Chitika Smowtion 468x60


Sunday, February 19, 2012

‘‘රනිල් ශක්තිමත් කරන විරෝධතාවලට අපි නැහැ’’ - සජිත් කණ්ඩායම


එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා දේශපාලනික වශයෙන් ශක්තිමත් කෙරෙන කිසිදු ව්‍යාපෘතියකට තම කණ්ඩායම සහාය නොදක්වන බව සජිත් කණ්ඩායම අවධාරනය කර සිටී. ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (17) කොළඹ දුම්රියපොල ඉදිරිපට පැවති උද්ඝෝෂණයට සහභාගී නොවුයේ ඇයිදැයි සජිත් කණ්ඩායමේ ප‍්‍රධාන ක‍්‍රියාකාරිකයෙකුගෙන් අප කළ විමසීමේදී ඔහු එම කාරණය පැහැදිලි කළේය.

තෙල් මිළ අඩු කළ හැක්කේ රට යන මාවත වෙනස් කිරීමෙනි. - නිදහසේ වේදිකාව කියයි.


"රට යන අත පිළිබඳ නොසතුටෙන් සිටින ජනවාර්ගික සුළුතරයක් පමණක් නොව සියල්ල දේශපාලනීයකරණය වීම නිසා අතෘප්තියට පත්ව සිටින විරුද්ධ දේශපාලන පක්ෂ වල සාමාජිකයන් හෙවත් දේශපාලනික සුළුතරයක් ද, රටෙන් පිට සිට රටේ ප්‍රතිපත්ති වලට විරෝධය පානා විදේශගත හෙවත් ඩයස්පෝරාගත දෙමළ ජනතාවක් ද සමනය කරගෙන ඔවුන්ගේ සහයෝගය දිනා ගැනීමෙනි. ඒ සඳහා දෙම්ළ ජනතාව සමග දේශපාලන බලය බෙදා හදා ගන්නා වැඩපිළිවෙළක් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මත පදනම් ව ඇති කරගත යුතුය; අධිකරණය, පොලිසිය, රාජ්‍ය සේවය වැනි රටේ ප්‍රධාන ආයතන දේශපාලන බලපෑමෙන් ස්වාධීන කළ යුතුය. මානව හිමිකම් උල්ලංඝණය කිරීම වලට වගකිවයුත්තන්ට ගැලවී යාමට ඉඩ නොදී නීතිය අනුව ක්‍රියා කළ යුතුය." යි නිදහසේ වේදිකාව ජනතා ව්‍යාපාරය පත්‍රිකාවක් නිකුත් කරමින් කියයි.

ජනාධිපතිවරයා දුමින්ද බලන්න දෙවරක් ගිහින්


ජනාධිපතිවරයා සිංගප්පූරුවේ ගතකල දින දෙකෙහි වෛi පරීක්ෂන සඳහා දෙවරක්ම මව්න්ට් එලිසබත් රෝහලට ගොස් ඇති අතර ඒ දින දෙකෙහිම එම රෝහලේ ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ සුවදුක් බැලීමටද ගොස් තිබේ.
ජනාධිපතිවරයා එහි ගිය දෙවතාවේදීම දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ සොයුරු ඒ.බී.සී නාලිකා ප‍්‍රධානී රේනෝර් ද සිල්වා මහතාද එහි සිට ඇත. මෙම අවස්ථාවේදී දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා සමග අපහසුවකින් තොරව කතාබහ කර ඇති බවද වාර්තා වේ.

වෛද්‍ය පරීක්ෂණය නිමාකර ජනපති යළි දිවයිනට එයි


විශේෂ වෛද්‍ය පරීක්ෂණ්‍යක් සඳහා සිංගප්පූරුවේ නිල සංචාරයක් සැලසුම් කරගනිමින් දෙදින සංචාරයකට සිංගප්පූරුවට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු 3.06 ට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් යළි දිවයිනට පැමිණ තිබේ.
ජනාධිපතිවරයා සිංගප්පූරුවට යාමට දින දෙකකට පෙර ඇමරිකාවේ පදිංචි ඔහුගේ බාල සොයුරු ඩඞ්ලි රාජපක්ෂ මහතා ඇමරිකානු විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු සමග සිංගප්පූරුවට පැමිණි බව සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු අප වෙත පැවසීය.

Saturday, February 18, 2012

ඇන්තනි ප්‍රනාන්දුගේ අවසන් කටයුතු සාමදානව අවසන් කෙරේ


ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව සිදුකල උද්ඝෝෂණයකදී හමුදා/පොලිස් වෙඩි පහරින් මියගිය 38 හැවිරිදි දෙදරු පියෙකු වන ඇන්ටනි ප්‍රනාන්දු මහතාගේ අවමගුල් උත්සවය අද සවස සිදුකරනු ලැබුවා.

අවමගුල් උත්සවයට ප්‍රථම අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුන අතර ඒ අනුව අවමගුල් උත්සවය සරලව හා සාමකාමිව ඉටු කරනු ලැබීය.එම අවස්ථාවේ ජායාරුප පහතින් බලන්න 



 
ජායාරූප හා වීඩියෝ : ජයසංක ප්‍රනාන්දු

හලාවත වෙඩි තැබීමෙන් මිය ගිය ඇන්ටනි ප්‍රනාන්දු මහතාගේ අවමගුල් උත්සවය


6:56 PM
නිවැරදි කිරීමයි 
හලාවත වෙඩි තැබීමෙන් මිය ගිය ඇන්ටනි ප්‍රනාන්දු මහතාගේ අවමගුල් උත්සවයට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට යාමට නොලැබුණු බව කලින්වාර්තා වුවත් එය එසේ නොවන බව අප වෙත වාර්තා වනවා.


ඒ අනුව ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් හා වෙනත් නියෝජිතයන් ඇන්තනි ප්‍රනාන්දු මහතාගේ අවමගුල් උත්සවයට පැමිණ සිටිනු දක්නට හැකි වුනා.

එම අවස්ථාවේ ජායාරූප බලන්න මෙතනින් 


2:46 PM
"තෙල් මිල වැඩි කරලා අපේ ධීවරයෙක් මරා දාන්න ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා.ඩිසල් හා භූමිතෙල් වල මිල වැඩි වුනාම අපි හැමෝටම බලපානවා.අපි සාමකාමී උද්ඝෝෂනයේ නිරත උනේ පැවති මිලට ඩිසල් හා භූමිතෙල් ලබා දෙන්න කියල ආණ්ඩුවට කියන්න.

අපිට පහරදීලා,කඳුළු ගෑස් ගහලා, එක ධිවරයෙක්ගේ ජීවිතය උදුරා ගත්තා.මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිම ඇමතිවරයෙක් මේ වනතෙක් කිසිම දෙයක් කරලා නැහැ.දැන් බොරුවට ඇවිත් අපිත් එක්ක දුක් වෙන්න ඕන නෑ. වහාම ගිහිල්ලා පරණ මිලට ඩිසල් , භූමිතෙල් දෙන්න කියල ආණ්ඩුවට කියන්න"

ඒ හලාවත ධීවරයන්ගේ අදහසයි 


මේවනවිට හලාවත නගරයේ ආරක්ෂාව තරකොට තිබෙන අතර හමුදා සෙබළුන් 1500 කට අධික ප්‍රමාණයක් රඳවා තිබෙනවා


විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා විපක්ෂ නායකතුමාට ඇන්ටනි ප්‍රනාන්දු මහතාගේ අවමගුල් උත්සවයට පැමිණීමට කිසිදු බාධාවක් තිබී නැහැ.


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවමගුල් උත්සවයට සහභාගී වූ අවස්ථාවේ වීඩියෝ හා ජායාරුප පහතින් බලන්න 

ජායාරූප හා වීඩියෝ : ජයසංක ප්‍රනාන්දු  





Source: http://www.gossip9.com/2012/02/blog-post_4392.html#ixzz1mk9ueBwP

ලෝකප්‍රකට ධනාත්මක චින්තක නික් යුගදිවියට


1982 වසරේ දෙසැම්බර් මස 4 වෙනි දින ඕස්ට්‍රේලියාවේ වෝයිඅචිච් යුවළ ආදරයෙන් ඔවුන්ගේ කුළුඳුල් දරුවාගේ උපත බලාපොරොත්තු වූහ. ඒ පැතුම් මල් පුබුදමින් පුංචි පුතෙක් මෙලොව එළිය දුටුවේය. උතුරා ගිය ප්‍රීතියෙන් යුතුව කිරිකැටි පුතු දෝතට ගත් මවට ඉබේටම කෑගැස්විනි.

"දෙවියනේ. . මේ මොකද ?"


ඇය හඬමින් ඇසුවේ සයනය වට කරගෙන සිටි රෝහල් කාර්යය මණ්ඩලයෙනි. ඒත් ඔවුන් නිහඬ ය. සිඟිති පොරෝණය තුළ උණුසුමට ගුලි වී සිටින පුතු දෙස අම්මා යළිත් ඕනෑකමින් බැලුවා ය.

"අත් කකුල් නැති පුංචිම පුංචි දරුවෙක්"

ප්‍රීතිය වසා ගත් දුකකින් බයකින් සහ අවිනිශ්චිතභාවයකින් සිත පිරී යද්දී ඇය පුංචි පුතු ආදරයෙන් තුරුළු කර ගත්තාය.

ඒ පුතු නිකලස් ජේම්ස් වෝයිඅචිච් ලෙස නම් කෙරුණි. ඒත් පවුලේ සියල්ලෝම ඔහු ඇමැතුවේ ‘නික්’ ලෙසයි. නික් ගේ ජීවිතය ආරම්භයේ පටන් ම අභියෝගයක් විය. 

ඉන්ධන මිල ඉහල දැමීමට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය


ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් විසින් ඊයේ(17) කොළඹදී උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. 

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව පසුව ටෙලිකොම් වටරවුම දෙසට ඉදිරියට ගමන් කල අවස්ථාවේදී පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කර පිරිස විසුරුවාහරිනු ලැබුවා.

 එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා තුවාල ලැබ රෝහල් ගතකරන ලදී. එම උද්ඝෝෂණයේ ජායාරුප එකතුවක් පහතින් බලන්න  

Share this article with your friends