Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

ප‍්‍රංශයේ ඓතිහාසික බැස්ටීලයේ දි ජෙනරාල් සරත් ෆොන්සේකාට නිදහස පතයි


එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අධීක්ෂනය මත ගරු මහා ලේකම් තිස්ස අත්තනායක මහතාගේ දැනුම් දීමෙන් පසුගියදා පැරීසියේ එජාප ශාඛාවේ නිලධාරීන් විසින් සිර ගතකර සිටින හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා රණ විරුවාගේ මානව අයිතිය රැකදෙමින් නිදහස් කරන මෙන් ඉල්ලා කරන මහජන පෙත්සමට අත්සන් එකතු කළේය. සරත් ෆෝන්සේකා යන නම උච්චාරනය කිරීම පවා මරන බියක් සාමාන්‍ය ජනයා තුල ජනිත කර ඇති අද වැනි යුගයක; ඉහත පෙත්සම මගින් ඒ සදහා බොහෝ කරුනු රාශියක් සමාජයට දැන්වීම හා එම විෂය සම්බන්ධව මහජන හදගැස්ම අවබෝධ කර ගැනීමට හැකිවීම ඉතාමත් අගේ කොට සැලකිය යුතු වටිනා අවස්ථාවක් වුයේය.

රටින් පැන්න මාධ්‍ය නඩය රටට එරෙහි කුමන්ත්‍රණයක


වරින් වර ජනමාධ්‍ය වාර්තා නමින් බේගල් අත හැරීම පුරුද්දක් කරගෙන සිටින දිනමිණ කඩමාල්ලේ විජයානි අද තවත් හැල්ලක් වමාරා තිබේ. එම ලිපිය මේ සමග අමුණා ඇත. මේ විජයානි වමාරා ඇති කතාවේ එක කරුණක් හෝ ඔප්පු කිරීමට ඇයට හැකිද? ඇය කියන එක කරුණක් අප බියපත් කරයි. එනම් ආරක්ෂ හමුදා විසින් හෙට පැවැත්වෙන ජනමාධ්‍ය උද්ඝෝෂණයට ප‍්‍රහාරයක් එල්ල කරනු ඇති බවයි. විජයානිට දැන් අවහ්‍යව ඇත්තේ ජනමාධ්‍යවේදීන්ගේ ලේ සුවද බැලීමට ද?

අද එල්ටීටීඊ සහායකයින් ලෙස මාධ්‍ය සංවිධාන වලට අවලාද නගන විජයානි එල්ටීටිඊයට බලය තිබූ සමයේ එහි ගජ මිතුරියක් විය. එහි ත‍්‍රිකුනාමලයේ නායක එලීලන්ගේ සමීප මිතුරියක වූ ප‍්‍රභාකරන් අබියස ආඩම්බරයෙන් ජායාරූපයකට පෙනී සිටින්නේ නිකමට ද?

CSN සමඟ තරඟ කිරීමට MTV අලුත් වෙයි


සිරස මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන Chanel One MTV නාලිකාව ඊයේ සිට නව මුහුණුවරකින් ප්‍රේක්ෂකයින් අතරට ගෙනඒමට ඔවුන් කටයුතු යොදා තිබූ බව වාර්තා වෙනවා.

ඒ අනුව ඊයේ සිට එම නාලිකාව MTV Sports ලෙස නම් කර තිබෙනවා.

දේශීය හා විදේශීය ක්‍රිඩා වැඩසටහන් සහ ක්‍රීඩා නාලිකාවන් මේ ඔස්සේ ගෙන ඒමට ඔවුන් බලාපොරොත්තු වන අතර එමඟින් CSN චැනලයට තරඟයක් දීමටද ඔවුන් බලාපොරොත්තු වෙනවා.


SECහි නව අධ්‍යක්ෂක ධුරයට දේශපාලන බලපෑම්

සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) අධ්‍යක්‍ෂක ජනරාල් ධූරයට නම් කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර ඒවාගෙන් දැනට හර්ෂ ෆර්නෑන්දු හා නිශාන් සුමණධීර යන අයගේ නම් තෝරාගෙන ඇත. 

මෙහි හර්ෂ ෆර්නෑන්දු යන මොහු නීතිවේදියෙකු පමණක් වන අතර කොටස් වෙළඳ පල ගැන කිසිඳු ආකාරයක පළපුරුද්දක් නැති අයෙකි. නිශාන් සුමණධීර නීතීඥයෙකු , බැංකු කරුවෙකු , තැරුව්කාර සමාගම් දෙකක සභාපති ධූරය හෙබවූ අයෙකි. 

දැනට කොටස් වෙළඳ පලේ කඩා වැටීම සම්බන්ධයෙන් මෙම තනතුරට පුද්ගලයෙකු ඒමට පමා වීමද බලපා ඇති අතර කොටස් වෙළඳ පොල තැරුව්කාර සමාගම් විසින් ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ මෙම තනතුරට මේ සම්බන්ධව දැනුමක් ඇති අයෙකු පත් කරන ලෙසටයි. 

අධිවේගී මාර්ගයේ ආසන වෙන්කිරීමේ පහසුකම නවතා දමයි


පෞද්ගලික බස්රථ ධාවනය ඇරඹේ
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලික මගී බස්රථ සේවාව අද (27) සිට ආරම්භ කෙරෙන වන බව වාර්තා වෙනවා. ඒ අනුව ප්‍රථමයෙන්ම පෞද්ගලික බස් රථ දෙකක් අද උදෑසන 9.00ට ධාවනය සඳහා එක් වුණා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් එම බස්රථ නියාමනය කරනු ලබන අතර මේ වන විට ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් බස්රථ 6 ක් ධාවනයට අනුමැතිය දී තිබෙනවා.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කෙරෙන ලංගම බස් සඳහා මගීන්ගෙන් අයකෙරෙන රුපියල් 400ක ගාස්තුවම පෞද්ගලික බස් රථ මගින් සදහාද අයකරනු ලබන බවයි වාර්තා වෙන්නේ.

ආසන වෙන්කිරීමේ පහසුකම නවතා දමයි

ශිහාන්ගේ Home Coming උත්සවයක් නෑ


පෙරේදා විවාහ දිවියට ඇතුලු වූ ශිහාන් මිහිරංගගේ නැවත ගෙදරට පැමිණීමේ උත්සවය අද තිබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටියද එවැන්නක් නොමැති බවයි අප වෙත වාර්තා වෙන්නේ. 

පෙරේදා අතිනත ගත් ගීෂ්නි ක්ලමෙන්ටා සිල්වා සමඟ, අලුතින් මිලදී ගත් කඳානේ නව නිවසට ශිහාන් ඊයේම පැමිණ තිබෙනවා. 


ඉන්පසු පවුලේ ඥාතීන් හා හිතමිතුරන් සඳහා සුහද සංග්‍රහයක් පවත්වා තිබෙනවා. මින් පසු ඔවුන් දෙදෙනා ජීවත් වන්නේ කඳානේ පිහිටි එම නව නිවසේයි.

ශිහාන් මිහිරංගගේ ගම වැලිවේරිය වන අතර ඔහු අධ්‍යාපනය ලැබුවේ කඳාන "දි මසනොඩ්" විද්‍යාලයෙනි. ඔහු විවාහ වූයේ එම පාසලේ කී‍්‍රඩාභාර ආචාර්යවරයා වන උපාලි සිල්වාගේ දියණිය සමඟයි. 

Thursday, January 26, 2012

නෙළුම්දෙනියේ එකම තැන බවුසර් පෙරළේ


කොළඹ මහනුවර මාර්ගයේ නෙළුම්දෙනියේදී සති තුනක් ඇතුළත බවුසර් දෙකක් පෙරලී තිබෙනවා. 

මෙහි විශේෂත්වය වන්නේ මෙම තෙල් බවුසර් දෙකම පෙරලී තිබෙන්නේ එකම ස්ථානයේ වීමයි.

පලමු බවුසරය පෙරලී තිබෙන්නේ ජනවාරි 4 වෙනිදා වන අතර දෙවන බවුසර පෙරලී තිබෙන්නේ ජනවාරි 24 වෙනිදාය


එම බවුසර් දෙකේ ජායාරූප පහතින්

ලංකාවට ගෙන්වූ Mclaren Mp4-12C


Mclaren මෝටර් රථයක් පසුගියදා ලංකාවට ගෙන්වා තිබෙනවා. මෙය වෙනත් රටකට ගෙනයන අතර ලංකාවට ගොඩබා තිබෙන රථයක්ද, නැත්නම් ලංකාවේ පාවිච්චය සඳහාම ගෙන්වන ලද්දක්ද යන්න සඳහන් වන්නේ නෑ.

පහත දැක්වෙන්නේ එම මෝටර් රථයේ ජායාරූපයි



Share this article with your friends