Chitika Smowtion 468x60


Friday, March 2, 2012

බාලිකා පාසල් දෙකකට බලෙන් රිංගූ සිසුන් 43 ක් කූඩුවේ


කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාල දෙකකට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ පාසල් සිසුන් 43 දෙනෙකු පෙර කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලැබුන දුරකථන ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සිසුන් සියලු දෙනාම කොළඹ රාජකීය විදුහලේ සිසුන් වන අතර ඔවුන් අත් අඩංගුවට පත්වී තිබෙන්නේ බිෂොප් විද්‍යාලයට ඇතුළුවූ අවස්ථාවේදීයි.

ලංකාවේ ප්‍රථම Ebook සල එටිසලාට්ලාගේ නොවේ!

පසුගිය 25 වනදා "ලංකාවේ ප්‍රථම eBook පොත්සල" යන ශීර්ෂය යටතේ පලකල ලිපියට පිළිතුරු ලිපියක් පොත්පත් ඩොට් කොම් වෙබ් අඩවියේ සංස්කාරක වන උපුල් ගලප්පති මහතා විසින් අප වෙත යොමුකර තිබෙනවා.

පහත දැක්වෙන්නේ එම ලිපියයි. 

එටිසලාට් සමාගම, ආරම්භ කළ E-Book Store එක ශ්‍රී ලංකාවේ පළමු එක නොවේ. පළමු ebook store and ඒ -library එක එලිදැක්වූයේ www.pothpath.com වේ. එමෙන්ම කාවන් රත්නතුංග මහතාට අයත්, www.mahawamsa.org යනු තවත් එවැනි E-Book Store එකකි. 

පුරාවිද්‍යා ගවේෂක ජයරත්න පතිආරච්චි දේපල පෙර ආත්මයේ දියණියට ලබාදී පාරට බසී


පුරාවිද්‍යා ගවේෂක ජයරත්න පතිආරච්චි ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක මත පල කෙරුවෙකි.

ජයරත්න පතිආරච්චි මහතාට අනුව දැනට අප අධ්‍යනය කරන ශ්‍රී ලාංකික ඉතිහාසය සම්පුර්ණයෙන් වැරදි සහගතය. ඔහු විසින් ලංකාව පුරා ඇති සෙල් ලිපි ගණනාවක් අධ්‍යනයකොට ඇති අතර සෙල්ලිපි  සෑම පුද්ගලයෙකුටම කියවිය හැකිසේ අක්ෂර මාලාවක් හදුන්වා දීමටද කටයුතු යොදා තිබිණි.

ඒ අනුව ඔහු සිදුකල ගවේෂණ වලින් ලංකාව පුරා ඇති සෙල් ලිපි 18 ක බුදු රජාණන් වහන්සේගේ නම සඳහන්ව ඇති බවත් බුදුන් උපන් දේශය ඉන්දියාව නොව ශ්‍රීලංකාව බවත් ඔහු මින් කලකට පෙර ප්‍රකාශකොට සිටියා.

ශනි කුජ වක්‍රවේ- පාලකයාට විරුද්ධව කැරලි


පෙබරවාරි 29වනදා වසර හතරකට පසුව උදාවන දිනයකි. මාර්තු මාසය ආරම්භ වන්නේ අඟහරු හා සෙනසුරු වක්‍රව සිටියදීයි. එම පිහිටීම අනුව සිදුවන අනාවැකි පිළිබඳව අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පුවත්පතකට පවසා තිබෙනවා.

අඟහරුත් සෙනසුරුත් වක්‍රවී ගමන් කරන නිසා මේ ග්‍රහයන් දෙදෙනාම වක්‍රවී උච්ච රාශියක සෙනසුරු ගමන් ගත් අවස්ථා වල මීට පෙරත් ලොව පුරා කලබල තත්ත්වයක් ඇතිවී තිබේ. පාලකයන්ට ජනතා විරෝධය මතුවේ. ඔවුන් තනතුරු වලින් ඉවත්වී යන තරමටම පත්විය හැකිය.

ජනතා කණ්ඩායම් පාලකයාට විරුද්ධව කැරලි ගසයි උද්ඝෝෂණය කරයි. සෙනසුරු උච්චව සිටියදී වක්‍රවූ විට ඊට සමානුපාතිකව කුජ හෙවත් සටන්කාමී ග්‍රහයා වක්‍ර වුනාම සිදුවුණු ඒ අමිහිරි සිදුවීම් නැවතත් මේ මාසයේදී සිදුවේ. 

වැල්ලෑගල විහාරයේ අභිරහස් ආලෝකය අපවත්වූ හිමි නමකගේ


වලගම්බා රජු විසින් ඉදිකරුණු ලැබූ වැල්ලෑගල පුරාණ රජ මහා විහාරයේ නිධානයක් ගැනීමට පැමිණි හොරුන්ට නිධානය ගැනීමට නොහැකිවීමෙන් පසු පොලීසිය ගත් ජායාරූපයක අමුතු ආලෝකයක් සටහන් වීම පිළිබඳව ලිපියක් මීට පෙර ඔබට ඉදිරිපත් කළා.

එම ආලෝක සලකුණ මීට පෙර එම විහාරයේ අපවත් වූ භික්ෂුන්වහන්සේ නමකගේ බවයි පැවසෙන්නේ. උන්වහන්සේ කලක් තිස්සේ මෙම විහාරයේ වැඩ වාසය කල බවත් පුස් කොළ පොත් ආදිය පරිශීලනය කල උගත් සිල්වත් හිමි නමක් බවත් පැවසෙනවා.

අන්තර්ජාතික බලවේග හමුවේ ජනපති සැහැල්ලුවෙන්

ජනාධිපතිවරයාගේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන ලෙසට බලකරමින් ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් කිහිපයක් ජිනිවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේදී ශී‍්‍ර ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට සුදානම් වන යෝජනාව සම්බන්ධයෙන් ඊයේ දිනයේදී රටම උණුසුම් වුයේ පැවැත්වූ උද්ඝෝසණ මාලාව හේතුවෙනි.

ඊයේ දිනයේදී සමුළුව ඇමතු මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ එම නිර්දේශ ක්‍රියාත්මක කරමින් සිටින බවත් එයට ජාත්‍යන්තරයේ සහය අවශ්‍ය බවත් යනුවෙනි.

කෙසේ වෙතත් මේ අතරතුර ජනාධිපති මහින්ද රාජප්ස්ඛ මහතා නම් සිටියේ සැහැල්ලුවෙනි.අරලියගහ මන්දිරයේ වගා කල නේත්‍රපලම් කෙසෙල් ගෙඩියක රස බැලීමටත් නාලන්දා විද්‍යාලයේ නවීන ක්‍රීඩා සංකීර්ණය විවෘත කරමින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමටද ජනාධිපතිවරයා අමතක කලේ නැත.

එම අවස්ථාවන්හි ජයාරූප බලන්න පහතින් 

හිතෙන හිතෙන ගණන් අය කරන බස් වංචාව


තෙල් මිල ඉහල යාම නිසා බස් ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලා බස් හිමියන් විසින් වර්ජනයක් සිදුකොට බස් ගාස්තු සියයට විස්සකින් ඉහලට දමන ලදි. නමුත් මෙය ඉතාමත් අවිධිමත් ලෙස සකස් කරන ලද ක්‍රියාපටිපාටියකි.

අවාසනාවට මෙම මුදල රු.16 ටිකට් පතකටද ඉතුරු මුදල් ලබා දෙන්නේ රු.17 හෝ රු.18 අය කර ගෙනයි. මෙයට අමතරව ටිකට් පතක්ද ලබා නොදෙයි. මෙය පිළිබඳ අප කර විමසීමකදී දැනගැනීමට ලැබුනේ එම ටිකට් පත් ලබාදෙන යන්ත්‍ර වල නව මිල ගණන් සකස් කරන තුරු ටිකට්පත් ලබා දිය නොහැකි බවයි. මෙය කිතුල් ගහට ගිය මිනිසාට දීමට ඇති උත්තරයට සමානය.

දැනට බොහෝ බස් රථ සඳහා ටිකට්පත් යන්ත්‍ර ලබා දෙනුයේ ලිස්වින් 
ට්‍රේඩින් නැමැති ආයතනයයි. මෙහි හිමිකරු මීටර් ටැක්සි සඳහා සහ බස්රථ ටිකට්පත් යන්ත්‍ර ගෙන්වනු ලබන උපාලි ඩි සිල්වා නැමැති වංචාකාර ව්‍යාපාරිකයෙකි. 

පිටිදුවේ සිරිධම්ම හිමි ඇත්ත හෙලිකරයි!



පිටිදූවේ සිරිධම්ම හිමියන් ගැන ලිපි ගණනාවක් මීට පෙර අප විසින් පළ කර තිබෙනවා.

සමාජයේ ආන්දෝලනයක් ඇතිවූ උන්වහන්සේ සෝවාන් හා සකෘදාගාමී වූ බව පැවසීම, ටී ෂර්ට් ඇඳන් සිටි ජායාරූප ප්‍රසිද්ධියට පත්වීම, තමන්ගේ ශරීරයේ මහ පුරුෂ ලක්ෂණ ඇති බව පැවසීම ආදිය ඒ අතර ප්‍රධාන වුණා.

නමුත් මේ සියල්ලම උන්වහන්සේ ප්‍රකාශ කළේ හුදෙක් ලාබ ප්‍රසිද්ධිය සඳහා පමණක් බව දැන් උන්වහන්සේම පවසනවා. මේ බව පවසා සිටියේ පසුගිය 5 වෙනිදා සිරි සදහම් ආශ්‍රමයේ දී පැවැත්වූ වැඩසටහනකදී.

පහත දැක්වෙන්නේ මාර්ග ඵල ලාභී පිටිදූවේ සිරිධම්ම නම් චීවරධාරියා විසින් ප්‍රසිද්ධිය ලබාගැනීම සඳහා තම උපක්‍රමය විස්තර කළ අයුරුයි.

Share this article with your friends