
නමුත් මාර්ගඵල ලාභී පිටිදූවේ සිරිධම්ම හිමියන් පවසන්නේ මෙය අසත්‍යයක් බවයි. උන්වහන්සේ මේ අදහස් ප්‍රකාශ කර තිබුනේ පසුගියදා රන්දිව පුවත්පතටයි.
ප්රශ්නය: ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ විද්‍යා උපාධිධාරියෙක්. එමෙන්ම තර්කාණුකූලව බන කියන ධර්ම දේශකයානන් වහන්සේනමක්. ඒ සියල්ලටම වැඩියෙන් ඔබ වහන්සේ පවසන ආකාරයට මාර්ගඵල ලාභියෙක්. මේ නිසා ඔබ වහන්සේගේ දේශනාව ඉතාමත් වගකීම් සහිතයි. මේ වනවිට මුලු ලෝකයම පිලිගන්නා විද්‍යාත්මක මතය තමයි සමස්ථ විශ්වයම භ්රමනය වන බව. ඔබ වහන්සේ පවසන්නේ එය සත්‍ය වශයෙන්ම සිදු නොවන මායාවක් බවද?
පිළිතුර: මායාවක්ම පමණයි. මනස සදාකාලිකව නිවා දමපු කිසිවෙක් ඔය කරකැවීම පිළිගන්නේ නෑ.






