Chitika Smowtion 468x60


Sunday, February 19, 2012

රට වලපල්ලට යද්දී එජාපයේ කල්ලි වාදය ඉහලට


ජීවන වියදම ඉහළ යාම පිළිබද රට පුරාම ‍විවිධ පාර්ශවයන් විසින් මේ දින වල විරෝධතා ව්යා පාර පවත්වනවාග මේ අතර එක්සත් ජාතික පක්ෂය ද විරෝධතාවක් සූදානම් කර ඇති බවට ආරංචිග එක් විරෝධතාවයක් නෙමෙයි කිහිපයක්මග ‍කොළඹ පැවැත්වෙන්නේ රනිල් වික්ර මසිංහ මහතාගේ ප්රකධානත්වයෙන් විරෝධාතාවයක්ග ඒ කියන්නේ ඒ විරෝධතාවය සහභාගී වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ෂවයේ සමාජිකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් පමණයිග මීට අමතරව කුරුණෑගලත් විරෝධතාවයක් සූදානම් කරලා තියෙනවාග ඒ සජිත් පාර්ෂවයෙන්ග එතකොට මේ විරෝධාවයට සහභාගී වෙන්නේ රනිල් විරෝධී සාමාජිකයන් එහෙම නැත්තම් සජිත් පාර්ෂවයේ සාමාජිකයන් සහ ඔවුන්ගේ අධාරකරුවන්ග මේ විරෝධතා දෙකම පැවැත්වෙන්නේ එකම දිනයේ එකම වෙලාවට

සෝනු නිගම්ගේ ප‍්‍රසංගයේදී විමල්ට අම්බානක ‘හූවක්’


ඉන්දීය සුපිරි ගායක සෝනු නිගම්ගේ ‘සොනු නිගම් ලයිව් ඉන් කොන්සට්’ සංගීත ප‍්‍රසංගය ඊයේ රාත‍්‍රී සී.ආර්. ඇන්ඞ් එෆ්.සී ක‍්‍රීඩාංගනයේ පැවති අතර ඊට සහභාගී වූ විමල් වීරවංශ අමාත්‍යවරයාට සංගීත ලෝලීන් එකදිගටම විනාඩි කිහිපයක් ‘හූ’ කියා තිබේ.


ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකා සුදර්මා නෙත්තිකුමාරි මහත්මිය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ගී ප‍්‍රසංගයේ මූලික සම්බන්ධිකරන කටයුතු සිදුකරනු ලැබුවේ විමල් වීරවංශ මහතාගේ බිරිඳවන ව්‍යාපාරික ශෂී වීරවංශ මහත්මියයි. 

ජෝනිගේ ගෝලයෙක් කප්පම් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට පහරදේ


අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරන නිලධාරියෙකුවන රවිචන්ද්‍රන් නොහොත් ‘සෙල්ටෙල්රවී’ නැමැත්තා ඊයේ රාත‍්‍රියේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට පහරදි තිබේ. රවිචන්ද්‍රන් මහතා වෙත මාස්පතා ලබාදෙන කප්පම් මුදල පසුගිය මාසයේ ලබානොදීම පිළිබදව කෝපයට පත්ව ඔහුව එසේ පහර දී තිබේ. මෙසේ පහර කෑමට ලක්වී ඇත්තේ මධුරවික‍්‍රමරත්න නැමැති ව්‍යාපාරිකයාය.

ජනාධිපතිවරයාට වෙබ් පුවත් වාර්තා කිරීමට නිලධාරිනියක්


වෙබ් අඩවිවල පලවන පුවත් වහාම තමාවෙත වාර්තා කිරීමේ රාජකාරිය ජනාධිපතිවරයා විසින් ඔහුගේ රහස්‍ය ලේකම් අනෝමා ලාෆීර් මහත්මිය වෙත පවරා තිබේ. ඒ අනුව ‘ලංකා ඊ නිව්ස්’, ‘ගොසිප් ලංකා’, ‘ලංකා නිව්ස් වෙබ්’,‘ගොසිප් 9’, ‘ලංකා විව්ස්’, ‘ලංකා ටෲත්’, ‘පැපරාසිනිව්ස්’, ‘එලකිරිනිව්ස්’, ‘ලංකාලීක්ස්’, ‘රාවය නිව්ස්’ යන වෙබ් අඩවි මෙන්ම විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පවත්වාගෙන යනු ලබන ‘ලංකාසීනිවිස්’ වෙබ් අඩවියේ සියලූ පුවත් වාර්තාද ජනාධිපතිවරයාට වහාම දැනුම්දීම ලාෆීර් මහත්මිය වෙත පැවරී ඇති අලූත්ම රාජකාරිය වේ.

‘‘රනිල් ශක්තිමත් කරන විරෝධතාවලට අපි නැහැ’’ - සජිත් කණ්ඩායම


එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා දේශපාලනික වශයෙන් ශක්තිමත් කෙරෙන කිසිදු ව්‍යාපෘතියකට තම කණ්ඩායම සහාය නොදක්වන බව සජිත් කණ්ඩායම අවධාරනය කර සිටී. ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (17) කොළඹ දුම්රියපොල ඉදිරිපට පැවති උද්ඝෝෂණයට සහභාගී නොවුයේ ඇයිදැයි සජිත් කණ්ඩායමේ ප‍්‍රධාන ක‍්‍රියාකාරිකයෙකුගෙන් අප කළ විමසීමේදී ඔහු එම කාරණය පැහැදිලි කළේය.

තෙල් මිළ අඩු කළ හැක්කේ රට යන මාවත වෙනස් කිරීමෙනි. - නිදහසේ වේදිකාව කියයි.


"රට යන අත පිළිබඳ නොසතුටෙන් සිටින ජනවාර්ගික සුළුතරයක් පමණක් නොව සියල්ල දේශපාලනීයකරණය වීම නිසා අතෘප්තියට පත්ව සිටින විරුද්ධ දේශපාලන පක්ෂ වල සාමාජිකයන් හෙවත් දේශපාලනික සුළුතරයක් ද, රටෙන් පිට සිට රටේ ප්‍රතිපත්ති වලට විරෝධය පානා විදේශගත හෙවත් ඩයස්පෝරාගත දෙමළ ජනතාවක් ද සමනය කරගෙන ඔවුන්ගේ සහයෝගය දිනා ගැනීමෙනි. ඒ සඳහා දෙම්ළ ජනතාව සමග දේශපාලන බලය බෙදා හදා ගන්නා වැඩපිළිවෙළක් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මත පදනම් ව ඇති කරගත යුතුය; අධිකරණය, පොලිසිය, රාජ්‍ය සේවය වැනි රටේ ප්‍රධාන ආයතන දේශපාලන බලපෑමෙන් ස්වාධීන කළ යුතුය. මානව හිමිකම් උල්ලංඝණය කිරීම වලට වගකිවයුත්තන්ට ගැලවී යාමට ඉඩ නොදී නීතිය අනුව ක්‍රියා කළ යුතුය." යි නිදහසේ වේදිකාව ජනතා ව්‍යාපාරය පත්‍රිකාවක් නිකුත් කරමින් කියයි.

ජනාධිපතිවරයා දුමින්ද බලන්න දෙවරක් ගිහින්


ජනාධිපතිවරයා සිංගප්පූරුවේ ගතකල දින දෙකෙහි වෛi පරීක්ෂන සඳහා දෙවරක්ම මව්න්ට් එලිසබත් රෝහලට ගොස් ඇති අතර ඒ දින දෙකෙහිම එම රෝහලේ ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ සුවදුක් බැලීමටද ගොස් තිබේ.
ජනාධිපතිවරයා එහි ගිය දෙවතාවේදීම දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ සොයුරු ඒ.බී.සී නාලිකා ප‍්‍රධානී රේනෝර් ද සිල්වා මහතාද එහි සිට ඇත. මෙම අවස්ථාවේදී දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා සමග අපහසුවකින් තොරව කතාබහ කර ඇති බවද වාර්තා වේ.

වෛද්‍ය පරීක්ෂණය නිමාකර ජනපති යළි දිවයිනට එයි


විශේෂ වෛද්‍ය පරීක්ෂණ්‍යක් සඳහා සිංගප්පූරුවේ නිල සංචාරයක් සැලසුම් කරගනිමින් දෙදින සංචාරයකට සිංගප්පූරුවට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු 3.06 ට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් යළි දිවයිනට පැමිණ තිබේ.
ජනාධිපතිවරයා සිංගප්පූරුවට යාමට දින දෙකකට පෙර ඇමරිකාවේ පදිංචි ඔහුගේ බාල සොයුරු ඩඞ්ලි රාජපක්ෂ මහතා ඇමරිකානු විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු සමග සිංගප්පූරුවට පැමිණි බව සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු අප වෙත පැවසීය.

Share this article with your friends