Chitika Smowtion 468x60


Wednesday, March 7, 2012

ඇමති පුතෙක් හොර පාරෙන් රාජ්‍ය පරිපාලන සේවයට


ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගේ ඥාති පුත‍්‍රයෙකු හා මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකුගේ දියණියක් රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් බඳවා ගැනීමේ කොන්දේසී උල්ලංඝනය කරමින් කටයුතු කරමින් සිටී.
ඒ අනුව මෙම දේශපාලන පත්වීම් දෙක සිදුකිරිම වෙනුවෙන්, ඔවුන් දෙදෙනාද ඇතුලූව බඳවා ගැනීම් සඳහා වූ විභාගයේදී අඩු ලකුණු ලැබූ 43 දෙනෙකුම රාජ්‍ය පරිපාලන සේවයේ III තනතුරට බඳවා ගැනීමට කටයුතු සිදුවෙමින් පවතී.

මෛත‍්‍රීගේ ඉල්ලීම ඉවතට. දුමින්දට තවත් මාස තුනක නිවාඩුවක්


පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට යළි ක‍්‍රියාකාරි දේශපාලනයේ යෙදීමට නොහැකි බැවින් ඔහු වෙනුවට රත්මලාන ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක චන්දන කත‍්‍රිආරච්චි මහතා පත්කරන ලෙස එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමක් ජනාධිපතිවරයා විසින් තරයේ ප‍්‍රතික්ෂේප කර තිබේ.
එම ඉල්ලීමෙන් කලබලයට පත්වී ඇති ජනාධිපතිවරයා, දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාට තවත් මාස 3ක නිවාඩු ඉල්ලා ඔහුගේ කාර්ය මණ්ඩලයේ අයෙකු ලවා වහාම කතානායකවරයාට ලිපියක් යවන්නැයි නාමල් රාජපක්ෂ මහතාට ඊයේ පෙරවරුවේ දැනුම්දී තිබේ. 

ගොවි ඇමතිවරුන්ගෙන් ජොනීට කුනු බැනුම්


වී අස්වනු නෙලාගනිමින් සිටින මෙම වකවානුවේ වී ගොවීන්ගේ අසවනු මිලදී ගැනීමට නිශ්චිත වැඩපිලිවෙලක් මෙතෙක් ක‍්‍රියාත්මක කර නැතැයි කියමින්, ඊයේ (06) පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා බරපතල විවේචනයට ලක්වී තිබේ.


ආණ්ඩු පක්ෂ රැස්විම අද පැවතියේ අග‍්‍රාමාත්‍ය දීමූ ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙනි. එහිදී ලබන බ‍්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂය විසින් වීගොවීන් මුහුණ දී ඇති අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභාව කල්තබන විවාදයක් ඉල්ලා ඇතැයි දැනුම්දී ඇති අතර ඒ සම්බන්ධයෙන් දියයුතු පිලිතුරු පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. 

ජනපතිගේ අපල දුරලීමට රටපුරා ‘අධිෂ්ඨාන පූජා’


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත එල්ලවී තිබෙන අපල උපද්‍රව දුරුකරලීම සඳහා අද (07) දිවයින පුරා ‘අධිෂ්ඨාන පූජා’ නමින් ආගමික වැඩසටහන් මාලාවක් රජය විසින් සංවිධානය කර තිබේ. ඇමරිකාව ඇතුලූ බටහිර රටවලින් එන බලපෑම්වලින් ආරක්ෂා වීම සඳහා මෙම අධිෂ්ඨාන පූජාව සංවිධානය කෙරෙන බව ප‍්‍රකාශ වුවද එහි සැබෑ අරමුන අපල උපද්‍රවවලින් ජනාධිපති බේරාගැනීම බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.

දුෂ්‍යන්ත්ගෙන් සෝනු නිගම් හා ගයන ගීයක්


යොවුන් ගායක හා නර්තනයෙන් දස්කම් පාන දුෂ්‍යන්ත් වීරමන් විසින් සෝනු නිගම් හා එක්ව ගීතයක් නිර්මාණයකොට ඇත.මෙම ගීතය ගැයීමට ඔහුට අවස්ථාව ලැබී ඇත්තේ ඇමරිකාවේදී ඔහු විසින් ප්‍රසංගයකදී ගයන ලද ගීතයක් "චල්තේ චල්තේ" චිත්‍රපටය නිෂ්පාදනය කල ආදේශ් ශිවස්කාර් නැරඹීමෙන් අනතුරුවයි.

දුෂ්‍යන්ත් ගේ දක්ෂතාවය පිලිබඳ ආදේශ් විසින් සෝනු නිගම් ට කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව දුෂ්‍යන්ත් සමග ගීතය ගායනා කිරීමට සෝනු නිගම කැමති වී ඇත.

ඒ අනුව දුෂ්‍යන්ත් විසින් තමා විසින් නිර්මාණය කල අලුත් තනුවකුත් "ජේත්තු නෝනේ" ගීතයත් "කරලිය" ගීතයත් සෝනු නිගම් වෙත යාවා ඇත.

කැසිනෝ හල් 810 ක්‌ රට පුරා


කැසිනෝ ශාලා නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පසුගිය නොවැම්බර් මසයේ මැතිසබය තුළ වැඩි ඡන්දයෙන් සම්මත වුනේ සංවර්ධනය අරමුණු කරගෙන රජය යන ගමනේ සංචාරක කර්මාන්තයට ප්‍රධාන තැනක් හිමිවන නිසා.

පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී එයට පක්‍ෂව ඡන්ද 114 ක් ලැබුණු අතර, විරුද්ධව ලැබුණේ ඡන්ද 33 ක් පමණි. එම පනත සම්මත කරගැනීමේදී හෙළ උරුමය හෝ ප්‍රබල හඬක් නැඟුවේ නැහැ.

අධිවේගී මාර්ගයේ දෙවන මාරක රිය අනතුර


ට්‍රක් රථයේ ටයරය පුපුරා විසිවෙලා 
මරණයට පත්වුයේ අනාරක්ෂිතව ලොරියේ පිටුපස ආ අයෙක් 


දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ දෙවන මාරක රිය අනතුර ඊයේ (06) දිනයේ වාර්තා වුනා.ඊයේ පස්වරු 1:30 පමණ සිදුවූ මෙම අනතුරින් මිය ගියේ වලස්මුල්ලේ පදිංචි කේ.ප්‍රේමචන්ද්‍ර නම් 56 හැවිරිදි පුද්ගලයෙක්.


වලස්මුල්ලේ සිට ධාවනය කල ලි පැටවූ ඩිමෝ බට්ටා වර්ගයේ ලොරිය අධිවේගී මාර්ගයට ඇතුලත් වී ඇත්තේ පින්නදුව පිවිසුමෙන් වන අතර කහතුඩුව ප්‍රදේශයේදී ඔවුන්ගේ ට්‍රක් රථයේ ටයරයක් පුපුරා ගැලවී විසිවී ඇත.

Tuesday, March 6, 2012

අලගියවන්න අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නියෝගයක්


‘ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ’ හිටපු කැඳවුම්කරු කුමාර අලගියවන්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට සහ රාජ්‍ය බුද්ධි සේවයට (SIS) නියෝග කර ඇතැයි වාර්තා වේ.
මෙම නියෝගයේ ලිඛිත පිටපත් ඊයේ වනවිට මෙම අදාල දෙපාර්තමේන්තු කරා ලැබී තිබුණ අතර එම ලිඛිත පිටපතේ වැඩිදුරටත් සඳහන් කොට තිබුණේ රජය පෙරලීමට කුමන්ත‍්‍රනය කිරීමේ චෝදනාව යටතේ අලගියවන්න මහතාව අත්අඩංගුවට ගතයුතු බවයි.

Share this article with your friends