Saturday, March 10, 2012
නිවේදන කටයුතුවලින් ඉවත් වූ ලෝචනා ඉමාෂිගේ අලුත් වැඩේ
සිරස රූපවාහිනියේ ‘දිගන්තය’ වැඩසටහනේ නිවේදන කටයුතුවලින් ඉවත් වූ ලෝචනා ඉමාෂි අලුත් ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ඉමාෂි මෙසේ ආරම්භ කර ඇති ව්‍යාපාරය වන්නේ කුලී රථ (මීටර් ටැක්සි) සඳහා අවශ්‍ය මීටර් හා අනෙකුත් ආම්පන්න විකිණීමට සාප්පුවක් ආරම්භ කිරීමය.
ඇය දෙහිවල ඒ.බී.සී. ගොඩනැගිල්ලේ මෙම සාප්පුව ආරම්භ කර ඇතැයි පැවසේ.සිරස නාලිකාව ඔස්සේ සතියේ දින පහේ ම උදෑසන 11.00 සිට දහවල් 12.00 දක්වා විකාශයවූ ‘දිගන්තය’ වැඩසටහන ලෝචනා විසින් වසර 4කට ආසන්න කාලයක් මෙහෙයවූ ලෝඩනා පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඉන් ඉවත් විය.
තවම තනිකඩයි, දොඩන්ගොඩ වගේ ලැබුණට බාර ගන්නේ නෑ – තිසුරි
වර්ෂා, සවීනා, අල්තිනායි මේ ආකාරයේ විවිධ නම්වලින් විවිධ චරිත සමඟ රසික පේ‍්‍රක්ෂකයන් අතරට පැමිණි ඇය තිසුරි යුවනිකාය. නොමැතිනම් බොහෝ දෙනා හදුනන පරිදි සුසන්තා චන්ද්‍රමාලිගේ දියණියය. එසේත් නොමැතිනම් ඔබ කවුරුත් නොදන්නා පරිදි මැණික්ය. මව්කුස තුළ සිටියදීම රංගනයට එක්වීමට වරම් ලද ඇය අද රංගන ශිල්පිණියක ලෙස ජනාදරයට පත්ව සිටී.
තිසුරි, කවුද මැණික් කියන්නේ ?
මැණික් කියන්නේත් මම තමයි. අපේ ගෙදර අය මට කතා කරන්නේ මැණික් කියලා. මමනේ ගෙදර මැණික. ඒකයි ඒ.
මොනවද මේ දවස්වල කරන්නේ
ජිනීවා අනා ගැනීම - සුනන්ද දේශප්‍රිය
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත පිරිස් අතර කෝපි සමඟ ගැනීමට අලූත් විහිළු කතා ගණනාවක් බිහිවී තිබේ. ඉන් එකක් නම් වැසිකිළියක් ඇරියත් ශ්‍රී ලංකාණ්ඩුවේ දුත පිරිසේ අයෙක් ඉන් මතුවන බවයි. ඒ තරමටම ශ්‍රි ලංකා දූත පිරිසෙන් මානව හිමිකම් කවුන්සිලය පිරි තිබූ අතර අමාත්‍ය සමරසිංහගේ කතාව ඇසීමට පැමිණි එම පිරිස් වෙනත් රටවලට අයත් අසුන්හි පවා වාඩි වී සිටියේ ය. ඔවුන් එම ආසන වලින් පසුව ඉවත් කරන ලදි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසයෙහි මෙතරම් විශාල දූත පිරිසක් කවර හෝ රටකින් පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙම සැසිවාරය සඳහා ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල 100 දෙනෙකුට අතුල්විමේ හැදුනුම්පත් ලබා ගෙන තිබේ.
බටහිර 'අධිරාජ්‍යවාදීන්' ඉදිරියේ අප මොන 'වාදීන්' ද? - ගාමිණී වියන්ගොඩ
ඒ සඳහා අපට ගත හැකිව තිබූ පූර්වාදර්ශය වුණේ දකුණු අප්‍රිකාවයි. දීර්ඝ කාලයක් තිස්සේ සුද්දන්ගේ වර්ණ භේද වාදයෙන් පීඩාවට පත්ව සිටි දකුණු අප්‍රිකානු කළු ජාතිකයෝ අවසානයේ බලයට පත්වුහ. එම අරගලය මුදුනේ සිටියේ, මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ වරදට විසිහත් වසරක් හිරබත් කෑ නායකයෙකු වූ නෙල්සන් මැන්ඩේලා ය. තමාගේ ජාතියට සිදු වූ අසාධාරණයට අමතරව, ඒ සා දීර්ඝ කාලයක් තමාව හිරකොට තබාගෙන සිටි සුද්දා සමග අවශ්‍ය නම් පෞද්ගලික කෝන්තරයක් ඇති කර ගැනීමේ හැකියාව ද ඔහුට තිබුණි.
‘‘ජනාධිපතිතුමා වැඬේ අවුල්කරලා’’ - ජී.එල්. පීරිස්
විදෙස්හි ශ‍්‍රී ලංකා තනාපති කාර්යාලයක නිලධාරීන් කිහිපදෙනෙකු හමුවේ පීරිස් අමාත්‍යවරයා දැඩි කනස්සලකින් යුතුව ඒ බව පවසා ඇත.
දුමින්ද බේරාගැනීමට අලූත් මෙහෙයුමක්
දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාට තවත් මාස තුනක නිවාඩු ලබාදීමේ යෝජනාව සම්බන්ධයෙන් සභානායකවරයා සහ තවත් ඇමතිවරු කිහිප දෙනෙකු අතර පැවති සංවාදයකදී මෙම කරුණු අනාවරනය වී තිබේ.
උගත් පාඩම් කමිටු සාමාජිකයින්ට මඩ ප‍්‍රහාරයක් !
ජනාධිපතිවරයා විසින් එම ප‍්‍රචාරක ව්‍යාපෘතියට අනුමැතිය ලබාදී ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ යෝජනාවකට අනුවය.
උගත් පාඩම් කොමිසමට නිලබාවයක් දෙමින් එහි යෝජනා ක‍්‍රියාත්මක කරන ලෙස ඇමරිකාව විසින් සිදුකරන බලපෑම පරාජය කිරීම සඳහා උගත් පාඩම් කොමිසම පිළිබද ගොඩනැගී ඇති විශ්වාසනීයත්වය පළමුකොට පළදු කළ යුතු යැයි විමල් වීරවංශ අමාත්‍යවරයා පැහැදිලි කර තිබේ.
උගත් පාඩම් කොමිසමට නිලබාවයක් දෙමින් එහි යෝජනා ක‍්‍රියාත්මක කරන ලෙස ඇමරිකාව විසින් සිදුකරන බලපෑම පරාජය කිරීම සඳහා උගත් පාඩම් කොමිසම පිළිබද ගොඩනැගී ඇති විශ්වාසනීයත්වය පළමුකොට පළදු කළ යුතු යැයි විමල් වීරවංශ අමාත්‍යවරයා පැහැදිලි කර තිබේ.
ජනපතිගේ රුව හඳුනන ගිරවෙක්

ඇලෙක්ස් ගේ දස්කම වන්නේ එදා මෙදා තුර ජන නායකයන්ගේ රුප අතුරින් වත්මන් ජනපතිගේ රුව තෝරා ගැනීමට හැකි වීමයි.
මෙම ජන නායකයන්ගේ රුව කෙසේ තැබුවත් මහින්ද රාජපක්ෂගේ රුව ඇදුරා ගැනීමට ගිරවාට යන්නේ සුළු වෙලාවක් බව විජය මහතා පවසයි.
Subscribe to:
Posts (Atom)

