Chitika Smowtion 468x60


Thursday, March 15, 2012

බැසිල් ගේ පුතු යුග දිවියට


ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හා ජනාධිපතිතුමාගේ කනිටු සොයුරු වන බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ හා පුෂ්පා රාජපක්ෂ යුවලගේ පුත්‍රයා වන අසංක විරාජ් රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවර පසුගිය 05 වනදා යුග දිවියට එළඹ ඇත.

එරට වෙසන ශ්‍රී ලාංකික යුවලකගේ දියණියක් හා අසංක විරාජ් අතිනත ගත් බව වාර්තා වේ.මේ විවාහය නිමිත්තෙන් මෙරටදී ගනු ලබන සාදය ලබන සතියේ කොළොඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට නියමිතයි.

එය පවුලේ ඥාතීන්ට පමණක් සීමාවූ චාම් උත්සවයක් ලෙස පැවතීමට සැලසුම් කර ඇත.


මානෙල් වානගුරුට ලැබුණු අපුරු උපන්දින තෑග්ග


මානෙල් වානගුරු පසුගියදා ඇගේ උපන් දිනය සැමරුවා. සාදය සංවිධානය කළේ ජනිත්. මේ උපන්දින උත්සවයට කලින් දවසේ මානෙල්ට දුරකථන ඇමතුමක්‌ ලැබිණි. ඒ බත්තරමුල්ල ඩේවිඩ් පීරිස්‌ සමාගමේ චෙරි QQ අංශයෙනි.

"ඔබතුමියට තෑග්ගක්‌ තියෙනවා. ඇවිත් ගන්න..." සමාගමේ නිලධාරිනියක්‌ එසේ කියද්දී මානෙල්ට හිතුණේ එය විහිළුවක්‌ කියා. නමුත් යළිත් ඇමතුම ආ විට ඇයට එය විශ්වාස කළාය.
 

ඉතිහාසයේ පලමු වරට ආරක්ෂක කැමරා සවි කළ වෑන් රථයක් කොළඹට


ආරක්ෂක කැමරාවක් (CCTV) සවි කරන ලද වෑන් රථයක් පෙරේදා සිට පොලීසිය විසින් කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා මාර්ග වල ධාවනයට යොදා තිබෙනවා.

ආරක්ෂාව සඳහාත්, රථවාහන පාලන කටයුතු සඳහාත් වෑන් රථයක ආරක්ෂක කැමරාවක් සවි කර මහ මගට යොමු කළ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ.

මෙම වෑන් රථයේ සිට කොළඹ නගරය තැන තැන සවි කර ඇති ආරක්ෂිත කැමරා වල දර්ශණ ද නැරඹීමේ පහසුකම තිබීම විශේෂිතයි.

අමරසිරි පිරිස්ගේ ගීත විකුණා කෝටි ගණන් මුදල් ඉපයූ තරුණ ගායකයන් දෙදෙනා කවුද?


නිර්මාණ මංකොල්ලය විවිධ කාල වලදී විවිධ අයුරින් සිදුවන්නක්.

රෝයි පිරිස් මහතා වසර 25 ක් පුරාවට ගැයූ "මා දෑසේ වේදනා" නම් ගීතයත්, නාමල් උඩුගමගේ නාමල් උඩුගම විසින් ගායන කරන "රෑ සිහිනෙන්" ගීතයත් රිඟින් ටෝන් සඳහා ශිහාන් මිහිරංග විසින් නව සංගීතය මුසුකොට ගායනා කිරීම පිළිබඳව මීට පෙර ලිපි දෙකක් මඟින් අප ඔබ වෙත කරුණු ගෙන ආවා.

"මා දෑසේ වේදනා" නම් ගීතය රිඟින්ටෝන් වලට දීම සඳහා පොරොන්දු පත්‍රයක් සකස්කොට අත්සන් අරන් තිබුනේ EVOKE නම් සමාගම විසිනි.

ක්‍රිකට් කමිසයෙන් මොබිටෙල් ඉවත්වුනේ ඇයි?


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ නිල අනුග‍්‍රාහකයා වන මොබිටෙල් සමාගම ආසියානු කුසලාන තරඟාවලියේදී සිය ලාංජනය කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ කමිසවලින් ඉවත්කර ඇත.

ආසියානු කුසලානය යටතේ ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර බංග්ලාදේශයේ පෙරේදා (13) පැවැති තරගයේදී ශී‍්‍ර ලංකා පිල කී‍්‍රඩාකරනු ලැබුවේ මොබිටෙල් ලාංඡනය ඉවත්කරන ලද කමිස සහිතවය.

Wednesday, March 14, 2012

වල් වැදී ඇති රටේ නීතිය හා සාමය යළි තහවුරු කිරීමට උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කළ යුතුයි


2009 මැයි මස යුද්ධය නිමා වීමත් සමග මතු වූ යුධ අපරාධ හා ශී‍්‍ර ලංකා ආණ්ඩුව සතු වගවීම
වෙනුවෙන් ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙහි 19 වන සැසියට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව විසින් ඉල්ලා සිටින්නේ, තමන් සතු ව්‍යවස්ථාමය බලය මත ජනාධිපතිවරයා පත්කළ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමෙහි නිර්දේශ සියල්ල කි‍්‍රයාත්මක කරන බවට සහතිකයකි.
ඒ අතරතුර, රට තුළ නීතිය හා සාමය බිඳ වැටීම පිළිබඳව මෙතෙක් වාර්තා වූ තොරතුරුවලින් පෙන්නුම් කරන්නේ, කොමිසමෙහි නිර්දේශ උතුරු නැගෙනහිර ජනතාවට පමණක් නොව, මුළු රටටම අදාල බව යි. එනිසාම, මේ රටේ යළි නීතිය හා සාමයත් ප‍්‍රජාතක්ත‍්‍රවාදයත් තහවුරු කර ගැනීමේ වගකීම, අප වෙත බාර වන්නකි.

හදිසි අවස්ථාවකදී බලය ගැනීමට ගෝඨා සැරසේ


ජනාධිපතිවරයාට කිසියම් හෝ කරදරයක් මතුවිය හැකි අවස්ථාවකදී රාජ්‍ය බලය ලබාගැනීම සහ එය පවත්වාගෙන යාමට අවශ්‍ය සක‍්‍රීය වැඩපිලිවෙලක් ආරක්ෂක ලේකම්වරයා විසින් සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
එහි ප‍්‍රධාන කාර්යභාරයක් ඉටුකරන කොළඹ කොටස් වෙළද පොලේ ගැණුම්කරුවෙකු වූ දිලිත් ජයවීර මහතා පසුගිය සතිඅන්තයේ දියතලාවේ පැවති වැඩමුලූවක් අතරවාරයේ ලද විවේකයේදී ඔහුගේ හිතවත්ම මිතුරන් කිහිප දෙනෙකු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කර තිබේ. දියතලාවේ පැවති මෙම වැඩමුලූවට ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා විසින් දිලිත් ජයවීර සහ දම්ම දිසානායක යන මහත්වරුන් සහභාගී කරවාගෙන තිබිණ.

ජනාධිපතිවරයාගේ උදෑසන ව්‍යායාම සංදර්ශනය


ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවන බවට  පැතිර යන රාවයට පිලිතුරුදීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමරා ශිල්පීන් සමග මේ දිනවල හිමිදිරි පාන්දර ඇවිදීමට පටන්ගෙන තිබේ.
ජනාධිපතිවරයාට මෙම සන්දර්ශන මෙහෙයුම සඳහා උපදෙස් ලබාදී ඇත්තේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාය. ජනාධිපතිවරයා ඊයේ (13) පාන්දරද ඡායාරූප ශිල්පීන් විශාල පිරිසක් සහ මාධ්‍ය නඩයක් සමග ගම්පහ උරුවත්තපාරේ කලූපාලම අසල පිහිටි ව්‍යායාම මන්තීරුවට ගොස් ව්‍යායාම කරන බව හැගවෙන පරිදි කැමරාවලට මුහුණ දුන්හ.

Share this article with your friends