Chitika Smowtion 468x60


Thursday, January 19, 2012

බන්ධනාගාර සැකකරුවෙකු ඝාතනයට පැමිණි එස්ටීඑෆ් මැරයින් මාට්ටු


ඊයේ (18) දහවල් මීගමුව උසාවියට රැගෙන එමින් සිටි බන්ධනාගාර රැදවියෙකුට වෙඩි තැබීමට උත්සාහ කළ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු, බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකුගේ ක‍්‍රියාකාරිත්වය මත අත්අඩංගුවට පත් වී තිබේ.
බන්ධනාගාර රැදවියන් විසිදෙනෙකු එකිනෙකට දම්වැල්වලින් බැද, බන්ධනාගාරයේ සිට පයින් රැගෙන එමින් සිටියදී මාර්ගය අසල සිටි දෙදෙනෙකු බන්ධනාගාර රැදවියෙකුට වෙඩි තැබීමට උත්සාහ කර ඇත.
එහෙත් බන්ධනාගාර රැදවියන් සියලූ දෙනා එකවර මරහඬ දී ඇති අතර එයින් කලබලයට පත් සන්නද්ධ පුද්ගලයන් දෙදෙනා යතුරුපැදිවලින් පැමිණ සිටි තවත් දෙදෙනෙකු සමඟ පලා යෑමට උත්සාහ දරා ඇත.

දෙරණේ දිල්කා යුගදිවියට


දිල්කාගේ විවාහයට මැති  ඇමතිවරු රැසක් 

පසුගිය 15 වෙනිදා අප "දෙරණේ දිල්කාගේ විවාහය ළඟදීම"යනුවෙන් ලිපියක් පල කරමින් දිල්කා සමන්මලී මෙනවියගේ විවාහය අද දින(19) පැවැත්වෙන බව ඔබට හෙළි කරා.

ඒ අනුව දිල්කා සමන්මලී මෙනෙවියගේ විවාහ උත්සවය අද දින පරිසරවේදී අසේල මුතුමණිගේ මහතා සමග සිදුවුවා.

දෙරණ නාලිකාවේ විධායක වාර්තාකාරිණියක් වන ඇය ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසටද ජනප්‍රියත්වයට පත්වුවා.ඇය වඩාත් ජනාකර්ශනයට ලක්වුයේ ටීවී දෙරණ නාලිකාවේ 360 වැඩසටහන මෙහයවිම මගින්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා රජ්‍ය මාධ්‍ය විසින් ගෙනයන අසත්‍ය ප්‍රචාර හෙළා දකිමු


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා රජයට අයත් ජනමාධ්‍ය විසින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට එරෙහිව ගෙන යමින් සිටින අභූත සහ පදනම් විරහිත චෝදනා පිළිබඳව අප සංවිධානයේ අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳව අපගේ පිළිකුල හා බලවත් විරෝධය පළ කරන්නෙමු.
G.S.P.+ බදු සහනය ශී්‍ර ලංකාවට ලබා නොදෙන ලෙස ඉල්ලමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා එහි සාමාජිකයන් විසින් පෙත්සම් 600 - 700 අතර ප්‍රමාණයක් විදේශීය රටවලට හා ජාත්‍යන්තර සංවිධාන වෙත යොමු කර ඇතැයි යන්න එම අමූලික බොරුවය. එවැනි අදහසක් ප්‍රකාශ කරමින් රජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙහි පුවතක් පළකර තිබු අතර එම අදහසම හුවා දක්වමින් දිනමිණ පුවත්පතද, ස්වාධීන රූපවාහිනීයේ විපරම වැඩසටහන ද අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගොස් ඇත. ඒ අනුව පෙනී යන්නේ රජය හිතාමතාම මනා සැලසුමකින් යුතුව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට එරෙහිව වෛරී හැඟීමක් ජනතාව අතර ගොඩනැඟීමට දුෂAඨ ප්‍රයන්තයක නිරත වෙමින් සිටින බවකි.

මර්වින්ගේ කප්පම් කල්ලිය සිංගප්පූරුවේදී රැස්වේ


මේවනවිට ආරක්Aෂක අමාත්‍යාංශයේ ''සුදු වෑන් ඒකකයේ'' උපදෙස් පිට ශ්‍රී ලංකාවෙන් පලාගොස් සිටින මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ කප්පම් කල්ලියේ සාමාජිකයින් පෙරේදා (16දා) සිංගප්පූරුවේදී රැස්වී ඇති බව වාර්තාවේ.
මොවුන් මෙසේ රැස්වී ඇත්තේ සිංගප්පූරුවේ හින්දු රෝඩ්, අංක 14 හි පිහිටි ''චෙන්නායි රෙස්ටුරන්ට්'' නැමැති ස්ථානයේ වන අතර මෙම රැස්වීම සඳහා දැනට ලංකාවෙන් පලාගොස් සිටින පානදුරේ ඩොනල්ඩ් හෙවත් මාලිගාවත්තේ රංජා, රංජන් සිල්වා නොහොත් ''කොට රංජා'', ස්විස් සජී නොහොත් ''ක්‍රෙඩිට්කාඩ් සජිත්'' සහ අමල් රුද්‍රිගූ නොහොත් ''ලංගම රාජු'' සහභාගිවී ඇති අතර මුලසුන දරා ඇත්තේ තවමත් මර්වින් සිල්වා සමඟ ගනුදෙනු කරන ''සිංගප්පූරු සරත්'' නොහොත් සරත් එදිරිසිංහ විසිනි.

හොලිවුඩ් නිලිය හරහා හෙළිවූ ලංකාවේ වලව් ජාවාරම


සුරූපී හොලිවුඩ් නිලියක් වූ X-Files හි ගිලියන්ගේ අවනඩුව නිසා ලංකාවේ වලව් මංකොල්ලයක් ගැන තොරතුරු රැසක් හෙළිවෙමින් පවතිනවා. මෙම තොරතුරු වලට අනුව විදේශිකයන් විසින් ඩොලර් මිලියන ගනනින් ගෙවා ලංකාවේ තැරැව්කරුවන් හරහා මහා පරිමාණයෙන් පැරණි වලව් මිලදී ගනිමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

මෙම හොලිවුඩ් නිලියට මෙරට දේපල ලෙස ඇත්තේ පසුගියදා අනාවරණය වූ පස්යාලේ පිහිටි වලව්ව පමණක් නොවේ.තවත් අක්කර සිය ගණනක ශ්‍රී ලාංකික භූමියේ අයිතිය ඇය සතු වෙන බව හෙළිවෙමින් පවතිනවා.

සාමාන්‍ය විදේශිකයෙකු ලංකාවේ දේපළක් මිලදී ගනී නම් එයට අති විශාල බදු මුදලක් ගෙවිය යුතු වුනද මෙම ජාවාරම හරහා ලංකාවට කිසිම බදු මුදලක් ලැබෙන්නේ නැත.



ඔන්ලයින් බැංකු ගණුදෙනු ප්‍රවේශමෙන්!


හැටන් නැෂනල් බැංකුවෙන් එවන ලෙසට සැකසූ ව්‍යාජ ඊමේලයක් මගින් ගනුදෙනුකරුවන්ගේ අන්තර්ජාල ගිණුම්වල දත්ත ලබාගැනීමේ උත්සහයක් පසුගිය සතියේ වාර්තා වුනා.

එමගින් එම ගනුදෙනුකරුවන්ගේ  අන්තර්ජාල ගිණුම්වල රහස්‍යපද,ක්‍රෙඩිට් කාර්ඩ් වල විස්තර ආදිය ලබාගැනීමට උත්සහ කරනවා. ඉන්පසු එම දත්ත ඇතුලත් කර අන්තර්ජාල ගිණුම්වලින් මුදල් සොරකම් කිරීම මෙම "ෆිෂින්ග්" වංචාකරුවන්ගේ අරමුනයි.

කටුනායක අධිවේගී මාර්ගය නිසා ජනතාව පීඩාවට


2009 වසරේ අගෝස්තු මාසයේ දී ඉදිකිරීම් ආරම්භ කළ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය 2013 දී ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

මේ වනවිට ඉදිවෙමින් පවතින කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ හුනුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ නිරන්තරයෙන් බර වාහන සිය ගණනක් ධාවනය වන අතර මාර්ගයේ දැනට දමා ඇති පස් තට්ටුව මතින් මෙම වාහන ධාවනය වන විට අධික දුවිල්ලක් ඇතිවේ.

මේ නිසා දිනය පුරා හුනුපිටිය දුම්රිය ස්ථානය අවට ප‍්‍රදේශයම දුවිල්ලෙන් වැසී පවතී. මේ හේතුවෙන් දොර ජනේලයක් ඇර ගැනීමට තබා හුස්ම ගැනීමටවත් නොහැකිව ප‍්‍රදේශවාසින් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටී. 

ලංකාවේ ඉතිහාසය සිනමාවට නැගු කුවේණි - කුසපබා


දුලානි බර අඩුකර ගත්තේ ඇයි?
මර්වින් සිල්වා කුවේණිගේ පියාලු
  
මේ දිනවල සිංහල සිනමාවේ ඉතිහාස පුවත් අඩංගු චිත්‍රපට වැඩියෙන් නිර්මාණය වීමට පටන්ගෙන තිබෙනවා.විශේෂයෙන් ජැක්සන් ඇන්තනි මහතා පණ්ඩුකාභය කුමරාගේ චරිතය ඇසුරින් නිර්මාණය කල සිනමාපටය නිසා බොහෝ දෙනෙක් එවැනි ඓතිහාසික පුවත් ඇසුරින් සැදුනු චිත්‍රපට කෙරෙහි වැඩි රුචිකත්වයක් දක්වන්නට පටන් ගත්තා.

මේ ඓතිහාසික රැල්ලේ නිර්මාණය වූ චිත්‍රපටි දෙකක් ඉදිරියේදී තිරගතවීමට නියමිතයි.ඒ කුවේණිගේ චරිතය ඇසුරින් සැදුනු "විජය-කුවේණි" හා "කුසපබා" යන චිත්‍රපටි දෙකයි.

Share this article with your friends