Chitika Smowtion 468x60


Friday, February 17, 2012

රූපවාහිනි ප්‍රවෘත්ති සමගින් ඔබගේ නිවහනට එන සඳමාලි හේවනායක


පවුලකට ඉන්න ඕන රුව ඇති දුවෙක් වගේම කට ඇති පුතෙක් යන අපේ පැරැණි කියමන වෙනස් කළ සඳමාලි සැබෑවටම හැඩකාරියක්. ඒ වගෙම කටකාරියක්. ඒ කටකාරකමට හරි යන්න ඈ ප්‍රවෘත්ති නිවේදිකාවක් විතරක් නෙමෙයි වැඩසටහන් නරඹන්නන් අතරට රැගෙන යන ඉදිරිපත් කරන්නියක් විදියට කටයුතු කළා. 


මෙතෙක් කාලයක් පැමිණි මේ දිගු ගමනේ එක් සංඳිස්ථානයක අප නතර වුණා.

‘පසුගිය දවස්වල ලැබුණු සුමති සම්මානය ඔබගේ ජීවිතයේ කඩඉමක්’
‘ඇත්තටම මම වගේ කෙනෙක් ඇගයීමට ලක් කිරීම අපට කළ ගෞරවයක්. ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට මට ලැබුණු මේ ඇගයීම මගේ ජීවිතයේ මිහිරි මතකයන්ගෙන් එකක්. 

සෝනු නිගම් ලංකාවට පැමිණෙයි


හෙට (18) දිනයේදී ලංකාවේ පැවැත්වීමට නියමිත ප්‍රසංගයට සහභාගී වීම සඳහා බොලිවුඩ් හී ජනප්‍රිය පොප් හා playback ගායකයකු වන සෝනු නිගම් අද උදෑසන ලංකාවට පැමිණියා.

ලංකාවේ සිටින ඔහුගේ රසික රසිකාවන් විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගිවී සිටියා.38 වන වියේ පසුවන සෝනු නිගම් නිකුත් කර ඇති ගීත ඇල්බම් සංඛ්‍යාව 40 ක්.

ඔහු ලබාගෙන ඇති සම්මාන ප්‍රමාණයද 40 ඉක්මවා ඇත.සෝනු නිගම් ලංකාවට පැමිණි අවස්ථාවේ ජායාරුප කිහිපයක් පහතින් බලන්න 


Photos: Star Events | Whatsupcolombo.lk


කඳුළුගෑස්‌ වලින් ඔළුව හිල්වන්නේ කොහොමද?


යුද ජයග්‍රහණය නිසා ජනතාව තුළ උපන් අනුපමේය භක්‌තිය ප්‍රයෝජනයට ගෙන සද්භාවයෙන් සහ යහ පාලනයෙන් ඉදිරියට යැමට ඇති අවස්‌ථාව ආණ්‌ඩුව විසින් නිසි පරිදි ප්‍රයෝජනයට ගනු ලබන බවක්‌ නො පෙනේ. ඊයේ උදේ හලාවතදී පැවැති ධීවර උද්ඝෝෂණයේදී තරුණයකු මියගියේ හිසට වෙඩිල්ලක්‌ වැදීමෙනි. අඟල් තුනක්‌ පමණ විශාල හිලක්‌ ඔහුගේ හිසේ පසුපස කොටසේ සෑදී තිබිණි. 

ශානිකා ට පිඟන් බඩු පෙන්න බැරිලු


අයෝමි කුඩා කාලයේදී වැඩි වශයෙන් ආහාරගැනීමට කැමැත්තක් දක්වන්නේ වීදුරු පිඟන්වලබවත්කෙසේවුවද ආහාර ගැනීමෙන් පසුවපිඟාන පොලොවේ ගැසීම අයෝමිගේ සිරිත බවත්ඇය පවසන්නීයජීවිතේ ලස්සනයි හි ‘සුදු නංගි’ලෙස ජනපි‍්‍රයත්වයට පත් අයෝමි ශානිකා ටපිඟන් බඩු පෙන්න බැරි බව ඇගේ මව වන ඒ.පී.ස්වර්ණා මහත්මිය කියයි

ඓතිහාසික දෙවිනුවර පුදබිම විනාසයි!


ඓතිහාසික සිදුවීම් රැසකට තෝතැන්නක් වු දිවයිනේ දකුණු කෙළවර පිහිටි දෙවිනුවර පුදබිම මේ වනවිට ඉතා ඛේදනීය තත්වයකට පත්ව තිබේ.

පුරාවිද්‍යාත්මකවද ඓතිහාසිකවද අතිශය වැදගත්ම භූමියක් වන දෙවිනුවර දේවාල භූමිය හා පරම විචිත්‍රාරාම පුරාණ විහාර භූමිය අවට ප්‍රදේශය මේ වනවිට විවිධ කැණීම් හා අලුත්වැඩියාවන් සිදුකරමින් පැවතීම නිසා මෙහි ඇති පුරාවිද්‍යාත්මක අනන්‍යතාවයට බරපතල ලෙස හානි වෙමින් පවතී.

මීට වසර දහස් ගණනකට පෙර සිටුවන ලද දැවැන්ත ගල් කණු පවා බිමට සමතලා කරමින් සිදුකරන මෙම විනාශකාරී ක්‍රියාව එහි යන ඕනෑම කෙනෙකුට මේ මොහොතේදීත් දැකබලා ගත හැකිය.

ලුණුගම්වෙහෙරින් මතුවූ මැණික් ඉල්ලම


නිල් මැණිකෙන් මතුවූ වාසනාව 
ලුණුගම්වෙහරපාරක් සැදීම සඳහා ගෙනගොස් දැමු බොරළු පස් තුල තිබු නිල මැණිකක් හමුවීමක් සමග එම ප්‍රදේශය නොසන්සුන්වී ඇත.


ඒ අනුව තවත් මැණික් සෙවීමේ අරමුණිනලුණුගම්වෙහර ප්‍රදේශවාසින් පමණක් නොව ලංකාව පුරා සිටින මැණික් ව්‍යාපාරිකයන් සිය ප්‍රාඩෝ මොනේටෙරෝ බෙන්ස් රථ වලින් ලුණුගම්වෙහර කරා ලඟාවිය.

ඉන්පසුව පාර දෙපසට දමා තිබු බොරළු ගොඩවල් හෙවත් මැණික් ඉල්ලමෙහි වාසනාව සොයා ගිය බොහෝ දෙනෙකුට විවිධ මැණික් ගල් හමුවී ඇත.මහාපරිමාණ මැණික් ව්‍යාපාරිකයන් එම ස්ථානයේදීම මැණික් මිලදීගැනීමට කටයුතු යොදා තිබුණි. 

ඇමැතිත් මැණික් ඉල්ලමට අත ගසයි 

කිරුළට ගෙනා 96 ලෝක කුසලානේ ඇණ ටිකටත් විදියි


අනුරාධපුර ඔයාමඩුවේ පැවැති දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා රැගෙන ගොස්‌ තිබූ 1996 වසරේදී ශ්‍රී ලංකාව විසින් දිනා ගන්නා ලද ක්‍රිකට්‌ ලෝක කුසලාන අඩංගුව තිබූ වටිනා ඇණ කිහිපයක්‌ අතුරුදන්ව ඇති බව වාර්තාවේ.වීදුරු ආවරණයක්‌ තුළ ප්‍රදර්ශනයට තබා තිබූ මෙම 96 ලෝක කුසලාන රැගෙන යන අවස්‌ථාවේ එහි දෙපැත්තක තිබූ සුදු රත්තරන් වර්ගයේ ඇණ දෙකක්‌ අතුරුදන්ව ඇති අතර ක්‍රිකට්‌ ආයතනයෙන් රැගෙන යන අවස්‌ථාවේ නොතිබූ සුළු පළුදුවීම් කිහිපයක්‌ද කුසලානයෙන් දැක ගත හැකි බව වාර්තා වේ.

Thursday, February 16, 2012

ජනතාව මත බරපටවන, මිනී මරණ ආණ්ඩුව ගෙදර යැවීමට සියලූ දෙනා එක්වියයුතුයි - ටිල්වින්


යුද්ධය අවසන්කළා සේම ආර්ථික සංවර්ධනය ඇති කරන බව ආණ්ඩුව ප‍්‍රකාශකර අවුරුදු 3කට ආසන්න වුවද සුදුඅලින් වූ ව්‍යාපෘති කිහිපයක් නඩත්තු කිරීම හැර රටේ සංවර්ධනයට අදාල කිසිවක් නොකළ ආණ්ඩුව තෙල් මිල, බස්ගාස්තු සහ විදුලි බිල විශාල වශයෙන් වැඩිකර ජනතාව දැඩි පීඩනයකට පත්කිරීමට එරෙහිව විරෝධතා අඛණ්ඩව පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.
අද (16) උදේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී ජනමාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසීය. 

Share this article with your friends