Chitika Smowtion 468x60


Thursday, March 8, 2012

නාමල්ගෙන් මහින්දානන්දට කැපිල්ලක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා සමග අමනාපයකින් පසුවන බව අරලියගහ මන්දිර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. තම ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා විසින් පවරනු ලැබූ රාජකාරි කිහිපයක් ක‍්‍රීඩා ඇමතිවරයා නොසලකා හැර තිබීම එම අමනාපයට හේතුවී තිබේ. 

පසුගිය දා කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබී පසුව ලිප්ටන් වටරවුම අසල සංවිධානය කර තිබූ මාධ්‍ය වේදීන්ගේ උද්ඝෝෂණයට පහර දෙන ලෙස නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා විසින් කළ නියෝගය මහින්දානන්ද ඇමතිවරයා විසින් නොසලකා හැර තිබීම ජනාධිපතිවරයාගේ අමනාපයට ආසන්නතම සිදුවීම බව ඉහත ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

ගනේගලටත් ජනපතිගෙන් කුනු බැනුම්


ගීත හා ගීත වීඩියෝ පට විමර්ශනය සඳහා පාලක මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් කෙටුම්පත් කළ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී. ගනේගල මහතා එය ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ අවස්ථාවේදී, ජනාධිපතිවරයා ඔහුට බැනවැදී එළවාගෙන තිබේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස එම අමාත්‍ය මණ්ඩල සංදේශය කෙටුම්පත් කර තිබී ඇත.

‘‘මගේ ඉහ ගිනිඅරන් ඉන්න වෙලාවේ, තමුසේ සුරුට්ටු පත්තුකරන්න ආවා’’ දැයි විමසා ඇති ජනාධිපතිවරයා ගනේගල මහතාට බැනවැදී ඇත්තේ මේ දවස්වල අනවශ්‍ය ප‍්‍රශ්න ගෙන ඒමෙන් වලකින ලෙස දැඩි ලෙස අවවාද කරමිනි.

සෝනු නිගම්ගේ මවට ප්‍රතිකාර කලේ ඊලියන්තද?


පසුගියදා ලංකාවට පැමිණි සුපිරි බොලිවුඩ් ගායක සෝනු නිගම් විවේකිව සිටි අවස්ථා වලදී වඩාත් උනන්දු වුයේ තමාගේ මවගේ අසනීපයට බෙහෙත් ගැනීමට බව වාර්තා වේ.

ඒ අනුව ලංකාවේ ප්‍රසිද්ධ කෝවිල් කිහිපයකට ගොස් ඇති සෝනු නිගම් හට එම ප්‍රසංගයේ සංවිධායකයන් විසින් ජනපතිගේ පෞද්ගලික වෛද්‍යවරයා හමුවීමට අවස්ථාව ලබා දි ඇත.

මෙහි සියලු සම්බන්ධිකරණ කටයුතු කරන ලද්දේ අනර්කලී ආකර්ෂා විසිනි. නමුත් මෙහිදී ජනපතිගේ පෞද්ගලික වෛද්‍යවරයා කව්රුන්ද යන වග තවමත් පැහැදිලි නැත. පසුගියදා දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ "ජනාධිපතිවරයාට සීමාවූ පෞද්ගලික වෛද්‍යවරයෙකු" නොමැති බවත් එක් එක් අවස්ථා වලදී විවිධ වෛද්‍යවරුන් සිටින බවකි.

ජිනීවා නුවරින් නැසුණු කතා


එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් සමුළුව පසුගිය පෙබරවාරි 29 වන දින ආරම්භ වූ අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 52 කින් යුත් නියෝජිත පිරිසක් එහි ගොස් ඇත.

එම 52 කින් යුත් කණ්ඩායමේ නායකත්වය අමාත්‍යය මහින්ද සමරසිංහ මහතාට හිමිවූ නිසා විදේශ අමාත්‍ය ජී. එල් පීරිස් මහතා සිට ඇත්තේ අමනාපයෙනි.

මානව හිමිකම් සමුළුවේදී ලංකාවට ගෙන ඒමට නියමිත යෝජනාව ගැන දැනගත් පසු ගිය වසරේ සිට රට රටවල් වලට සංචාරය කරමින් මේ පිලිබඳ දැනුවත් කොට ඔවුන්ගේ සහාය ලබාගැනීමට ජී.එල් පීරිස් මහතා ක්‍රියාකොට තිබුණි. නමුත් සමුළුවේ කතාව හා නායකත්වය ලබා දීමේදී ජී.එල් පීරිස් මහතා කොන්වී තිබුණි.

මෙහිදී ආරම්භක දේශනය පවත්වන්නේ කව්රුන්ද යන වග පිලිබඳ වාද විවාද පැවතුන අතර ඇතෙමෙකුගේ අදහස වුයේ මෙම කතාව ජී. එල් පීරිස් මහතාට ලබාදිය යුතු බවය. නමුත් තවත් පිරිසක් යෝජනා කලේ එය මහින්ද සමරසිංහ මහතාට දිය යුතු බවය.

කහවත්ත ඝාතනයේ මාධ්‍යය හෙළි නොකළ කතාව


"බලනවා හලෝ..අපේ ගමේ ගෑනු මරනවා..සාස්තරෙක්ට කිව්වලු ඒ මරණ ඉවර වෙන්නේ අම්මෙකුයි දුවෙකුයි මැරුවට පස්සෙයි කියල..අපේ ගෙදරත් අම්මයි මමයි ඉන්නේ තනියම හලෝ...ඔය කියන අම්මයි දුවයි මමයි අම්මයිද දන්නේ නෑ.."

රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි කාවින්දි චතුරංගනී මිට මාස කිහිපයකට උඩදී සිය යෙහෙළියකට පැවසු වදන් දෛවයේ සරදමකට මෙන් සත්‍යයක් වුයේය. ඒ හදුනා නොගත් මිනිමරුවකු විසින් පී.ජී. නයනා නිල්මිණි (52) සහ එස්.එම්. කාවින්දි චතුරංගනි (18) යන දෙදෙනාපසුගිය ජනවාරි මාසයේ 31 වනදා සාහසික ලෙස කපා කොටා ඝාතනය කිරීමත් සමගයි.


මව සහ දියණිය දෙදෙනාම මරා දමා දුෂණය කර තිබුණි.මෙයත් සමගම කහවත්ත ප්‍රදේශය යලිත් බියෙන් ඇලලී ගියේය. පුද්ගලයන් 100 දෙනෙකුට අධික ප්‍රමාණයක්ගෙන් කට උත්තර ගත අතර මේ සඳහා සමාජ විද්‍යා වාර්තාවක් සකස් කරන ලෙසටද උපදෙස් ලැබුණි. එහෙත් කුරිරු ඝාතකයා පොලිසියට හසුකර ගැනීමට නොහැකි වුනි.ඔහු අපරාධය වූ ස්ථානයේ කිසිදු සලකුණක් ඉතිරිකොට තිබුනේද නැත.

නමුත් ඊයේ දිනයේදී ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්විය.එහිදී ප්‍රධාන සැකකරුවන් වුයේ ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම් එල්. එම්. ධර්මසිරි මහතාගේ සොහොයුරෙකුය.

Wednesday, March 7, 2012

අපිව බේරාගන්න කිසිම කෙනෙක්‌ හිටියේ නැහැ - නන්දා මාලිනි


ඔබයි රම්‍ය සඳ කිරණ නමින් ප්‍රසංගයක්‌ පැවැත්වීම සඳහා පසුගිය 01 දා කුවේට්‌ බලා ගිය විශාරද ගායිකා නන්දා මාලිනි මහත්මිය පැය තුනකට අධික කාලයක්‌ එම ගුවන්තොටුපොළේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේ සිද්ධීය සම්බන්ධයෙන් කළ විමසීමකදී නන්දා මාලිනි මහත්මිය මෙසේද කීවාය.


කුවේට්‌ එයාර්පෝර්ට්‌ එකේදී අපිව බේරාගන්න කිසිම කෙනෙක්‌ හිටියේ නැහැ..... යෑයි කුවේටයේදී පොලිස්‌ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්‌ව මෙරටට පැමිණි විශාරද නන්දා මාලිනී මහත්මිය කීවාය.

රු10,000 මැණික් ගලට ජොනීගේ පුතාගෙන් ලක්ෂ 5 ක්


පසුගියදා කතරගම තම්මැන්නාව ප‍්‍රදේශයෙන් මතුවූ මැණික් නිධියෙන් මැණික් මිලදී ගැනීම සඳහා එහි ගොස් ඇති අභ්‍යන්තර වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ වැඩිමහල් පුත් ජෙරමි කෙනත් ප‍්‍රනාන්දු රුපියල් 10,000 ක් වටිනා මැණිකක් සඳහා රුපියල් ලක්ෂ 5ක් ගෙවා ඇති බව වාර්තා වේ.



අමාත්‍ය ධූරයට පත්වී කෙටිකලක් තුළ ප‍්‍රකෝටිපතියෙක් බවට පත්වී ඇති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අයථා ක‍්‍රමමගින් උපයාගත් කලූසල්ලි සුදුකරලීමේ හොදම ක‍්‍රමය වශයෙන් මෙම මැණික් මිලදී ගැනීම සිදුකළ යුතු බවට ජොනීට උපදෙස් දී ඇත්තේ ඔහුගේ කලූසල්ලි උපදේශකයාවන මොහොමඞ් ඉල්ලියාස් නොහොත් ‘ඩිඩා’ විසිනි.

දුමින්දගේ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා රු: බිලියන 2කට අධික මුදලක් වැයවෙලා


භාරත ලක්ෂමන්ගේ ආරක්ෂකයෙකු විසින් තබන ලද වෙඩි පහරකින් තුවාල ලබා දැනට සිංගප්පූරුවේ ‘මව්න්ට් එලිසබෙත්’ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා ගේ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා මේ වනවිට රුපියල් බිලියන 2කට අධික මුදලක් වැයවී ඇති බව ඔහුගේ සොයුරා මේ දිනවල සෑම තැනම කියකියා ඇවිදින බව වාර්තා වේ.



පසුගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මස 8 වනදින සිට මේ දක්වා තමාගේ සොයුරු ‘දුමින්ද’ ගේ වෛද්‍ය ප‍්‍රතිකාර වෙනුවෙන් තමා මේ වනවිට රුපියල් බිලියන 2කට අධික මුදලක් වැය කොට ඇති බවත්, සිංගප්පූරුවේ ‘මව්න්ට් එලිසබෙත්’ රෝහලේ දිනකට සිංගප්පූරු ඩොලර් 11,000ක් තමා වැය කරන බව ‘හිරු’ මාධ්‍යජාලයේ ප‍්‍රධානී රේනර් සිල්වා පවසමින් සිටි.

Share this article with your friends