මර්වින්ගේ රස කැවිලි කඩේ.
හේවා කෝපරගේ මර්වින් සිල්වා හෙවත් දැන් ආචාර්ය මර්වින් සිල්වාගේ දේශපාලන ගමන ආරම්භ වන්නේ ඔහුගේ පියාගේ ගම වන බෙලිඅත්ත මැදමූලනට කිට්ටු දම්මුල්ල ගම්මානයෙනි. රස කැවිලි ව්‍යාපාරයක් ගෙන ගිය ඔහුගේ පියා වූ චිලී මුදලාලි කවදත් රාජපක්ෂවරුන්ගේ හිතවතෙකි.
මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වූ ඩී ඒ රාජපක්ෂ මහතා මෙන්ම එකල ඔහු සමඟ ගමන් බිමන් ගිය කුඩා මහින්ද රාජපක්ෂද මහපාර අසල ඇති මර්වින්ලාගේ පියාගේ රස කැවිලි කඩයෙන් තේ පානය කොට යන සිරිතක් එදා තිබුණි. ඒ නිසා කුඩා කාලයේ සිටම මර්වින් මහින්ද ඇයි හොඳයිකම් පැවැත්වූ බව කියවේ.
මර්වින්ට ස.තො.සේ රැකියාවක්.
මෙහි ප්‍රතිපලයක් ලෙස මර්වින්ට ස.තො.ස ආයතනයේ රැකියාවක් ලැබුණි. 1970 මහා මැතිවරණයට මහින්ද රාජපක්ෂ තරුණයා මුලින්ම ඉදිරිපත්වූ විට ඔහු සමඟ ජන්ද පෝස්ටර් ගසන්නට බැසිල් රාජපක්ෂ තරුණයා සමඟ මෝටර් සයිකලයෙන් මර්වින් බෙලිඅත්තේ ගම් නියම්ගම් බලා ගිය බව බෙලිඅත්තේ වැඩිහිටියෝ පවසති.
විශ්වවිද්‍යාලය තුළ පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදය අභියෝගයකට ලක් කරමින් 2012.01.10 දින රාත‍්‍රියේ රාතී‍්‍ර 10.15 ට පමණ විශ්වවිද්‍යාලය තුලදී සිසුන් 4 දෙනෙකුට නන්නාදුනන මැර කණ්ඩායමක් විසින් පහරදීමක් සිදුකර ඇත. මෙම පහර කෑමට ලක්වූ සිසුන් 4 දෙනාගෙන් තිදෙනෙකු එම අවස්ථාවේදීම ශිෂ්‍යයන්ගේ මැදිහත් වීමෙන් පඹහින්න මුලික රෝහලට ඇතුලත් කර ඇත.
මෙම පහර දීම සිදුකර ඇති අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ආරක්ෂක අංශ නිළධාරින්ද එම ස්ථානය අවට සිට ඇති නමුත් එම සිසුන්ට කිසිදු ආරක්ෂාවක් සපයා නොමැතිව වගකීම් විරහිතව කටයුතු කර ඇත. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සියලූම විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් අලූතින් ස්ථාපනය කරන ලද ආරක්ෂක අංශය සිසුන්ට මෙම නාදුනන පුද්ගලයින් ඇතුල්වී පහර දී පිටවී යන තෙක් මේ සම්බන්ධව කිසිදු මැදිහත් වීමක් සිදු නොකිරීම පුදුමයට කරුණකි.
විපක්ෂනායක හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රසිංහ මහතා අමතන රැස්වීම් වලදී කලබල කොට එම අවස්ථා රූප ගතකොට සිරස ටීවී හරහා විකාශය කිරීමේ උත්සහයක් පිලිබදව තොරතරු ගොසිප්9 වෙත වාර්ථා වෙනවා. මේ සදහා වික්‍රමසිංහ මහතා සහභාගිවන රැස්වීම් වලට කුමන්ත්‍රණකරුවන්ගේ නියෝජිතයන් 10ක් - 15ක් වැනි ප්‍රමාණයක් කලින්ම යවා එම ස්ථානයේ වාඩිකර තබා වික්‍රමසිංහ මහතා රැස්වීම ඇමතීමට පැමිණෙන වීට එතුමන්ට හු කියා එම ස්ථානයෙන් පිටවීම මොවුන්ගේ අරමුනයි.මෙහි මුල් අවස්ථාව පසුගිය දා ජේ ආර් කේන්ද්‍රයේදී අත්හදා බැලීමට මෙම කුමන්ත්‍රණ කරුවන් තීරණය කොට තිබුනා.එහිදී රනිල් වික්‍රමසිංහ මහතා රැස්වීම ඇමතීමට පැමිණෙන විට එතුමන්ට හු කියා නැගිට යාමට එම කුමන්ත්‍රකරුවන් උත්සහකලත් මේ පිලිබදව කලින්ම ආරංචි වී ඊට මුහුණ දීමට වික්‍රමසිංහ මහතා සුදානම් වී සිටියා.
කට් කට්....ඒක එහෙම කියන්න එපා,මේ විදියට කියන්න..උසස් පෙළ ප්‍රථිපල පිලිබදව පත්කෙරුණු විද්වත් කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් සැකසුනු විශේෂ වැඩසටහනක් ඊයේ රාත්‍රියේ ජාතික රුපවාහිනියේ විකාශය වූ අතර එහි ඇතුලාන්තය පිලිබදව විස්තර අපිට ලැබී තිබෙනවා.ඒ සදහා ධාරා විජේතිලක මහත්මිය,කොළඹ,මොරටුව,ඌව යන විශ්ව විද්‍යාලවල උප කුලපතිවරුන්,රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඇතුළු විද්වත් කමිටුවේ සාමාජිකයන් සහභාගී වූ අතර වැඩසටහන මෙහයවනු ලැබුවේ චමින්ද ගුණරත්න නිවේදකයයි.මේ වැඩසටහනේ අධ්‍යක්ෂණය සදහා අයෙකු නාමිකව සිටි අතර සැබවින්ම වැඩසටහන අධ්‍යක්ෂණය කලේ බන්දුල ගුණවර්ධන මහතා සහ එස් බී දිසානායක මහතායි.එම ඇමතිවරු දෙදෙනා පාලක මැදිරියේ සිට නිවේදකමහතාට හා විද්වත් කමිටුවට ඇසිය යුතු දේ හා නොඇසිය යුතු දේ ගැන උපදෙස් දුන් අතර සමහර අවස්ථාවන්හිදී "කට් කට්....,ඒක එහෙම කියන්න එපා,මේ විදියට කියන්න..." ආදී ලෙසද උපදෙස් දී තිබෙනවා.
2011 උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵලවල දිස්ත‍්‍රික් කුසලතාව සම්බන්ධයෙන් මතුවූ ගැටළු පිළිබඳ සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ විද්වත් කමිටුවේ වාර්තාව ජනාධිපති කාර්යාලය විසින් ඊයේ දිනයේ (14) ප්‍රකාශයට පත්කර ඇත.ඒ අනුව දිස්ත්‍රික් කුසලතාවය වෙනස් දෝෂ සහගත වීමට හේතු ලෙස ඔවුන් දක්වා ඇත්තේ
- දිස්ත්‍රික් කුසලතාව ගණනය කිරීමේ දී සිදු වූ දෝෂය සිදු වී ඇත්තේ විභාග ප්‍රතිඵල ගණනය කිරීමේ අවසාන පියවරේ දී ය. එම දෝෂය සිදු වී ඇත්තේ දත්ත ඇතුළත් කරන අවස්ථාවේ නොවේ.
- මෙම දෝෂය විභාග දෙපාර්තමේන්තුව විසින්ම කෙටි කාලයක් තුළ නිවැරදි කර ඇත.
- විභාග දෙපාර්තමේන්තුව විසින් එසේ නිවැරදි කිරීමෙන් අනතුරුව නිකුත් කරන ලද සංශෝධිත දිස්ත්‍රික් කුසලතා සහිත විභාග ප්‍රතිඵල දෝෂ රහිතව නිවැරදිව නිකුත් කර ඇති බව තහවුරු කර ඇත.
- විභාග අපේකෂකයින් වෙත තම ගැටලූ ඉදිරිපත් කිරීම සඳහා මාධ්‍ය හරහා කරන ලද දැන්වීමට අදාළව ලැබුණු අභියාචන ආශ්‍රිතව සිදු කරන ලද පරීකෂණවලින් විභාග ප්‍රතිඵලවල වරදක් සිදුව ඇති බවට කිසිදු සාකෂියක් අනාවරණය නොවීම.
ඉහත නිර්දේශයන් ලබාගැනීමට විද්වත් කමිටුවක් පත්කළ යුතදැයි පැනනගින්නේ ගැටලුවකි.දිස්ත්‍රික් කුසලාතවය අවසන් අදියරේදී වැරදීගිය බව කමිටුවක් පත්කිරීමටද පෙර දැනගෙන සිටි කරුණකි.
පබළු ටෙලිනාට්‍යයේ සයුරි ලෙසින් ජනප්‍රියත්වයට පත් අයෝධ්‍යා මිහිරාවී පසුගියදා යුගදිවියට එළඹුනා.පසුගිය 6 වනදා පි.ටි ගාඩ්න්ස් හි පවතී විවාහ උත්සවයේ 21 හැවිරිදි අයෝධ්‍යාගේ මනාලයා වුයේ දිනේෂ් ලියනආරච්චි නම් ව්‍යාපාරිකයෙක්.වසර පහක පෙම් සම්බන්ධතාවයකින් පසුවයි ඔවුන් යුග දිවියට එළඹ ඇත්තේ.
දිනේෂ් - අයෝධ්‍යාගේ විවාහයේ ජායාරුප කිහිපයක් පහතින් බලන්න
දෙරණ රුපවාහිනියේ ජනප්‍රිය නිවේදිකාවක වන දිල්කා සමන්මලී මෙම මස 19 වනදා යුග දිවියට එළඹීමට සුදානම් වන බව ගොසිප්9 වෙත වාර්තා වේ.ඇය විවාහ වන්නේ දෙරණ රුපවහිනියේම සේවය කරන්නෙක් සමගින් බවද නිල නොවන ආරංචිමාර්ග සඳහන් කර සිටිනවා.19 වනදා පැවැත්වීමට නියමිත ඇයගේ විවාහයට සුබපැතීමට පසුගියදා දෙරණ 360 වැඩසටහනට සහභාගී වූ විමල් විරවංශ අමාත්‍යවරයා අමතක කලේ නැහැ.
එහි වීඩියෝව බලන්න පහතින්
මෑතකදී ස්ථාපනය කරන ලද දකුණු අධිවේගී මාර්ගයේ ධාවනය වන අධි සුඛෝපභෝගී බස් රථ සේවාව සඳහා මේවනවිට ඉතා හොඳ ඉල්ලුමක් පවතී.සෑම ගමන් වාරයකට පැය කිහිපයකට පෙර සියලුම අසන වෙන්වී අවසන්වේ. බොහෝ ආසන පෙර දින දෙක අතුලත වෙන්වී අවසන් වන අතර බොහෝ මගීන්ට සිය අපෙක්ෂිත ගමන් වාරය සදහා ආසන වෙන් කරගත නොහැකි වීමෙන් ආපසු හැරීයාම් දක්නට ඇත.
මෙවන් පසුබිමක ගාල්ල බස් නැවතුම්පල අසල සිටින පිරිසක් ආසන කලින් වෙන්කරවාගෙන එම ප්‍රවේශ පත්‍ර වැඩි මිලට විකිනීමට සැරසෙන බව වාර්තා වේ.