Chitika Smowtion 468x60


Wednesday, March 14, 2012

‘‘සුදුවෑන් ගැන හොයන්න ගිහින් තරුපටි ගලවා ගන්න බැහැ’’ බොරැල්ල පොලිස් නිලධාරින් කියයි


පෙරේදා (12) වන දා උදසන බොරැල්ල 34 වත්ත ප‍්‍රදේශයේදී සුදුවෑන් රථයකින් පැහැර ගැනුනු ‘මාලූ පි‍්‍රයන්ත’ නැමති අයගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂනවල ප‍්‍රගතිය පිළිබදව සොයාබැලීම සඳහා අප බොරැල්ල පොලීසිය හා දුරකථනයෙන් සම්බන්ධ වූ විට නම සඳහන් කිරීමට අකමැති පොලිස් නිලධාරියෙකු පවසා සිටියේ ‘‘සුදුවෑන් ගැන හොයන්න ගිහින් තරුපටි ගලවාගන්න බැහැ. පේනවා නේද වැල්ලම්පිටිය  ඕ.අයි.සී ට වෙච්ච දේ?’’ කියාය.

ඩිපෝ කිහිපයක ලංගම සේවකයෝ වර්ජනයේ - ජයාරූප


නියමිත දිනට වැටුප් ලබා නොදීම, හිඟ වැටුප් ලබා නොදීම වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ කිහිපයක සේවකයින් මේ දිනවල වැඩවර්ජනයක නිරත වෙනවා.

ඩිපෝ රැසක සේවකයින්ට පෙබරවාරි මාසයේ මාසික වේතනය නියමිත දිනට ලැබී නැහැ. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට සෑම මසකම රුපියල් මිලියන 589 ක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කළ යුතු වුවත් මේ වන විට ලබාදෙන්නේ රුපියල් මිලියන 223 කට ආසන්න මුදලක් බව ඔවුන් පෙන්වා දෙනවා.

අවිස්සාවේල්ල, ඇඹිලිපිටිය, මහනුවර උතුර, මහනුවර දකුණ, මීගමුව, අම්බලන්තොට, කෑගල්ල යන ඩිපෝ මේ වනවිට එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වෙන අතර අම්බලන්තොට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයේ අද තෙවෙනි දිනයයි.

විමල් වීරවංශ ඇමරිකන් විරෝධී විප්ලවය අරඹයි


ඊයේ දිනයේ හයිඩ් පාර්ක් කෝනර් හි පැවති ජනහමුවකදී ඇමරිකානු සන්නාම වර්ජනය කලයුතු බව කි විමල් විරවංශ මහතාගේ සංක්ෂිප්ත කතාව අප ඔබ වෙත ඉදිරිපත් කළා.පහත දැක්වෙන්නේ එම කතාව හා එම අවස්ථාවේ විඩියෝවයි.

"කොල්ලෝ කෙල්ලෝ ලංකාවේ තරුණ තරුණියෝ...ඇමරිකානු සන්නාමය..එක්සත් ජනපද බ්‍රෑන්ඩ් නේම් එක..කොකා කෝලා නොබී අත ඇරියොත් ආන්න එකත් විරෝධත්වයක් තමයි එකසත් ජනපදයට දෙන..උන්ගේ සන්නාම කොකා කෝල පෙප්සි කෝලා නොබී..මැරෙන්නේ නෑනේ හත්වලාමේ...!

මර්වින්ගේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය පබා


මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා කැලණියේ ප‍්‍රාදේශීය මන්තී‍්‍රවරුන් සමඟ හැප්පීම නවතා අලූත් කටයුත්තකට අතගසා තිබෙනවා.

"සුරංගනා ලොවින් ඇවිල්ලා" ළමා චිත්‍රපටයේ දුටුගැමුණු චරිතය රඟපාමින් ද, "කුවේණි" චිත්‍රපටියේ යක්ෂයාගේ චරිතයත් රඟපාමින් සිනමාවට එන්ටර් වුන මර්වින් සිල්වා, චිත‍්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සැරසෙන බවයි වාර්තා වෙන්නේ.

සිරස කුමරිය ගැන හෙළි කිරීම නිසා සිරසෙන් මංගලට තර්ජන


පාර්ලිමේන්තු මංත්‍රී මංගල සමරවීර මහතාට මෙන්ම ඔහුගේ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කරන රුවන් ෆර්ඩිනැන්ඩර්ස් හට මහරාජා මාධ්‍යය ජාලයේ සභාපති කිලී රාජා මහේන්ද්‍රන් විසින් තර්ජනය කර ඇති බව වාර්තා වෙනවා.

ඉන්පසුව ඊයේ සිරස ටී.වී නාලිකාවේ පස්වරු 7 ප්‍රවෘත්ති විකාශය මගින් මංගල සමරවීර මහතාට හා රුවන් ෆර්ඩිනැන්ඩර්ස් මහතාට දරුණු මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට කිලී රාජා මහේන්ද්‍රන් කටයුතු කොට තිබුණා.

මී ගවයින් 23 ක් වෙනුවෙන් හිරේ යෑමට සූදානමින් සිටින මිරිස්සේ ධම්මවංශ හිමි


සතුන්ට හිංසා වන පරිදි ප්‍රවාහනය කල මී ගවයින් 23 ක් අධිකරණ නියෝගයකින් රුපියල් හාර ලක්ෂයක බැඳුම්කරයක් මත බාරගත් තංගල්ල වජිරගිරි විහාරයේ මිරිස්සේ ධම්මවංශ හිමියන්ට, එම මී ගවයින් අයිතිකරුවන්ට ආපසු භාර නොදුනහොත් මාස 6 ක සිරදඬුවමක් නියමකොට තිබෙනවා.

අධිකරණ නියමය අනුව රුපියල් ලක්ෂ හතරක් මී ගවයන්ගේ අයිතිකරුවන් යයි කියන යට ගෙවා ගන්නට අපොහොසත්ව සිටින ධම්මවංශ හිමියෝ මීගවයින් 23 දෙනාට ජීවිත දානය ලබාදීමේ අදිටනින් මාස 6ක සිර දඬුවම් විඳීමට සැදී පැහැදී සිටිනවා.

ගීතාට මැඩම් නොකී නිසා ප්‍රාදේශීය ලේකම්වරිය මාරු කරලා


බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායිකා ගීත කුමාරිසිංහ මහත්මියට "මැඩම්" යයි ආමන්ත්‍රණ නොකිරීම නිසා ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරිය වන අනුෂා බටවල ගමගේ මහත්මිය මාරු කර යවා ඇති බව වාර්තා වේ.

"ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් අනුෂා බටවල ගමගේ මහත්මිය අතිමහත් සේවාවක් ප්‍රදේශයට කළා.දැන් තියෙන තත්වය අනුව එක්තරා දේශපාලනවරියකට "මැඩම්" කිව්වේ නෑ කියල මෙහෙම මාරුකර යවා තිබෙනවා.

Google, Gmail ඇතුළු ඇමරිකානු නිශ්පාදන වර්ජනය කරන්න- ඇමති විමල් ගෙන් ඉල්ලීමක්



ශ්‍රී ලාංකිකයින් ජාතියක් ලෙස නැඟී සිටීමට නම් ගූගල්, ජීමේල්, යාහූ හා ඇමරිකාවේ නිශ්පාදිත බීම වර්ග ඇතුළු සියළුම ඇමරිකානු නිෂ්පාදන සියල්ලම වර්ජනය කළ යුතු බව ඇමති විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු අද මේ බව පැවසුවේ ජිනීවාහිදී ඉදිරිපත් වීමට නියමිත ඇමරිකානු යෝජනාවට එරෙහිව කරුණු දැක්වීම සඳහා හයිඩ් පාර්ක් කෝනර් හි පැවති ජනහමුවකදී.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා.

Share this article with your friends