2018 පොදුරාජ්‍ය මණ්ඩල ක‍්‍රිඩා උළෙල හම්බන්තොටට ලබාගැනීමට රාජපක්ෂ ආණ්ඩුව යෙදු මුදල මේ වනවිට හෙළිදරව් වෙමින් පවතී. ක‍්‍රීඩා උළෙල ලබාගැනීම සඳහා පැවති උත්සවයට සහභාගී වීමට හා එය සංවිධානය කිරීමට රුපියල් කෝටි 88ක් වියදම් කොට තිබූ අතර මීට අමතරව මිලියන 7.2 ක මුදලක් ක‍්‍රීඩා පිටි ඉදිකිරීමට යොදවාගෙන තිබේ.
මෙම මුදල් පසුගිය කාලයේ මාධ්‍ය හරහා සිදුකරනු ලැබූ ප‍්‍රශ්න කිරීම් හමුවේ ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් හෙළිදරව් කරනු ලැබුවේ මීට අමතරව රුපියල් මිලියන 20,000 ක මුදලක් විඝණනය කිරීමකින් තොරව වියදම් කොට ඇති බව හෙළිදරව් වී තිබේ.