Monday, March 19, 2012
ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්- (සිව්වන කොටස)
වෙළඳසල් වල සවිකර තිබු ආරක්‍ෂිත කැමරා හේතුවෙන් කොටු වූ සොරකම් පිලිබඳ මින් පෙර ලිපි කිහිපයක් මඟින් අප ඔබට හෙලිකළා.
පසුගියදා බියගම ප්‍රදේශයේ වෙළඳසලක් කොල්ලකන ආකාරය එහි ආරක්‍ෂිත කැමරාවන්හි සටහන්වී තිබුනා.
නවනුවර පාරේ මල්වාන වඩුවේගම ප්‍රදේශයේ පිහිටා ඇති මෙම වෙළඳසලට කොල්ලකරුවෙක් අලුයම 2:30 ට පමණ ඇතුල් වී තිබෙනවා.අතුල්වුණු අවස්ථාවේ සිට වෙළඳසල පුරා කොල්ලකරු සැරිසරනු ආරක්‍ෂිත කැමරාවල සටහන්වී තිබෙනවා.
චෙන්නායි තියෙන්නේ ලිබියාවේ- විමල්
විමල් වීරවංශ අමාත්‍යවරයා ඊයේ ලංකාදීප පුවත්පතේ ලිපියකට පවසා තිබෙන්නේ ලිබියාවේ චෙන්නායි නුවරක් ඇති බවය.
"මොකක්ද ආණ්ඩුවට තියන රුදාව බලහත්කාරයෙන් තර්ජන ගෙන්වාගන්න. අපට පුළුවන් නම් මෙහේ බඩු මිල වැඩිවෙනකොට ඔබාමට කතා කරලා කියන්න ඔයා යෝජනාවක් ගේන්න ඒක පාවිච්චි කරලා අපි මේ ප්‍රශ්න යට ගහන්නම් කියලා ඒක හරිම ෂෝක්. එහෙම නම් අපි ගඩාපි ගෙන්වාගත්තෙත් එහෙම කතා කරලා වෙන්නැති.
මම දැක්කා ටිල්වින් මහත්තයා කියලා තිබුණා මහින්ද රාජපක්ෂගේ නම නෑ මේ යෝජනාවේ කියලා. ඇයි දෙයියනේ ගඩාපිට ගහනවා කියලා ආරක්ෂක මණ්ඩලය අනුමත කරපු යෝජනාවේ තිබුණද? ඒකේ තිබුනේ චෙන්නායි නුවර කොටුවී සිටින ජනයාට මානුෂිකවාදී සහන සැලසීම කියලා."
අධි ආරක්ෂිත කලාපයක තිබී රැකගැන්මට බැරිවූ කෞතුකාගාරය

මේ වන විට හඳුනාගෙත හැකි ආකාරයට මහනුවර යුගයට අයත් රන් ආලේපිත අසිපත් 08 ක්, බස්‌තමක හිස කොටසක්, රන් මුදු 6ක්, දඹ රන් කහවනු 92ක්, ඉපැරණි මුදල් නෝට්‌ටු තොගයක් සොරුන් විසින් රැගෙන ගොස් තිබෙනවා.
එහි තිබූ කැමරා පද්ධතිය පිළිබඳව විවිධ පුද්ගලයක් පවසන්නේ විවිධ අදහස්.
කෞතුකාගාර අධ්‍යක්ෂ වරිය ආචාර්ය නන්දා වික්‍රමසිංහ මහත්මිය පවසන්නේ එම කැමරා පද්ධතිය ඉතා හොඳින් ක්‍රියා කළ බවත් එහි අඩංගු පටිගත දත්ත පොලීසියට ලබා දුන් බවත්ය. ඇය පවසන්නේ අනතුරු ඇඟවීමේ නලා පද්ධතියක් නොතිබුණු එම කැමරා පද්ධතිය නයිට් විෂන් වර්ගයේ එකක් බවයි.
නමුත් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා පවසන්නේ එම කැමරා පද්ධතිය සොරකමට දින දෙකකට පෙර සිට ක්‍රියාත්මක වී නැති බවයි.
පිනාචාර්ය කඩයක් මහනුවර- මහාචාර්ය පදවියක් ලක්ෂ දෙකයි

මෙම උපාධි කඩය පිහිටා තිබෙන්නේ මහනුවර මහයියාව ප්‍රදේශයේ කන්දක් මුදුනේ පිහිටි පංසලක වන අතර එම විහාරස්ථානයේ සිටින මල්දෙණියේ වජිරඥාන හිමි අතින් ඕනෑම කෙනෙකුට මෙම "පිනා මහාචාර්ය" පදවියේ සන්නස ලබාගත හැකිය.
මෙලෙස මුදලට උපාධිය පිරිනැමුයේ "සමස්ත ලංකා ඕල්කට් උපාධි හා සරසවි ආයතනය" මඟිනි. රුපියල් දෙලක්ෂය බැගින් අයකර දැනට 150 දෙනකුට ඇඳුරු මහැදුරු පට්ටම් දී ඇති මෙම ආයතනයේ ප්‍රධානියා වන්නේ ගාල්ලේ එස්. ඒ. කාරියවසම්ය.
‘පාද යාත‍්‍රාව’ සිහිකල විට ජනපතිට මලපනී
‘‘තමුසෙලාට පිස්සුද ඕයි. මේ වෙලාවේ ඕව ගැන මතක් කරන්න. ජිනීවා ගිය එන්.ජී. ඕ කාරයෝ ඕක එල්ලගෙන එදා මම කියපුවා මතක් කර කර ප‍්‍රකාශදේවී. තමුසෙලා ඔය ගැන අපේ එවුන්ටවත් මතක් කරන්න එපා. ඇත්තටම තමුසෙලාට කොමන් සෙන්ස් කියාලා එකක් නෑනේ’’ යැයි කියමින් ජනාධිපතිවරයා එම මාධ්‍ය ප‍්‍රධානීන්ගේ යෝජනාව යටපත් කර තිබේ.
ශ‍්‍රී ල.නි.ප මූලස්ථානය අලූත්වැඩියා කොට කැසිනෝ ධම්මිකට පැවරීමට යයි
ඒ අනුව පසුගිය මාසයේ ටී.බී ජයාමාවතේම වෙනත් ස්ථානයකට තාවකාලිකව පක්ෂ මූලස්ථානය රැගෙන ගොස් ඇත. තාවකාලික කාර්යාලය ස්ථාපිත කර ඇති ගොඩනැගිල්ලේ හිමිකරුවා වන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳගේ ඥාතියෙකි.
මෛත‍්‍රීපාල, දූෂිත මන්ත‍්‍රිවරු සෙවීමගැන ජනපති කෝපයෙන්
එවැනි දූෂිත චෝදනා එල්ලවී ඇති මන්ත‍්‍රීවරුන්ට ඡන්දය ඉල්ලීමට අපේක්ෂකත්වය නිර්දේශ කොට ඇත්තේ කවුරුන් විසින්ය යන්න සොයාබලා වාර්තා කරන ලෙස පක්ෂ මුලස්ථානයේ පාලක ලේකම් ආරියසේන මහතා වෙත ඔහු විසින් දැනුම්දී තිබීමත් ජනාධිපතිවරයාගේ බලවත් කෝපයට හේතුවී තිබේ.
කුහුඹුවන් වූ මිනිසුන්
යුක්තිගරුකභාවය පිළිබඳ මිනිස් අපේක්‍ෂාවන් ශූන්‍යව ගිය කලක කිසිත් කරකියා ගත නොහෙන කුරා කුහුඹුවෙකුගෙන් මිනිසා වෙනස් වන්නේ ඇයි? අප බොහෝ දෙනා ඊට පිළිතුරු උගත්තේ ඉතිහාසය විසින් මේ ප‍්‍රශ්නය මුහුණට දමා ගැසූ සමයකදීය. යටත්භාවය මහාමාරියක් මෙන් පැතිර යමින් ඇති විට පවා ප‍්‍රතිපත්තිගරුක ජීවිතය ආඩම්බරයකැයි කුහුඹුවෙකු නොදනී. නමුත් මිනිසුන් එය දනියි. එය අමතකව ගිය සැණින් රැළෙන් මග නොහැරුණද මිනිසා හුදකලා කුහුඹුවෙකු බවට පෙරළෙයි. රැළ හා වසන මුත් පෑගී මියයාමේ තැති ගැන්මෙන් එකා පසුපස එකා වැටී සැරිසරයි.
අපේ මෑතකාලීන අතීතය යනු කුහුඹුවන් බවට පෙරළුණු මිනිස් මිතුරන් පිළිබඳ මතකයකි.
අපේ මෑතකාලීන අතීතය යනු කුහුඹුවන් බවට පෙරළුණු මිනිස් මිතුරන් පිළිබඳ මතකයකි.
Subscribe to:
Posts (Atom)

