ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චන්දුලා මෙනවියගෙන් වහාම සමාව ගන්නා ලෙස, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු කාර්යාලයේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජ්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබේ.
ඇමරිකාවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියට ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පසුගියදා අතවර කිරීමේ සිද්ධිය පිළිබඳව ඉදිරියේදී ගත යුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (10) පස්වරුවේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී එම නියෝගය ශවේන්ද්‍ර වෙත යොමු කරන්නැයි ජනාධිපතිවරයා පවසා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙ නිලධාරීන් හමුවේ වැඩිදුරටත් කරුණු දක්වා ඇති ජනාධිපතිවරයා, කෙහෙළියගේ දියණියද හොඳ හොඳ කරනම් ගැසූ නොටෝරියස් චරිතයක් බවත්, ඇය විදේශ අමාත්‍යංශයේ ලේකම් අමුණුගම පවා දැලේ දාගෙන සිටි බවත් සඳහන් කර තිබේ.