Chitika Smowtion 468x60


Friday, February 10, 2012

බලපෑම් කලොත් අස්වෙනවා - සුරැකුම්පත් කොමිසම් සභාපති


තමාට අනවශ්‍ය දේශපාලන බලපෑම් සිදුකළ හොත් තමා ඉල්ලා අස්වන බව සුරැකුම්පත් හා විනිමය කොමිසම් සභාවේ සභාපති තිලක් කරුණාරත්න මහතා ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම්දී තිබේ.
සුරැකුම්පත් හා විනිමය කොමිසම් සභාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ධූරයට කලක් ඇමරිකාවේ සිටි ‘ඈපාසිංහ’ නැමති තරුණයෙකු පත්කරන ලෙස කොළඹ කොටස් වෙළද පොලේ ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා හරහා කරන ලද බලපෑම් පිළිබදව අදහස් දක්වමින් කරුණාරත්න මහතා එසේ ප‍්‍රකාශ කර ඇත.

ආණ්ඩුව ලඟදීම බිඳවැටෙන බව ඇමතිවරුම කියති


වත්මන් ආණ්ඩුව ලඟදීම බිඳවැටෙන ලකුණු පහළ වී ඇති බව ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු පිරිසක් මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව කතාබහ කර තිබේ.
ඉන්ධන මිලගණන් ඉහළ දැමිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව අනුමත කළද, ඉදිරියේදී ඇතිවිය හැකි ජනතා විරෝධය හමුවේ තම තමන්ගේ ඡන්ද කොට්ඨාශවලට පවා යා නොහැකි තත්ත්වයක් උදාවිය හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ.

‘පවුලේ උදවිය’ මහපරිමානයෙන් සිදුකෙරෙන වංචා දූෂන යම්තරමකින් හෝ අඩුකරන්නේනම්, තෙල්මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් පවා ඇති නොවිය හැකි බව ඔවුන් කතාබහ කර ඇත.

දෝෂ 33ක් ඇති කැලන්ඩරයට වියදම ලක්ෂ 16යි


2012 වසර වෙනුවෙන් දෝෂ සහගතව හා අවිධිමත් ලෙස සකස් කළ කැලන්ඩරයක් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලක්ෂ 16ක පමණ මහජන මුදල් අපතේ යවා ඇති බව වාර්තා වෙනවා.

ලෝක ලාදුරු දිනය වැරදියට සඳහන් කිරීම, එකම දිනය එකම මාසයේ දෙවරක් සටහන් වීම, ලෝක වකුගඩු දිනය හා හෙපටයිටීස් දිනය නිවැරදිව සඳහන් නොකිරීම යනාදී වශයෙන් වැරදි හා දෝෂ 33ක් මෙම 2012 කැලැන්ඩරයේ දක්නට තිබෙනවා.

වරෙන්තුවෙන් මාස 6කට පසුත් සුධර්මන් නිදැල්ලේ- අත්අඩංගුවට ගන්න නියෝග

ස්වාධින රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදා ගෙන පරණ යකඩ ටොන් 1828 ක් දෙන බව පොරොන්දු වී ලක්ෂ 15 ක් ගැනීමේ දුෂිත ගණුදෙනුව පිලිබඳ අප ඔබට පෙර ලිපිවලින් හෙළි කළා.

ඒ අනුව 2011 ජුලි 19 වන දින සුධර්මන්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් විය. වරෙන්තුව නිකුත් කොට මාස 6ක් ගතවී ඇතත් සුධර්මන් තවමත් නිදැල්ලේය.

මාස 6කට පසුත් පොලීසිය විසින් අත් අඩංගුවට නොගත් සුධර්මන් රදලියගොඩ වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් ඊයේ (09) නියෝග කළ බව වාර්තා වෙනවා. 

රැප් සංගීත නිර්මාණය තහනම් කරනු - හෙළ උරුමය


ඩැඩි සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා ගායනා කරන "ටිකෙන් ටික" ගීතයමේ දිනවල කවුරුත් කතා බහ කරන ගීතයක් බවට පත්වෙලා තියනවා.

"භවතු සබ්බ මංගලම්" ආශිර්වාද ගාථාව අඩංගු කර තිබූම නිසා මේ දිනවල එම ගීතය තහනම් කළ යුතු බවට බෞද්ධ සංවිධාන කීපයක් හඬ නඟන බවයි පසුගියදා බව වාර්තා වුනේ.

සිරස රූපවාහිනියෙනුත් "භවතු සබ්බ මංගලම්" ආශිර්වාද ගාථාවට අපහාසයක්

ලැප්ටොප් පරිඝණයක් සොරා ගන්නා අයුරු


වෙළඳසල් වල සවිකර තිබු ආරක්‍ෂිත කැමරා හේතුවෙන් කොටු වූ සොරකම් පිලිබඳ මින් පෙර ලිපි දෙකක් මඟින් අප ඔබට හෙලිකළා.

වැල්ලවත්ත ප්‍රදේශයේ පරිගණක හා දුරකථන පෞද්ගලික අලෙවි ප්‍රදර්ශනාගාරයකින් ඉතා සූක්ෂම අයුරින් ලැප්ටොප් පරිඝණයක් සොරා ගන්නා අයුරු එහි ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබූණා.

එම ලැප්ටොප් පරිඝණකයද සොරාගන්නා ලද්දේ කලින් සොරකම් වලදී මෙන් කාන්තාවක් වන අතර සොරාගත් භාණ්ඩය සඟවාගන යන්නේද එකම විදිහටයි.

එම වීඩියෝව පහලින්.

ලංකාවේ ලොකුම කිඹුලා මරණයට පත්වෙයි


රාගම වනාත ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් මහත් භීතියට පත් කරමින් සිටි “රාගම මිනීමරු කිඹුලා” ඊයේ අල්ලගන තිබුණා.

අඩි 19 ක් පමණ දිග විශාල සිරුරකින් යුක්තව වැඩී තිබුන මෙම කිඹුලා හසුවී තිබුනේ ප්‍රදේශයේ තරුණයකු විසින් අටවන ලද උගුලකටයි.

මෙම කිඹුලා විසින් පසුගියදා ගවයන්ට තණකොළ කැපීමට ගිය තරුණයකු ඩැහැගෙන ගොස් මරා දමා තිබූණ අතර ප්‍රදේශයේ ගවයින්, සුනඛයින් ආදී සතුන් ආහාරයට ගෙන තිබිණා. කිඹුලා ඇල්ලීමට ගිය තරුණයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබූණා

සත්ත්ව වේදීන් පවසන්නේ මෙලෙස මිය ගිය කිඹුලා වසර 100කට පමණ පසුව මෙරටින් හමුවු විශාලතම කිඹුලා බවයි.

අධිවේගයේ පළමු අනතුරේදී යකඩ වැටේ අලාභය ලක්ෂ පහයි


කහතුඩුව පිවිසුම අසලදී සිදුවු දකුණු අධිවේගී මාර්ගයේ පළමු රිය අනතුරේදී මාර්ගයේ යකඩ වැටට සිදූවූ අලාභ ඇස්තමේන්තුව රුපියල් 534,960/- ක් වන බව වාර්තා වෙනවා.

එම මුදල රජයට ගෙවන ලෙසට අනතුරට පත් රියදුරු වන ගාල්ලේ පෝද්දල චන්දන ජයලත් මහතාට පසුගියදා නියෝග කළේ කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා විසින්.

අධිවේගී මාර්ගය විවෘත කළ දිනයට පසුවදාම (නොවැම්බර්. 28) මෙම අනතුර සිදුවූ අතර මෙම අලාභයට අදාල යකඩ වැටට වූ හානිය දැක්වෙන ජායාරූපයක් පහතින්.

Share this article with your friends