු පලාත් සභා මන්ත්‍රීවරියක් වන අනර්කලී ආකර්ශායි.

එහිදී ඇයගේ රසිකාවක් විමසු පැනයකට පිළිතුරු දෙමින් අනර්කලී ප්‍රකාශ කලේ තමා කිසි දිනෙක විවාහ නොවන බවයි.

රසිකාවිය: අනාර් කවදාහරි ඔයා මැරී කරාට පස්සේ ඔයාගේ හස්බන්ඩ් කිව්වොත් ඔයාට දේශපාලනයෙනුයි 
රඟපෑමෙනුයි අයින් වෙන්න කියලා,ඔයා මොකද්ද ඒ වෙලාවට ගන්න තීරණය?

අනර්කලී : රත්තරනේ මම කවදාවත් කසාද බඳින්නේ නැහැ.හේතුව ගැන කිව්වොතින් මගේ යාළුවො පවුලේ අය ඒ ගොල්ලන්ගේ විවාහ ජීවිතය දිහා බැලුවහම මම කැමති නැහැ දුකක් දෙන්න කාටත් ඒ වගේම මම කැමති නැහැ දුක මගේ ජිවිතයට ගන්න.


සංජීව රණතුංගගේ අනාවැකිය හරියයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ඊයේ දිනයේ (03) පැවැත්වුනා.එහිදී පත්වූ නව නිලධාරි මණ්ඩලය මෙසේයි
සභාපති - උපාලි ධර්මදාස මහතා, උප සභාපතිවරු - කේ. මතිවානන් සහ අසංග සෙනෙවිරත්න යන මහත්වරු, ලේකම් - නිශාන්ත රණතුංග මහතා, උප ලේකම් - හිරන්ත පෙරේරා මහතා, භාණ්ඩාගාරික - නුස්කි මොහොමඞ් මහතා, උප භාණ්ඩාගාරික - අජිත පැස්කුවල් මහතා.

මෙහිදී බොහෝ තනතුරු නිතරඟයෙන් පත්වුයේ අවසාන මොහාතේ අපේක්ෂකයන් ජන්ද සටනනින් ඉවත්වීම නිසයි.තිලංග සුමතිපාල මහතා මුලින් තරග කිරීමට අදහස්කොට සිටියද පසුව ඉවත්වුණා අතර ඊයේ අවසන් මොහාතේ ඔහුගේ පාර්ශවය නියෝජනය කල මොහාන් සිල්වාගේ පිලද ඉවත්විය.

SMS මගින් පොලිසියට දඩ ගෙවීමේ ක්‍රමයක්


රථවාහන ධාවනයේදී සිදුකරන වැරදි වලදී නිකුත්කරන දඩ පත්‍රිකා දුරකතනයේ කෙටි පණිවිඩයක් මගින් ගෙවා දැමීමේ ක්‍රමයක් මෙම වසරේදී හදුන්වා දීමට නියමිතයි.

ඒ අනුව යම්කිසි වැරද්දක් සඳහා දඩ කොලයක් එම රියදුරාට නිකුත්කළ පසු පොලිසිය විසින් හදුන්වා දෙන සුවිශේෂී දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මාර්ගයෙන් අදාළ දඩ මුදල බැරකළ හැක.

පොලිසියේ ගිණුමට මුදල් බරවූ පසු දඩ ගෙවූ පුද්ගලයාට එය සනාථ කරමින් කෙටි පණිවිඩයක් ලැබෙන අතර එම පණිවිඩය පොලිස් නිලධාරියාට පෙන්වීමෙන් රියදුරු බලපත්‍රය නැවත ලබාගත හැක.

මෙයට අදාළ තාක්ෂණික ක්‍රමවේදයන් පිලිබඳ මේ වනවිට ආතර් සි. ක්ලාර්ක් ආයතනය සමග පොලසිය සාකච්චා පවත්වමින් සිටි.



Tuesday, January 3, 2012

උසස් පෙළ විභාගයේ Z අගය නිර්නයකරනු ලැබුවේ ඉන්දීය විශේෂඥයන් පිරිසක්


උසස් පෙළ ප්‍රතිඵල අවුලට ජනධිපති උපදේශක සුනිමල් ප්‍රනාන්දු මහතා මුළුමනින්ම වගකිවයුතු බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී. එහෙත් ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළහොත් ඛෙල්ල කැපී යන හෙයින් සියලූදෙනාගේ බැනුම් අසමින් නිහඩව සිටීමට තමාට සිදු වී ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.
පසුගිය දා පැවති උත්සවයකදී උසස් පෙළ ප්‍රතිඵල අවුල පිළිබඳව ඇමතිවරුන් කිපදෙනෙකු කළ විමසීමේදී ඇමතිවරයා ඒ බව සඳහන් කර තිබේ.

කුමාර මහත්තයාගේ බිරිඳ සහ දරුවන් අත්අඩංගුවට


ජනතා විමුක්ති පෙරමුණේ වාම ප්‍රවේශ කණ්ඩායමේ න්‍යායචාර්යවරයා වූ ප්‍රේම කුමාර ගුණරත්නම් නොහොත් කුමාර මහත්තයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ආරක්ෂක අංශ විසින් අද උදැසන කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.
එසේ අත් අඩංගුවට ගෙන ඇති කුමාර මහත්තයාගේ බිරිඳවන වෛද්‍ය චම්පා සෝමරත්න මහත්මිය ගෙන් හා දරුවන් දෙදෙනාගෙන් ආරක්ෂක අංශ මේ වනවිටත් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර සිටී.

ඉයාස් ලයිව් ඉන් කලම්බෝ 2011 පින්තූර


Photography : Shehan Jude Madushan

Share this article with your friends