Chitika Smowtion 468x60


Wednesday, January 11, 2012

නිරූපමා රාජපක්‍ෂගේ සැමියා වන තිරුකුමාරන් නඩේෂන්ට ප්‍රහාරයක්


ජනාධිපතිවරයාගේ ඥාතියෙකු වන ජල සම්පාදන නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්‍ෂ මහත්මියගේ සැමියාවන කෝටිපති ව්‍යාපාරික තිරුනඬේෂන් මහතාට ඉන්දියාවේදී ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනව බව ඉන්දීය පුවත් සේවා අද වාර්තා කළා.

තිරුනඬේෂන් මහතා වෙනුවෙන් අද පාන්දර ඉන්දියාවේ රාම්ලත් දිස්ත‍්‍රික්කයේ රාමේෂ්වරන් හින්දු කෝවිලේ පූජකතුමාගේ නිවසේ පූජාව පවත්වන බව ආරංචිවූ දකුණු ඉන්දීය දේශපාලනඥ වයිකෝගේ පක්ෂයේ පිරිසක් පැමිණ එම නිවස වටලා ඇති අතර එලියට පැමිණි නඩේසන් මහතාටත් එම පිරිස පහර දුන් බවයි වාර්තා වුනේ.

කිලෝමීටර් 60 යන්න තැපෑලට දින 17ක් ගත වෙලා


බදුල්‍ලේ සිට බිබිලට ලිපියක් ලැබිමට දින 17ක් ගතවීම හේතුවෙන් බිබිල මුදියල ආදර්ශ විද්‍යාලයේ පාස‍ලේ දරුවන් තිදෙනකුට අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වනු ලැබූ සමස්ත ලංකා සමාජ අධ්‍යයන තරගය සඳහා සහභාගි වීමේ අවස්ථාව අහිමි වූ බව වාර්තා වෙනවා.

බදුල්‍ලේ සිට බිබිලට ඇති දුර ප්‍රමාණය සාමාන්‍යයෙන් කිලෝමීටර් 60කට අඩු වන අතර එම ලිපිය පාසලට යොමු කර තිබෙන්නේ පසුගිය දෙසැම්බර් මස 20 වෙනිදා. නමුත් ලිපිය ජනවාරි 6 වනදා පාසලට ලැබෙන විට එම තරඟට පවත්වා දින 3ක් ද ඉක්ම ගොස් තිබෙනවා.

මුදියල කොටගම යල්කුඹුර මල්ලාහැව ආදී ප්‍රදේශවලට ලංගම බස් රථයක් පැමිණෙන්නේ දින 10කට පමණ වරක් බවත් එම ප්‍රදේශයට අදාළ ලිපි ලැබෙන්නේ එම බස් රථයෙන් පමණක් බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරනවා.

මර්වින්ට එරෙහිවූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් ඉවත් කිරීමට රහස් හමුවක්


මර්වින් හා කැලණිය ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරුන් අතර ඇතිවී තිබෙන ගැටුම පිලිබඳ දිගින් දිගටම අප ඔබට කරුණු හෙළිකර සිටියා.

මේ වනවිට කැළණි පුරවරය දෙපිලකට බෙදී සිටින්නේ මර්වින්ගේ පාර්ශවය හා ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරුන්ගේ පාර්ශවය ලෙසින්. 

මේ වනවිට අපට වාර්තා වන්නේ අද (10) සවස දෙකට පමණ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය තුල මර්වින්ට එරෙහි වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඉවත්කිරීමට රහස් හමුවක් පැවැත්වූ බවයි.

Tuesday, January 10, 2012

ටාටා නැනෝ රථයටත් වඩා මිල අඩු මෝටර් රථයක් බජාජ් වෙතින්


ලක්ෂ 4 - 6 අතර මිලකට ලබාගතහැකි බජාජ් රිය  


ත්‍රිරෝද රථ හා යතුරු පැදි සඳහා ප්‍රකට ඉන්දීය බජාජ් සමාගම ටාටා නැනෝ රථයටත් වඩා මිල අඩු මෝටර් රථයක් නිපදවා තිබෙනවා.

RE60 ලෙස නම් කර ඇති මෙහි නිශ්පාදන කටයුතු ලබන මාසයේ ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.


මීට පෙර අඩු මිලට නිපදවූ ටාටා නැනෝ රථය අසාර්ථක ව්‍යාපෘතියක් වුනු අතර බජාජ් සමාගම විසින් නිපදවූ මෙය ඔවුන්ගේ රෝද හතරේ පලමු වාහනය වෙනවා.

ෆ්‍රෙඩ්රිකාගේ භීතිකාව


පෙම්වතිය බලන්න ආ නාවික සෙබලා අමාරුවේ 

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆ්‍රෙඩ් රිකා ජෑන්ස් පසුගියදා තමා පසුපස පැමිණියායි කියන නාවික සෙබලෙකු පිලිබඳ පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

පසුගියදා මිරිහාන පොලිස් බල ප්‍රදේශයට අයත් මාර්ගයකදී කිසියම් පුද්ගලයකු තමා පසුපස ලුහුබැඳ පැමිණි බව ඇයට දැනුන අතර මේ පිළිබඳ ඇය පොලිසියට පැමිනිළි කළා.

වහාම ක්‍රියාත්මක වුණු පොලීසිය විසින් එම සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර ඔහු ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවකට ඉදිරිපත් කරන ලදුව ලබන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ලොව විශාලම ගුවන්යානයක් කටුනායකට


කටුනායක ගුවන් තොටුපළට පැමිණි විශාලම ගුවන් යානය 

ලොව විශාලම ගුවන් යානා වර්ගයට අයත් A380 ගුවන් යානාවක්‌ ඊයේ (09 වැනිදා) අලුයම 4.00 ට කටුනායක බණ්‌ඩාරනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. කටුනායක ගුවන් තොටුපළ වෙත මෙතෙක්‌ පැමිණි විශාලම ගුවන් යානය වන මෙය ඔස්‌ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ඩුබායි බලා පියාසර කරමින් තිබියදී ඉන්ධන ලබා ගැනීම සඳහා මෙසේ හදිසියේ ගොඩබස්‌සවා තිබේ.

මෙම යානය තුල එකවර මගින් 780 කට යා හැකි බව පැවසේ.විනාඩි 53 වැනි කාලය තුලදී එම යානයට ඉන්ධන පුරවාගැනීමට හැකිවූ අතර කටුනායක ගුවන්තොටුපොළේ කාර්යක්ෂමතාවය පිලිබඳ එමිරේට්ස් ස්තුතිය පලකොට ඇත.

මත්තල ඉදවන ගුවන්තොටුපල මෙවන් විශාල ගුවන් යානාවලට පහසුකම් සහිතව ඉදිවන බව ගුවන්තොටුපල ආරංචිමාර්ග සඳහන් කර සිටි.

එම යානය කටුනායකට පැමිණි අවස්ථාවේ ජායාරූපයක් පහතින් බලන්න 


පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ යුගදිවියට


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු මෙන් ම හිටපු අමාත්‍යවරයෙකු වූ රිචඩ් පතිරණ මහතාගේ පුත් වෛද්‍ය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතාගේ විවාහ මංගල්‍ය උත්සවය ඊයේ (08) ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්විණි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු වන රමේෂ් පතිරණ මහතා විවාහ වූයේ ක්‍රිෂ්ණි දෙනගම මෙනවිය සමඟිනි.

විවාහයේ සේයාරූ කිහිපයක් පහතින් බලන්න 

සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයට මර්වින්ට තද වේ


උගේ යුනිෆෝම් එක තියෙද්දී බැනපු එකෙක් මර්වින් සිල්වා 

මර්වින්ට එරෙහිව කැළණියෙන්ම කැරැල්ලක් හටගෙන ඇති බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා.

ඊයේ දිනයේ (08) සරත් ෆොන්සේකා මහතා කැලණියේ ඇතිවූ මෙම කැරැල්ල පිලිබඳ දැක්වූ අදහසකට මර්වින් සිල්වා අමාත්‍යවරයා අද පිළිතුරු ලබා දුන්නේ මර්වින් සිල්වා වෙනුවෙන් පෙනීසිටි දක්ෂිණ ලංකා භික්ෂු සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවකින් අනතුරුවයි.

08/01/2012 සරත් ෆොන්සේකා  

Share this article with your friends