Chitika Smowtion 468x60


Tuesday, January 24, 2012

නෙහාරා සමඟ මේනක ඇමරිකාවේ


නෙහාරාගේ දික්කසාදය ලැබෙන්න ඔන්න මෙන්න කියා තිබියදී මේනකත් දික්කසාද වීමට යන බව මීට පෙර ලිපියකින් අප ඔබට හෙළි කළා.

සිය පළමු විවාහයෙන් වෙන්වී වැඩි දිනක් ගත නොවන නෙහාරාගේ අලුත් හාදකමක් ගැන මේ දිනවල රාවයක් පැතිරෙන්නේ මේනකත් සමඟයි. 

චිත්‍රාල් ද මෙල්ගේ අධ්‍යක්ෂනයක් වන "ආදරණීය නයගරා" ඇමරිකාවේ රූගත කරන ‍ශ්‍රී ලංකාවේ පළමු ටෙලිනාට්‍යය වනවා. මෙය කොටස් 36 කින් සමන්විත වන අතර නෙහාරා පීරිස්, මේනක රාජපක්ෂ හා ජනක කුඹුකගේ ඇතුළු ජනප්‍රිය තරු රැසක් මේ සදහා රංගනයෙන් දායක වෙනවා. දින 45ක කාලයක් මෙහි රූගතකිරීම් සිදුවන බවයි වාර්තා වෙන්නේ.

මේ සඳහා නෙහාරා සමඟ මේනකත් පසුගිය 16 වෙනිදා ඇමරිකාව බලා පසුගියදා පිටත් වුණා. නෙහාරාගේ හා ‍මේනකගේ රඟපෑම කෙසේ වෙතත් ඔවුන්ගේ මේ අලුත් හාදකමට නම් මේ ඇමරිකා සංචාරය මහත් රුකුලක් වූ බව කලා ක්ෂේත්‍රය පුරා පැතිර ගොස් හමාරයි.

මොට්ටු තියන් ඩිල්කා බලන්න ගිය මර්වින් සිල්වා

මර්වින් සිල්වාට මේ දිනවල කප්පම් චෝදනා එල්ලවීම ඇතුලු ප්‍රශ්න රාශියක් ඇතිවී තිබෙන්නේ කාලි අම්මාන් කෝවිලේ සාපයක් නිසා බව බොහෝ දෙනා පවසති.

මේ සඳහා ඔහු විසින් පසුගිය 17වනදා හිතවත් කාන්තාවකගේ මාර්ගයෙන් එම සාපයෙන් ගැලවීම සඳහා හොර රහසේම එළුවන් කීපදෙනෙක් බිලිපූජාවක් සඳහා මුන්නේෂ්වරම් කෝවිලට පූජා කර ඇතැයිද වාර්තා විණි.

පසුගිය බ්‍රහස්පතින්දා දෙරණ රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදිනියක් වන ඩිල්කා සමන්මලී මෙනවියගේ විවාහ උත්සවය ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලකයේදී පැවැත්විණි.

මේ සඳහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද බොහෝදෙනෙක් සහභාගී වී තිබුණි.

මංත්‍රීවරුන් පිරිසක් එහිදී කතාකරමින් සිටින අවස්ථාවේ හදිසියේම එතැනට පැමිණියේ මර්වින් සිල්වාය. ඔහුගේ නලලේ කෝවිලක සින්දූර් තිලකයන් බඳු පැල්ලමක්ද තිබුණි.

ජනපති ලෙස රඟපෑ සිසුවා කතා කරයි


වේදිකාවට වැන්දේ අපහාස කරන්න නෙමෙයි.

මුළු නාට්‍යම දැක්කා නම් අපිට ආශිර්වාද කරයි.

 පසුගිය 18 වෙනිදා "ජනපතිට අපහාස වන නාට්‍යයක් කලාට සිරිධම්ම විදුහල්පති එලියට" යනුවෙන් ලිපියක් අපගේ වෙබ් අඩවියේ පලවුවා. එහී සදහන් වුයේ ගාල්ල ලබුදුව සිරිධම්ම විද්‍යාලයේ සිසුන් විසින් රගදැක්වූ වේදිකා නාට්‍යයක ජනපති ලෙස අනුකරණය කරනු ලැබූ චරිතයක් තිබීම නිසා එම පාසලේ විදුහල්පතිවරයාගේ වැඩ තහනම්වූ බවට පුවතක්.

එම පාසලේ සිසුන්ගේ මව්පියන් පසුගියදා විදුහල්පති නැවත සේවයේ පිහිටුවන ලෙසට බල කරමින් විරෝධතා ව්‍යාපාරයකද නිරත වූවා. මේ අතර එම වේදිකා නාට්‍යයේදී ජනපති ලෙස රගපෑ සිසුවා දෙරණ ප්‍රවුත්ති විකාශය හා අදහස් දක්වා තිබුනා. 

එහිදී එම සිසුවා කියා සිටින්නේ තමන් කිසිවිටෙක ජනපතිට අපහාසයක් වන ලෙසට රගනොපෑ බවත් නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට පෙර ගුරුවරුන්ට පෙන්වා ඔවුන්ගේ අවසරය ලබා ගත බවත්ය. ඔහු පවසන අන්දමට එම නාට්‍යය රගපෑම සදහා වේදිකාවට ගොඩවීමට පෙර වේදිකාවට වැන්දේ ජනපති ලෙස නොව නළුවෙක් ලෙස බවය. 

කොළඹ වයසට යන නිසා හම්බන්තොට තිරිහන් කරන්න වුනා


"මේ වනවිට කොළඹ මහලු වෙලා. අද තියෙන්නේ වයෝවෘද්ධ කොළඹක්.
මේ අවශ්‍යතාවය නිසයි හම්බන්තොට නව නගරය නිර්මාණය වුනේ."

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ඌරුබොක්කේ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීමෙන් අනතුරුවයි.

වැඩිදුර අදහස් දැක්වූ එතුමා 

"මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005දී අලුත් ශ්‍රී ලංකාවක් කියලා කියලා කිව්වේ තිබුන ලංකාව පරණ නිසයි. පරණ ලංකාව ගොඩ නැඟුනේ අපේ උවමනාවන් අනුව නෙවෙයි.

උසාවියෙන් ඇප නියම කල සිසුන්ට විශ්වවිද්‍යාලය තහනම්ද?


පළිගැනීමේ අරමුණින් ලබාදුන් දඬුවමක්ද?

2012-01-10 වන දින රාත‍්‍රී කාලයේ ශිෂ්‍යයින් 4 දෙනෙකුට පහරදීම, කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් ආචාර්යවරයාගේ නිවසට පහරදීම පිළිබඳව ඔබ මීට පෙර දැනුවත් කළෙමු. ආචාර්යවරයාගේ නිවසට පහරදීම උගත් බුද්ධිමත් ශිෂ්‍යයින් ලෙස අප දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

නමුත් ශිෂ්‍යයින්ට පහරදීම පිළිබඳව කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. ආචාර්යවරයාගේ නිවසට පහරදීම සම්බන්ධව සැකපිට 2012-01-12 දින අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි සිසුන් 5 දෙනා 2012-01-17 දින බලංගොඩ දිසා අධිකරණයේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලදි. එහිදී අපි මීට පෙර කියූ පරිදිම එම ආචාර්යවරයා ඔහුම නම් ලබාදුන් සිසුන් 5 දෙනා හඳුනාගත් අතර ආරක්ෂක අංශ සාමාජිකයෙක්ද හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට සහභාගී වූ අතර ඔහුට හඳුනාගැනීමට හැකිවූයේ නිවැරදිව තිදෙනෙක් හා වෙනත් පුද්ගලයන් දෙදෙනෙකි.

දයාන් ජයතිලක කොයිබටද?


වෙසක් දිනය සැමරීම නොකළ තානාපති තයිපෝංගල් දිනය සමරයි

සෑම වසරකම ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නොකඩවා පවත්වාගෙන ආ වෙසක් දිනය ප‍්‍රථම වතාවට නොපවැත්වූ දයාන් ජයතිලක තානාපති තයිපෝංගල් උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වූයේ ආගම් අතර සමඟිය බිඳ දැමීමේ පරමාර්ථයෙනි. 


ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවටද නිගා කරණ ලෙස හැසිරෙමින් ලංකාවේ ආගම් 4 ටම එක අයුරින් සැලකිය යුතුයයි ප‍්‍රකාශ කරමින් එයද කඩ කර, තමන්ගේ අන්තවාදී බව ප‍්‍රසිද්ධියේම පෙන්වා දෙමින් මේ කරණ ලද ක‍්‍රියාව ආගමික සහන ශීලිත්වය හා ආගම් අතර සමඟිය අගය කරණ සැම දෙනා තරයේ හෙලා දකිති. 

ලාඕ සිලෝන් සංගීත කණ්ඩායමේ වැඩිවිස්තර


අප පසුගිය දිනක "සිංහල සින්දු කියන ලාඕසයේ බෑන්ඩ් එක" යනුවෙන් ලිපියක් ඔබට ඉදිරිපත් කළා. එයින් ඔබට හෙලිකරේ සිංහල බසින් ගීත ගයනා කරන "ලාඕ සිලෝන් " නම් සංගීත කණ්ඩායමක් පිලිබදවයි. 

එම ලිපිය දුටු ඔවුන් අපවෙත ඔවුන්ගේ සංගීත කණ්ඩායම පිලිබදව වැඩි විස්තරද දක්වා තිබෙනවා. 

ලාඕ සිලෝන් කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදනය කරන්නේ ශ්‍රී ලාංකිකයෙකු වන Prince Felsinger මහතායි. මේ කණ්ඩායමේ නායකයා වන්නේ ලාඕස ජාතික Sengthong Boutsady මහතා වන අතර සිංහල බසින් ගීත ගැයීමටද ඔහුට හැකියාවක් තිබෙනවා. 

Saturday, January 21, 2012

SOPA/PIPA පනත් හකුලාගනී. Fight for the Future පදනමෙන් ඔබ සැමට තුති


ඉදිරියේදී සම්මත කරගැනීමට නියමිතව තිබූ SOPA සහ PIPA පනත් ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය විසින් මීට ටික වේලාවකට පෙර ඉවත දමා තිබෙනවා. මීට මූලික වශයෙන්ම හේතු වූයේ අන්තර්ජාලය හරහා ඊට මතු වූ අති ප්‍රභල විරෝධයයි. ප්‍රධාන වශයෙන් Wikipedia, Reddit, Google, Wordpress ආදී  වෙබ් අඩවි මෙම පනත් වලට විරුද්ධව සුවිශාල කතිකාවතක් අන්තර්ජාලය හරහා ගොඩනැගීමට දායක වුනා. ඉදිරියේදී වෙනත් ආකරයකින් මෙම පනත් කරළියට පැමිණීමට ඉඩ ඇති බවත් ඊටත් මේ ආකරයෙන්ම එකාවන්ව අත්වැල් බැඳගෙන මුහුණ දී පරාජය කිරීමට තමන් පසුබට නොවන බවට Fight for the Future පදනම පවසනවා.

වැඩි විස්තර සඳහා මෙම වෙබ් අඩවි වලට පිවිසෙන්න.
http://www.sopastrike.com/
http://www.fightforthefuture.org/

Fight for the Future පදනම මෙම ජයග්‍රහණය පිළිබඳව දන්වමින් අප වෙත එවා ඇති ඊමේලය පහතින් බලන්න.

Share this article with your friends