Chitika Smowtion 468x60


Monday, January 9, 2012

ජනාධිපති ගැන අනාවැකි කියූ 'විජේ' රූපවාහිනියට බාධා


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ජෝතිෂ්‍ය අනාවැකියක් පල කිරීමේ චෝදනාව මත ඉන්දීය 'විජේ' (Vijay) රූපවාහිනි නාලිකාවට ශ්‍රී ලංකාව තුළ විකාශන බාධා සිදුකර තිබේ.
පසුගිය දෙසැම්බර් 31වනදා රාත්‍රියේ එම නාලිකාව ඔස්සේ සජීවී ලෙස විකාශය වූ ජෝතිෂ්‍ය වැඩසටහනකදී ඉන්දියාවේ දේශපාලඥයින්ට 2012 වසර බලපාන ආකාරය හා ඒ සම්බන්ධයෙන් වූ පලාපල විග්‍රහ කර තිබේ. මෙම වැඩසටහනට ඉන්දියාවේ ප්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදීන් 06දෙනකු සහබාගිකරවාගෙන තිබිණ.
එම වැඩසටහන අවසන් භාගයේදී ඉන්දියාව අවට රටවල සිටින දේශපාලඥයින්ට 2012 වසර බලපාන ආකාරය විමසා ඇති වැඩසටහන මෙහෙයූ මාධ්‍යවේදියා, ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව එම ජෝතිෂ්‍ය විද්වත් මණ්ඩලයේ සිටි ප්‍රධානියාගෙන් විමසා තිබේ.

බූරුවගේ වැඩේ බල්ලා බාරගත්තහම මොකද වුනේ?


අලුත්ම ප්‍රස්ථා පිරුලක් අගමැතිතුමා විසින් සොයාගන තිබුනවා. ඒ "බූරුවගේ වැඩේ බල්ලා බාරගත්ත වගේ" කියන පිරුලයි.

පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීම සාධාරණීකරණය කිරීම සඳහා ගොස් අගමැතිතුමා පසුගියදා එම ප්‍රස්ථා පිරුල සොයාගත්තේ මේ ආකාරයටයි.


"අද පුද්ගලික විශ්ව විද්‍යාල 29ක් තියනවා. ඒවගේ ඉගන ගත්ත අය ලෝකේ පුරා ගිහින් ලෝකෙත් උපාධිධාරීන් හැටියට පිලි අරන් ක්‍රියාත්මක වෙනවා. නියමාකාරයෙක් උගන්වන විශ්ව විද්‍යාලයක් තිබුනම මොකක්ද ඒකේ තියන වැරැද්ද? තමන්ට අයිති නැති දේවල් වලට "බූරුවගේ වැඩේ බල්ලා බාරගත්තා වගේ" දේවල් ලංකාව පුරා තියනවා.

"බූරුවගේ වැඩේ බල්ලා බාරගත්තහම මොකද වුනේ? අපරාදේ බල්ල ගුටි කෑවා. බල්ලද බූරුවද මන්දා මොකා හරි දෙන්නගෙන් එකෙක් ගුටි කෑවා.


එම වීඩියෝව පහලින්


අධිවේගයට නැවතත් ගල් ප්‍රහාර


පසුගිය මාසය පුරාවට සවස් හා රාත‍්‍රි කාලයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවලට ගල් ප‍්‍රහාර එල්ලවීම් වාර්තා වුණා. 

කහතුඩුවේ සිට කුරුදුගහහැතැප්ම දක්වා වූ මාර්ග කොටසේ මෙවැනි ගල් ප‍්‍රහාර වැඩි වශයෙන් එල්ල වන බවයි වාර්තා වුනේ. රියදුරන් පැවසුවේ අදාළ තත්ත්වය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි.

මේ අතර පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බද්දේගම සමිති හිමියන්ගේ මෝටර් රථයටද රාත්‍රියේ දි ගල් ප්‍රහාරයක් එල්ලවූ බව වාර්තා වුණා.

පැරණි මුද්දර තොගයක් ගැන පුවත අසත්‍යයක් - තැපැල්පති


mkb dissanayake
තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මුද්දර කාර්යංශයේ සේප්පුවක තිබී පැරණි මුද්දර තොගයක් සොයා ගෙන ඇතැයි කියන පුවතේ සත්‍යතාවක් නොමැති අතර එම මුද්දර තොගය ආරක්ෂිත ලෙස මුද්‍රා තබා තිබු මුද්දර තොගයක් යැයි ද ඒවා සොයා ගැනීමක් නො ව ගණන් කිරීමක් පමණක් සිදු කොට ඇති බව තැපැල්පති එම්.කේ.බී. දිසානායක මහතා‍ රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
 

මහියංගනය බැතිමතුන්ගෙන් පිරී ඉතිරෙයි


mahiyangana 2600BC HE-බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කර වසර 2600ක් සපිරීම නිමිත්තෙන් ඓතිහාසික මහියංගන චෛත්‍ය රාජයාණන් වහන්සේ සහ පුදබිම වන්දනාමාන කර ගැනීම‍ට පැමිණි බැතිමතුන්ගෙන් අද (08) මුළු මහියංගනය ම පිරී ඉතිරීගිය බව වාර්තා වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ද මහියංගන රජමහා විහාරස්ථානයට පැමිණ බංග්ලාදේශයේ සිට වැඩම කරවන ලද කේෂ ධාතූන් වහන්සේලා වන්දනාමාන කර ගැනීමට එක් විය.

අනුරාධපුරයට තරුණ උද්‍යාන 06ක්


garden srilanka
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා ප‍්‍රමාණයේ තරුණ උද්‍යාන 06ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කොට ඇති බව ජාතික තරුණ සේවා සභාවේ අනුරාධපුර දිස්ත‍්‍රික් කාර්යාලය සඳහන් කරයි.

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සංකල්පයක් මත 'දැයට කිරුළ' වැඩ සටහනට සමගාමී ව ඉදිකෙරෙන මෙම එක් උද්‍යානයක් වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 36ක පමණ මුදලක් වැය කෙරේ.


මහවැලි ගොවීන් 3000කට ජනපති අතින් ඉඩම් ඔප්පු


mahaveli urumaya HE spchලෝක ආහාර අර්බුද හමුවේ අපි කුසගින්නේ නොසිටියේ මෙරටේ ගොවි ජනතාව නිසයි
- ජනපති දෙහිඅත්තකණ්ඩියේ දී පවසයි

ලෝකය ම ආර්ථික අර්බුද, තෙල් අර්බුද ඇතුළු ආහාර හිඟතාවන්ට මුහුණ දෙන විට මෙරට ජනතාව කුසගින්නේ නොතබා කටයුතු කිරීමට අපට හැකි වූයේ මහවැලි ගොවි ජනතාව ගොවිතැන් කටයුතු කළ නිසා යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් පැවසීය.

පෙරේදා (07) ‍දෙහිඅත්තකණ්ඩිය ශාලිකා ශාලාවේ දී පැවති මහවැලි සී කලාපයේ ගොවීන් 3000කට ගොවි ඉඩම් ඔප්පු බෙදාදීමේ ‘මහවැලි උරුමය’ උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා එසේ පැවසීය.

තිතට මත මහ පාරේ

කොළඹ කොටුවේ පාරවල් වසා රාත‍්‍රී දෙකක් තිස්සේ (දෙසැම්බර් 16 හා 17) සිදුකළ රාත‍්‍රී මෝටර් රථ ධාවන තරග හෙවත් බාල් නැටීම අවසන්ය. ධාවනයේ යෙදුන මෝටර් රථවල ආරක්ෂාව සඳහා ධාවන මාර්ගය දෙපස ගොඩගසා තිබූ වැලිකොට්ට හා ටයර් ශ‍්‍රී ලංකා යුද හමුදා සෙබළුන් විසින් රැුගෙන ආ පරිදිම ආපසු ගෙන යමින් තිබුණි. නරඹන්නන් සඳහා සැකසූ ආසනද ආලෝකය සඳහා සිටවූ විදුලි පහන්ද ගලවමින් තිබේ. එහෙත් කොළඹ කොටුවට අත්වූ සංවර්ධනයක් නම් දක්නට නැත.

කොළඹ මහ නගර සභා ආරංචි මාර්ග අනුව ඔවුන්ට මේ රාත‍්‍රී මෝටර් රථ ධාවන තරග පැවැත්වූ මාර්ගයේ සමහර ස්ථාන නැවත සකස් කරන්නට සිදුවී තිබේ. ඒ මාර්ගයේ පළල ලබා ගැනීම සඳහා කඩා දැමූ පදික වේදිකා නැවත සකස් කරන්නට ඇතුලතට බෑවුම සිටින පරිදි දැමූ තාර කාපට් නැවත තිබූ පරිදි සකස් කිරීමට කාපට් කිරීමෙන් වැසීගිය ජලය, විදුලිය, මළනාලිකා හා දුරකථනවලට අදාළ මෑන්හෝල් නැවත පාදා ගැනීම වැනි කටයුතුය. අමතරව ලංකා බැංකු මාවතත් ගලදාරී වටරවුමක් අතර මාර්ගය තිබූ පරිදිම දෙදිශාවටම වෙන්කර ඒ මත විදුලි පහන් කණු හිටුවීමය. ඉතිං මේ සංවර්ධන කටයුතු සඳහාත් රුපියල් මිලියන ගණනක් වැයවීම අනිවාර්යය.

Share this article with your friends