Chitika Smowtion 468x60


Wednesday, February 15, 2012

පදිකවේදිකාවේ ගල් අතුරා සජින්වාස් කෝටි 700 ක් සොයයි


ආරක්ෂක ලේකම්වරයාගේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනට සිදුකරගෙන යනු ලබන කොළඹ නගරය දැකුම්කළු කිරීමේ වැඩපිලිවෙල යටතේ ඉතා විශාල මුදලක් උපයා ගැනීමේ වාසනාව ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති රහස්‍ය මූල්‍ය උපදේශක සජින් වාස් ගුණවර්ධන මහතාට උදාවී ඇති බව වාර්තා වේ.

මීගමු ධීවරයින් හෙට සිට යළි සටනේ - වෙඩිතබන ලෙස නියෝග


රජය විසින් ධීවරයින් සඳහා අද (14) දින ලබාදීමට එකඟවූ සහනාධාරය ප්‍රෝඩාවක් බව පවසමින් මීගමු කළාපයේ ධීවර ජනතාව හෙට උදෑසන සිට යළි ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතා ආරම්භ කිරීමට තීරණය කර ඇත.
ධීවර අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා, ධීවර සමිතිවල නියෝජිතයින් පිරිසක් ධීවර අමාත්‍යාංශයට කැඳවා පැවති සාකච්ඡාවේදී ධීවර කටයුතු සඳහා සහනාධාරයක් ලබාදීමට එකඟත්වය පළකරනු ලැබීය. එම සහනාධාර යෝජනාවට ධීවර ඇමතිවරයාට  හිතවත් බේරුවෙල හා වැලිගම ප‍්‍රදේශයේ ධීවර සමිති නියෝජිතයින් කිහිප දෙනෙකු එකගත්වය පළකර ඇති අතර මීගමුව-හලාවත ධීවර සමිති නියෝජිතයින් මෙන්ම උතුරු නැගෙනහිර ධීවර නියෝජිතයින්ද එම සහනාධාර ප‍්‍රතික්ෂේප කර තිබේ.

නාවික හමුදාපති ධූරය ජනාධිපතිගේ ඥාතියෙකුට


ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති ධූරය, නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් (මෙහෙයුම්) රියර් අද්මාරාල් ජයන්ත පෙරේරා වෙත පිරිනැමීමට ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා තීරණය කර තිබේ.
නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක කවියා, අපේ‍්‍රල් මාසයේදී විශ‍්‍රාම යෑමට නියමිත අතර ඔහුට සේවා දිගුවක් ලබානොදීමට ජනාධිපතිවරයා මේ වනවිට තීරණය කර තිබේ.

‘‘ජනාධිපති, මාව අමාරුවේ දාලා’’ - ඇමති ජී.එල්


ජනාධිපතිවරයා තමාට පවරන එකිනෙකට පරස්පර රාජකාරී හේතුවෙන් මේ වනවිට තමාව ජාත්‍යන්තර ක්ෂේත‍්‍රය තුළ හෑල්ලූවට ලක්වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකුගේ නිවසේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයට පැමිණි ඇමතිවරයා එහි සිටි තමාට අතිශයින් හිතවත් කිහිප දෙනෙකු හමුවේ ඉහත කාරණය ප‍්‍රකාශ කර තිබේ. මෙම රාත‍්‍රී භෝජන සංග‍්‍රහය සඳහා සිංගප්පූරුවේ සුප‍්‍රසිද්ධ ව්‍යාපාරයක ප‍්‍රධාන කළමණාකරුවෙකුද සහභාගී වී ඇත. 

ආණ්ඩුව දේශපේ‍්‍රමයේ නාමයෙන් ජනතාව පෙලනවා - කරූ


වත්මන් ආණ්ඩුව දේශපේ‍්‍රමයේ නාමයෙන් මහජන දේපොළ කොල්ලකමින් දවසින් දවස ජනතාව පෙලන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරූ ජයසූරිය මහතා සඳහන් කරයි.
ආණ්ඩුව විසින් ඉන්ධන මිල බරපතල ලෙස ඉහළ දැමීම පිලිබදව අදහස් දක්වමින් කරූ ජයසූරිය මහතා විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයක එසේ සඳහන් වේ.

12 වෙනිදා මධ්‍යම රාත‍‍්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීම සමඟ ශ‍‍්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉන්ධන මිල ඉහළම රට බවට පත් වී තිබෙන බවත්, ආණ්ඩුවට මෙය ආශ්චර්යයක් විය හැකි නමුත් මේ ජනතාවට නම් දහවල් තරු පෙනෙන කාරණාවක් බවත් ජයසුරිය මහතා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ජෙනරාල් නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය ගමට යයි


ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය පසුගියදා නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වලපනේ හා රාගල ප‍්‍රදේශයේ මහජනයා දැනුවත් කිරීමේ කුඩා ජනහමු කිහිපයක් පැවැත්වීය. ඊට සහභාගී වූ සිංහල හා දෙමළ ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාවද ජාති - ආගම් හා පක්ෂ පාට බේදයකින් තොරව ජෙනරාල් නිදහස් කරගැනීමේ සටනට සහයෝගය පළ කළ අතර ජනතා ව්‍යාපාරයේ සාමාජිකත්වය ලබාගැනීමට උනන්දු වූ බව එම ජනතා ව්‍යාපාරයේ ප‍්‍රකාශකයෙක් අප සමග පැවසීය.

"මා දෑසේ වේදනා" ශිහාන් හොරකම් කලාද?


නිර්මාණ මංකොල්ලය විවිධ කාල වලදී විවිධ අයුරින් සිදුවන්නක්. මෙහි අලුත්ම ගොදුර බවට පත්වී ඇත්තේ රෝයි පිරිස් මහතායි.


ඒ ඔහු වසර 25 ක් පුරාවට ගැයූ "මා දෑසේ වේදනා" නම් ගීතය ශිහාන් මිහිරංග විසින් නව සංගීතය මුසුකොට ගායනා කිරීම හේතුවෙනි.


මෙම සංගීත නිර්මාණය පිලිබඳ විවිධ පාර්ශව ශිහාන්ට මෙන්ම රෝයි පිරිස් ටද චෝදනා නගනවා. ඒ හේතුවෙන් ඇතිවී තිබෙන තත්වය පිලිබඳ අප සොයා බැලුවා.

පසුබිම් කතාව 
"මා දෑසේ වේදනා" නම් ගීතය රචනා කිරීම හා සංගීතය සපයා ඇත්තේ නිහාල් ගම්ලත් විසිනි.මෙම ගීතය රින්ගින්ටෝන් වලට දීම සඳහා EVOKE නම් සමාගම වාණිජ පරමාර්ථයෙන් ශිහාන් හා තිලින රුහුණගේ සමගින් නව සංගීතය මුසුකිරීමට තීරණයකොට ඇත.

සිරිධම්ම හිමිගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ 25ක් !


*මගෙ ශරීරයෙත් මහා පුරුෂ ලක්ෂණ 25 කට වඩා තියනවා.
*ටී ෂර්ට් ඇඳපු පින්තූර පත්තරේ පල වුනාම ගැහැණු ළමයි බර ගනනකින් මට විවාහ යෝජනා ආවා. "අපි දන්නෙ නැහැනෙ හාමුදුරුවන්ට මෙච්චර ලස්සන ශරීරයක් තියෙන බව" කියලා.
*මගේ හදවත පිහිටා තියෙන්නෙ දකුණු පැත්තේ. හරි වෙනස් ශරීරයක්.
*හැන්දෙන් ගෑරොප්පුවෙන් ආහාර ගන්න එක සාමාන්‍යය දෙයක්. මොකටද අත් වල ඉඳුල් ගාගෙන, අත් හෝද හෝද දගලන්නෙ. ඕව ගොන්නුන්ට මැජික්.
*මස් වර්ග 10ක් හැර ඕන මසක් මට පිළිගැන්නුවොත් මම වළඳනවා.
*කුණ්ඩලනී ශක්තිය අවදිකිරීම නිසා තුන් වැනි ඇසක් මට පවතිනවා. ඇවිත් බලන්න
*ඔබට ආරෝහ පරිණාහ දේහයක් බලන්න ඕන නම් ඇවිත් මාව බලන්න.
*හැඳි ගෑරොප්පුවක් ආධාරයෙන් බිත්තරයක් අනුභහව කරන ආකාරය (අප ඉස්මතු කල) ජායාරූපයට පිළිතුරු.

Share this article with your friends