Chitika Smowtion 468x60


Tuesday, March 20, 2012

බැසිල්ගේ පුතාගේ විවාහයට ඇමතිවරු තුන්දෙනයි


ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂගේ පුතු වන අසංක රාජපක්ෂ මහතාගේ ඇමරිකා එක්සත් ජනපදයේදී සිදුවූ විවාහය පිලිබඳ පසුගියදා අප ලිපියකින් හෙළි කළා.

අසංක රාජපක්ෂ මහතාගේත් ඔහුගේ බිරිඳ ශාක්‍යාගේත් විවාහයේ දෙවැනි ගමන පසුගිය බ්‍රහස්පතින්දා (15) පැවැත්වුනේ කොළොඹ හිල්ටන් හෝටලේදිය.

මෙම විවාහයට ආරාධනා ලබා තිබුනේ ඇමතිවරුන් තිදෙනෙකු පමණි.ඒ මර්වින් සිල්වා, මෛත්‍රිපාල සිරිසේන, අතාවුද සෙනෙවිරත්න යන ඇමතිවරුන් තිදෙනායි.

මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝටලයට ඇතුළුවන විට මර්වින් සිල්වා විසින් සම්පුර්ණයෙන් බිම දිගාවී ජනපතිට වැඳ වැටි පිළිගෙන ඇත.

අසංක - ශාක්‍යා ගේ විවාහයේ ජායාරුප කිහිපයක් බලන්න පහතින්  

ජනප්‍රිය රංගන ශිල්පී ඇන්ටන් ජූඩ් අභාවප්‍රාප්ත වෙයි


ජනප්‍රිය රංගන ශිල්පී ඇන්ටන් ජූඩ් මහතා හදිසියේම ඊයේ (19) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.

නුවර ප්‍රදේශයේ චිත්‍රපටයක රූගත කිරිම් සිදුකර පැමිණෙමින් සිටියදී ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකට ලක්ව ‍රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ මධ්‍යම රාත්‍රියේදී ඔහු මියගොස් ඇතිබව වාර්තා වේ.

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට ‘මෂ්රෙක්’ බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 175 ක ණයක් ගැනීමට භාණ්ඩාගාර ඇපකර


ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම වෙත ‘මෂ්රෙක්’ (Mashreq) බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 175 ක ණයක් ලබාගැනීම සඳහා භාණ්ඩාගාර ඇපකරයන් (Treasury Guarantee) නිකුත්කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. අවුරුදු 4ක කාලයක් තුළ ආපසු ගෙවීමේ පදනම යටතේ මෙම මුදල ලබාගැනීමටද තීරණය වී ඇත.
මෙහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘මෂ්රෙක්’ (Mashreq) බැංකුව ණය පහසුකම් සපයන්නෙකු ලෙස හඳුන්වාදී ඇත්තේ ලංකා බැංකුව විසිනි. මෙම ණය මුදල ලබාගැනීමේ අතරමැදියා ලෙස කටයුතු කොට ඇත්තේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ සහ සජින්වාස් ගුණවර්ධන යන මන්ත‍්‍රීවරුන් දෙදෙනාය.

ගහෙන් වැටුනු මිනිහාට ජාලිය අනී.


ඇමරිකා එක්සත් ජනපදයේ ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය මහතාගේ තකතීරු ක‍්‍රියාකළාපයන් නිසා එරට රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු දිනෙන් දින අවුලෙන් අවුලට පත්වෙමින් පවතින බව ඇමරිකා එක්සත් ජනපදයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජනපදය තුල වෙසෙන  ඕනෑම ශ‍්‍රී ලාංකිකයෙකුගේ සාධාරන දුක්ගැනවිල්ලක් තමන් හමුවට ඉදිරිපත් කරන ලෙස සැමවිටම සඳහන් කරන ශ‍්‍රී ලංකා තානාපතිවරයා එසේ දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙකු රාජ්‍යතාන්ත‍්‍රික පොලීසිය වෙත භාරදුන් ආකාරය පිලිබද පුවතක් එම තානාපති කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

ජනාධිපතිගේ නීතිපති දෙපාර්තමේන්තුව භාරත ඝාතනය කණපිට හරවයි


ජනාධිපතිවරයාගේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරු විසින් මේ වනවිට භාරත ඝාතන නඩුව සම්පූර්ණයෙන්ම කණපිට හරවා ඇති බවට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරින් අප වෙත අනාවරණය කර සිටී. මෙසේ නඩුව කණපිට හරවා ඇත්තේ කවරාකාරයෙන්ද යත් මීලඟ නඩු දිනයේ ගොනුකිරීමට නියමිත වැඩිදුර වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවේ යතුරු ලියනය කොට එම නඩුව සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු භාරව සිටින සහකාර පොලිස් අධිකාරී අම්පාවිල මහතා අතට පත්කොට තිබේ.

මෙම වැඩිදුර වාර්තාව අනුව පළමු වෙඩි තැබීම සිදුකර ඇත්තේ මියගිය භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා වනඅතර ඊට ප‍්‍රතිප‍්‍රහාර දීමක් ලෙස දුමින්ද සිල්වා මහතා වෙඩිතැබූ බවට මෙම වාර්තාවේ දක්වා ඇති අතර, එහිදී දුමින්ද සිල්වා මහතාට මිනිමැරුම සම්බන්ධයෙන් ව්‍යතිරේකයක් (Exception) ලෙස ගැනෙන ආත්මාරක්ෂාවේ අයිතිය (Right of Personal Defence - RPD) යොදාගැනීමට අවකාශය සහ අවස්ථාව සලසා දීතිබේ.

ඉරාන නැව් 4ක් ශ‍්‍රී ලංකා ධජය යටතේ


ඉරාන රජයෙන් කළ ඉල්ලීමක් මත ඉරාන වානිජ නැව් 4ක් ශ‍්‍රී ලංකාවේ ධජය යටතේ ලියාපදිංචි කර තිබේ. ඉරානයට පනවා ඇති සම්බාධකවලින් ගැලවී එරට බඩු වෙනත් රටවලට ප‍්‍රවාහනය කිරිම සඳහා උපක‍්‍රමයක් ලෙස මෙම නැව් ලියාපදිංචිය සිදුකර තිබේ.
මහා මාර්ග හා වරාය අමාත්‍යාංශය යටතේ ඇති වෙළද නැව් කාර්යාංශයට ඉරාන නැව් ශ‍්‍රී ලංකා ධජය යටතේ ලියාපදිංචි කරන ලෙස නියෝග කොට ඇත්තේ වරාය විෂය භාර අමාත්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.

සුනන්ද ගැන අයි.ටී.එන්. යලිත් පචකෙලී


ජිනීවා හිදී එරට ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදී සුනන්ද දේශප‍්‍රිය මහතා අත්අඩංගුවට ගෙන ඇති බවට වූ ප‍්‍රවෘත්තියක් ආණ්ඩුවේ ස්වාධීන රූපවාහිනී සේවයේ රාත‍්‍රී ප‍්‍රවෘත්ති විකාශය තුලින් විශේෂ ප‍්‍රවෘත්තියක් ලෙස දැනුම් දෙනු ලැබූ අතර එය මුලූමනින්ම අසත්‍ය බව අප අවධාරනය කර සිටිමු.
ඊයේ (19) ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට ශ‍්‍රී ලාංකීය සිංහලයින් 100 දෙනෙකු පමණ උද්ඝෝෂණයක නිරතව සිට ඇති අතර එහි ඡායාරූප ගැනීමට ගිය සුනන්ද දේශප‍්‍රියා මහතාට එම පිරිසේ සිටි කිහිප දෙනෙකු පහරදීමට උත්සාහ කර ඇතත් පොලීසය එය වලක්වා තිබේ.

ශ‍්‍රී ල.නි.ප වෘත්තීය සමිති පක්ෂ මූලස්ථානයෙන් ඉවතට


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය තාවකාලිකව වෙනත් ගොඩනැගිල්ලකට ගෙනයාමෙන් අනතුරුව මෙතෙක් එක් ගොඩනැගිල්ලක් තුල ක‍්‍රියාත්මක වූ ශ‍්‍රී ල.නි.ප ට අනුබැද්ධ වෘත්තිය සමිති වෙනත් ස්ථාන වෙත ගෙන ගොස් තිබේ.
ඒ අනුව ශ‍්‍රී ල.නි.ප නිදහස් සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා තම කාර්යාලය මහවැලි ආර්ථික ඒජන්සිය තිබූ ගොඩනැගිල්ලට ගෙන ගොස් තිබේ. මෙම තත්ත්වය යටතේ එකම ගොඩනැගිල්ලක් තුළ පක්ෂයේ මහලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ සිදුකරනු ලැබූ වෘත්තීය සමිති සම්බන්ධීකරන කටයුතුවලට බාධා පැමිණි ඇත.

Share this article with your friends