Chitika Smowtion 468x60


Sunday, March 4, 2012

ඇමෙරිකා-ශ‍්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ඇරඹේ


ඇමෙරිකානු ආක‍්‍රමණයක් එන බව කියමින් චම්පික රණවක හා විමල් වීරවංශ යන අමාත්‍යවරුන් ඇමෙරිකාවට එරෙහිව ජනයා උසිගන්වද්දී, ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත මේ වනවිට ඇමෙරිකානු හමුදා කණ්ඩායමක් සහ ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා පිරිසක් අතර යුද අභ්‍යාසයක් රහසිගතව සිදුවෙමින් පවතී.

ජනාධිපතිවරයාට නෝර්වේ උපදෙස්


පසුගිය 29, 01 දෙදින රාත‍්‍රියෙහි නෝර්වේ විශේෂ නියෝජිතයින් කිහිප දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ජාත්‍යන්තර බලපෑම්වලට මුහුණදිය යුතු ආකාරය පිළිබදව උපදෙස් ලබාදී ඇත.
එම නෝර්වේ නියෝජිතයින් ජනාධිපතිවරයා විසින් කැඳවා ඇත්තේ, රාජකාරී කටයුතුවල සේවයේ නියුතු නිලධාරීන් සේවය නිමාකොට නික්ම ගිය පසුවය. නෝර්වේ නියෝජිතයින්ගේ හමුව හෙළිදරව්වීම වලක්වා ගැනීමට එසේ ක‍්‍රියාකර තිබේ.

බාල පෙට‍්‍රල් යළිත්? කපාට ප‍්‍රශ්නයක්! - ඇමති කියයි


නැවතවරක් බාල පෙට‍්‍රල් වෙළද පොලට පැමිනීමේ අවධානමක් තිබෙන බව ඛනිජ තෙල් කටයුතු පිළිබද අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සිංගප්පූරුවේ විටෝල් සමාගම මගින් ආනයනය කරන ලද මෙටි‍්‍රක් ටොන් 20,000 ක් පමණවන පෙට‍්‍රල් සම්බන්ධයෙන් මෙම තත්ත්වය උද්ගතවී තිබේ. අදාල පෙට‍්‍රල් තොගය ඔක්ටේන් 90 වර්ගයෙන් මෙටි‍්‍රක් ටොන් 15,000 ක්ද ඔක්ටේන් 95 වර්ගයෙන් මෙටි‍්‍රක් ටොන් 5000 ක්ද බැගින් සමන්විත වේ.

කිසියම් ප‍්‍රමාද දෝෂයක් හේතුවෙන් මෙම වර්ග දෙක මිශ‍්‍රවී ඇති බවත්, වර්ග දෙකෙම ප‍්‍රමිතිය බාලවී ඇති බවත් වාර්තා වේ. එහෙත් ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පසුගියදා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර සිටියේ එවැනි මිශ‍්‍රවීමක් සිදුවී නැති බව නිලධාරීන් තමාට ප‍්‍රකාශ කළ බවයි.

නාමල්ගේ හිතවතියක් මුදල් අමාත්‍යාංශයේ නීති දෙපාර්තමේන්තුවට


ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බලපෑම් මත මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නීති කටයුතු දෙපාර්තමේන්තුවේ නීති නිලධාරිනියක ලෙස ඔහුගේ සමීපතම හතවතියක්වන රිෂානි හරේන්ද්‍රා වික‍්‍රමගේ නැමැති තරුණියක් පත්කිරිමට තීරණය කර තිබේ.
රිෂානි හරේන්ද්‍ර වික‍්‍රමගේ මෙනවිය නීති කටයුතු දෙපාර්තමේන්තුවේ නීති නිලධාරිනියක ලෙස කොන්ත‍්‍රාත් පදනම මත සේවයට බඳවා ගැනීමට කටයුතු කරනලෙස ජනාධිපතිවරයා විසින් නියෝජ්‍ය මුදල් අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතාට නියෝග කර ඇත.

කන්දකඩුව රජයේ ගොවිපළ භූමියත් යුද හමුදාවට


රට පුරා රජයේ ඉඩම් හා ගොවිපළවල් අත්පත් කර ගනිමින් සිටින ශ‍්‍රී ලංකා යුද හමුදාව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ ඇති කන්දකඩුව ගොවිපළට අයත් භූමිය අත්පත් කර ගැනීමට කටයුතු කරමින් සිටී.
එහි  මූලික පියවර වශයෙන් එම ඉඩම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අවශ්‍ය නොවන බවට තමා වෙත ලිඛිතව දැනුම් දෙන්නැයි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබිණ. එයින් බියට පත් එම අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් කේ.එම්.ටී. කෑදරගම මහතා එම ඉඩම තම අමාත්‍යාංශයට අවශ්‍ය නොවන බවට ආරක්ෂක ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. 

විලී ගමගේ කෝටි දෙකක අත්තිකාරමක් අරන්


ශ‍්‍රී ලංකා රබර් නිෂ්පාදන හා අපනයන සංස්ථාව සතු කර්මාන්තශාලා 03ක් පෞද්ගලික සමාගමක් වෙත දිගු කාලීනව බදු දීම සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකා සැකසීම වෙනුවෙන් රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විලී ගමගේ මහතා ‘‘ඇරෝමා නැචුරල් රබර් ප‍්‍රයිවඩ් ලිමිඩට්’’ යන ආයතනයෙන් රුපියල් කෝටි 02ක අත්තිකාරම් මුදලක් ලබා ගෙන ඇති බව එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පොළොන්නරුව රජයේ ගොවිපළ නාමල්ගේ හිතවතෙකුට


පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොළොන්නරුව රජයේ ගොවිපළ ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයාගේ හිතවතෙකුට වසර 30ක කාලයක් සඳහා බදු දීමට යයි. එහි මූලික පියවරක් ලෙස මෙම ගොවිපළින් කිසිදු ආදායමක් නොලැබෙන බව පවසා, එය තවදුරටත් භාණ්ඩාගාරයට බරක් නොවී පවත්වාගෙන යෑම සඳහා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයෙන් වැඩිදියුණු කරන ලෙස මුදල් අමාත්‍යාංශය පශු සම්පත් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

ආණ්ඩුව ජාතික ධජයෙන් නිරුවත වසාගෙන - මංගල


රාජපක්ෂ ආණ්ඩුව තමන්ගේ නොහැකියාව, වංචා දූෂණ, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා වසන් කරගැනීම සඳහා යලිත්වරක් ජාතිවාදය උසිගන්වමින් සිටින බවත්, එහෙයින් ආණ්ඩුවේ නිරුවත වසාගැනීමට ජාතික ධජය භාවිතා කිරීමට ඉඩ ලබානොදන ලෙස මාතර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, එම පක්ෂයේ ජාතික සංවිධායක මංගල සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.
සමරවීර මහතා එම ඉල්ලීම කරනු ලැබුවේ ශ‍්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේදී පසුගියදා (29) පැවති මාධ්‍යය හමුවක් අමතමිනි.

ආණ්ඩුව පසුගිය කාලය පුරා ජනතාව මුලාකරමින් දිගින් දිගටම සිදුකලේ සිය නිරුවත වසාගැනීමට ජාතික ධජය යොදාගැනීම බව මන්ත‍්‍රීවරයා එහිදී අවධාරනය කළේය. 

Share this article with your friends