අදාළ නිවේදනය නිකුත් කරන එම සංගමයේ කැඳවුම්කරු නීතිඥ ලාල් විෙජ්නායක මහතා පෙන්වා දෙන්නේ පොලීසිය සාමකාමී විරෝධතාවක් වැළැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගත් බවත්, පොලීසිය හා උසාවිය ඇතුළු රාජ්‍ය ආයතනයන් මූලික අයිතීන් ආරක්ෂා කර වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කළයුතු වුවත්, මෙමගින් එම අයිතීන් කඩවුණු බවත්ය.
Monday, January 30, 2012
'කළු ජනවාරියට' බාධා මූලික අයිතිය කැඩීමක් - ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ
රාජ්‍ය සේවකයන් පන්සල් යැවීමට විරෝධය
එම සංගමයේ සභාපති යූ. පළිහවඩන මහතා සඳහන් කළේ එයින් සේවකයන්ට බලවත් අසාධාරණයක් සිදුවනවා මෙන්ම වෙනත් ආගම්වලට සේවකයන්ට ඉන් වන බලපෑම බරපතළ බවත්ය. ආගම යනු බලෙන් එබ්බවිය හැකි කාරණයක් නොවන බව බලධාරින් තේරුම් ගත යුතු බවද ඔහු අවධාරණය කළේය.
විජය නන්දසිරිගේ දියණිය විවාහ වෙයි
පයාගල රියඅනතුරේ සැකකරු නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ ඥාති පුත්‍රයෙක්
රිය අනතුරුවලින් වාර්ථාවක් තැබූ ඊයේ දිනයේ පයාගල ප්‍රදේශයේ දි අවස්ථා දෙකකදි මෝටර් රථයක ගැටීමෙන් පාපැදිකරුවන් දෙදෙනෙකු මියගොස් තිබූ බවත් එම මෝටර් රථයෙන්ම අනතුරට පත් යතුරුපැදි කරුවකු තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි අප ඊයේ දිනයේ ''රිය අනතුරු වලින් වාර්තාවක්'' ශීර්සය යටතේ වාර්ථාකර තිබූ අතර එම අනතුරට සම්බන්ධ මෝටර් රථය ධාවනය කර ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ ඥාති පුත්‍රයෙකු බවද වාර්ථා වෙයි.
අතක් අහිමි රියදුරු බර්නාඩ්ගේ කතාව
මිනුවන්ගොඩ සිට කොළඹ පිහිටි ප්‍රධාන කාන්තා විදුහල්වලට ශිෂ්‍යාවන් රැගෙන ගිය අතක් අහිමි පාසල් වෑන් රථ රියෑදුරෙකු පසුගියදා අත්අඩංගුවට ගත් බව වාර්තා වුණා. නමින් බර්නාඩ් වන ඔහු 62 හැවිරිදි රියදුරෙක්. අතක් අහිමි වුවද වසර 20ක කාලයක් තිස්‌සේ තනි අතින් සුක්‌කානම හසුරුවා ඇති අතර මේ වනතුරු කිසිම රථවාහන නීතියක් උල්ලංගනය කර පොලිසියෙන් වරදකරු වී නැති බවයි ඔහු පවසන්නේ.
සවුදි අරාබියේ සේවය කරන කාලයේ යන්ත්‍රයකට හසුවී තමාගේ අත කපාදැමීමට සිදුවූ අතර බර්නාඩ්ගේ එකම පුතාගේද මීට වසර 3කට පමණ පෙර කකුල කපා දමා තිබෙනවා.
අත පය හොඳට ඇති රියදුරෙක් විසින් හප්පපු නිසා එය සිදුවූ බවයි බර්නාඩ් පවසන්නේ. එබැවින් පවුලට තිබූ එකම ආදායම් මාර්ගයද අහිමිවී ගොස් තිබෙනවා.
මම කැමති නෑ වෙන කෙනෙක් අමාරුවේ දාන්න- අනර්කලී
අපිට ආසයි ඔයා බැඳලා ඉන්නවා දකින්න
අනර්කලී ආකර්ෂා කිසිදිනක විවාහ නොවන බව යලිත් පවසා තිබෙනවා.
පසුගියදා ස්වර්ණවාහිනියේ අනර්කලී ලයිව් වැඩසටහනට කතා කළ තැනැත්තියක් "අනර්කලී ඔයා මැරි කරන්න අනේ, අපිට ආසයි බලන්න " කියා ඇසුවා.
එවිට පිළිතුරු ලෙස අනර්කලී පැවසුවේ "මම කැමති නැ වෙන කෙනෙක්ව අමාරුවේ දාන්නවත් මාවත් අමාරුවේ දාන්නවත්. ඒ හින්දා මම කසාද බදින්නේ නැ" කියාය.
හමුදා සෙබලෙකු හිටපු LTTE සෙබළියක විවාහ කරගනී

ඔහු ගජබා රෙජිමේන්තුවේ සේවය කරන ඊ.එම්.ඩී.සඳරුවන් ය. මනාලිය 18 හැවිරිදි චන්ද්‍රසේකරන් ශාමිලා ය. ඇය ළමා සොල්දාදුවෙක් ලෙස LTTE සංවිධානයට බැඳී යුද්ධයට දායක වූ අතර පසුව පුනරුත්ථාපන කඳවුරකදී පුනරුත්ථාපනය ලැබුවා.
පසුගිය සිකුරාදා කිලිනොච්චියේදී එම විවාහය සිදුවූ අතර ශාමිලාගේ පියා විසින් සඳරුවන්ගේ ගම වන ගල්ගමුවට කිහිපවතාවක් ගොස් ලබා ඇති අත්දැකීම් කිලිනොච්චි විද්‍යාලයේදී පැවති උත්සවයකදීද ප්‍රකාශ කර තිබෙනවා.
ජාතීන් අතර එකමුතු කම වර්ධනය කිරීම සඳහා වැඩසටහන් මාලාවක එක් අංගයක් ලෙසයි මෙම විවාහ උත්සවය පැවැත්වුනේ.
ජනපති රන්වැට පූජා කරද්දී සෝමාවතියේ රැස් විහිදිලා
Subscribe to:
Posts (Atom)


