ජනරාල් නිදහස් කර ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සුහදව, එකඟතාවයක් ඇතිකර ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුලූ කිපදෙනෙකුගේ අදහස වී ඇති අතර, ජනරාල් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ මතය වී ඇත්තේ, ජනරාල්ට වූ අසාධාරණය පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට එරෙහිව අරගලයක් හරහා ජනරාල් නිදහස් කර ගත යුතු බවයි.
Sunday, January 15, 2012
ජෙනරාල්ගේ ප්‍රධානීන් අතර මත ගැටුමක්
බෙදා හදාගෙන කන්නයි, ජනපතිවරයා මර්වින්ට කියයි
ටික දිනක් කිසිදු මාධ්‍යකට ප්‍රකාශ ලබා නොදී නිහඬවන්නැයි ඇමතිවරයාට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා, කැලණියේ ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් සමඟ අනවශ්‍ය ගැටුමකට නොයන්නැයිද දැනුම් දී ඇත.
ඊයේ පැවති කැබිනට් රැස්වීමෙන් පසු, කැලණියේ මතු වී ඇති ගැටුම සම්බන්ධයෙන් ඇමතිවරුන් කිපදෙනෙකු සමඟ සුහද කතාබහක යෙදී ඇති ජනාධිපතිවරයා, වංචනික ලෙස උපයා ගත් මිල මුදල් ඛෙදා ගැනීමේදී ඇති වූ ප්‍රශ්නයක් මත මෙම ගැටුම හටගෙන ඇතැයි පවසා තිබේ.
මර්වින්ගේ 'පොලූ උපුලූත්' සුදු වෑන්වල ඉලක්කයක් වේ
පසුගියදා පැහැරගෙන ගොස් මුදා හරිනු ලැබූ මර්වින් සිල්වා ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුවන, 'පානදුරේ ඩොනල්' නැමැත්තාගෙන් 'පොලූ උපුල්'සම්බන්ධයෙන්ද දීර්ග වශයෙන් ප්‍රශ්නකර ඇත.
රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ලබා ගැනීම් මෙන්ම, ඉතා ඉහළ වටිනාකමකින් යුතු ඉඩකඩම් වංචනික ලෙස අත්පත් කරගැනීම සම්බන්ධයෙන්ද චෝදනා ලැබ සිටින 'පොලූ උපුල්' මහතා, දික්වැල්ල ප්‍රදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කර ඇත.
ආයෝජන මණ්ඩලය බූදලයක් කරගත් විධායක අධ්‍යක්ෂ
වර්තමානයේ ක‍්‍රියාත්මක වන බව ආයෝජන මණ්ඩල සේවකයෝ පෙන්වාදෙති. අරමුණූ සහ ඉලක්කයන් පැහැදිලි නැති, නන්නත්තාර ගමනක් යන මෙම ආයතනයේ එම ගමන තවත් වේගවත් වී ඇත්තේ, වර්තමාන සභාපති / අධ්‍යක්ෂ ජෙනරාල් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී. ප‍්‍රදිනාන්දු හෙවත් සුප‍්‍රසිද්ධ ‘‘පර්ඩි‘‘ සමඟ හවුල් වී ඇති තවත් වංචාකාර පුද්ගලයෙකු වන විධායක අධ්‍යක්ෂ ධූරයක් දරන ෂිවාන් ඞී. සිල්වා නිසාය. මොහු මේ වනවිට මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ් උපදේශක වී ඇති අතර ආයතනයේ සියළු කටයුතු සිදුවන්නේ රජයට නොව, ඔවුන්ට අවශ්‍ය ලෙසය.
Friday, January 13, 2012
කොකාකෝලා සමාගමට දඩ

මිහින්තලේ සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ජාලිය ජයතිලක මහතා විසින් මේ සම්බන්ධව උසාවියේදී කරුණු දැක්වූ අතර ඉන් අනතුරුව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් බියගම පිහිටි කොකා කෝලා බෙවරේජ් සමාගමට මෙම දඩය නියම කරන ලදී.
මම සතුන් වෙනුවෙන් මරණයට කැපවෙනවා-ඇමති මර්වින්

ඔබලාට ලේ අවශ්‍ය නම් මාගේ ලේ දෙන්නම්. ඔබලාට ශරීරය අවශ්‍ය නම් මාගේ ශරීරය දෙන්නම්.සතුන් වෙනුවෙන් මම මරණයට කැපවෙන්නම්.-ඇමති මර්වින්
සම්පුර්ණ නිවේදය මෙසේය.-
මර්වින්ට සහ ගෝලයන්ට කාලි මෑණියන්ගේ ශාපය වැදුණා යන මැයෙන් ඊයේ (12 වැනිදා) දින ජාතික පුවත්පත් කිහිපයක කාලි දේවාලයේ පූජකතුමා විසින් ප්‍රකාශ කර තිබූ වගකීමකින් තොර ප්‍රකාශ මා දුටුවෙමි. සතුන් මරණ ලේ තැවරුණු අපිරිසිදු ස්‌ථානවලට දෙවියන් පැමිණෙන බවට හිංදු ආගමේ කිසිම තැනක සඳහන් වී නොමැති අතර, සත්ත්ව බිලි පූජා පවත්වන්නන්ට දේව ආශිර්වාදය ලැබෙන බවට මා කිසි විටෙකත් විශ්වාස නොකරමි. බිලි පූජාවන්ගෙන් සතුන් බේරා ගැනීමට කැප වී කටයුතු කරන පුද්ගලයන් හට දේව ශාපය වදින බවට මා කිසිදු ආගමකින් හෝ දර්ශනයකින් දැනුවත් වී නැත.
කොළඹ CCTV කැමරා පද්ධතිය වැඩිදියුණු වන අයුරු

එම කැමරා පද්ධතිය සඳහා ANPR (Automatic Number Plate Recognition ) තාක්ෂණය හා AFR (Automatic Face Recognition ) තාක්ෂණය යොදා ඉදිරියේදී වැඩිදියුණු කිරීමට නියමිතයි.
ANPR තාක්ෂණය ඔස්සේ මීටර් 30 ක දුරකින්, පැයට කිලෝමීටර් 110 ක වේගයෙන් එන වාහනයක අංක තහඩුව හදුනාගෙන මතකයේ තැන්පත්කර ගැනීමට හැකියාවක් පවතිනවා.
එමගින් අපරාධ හෝ මාර්ග නීති කඩකරන පුද්ගලයන් පහසුවෙන් හදුනාගැනීමට හැකිවනවා.
AFR තාක්ෂණය ඔස්සේ මිනිස් මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණයක් මෙම කැමරාවලට ඇතුලත්කරන අතර එමගින් මුහුණේ ජ්‍යාමිතික හැඩය හදුනාගෙන එය කේතයක් ලෙස මතකයේ තැන්පත්කර ගැනීමට හැකියාවක් පවතිනවා.
මෙම පද්ධතිය අපරාධ විමර්ශන අංශය ත්‍රස්තවාදී විමර්ශන අංශය හා අපරාධ දත්ත ගබඩා අංශ වලට සම්බන්ධ කිරීමට නියමිත අතර ඒ සඳහා කැපවුණු ජංගම රථයක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඔබට මෙම අනුවේදනීය ජායාරූපය මතකද?

ඔබට මෙම අනුවේදනීය ජායාරූපය මතකද?
මේ ගවදෙන දැන් කොහෙද?
මෙම ජායාරුපය මිට වසර ගණනාවකට පෙර දෙමටගොඩ ගව ඝාතකාගාරයේදී ගන්නා ලද්දකි.මෙහි දැක්වෙන්නේ එම අවස්ථාවේදී මස් පිණිස මරණයට කැපව සිටි ගව දෙනකි.මේ අවස්ථාවේදී අයගේ කුසයේ පැටවෙකුද සිටිබව දැන ගන්නට ලැබේ.නමුත් පුජ්‍ය අහංගම ආනන්ද හිමියන්ගේ මැදිහත් වීම මත ඇයට ජිවත් වීමට ඉඩ ලැබුණි. ඉහත ජායාරුපයේ දැක්වෙන්නේ එම ගවදෙන තමාව මරණයෙන් බේරාගනු ලැබූ එම හිමියන්ට කදුළු සළන දෙනතින් යුක්තව දනනමා නමස්කාර කරන අන්දමය. එය වසර හතරකට පමණ පෙර සිදුවූ සිද්දියකි.
දැන් අප ඔබට කියන්නට යන්නේ මෙහි වර්තමාන කතන්දරයයි.
ආනන්දහිමියන් මේ වනවිට මරණයට කැපවූ ගවයන් දහස් ගණනක් බේරාගෙන ඇත.එමනිසා උන්වහන්සේට මේ ගවදෙන පිලිබදව මතකයෙන් බැහැරව ගොස් තිබුණි.
කෙසේ වෙතත් මිට මාස කිහිපයකට පෙර මේ ජයාරුපය පිලිබදව නැවතත් ජනමාධ්‍ය වල අවධානය යොමු වීම සමගම “ මේ ගවදෙන දැන් කොහෙද ? " යන ගැටලුව බොහෝදෙනාට නැගුනාට කිසිදු සැකයක් නැත.
Subscribe to:
Posts (Atom)