Chitika Smowtion 468x60


Thursday, February 16, 2012

නෙත්FM සමනල සවාරිය හා හිරුFM ආදර දූපතේ ජායාරූප


ඊයේට යෙදුන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් හිරු එෆ් එම් හා නෙත් එෆ් එම් විසින් ආදරවන්තයින් වෙනුවෙන් චාරිකා සංවිධනය කර තිබුණා.

හිරු එෆ් එම් ආදර දූපතේ හා නෙත් එෆ් එම් සමනල සවාරිය ලෙසයි ඔවුන් එය නම් කර තිබුනේ. එම සවාරි දෙකේම ජායාරූප පහතින් බලන්න 

 හිරු එෆ් එම් ආදර දූපත

නෙත් එෆ් එම් සමනල සවාරිය

රන්ජන්ගේ සිනමා දිවියට වසර 25 යි


පසුගිය 02 වැනිදා වෝටර්ස් එජ් හෝටලයේ පැවැති හත්වැනි ස්ලිම් නීල්සන් පීපල්ස් සම්මාන රාති‍්‍රයේදී ජනපි‍්‍රයම නළුවා ලෙස ස්ලිම් සම්මානයෙන් පිදුම් ලැබීමට රන්ජන් රාමනායක සමත්වුණු අතර ඔහු මෙම සම්මානය දිනාගත් පස්වැනි වතාව මෙය වේ.

ඒ අනුව මෙම සම්මාන උළෙලේ වැඩිම සම්මාන ප‍්‍රමාණයක් ලැබූ පුද්ගලයා ලෙසද රන්ජන් වාර්තා අතරට එක් විය.

ඊයේ (15) දිනයේ සිය සිනමා දිවියට වසර 25 ක් සම්පුර්ණ වීම සැමරීම සඳහා රන්ජන් රාමනායක විසින් විසින් උත්සවයක් සංවිධානයකොට තිබුනා.

1986 වසේදී අතිරේක නළුවෙකු සිට පැමිණි ගමනේදී උදව් කල සියලු දෙනාට කෘතගුණ දැක්වීම මෙම උත්සවයේ අරමුණ වී තිබුනා.

රාජගිරිය සවරින් හෝටලයේ පැවැති එම උත්සවයට කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටින අයුරු දැකගතහැකි විය.එම අවස්ථාවේ ජායාරුප පහතින් බලන්න 

නාමල්ට ඇතෙක්


පින්නවල අලි අනාථාගාරයේ පැටවුන් බෝ කිරීමේ හැකියාව ඇති එකම තරුණ ඇතා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික පරිහරණය සඳහා ලබාදීමට සුදානම් කර ඇති බව වාර්තා වෙනවා.

පරිසරවේදී සජීව චාමිකර මහතා මේ පිළිබඳව හෙළිකර සිටින්නේ දැනට පින්නවල අලි ඇත්තු 85 දෙනකු පමණ සිටියද ඔවුන් අතර ඇතුන් සිටිනුයේ තිදෙනකු පමණක් බවයි.

අඳ ඇතකු වන "රාජා" දැනට මහලූ සතෙක් වන අතර "සම්පත්" ද පින්නවල සිටින මහලූ ඇතෙකි. තරුණ වයසේ පසුවන පින්නවල සිටින එකම ඇතා වන්නේ නාමල්ට දීමට යන "සුමන" නමින් හැඳින්වෙන මෙම ඇතාය.

ජනරාල් නිදහස් කිරීම කල් තැබේ


බන්ධනාගාර ගත කොට සිටින ජනරල් සරත් ෆොන්සේකා මහතා ඉක්මනින්ම නිදහස් කරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනරාල්ගේ නියෝජිතයන් වෙත දැනුම් දී තිබුණද, රට තුළ මතු වී තිඛෙන දේශපාලන තත්ත්වය හමුවේ ඊට අදාළ කටයුතු කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

නැගෙනහිර සිංහල උරුමය වෙනුවෙන් අම්පිටියේ සුමනරතන හිමි 3 වන වතාවටත් උපවාසයේ


පෙබ: 15
මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ ඊයේ (14) පෙරවරු 8.00 සිට ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය ඊයේම අත්හැර දැමීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ඊයේ සවස 5.00 ට පමණ එම ස්‌ථානයට පැමිණි නියෝජ්‍ය ඇමැති කරුණා අම්මාන් සමඟ විනාඩි 40 ක පමණ කාලයක්‌ සාකච්ඡා කිරීමෙන් අනතුරුව උන්වහන්සේ ඉදිරිපත් කළ කරුණු කෙරෙහි ඉක්‌මණින් අවධානය යොමුකර සාධාරණයක්‌ ඉටුකර දෙන බවට කරුණා අම්මාන් පොරොන්දුවී තිබෙනවා.

ජී.එල්., හෙළ උරුමයේ සහය ඉල්ලයි


තම විදේශ කටයුතු අමාත්‍ය ධූරය ආරක්ෂා කර ගැනීම සඳහා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ජාතික හෙළ උරුමයේ සහය ඉල්ලා තිබේ. මේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් පෙරේදා සවස කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ තැප්‍රොබේන් හි පැවැති අතර ඒ සඳහා හෙළ උරුමය වෙනුවෙන් එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සහ බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහභාගි වී තිබේ.

විදුලි බිලත් 40% කින් නඟී


අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන විදුලි බිල ඉහල දමා තිබෙනවා. 

ඒ අනුව විදුලි ඒකක
0-30 දක්වා 25% කින්ද,
31-60 දක්වා 35% කින්ද,
60 ට වැඩි නම් 40% න්ද විදුලි බිල වැඩි වෙනවා.

සාමාන්‍ය නිවසක විදුලි පරිභෝජනය ඒකක 60ට වැඩි වන නිසා මෙම 40%ක වැඩිවීම රටේ බහුතර ජනතාවට බලපානු ඇති.

''අපි වෙනුවෙන් ඉන්නේ මර්වින් විතරයි'' - ජනපති


ඉන්ධන මිල ඉහළ යෑමෙන් පසු රටේ ඇතිවී තිඛෙන අර්බූදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සියලූම මැතිඇමතිවරු කර හැර සිටින තත්ත්වයක් යටතේ, තමාත් තමාගේ සොහොයුරන් වෙනුවෙනුත් වචනයක් හෝ කතා කළේ අමාත්‍ය මර්වින් සිල්වා මහතා පමණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපතිනි පේරියල් අස්රොෆ් මහත්මිය ඇතුලූ කිහිපදෙනෙකු සමඟ ඊයේ ප්‍රකාශ කර තිබේ.
මේ වනවිට සිංගප්පූරුවට ගොස් සිටින ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව තුළ සිදුවන උද්ඝෝෂණ සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බව සිංගප්පූරුවේ තානාපති කාර්යාලයේ නිලධාරියෙකු අප කළ විමසීමකදී පැවසීය.

Share this article with your friends