Monday, March 12, 2012
නිර්මලාට "හඬ" දෙන්න ඔබත් දායක වන්න

මෙය හතර බීරී කථාවකැයි ඔබට සිතෙනු ඇත.
සත්තකින්ම......
එය එවැනි කථාවක්‌මය. ඇය බිහිරිය. නැතිනම් ශ්‍රවණාබාධිතය. එනිසාම ඇය කථා කිරීමට නොදන්නීය. තේරෙන භාෂාවෙන්ම කියයි නම් ගොළුය.
ඇය අපට සුබ උදෑසනක් වේවායි කීවේ හස්‌ත භාෂාවෙනි. තමන්ට ඇවැසි දේ කියන්නට ඇය දෑත් ඇඟිළි ඒ මේ අත නෙක අයුරින් විහිදන්නීය.
එය මට පෙනුනේ පිච්ච මලක් සුළඟේ නැලවෙන්නාක් මෙනි. පිච්ච මලට හඬක් නැත. නමුත් එය හැඩෙන් අඩු නැත. ඔහේ සුළඟේ වැනෙමින් සුන්දරත්වයේ, සියුමැලි බවේ, අහිංසක දඟකාර බවේ සුවඳ කැවූ කථාවක් නිහඬව කියයි.
ඇයද පිච්ච මලක්‌මය. දෛවය විසින් ඇයට හඬක් දී නැතිද, එයට ද හිලව් වන්නට මෙන් රුව දී ඇත. ලැ-ජාව මුසුවූ බැල්මකින් අපේ පැමිණීමට සිනහවකින් ස්‌තුති කරන අතරම ඇය, ගෙදර බඩපිස්‌සියට හිමි අහිංසක දඟකාර බවකින් අක්‌කලා සහ අම්මාට තමන්ගේ භාෂාවෙන් මොනවාදෝ පවසන්නීය. සුළඟේ වැනෙන පිච්ච මලත්, හස්‌ත භාෂාවෙන් කථාකරන ඇයත් අතර වෙනස කිම...
අපට අවැසි නුදුරේම දිනයක මේ "පිච්ච මල" අපට ඇගේ හඬින්ම "සුබ උදෑසනක් වේවා" යි කියනු ඇසීමටය.
කුවේට් තානාපතිතුමා තවමත් නිහඬයි - ජනපති නන්දා මාලිනිය අමතයි

මෙම සිදුවීම පිළිබඳව සියල්ලන්ට ම ඇත්තේ කුතුහලයක් පමණි. ඒ නම් මෙවැනි මහා අපහාසයකට මුලපිරුවේ කව් ද ? ඒ කුමකට ද යන්නය.
නන්දා මාලිනිය මාධ්‍ය වලට පවසා තිබුණු අන්දමට මෙම "ඔබයි රම්‍ය සඳ කිරණ" ප‍්‍රසංගය පැවැත්වීමට එම සංවිධායකයින් කටයුතු යොදා තිබී ඇත්තේ කිසිදු හව්හරණක් නැතිව කුවේටයේ අතරමං වී සිටින අහිංසක කාන්තාවන් පිරිසක් අපේ මව්බිමට ගෙන්වා ගැනීමට හා සාමණේර භික්ෂූන් වහන්සේලා 55 නමකට ශිෂ්‍යත්ව පිරිනැමීම උදෙසාය. මෙහි අරමුණ ඉතා අගය කොට සැලකිය යුත්තකි.
වතුපිටිවල රෝහලට අනුර දැක්වූ දායකත්වය වසන් කිරීමේ නියෝගයක්
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පමණක් නොව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළින් ද රාජපක්‍ෂවරුන්ට එරෙහිව නැග එන විරෝධය හමුවේ යළිත් බණ්ඩාරනායකවරුන් සමග සබඳතාවයක් ඇති බව පෙන්වීමට ජනාධිපතිවරයා උත්සාහ දරණ බවත්, වතුපිටිවල රෝහලේ මෙම විවෘත කිරීම එම දේශපාලන ව්‍යාපෘතිය සඳහා යොදා ගත් බවත් පැවසීය. එහෙත් බණ්ඩාරනායකවරුන්ට වාසිසහගතවන ආකාරයට කිසිදු ප‍්‍රවෘත්තියක් පල වීමට ඉඩ නොතබන්නැයි ජනාධිපතිවරයා ජනාධිපති මාධ්‍ය අංශයට උපදෙස් දි තිබූ බවද ඔහු සඳහන් කළේය.
සුදුවෑන් මිනීමරුවන් බේරාගැනීමට ගෝඨාගේ ලේකම් ඇවිත්
කොලොන්නාව සභාපතිවරයා ඝාතනයට පැමිණි මිනීමරුවන් සිව්දෙනා ප‍්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන වැල්ලපිටිය පොලීසියට භාරදී තිබූ අතර සාධාරණයක් ඉටුකරගැනීම සඳහා ඊයේ රාත‍්‍රිය වනවිටත් ප‍්‍රදේශවාසීන් පොලීසිය වටකොට සිටියහ.
ජිනීවා ගිය මාධ්‍ය ලොක්කෝ සියලූ දෙනා අනාගෙන
ගෝඨා සුදුවෑන් මිනීමරු කල්ලිය මෙහෙයවන බව අතටම හසුවේ
සන්ධානය යටතේ පවතින කොලොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා පැහැරගෙන යෑමට පෙරේදා (10) පස්වරුවේ පැමිනි සුදුවෑන් රථයක් හා සන්නද්ධ පිරිසක් ප‍්‍රදේශවාසින් විසින් අල්ලාගැනීමෙන් පසු මෙම සුදුවෑන් කල්ලිය පිළිබද තොරතුරු රාශියක් හෙළිවී ඇත.
ජනක රත්නායකට එරෙහි දූෂණ ගැන පියවර ගෙන නැහැ
ද ෆිනෑන්ස් ආයතනය සතු කොටස් අයථා පරිහරණය සහ ඉඩම් සම්බන්ධ අයථා ගනුදෙනුද මර්චන්ට් බැංකුවේ කම්පියුටර් දෘඩාංග සේවා සැපයීම වෙනුවෙන් ‘කම්පියුටර් අයිලන්ඞ්’ නම් ආයතනයට කළ ගෙවීම්, අධ්‍යක්ෂ මණ්ඩල දීමනා ඉහළ දැමීම, සභාපතිවරයා ලෙස ඔහුගේ වැටුප වරින් වර ඉහල දමා ගැනීම වැනි චෝදනා රැසක් රත්නායක මහතාට එල්ලවී තිබේ. ‘කම්පියුටර් අයිලන්ඞ්’ නැමති ආයතනය ජනක රත්නායක මහතාට හිමි පෞද්ගලික ආයතනයකි.
Subscribe to:
Posts (Atom)
